“බයිස්කෝප් සිංහලෙන්” හිතවතුන් වෙත, මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මෙච්චර දවසක් “බයිස්කෝප්” වෙබ් අඩවියෙ තියෙන නිර්මාණ රසවින්ද. පස්සෙ මටත් හිතුන පරිවර්තනයක් කරන්න ඕන කියල. මම තෝරගත්ත චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් උනත් මේ කතාව අපිට ඉතා හුරු පුරුදුයි. අපි පොඩි කාලෙ (සමහරු නම් ලොකු කාලෙ) ඉතා ආසාවෙන් රසවි…

“බයිස්කෝප් සිංහලෙන්” හිතවතුන් වෙත,
මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මෙච්චර දවසක් “බයිස්කෝප්” වෙබ් අඩවියෙ තියෙන නිර්මාණ රසවින්ද. පස්සෙ මටත් හිතුන පරිවර්තනයක් කරන්න ඕන කියල. මම තෝරගත්ත චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් උනත් මේ කතාව අපිට ඉතා හුරු පුරුදුයි. අපි පොඩි කාලෙ (සමහරු නම් ලොකු කාලෙ) ඉතා ආසාවෙන් රසවිඳපු “සූරපප්පා” කාටුන් කතාමාලාව හැමෝටම මතක ඇතිනෙ. එහෙම නම් ඒ කාටුන්වල එක කොටසක් තිබුන “සූරපප්පා සහ ක්ලියෝපැට්ට්‍රා ” කියල මතක ඇති. අන්න ඒ කතාවට අනුරූපව හදපු චිත්‍රපටයක් තමයි මේ “Astérix & Obélix: Mission Cléopâtre” ලෙස ප්‍රංශ භාශාවෙනුත් “Asterix and Obelix Meet Cleopatra” ලෙස ඉංග්‍රීසියෙනුත් නම් කරල තියෙන වර්ශ 2002 දී ප්‍රංශ-ජර්මන් චිත්‍රපටයක් ලෙස කරන ලද මේ නිෂ්පාදනය. මේක ප්‍රංශ චිත්‍රපටයක් නිසා වෙන්න ඇති ලංකාවෙ එච්චරම ජනප්‍රිය නොවුනෙ. නමුත් මට මතක විදියට මේක 2004දී විතර ඉංග්‍රීසි උපසිරැසිත් එක්ක ජාතික රූපවාහිනෙ පෙන්නුව. IMDb දර්ශකයෙ 6.5/10 ක් ලෙස සටහන්ව තිබුනත් හාස්යෝත්පාදක චිත්‍රපටයක් විධියට ඉතාමත් හොඳ චිත්‍රපටයක් කියලයි මම හිතන්නෙ.
මෙම චිත්‍රපටයට අධික වියදමක් දරල තියෙනව වගේම ඉතා සාර්ථකව පැරණි ඊජිප්තු ඇලෙක්සැන්ඩ්‍රියා නගරය සහ අනෙකුත් ස්ථාන ප්‍රතිනිර්මාණය කරල තියෙනව කියල කියන්න පුළුවන්. ඒ වගේම මේකෙ සෑම රූපරාමුවකින්ම හාස්‍යය ඉස්මතු කරල තියෙනව කියල හිතෙනව.
මේකෙ රඟපාන නළු නිලියො ගැන කියනව නම්, ඉතාමත් ප්‍රසිද්ධ සහ දක්ෂ නළු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනව. සම්මානණීය ප්‍රංශ නළු “Gérard Depardieu” මෙහි “ඔබෙලික්ස් (ජිම් පප්පා)” ගේ චරිතයට පණ පොවනව, ඒවගේම “ක්ලියෝපැට්‍රා” ලෙස රඟපාන්නෙ ඉතා ජනප්‍රිය වගේම සම්මාන ලාභී ඉතාලි ජාතික නිලියක් වන “Monica Bellucci” විසිනුයි. “ඇස්ටෙරික්ස් (සූර පප්පා)” ලෙස රඟපාන්නෙ තවත් ජනප්‍රිය ප්‍රංශ නළුවකු වන “Christian Clavier” විසින්. එමෙන්ම තවත් දක්ශ ජනප්‍රිය නළුවන් වන “Jamel Debbouze“[එඩිෆිස්(නිකම් බාස්)] සහ “Alain Chabat“(සීසර්) වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනව.
මේකෙ කතාව මම කියන්නෙ නෑ, මොකද සූර පප්පා කාටූන් එක බලපු අය කතාව දන්නව. නමුත් නැවත නැවත බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටිය බලල කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා…
හැමෝටම ජයවේවා…!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
11,489 downloadsDownload Asterix-02.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/28
Subtitles by
හසිත අලහකෝන්
Subtitles
119 comments
Bunny
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි. බලන්න හිතෙන ෆිල්ම් එකක්.අනිවා බාමි...
Bunny
අඩේ මං 1ක නේ අද :P
කේ. යූ. ජී. උදාර
පළමු වැඩේට මගෙන් සුබ පැතුම්....
දිගටම මේ වැඩේ කරගෙන යමු.ashan
ඔය සහෝදරයට බොහෝම තැන්කූ
පට්ට ෆිලුම් 1uda
අඩේ බෙලුසි ඉන්නවනම් අනිවා බාමි...
මරු වැඩේ සහෝ.... අපට තව උපසිරස් ඕනේ!Nirush D
Shaaaaa...... elama film 1k ne... thanks bro..
isuru
film 1ka thiyenawa sub 1ka bagannam thanks for the sub
AL1717
Thanks Machan Sinhala Sub WAlata
Jaya Wewaaaaවිකියා
මරුනේ ....මමත් මේක බලන්න ආසාවෙන් හිටියේ..
බොහොමත්ම ඉස්තූතී...ජයෙන් ජය~!
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් සහෝදරයා............
සිංහල උපසිරසත් එක්ක දුන්න එකනම් පිං අයිතිවෙන වැඩක්.......Chiro Theeta
Ela machooooooooooooooooooooo
Mage asama film ekak!!!!!!!!!!!!!!!!!!!
Thankyou bro<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
:) :) :) :)
<<<<<<<<<<<<
අමිල
උදේ පාන්දර පිස්සු හැදෙනවා...... පට්ට..... එල එල...
තැන්කූ තැන්කූ හසිත$uvin
එල කිරි වැඩක් නේ.. මාත් මේක කලින් බලල තියෙනවා.. එත් තේරුනේ නෑ කියන ඒවා..! එක නිසා ආඉත් බාගන්නවා... Thanx Machooo හොදේ..
chamila
thanks.........
yasiru
well done. go ahead.
හශාන්
හි හි......":D" පට්ට මචං...........
හශාන්
:D
හශාන්
පලවෙනි සබ එල 1ක් දාල.....ජය වේවා.......:D
monika
තැන්ක්ස් සහෝදරයා…………
මමත් මේක බලන්න ආසාවෙන් හිටියේ..
සිංහල උපසිරසත් එක්ක දුන්නටබොහොමත්ම ඉස්තූතී…[DiN3sH]
එල මචෝ... පට්ට..
Anonymous
Sirawatama mama hoya hoyaa hitiye meke sinhala sub. pin machan ubata.
වා.මු. නිලන්ත පියසිරි
බොහොම පිං, මෙවැනි පින්තූර දෙනවාට. තව තවත් සිංහල උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා. හැමෝම කොමෙන්ටුවක් දමලා දිරි ගන්වනවා නම් තමයි හොඳ. ඒත් එහෙම අය අඩුයි වගේ.
හසිත
මේ චිත්‍රපටි සීරීස් එකේ තවත් 2ක් තියෙනව. මේකට ලැබෙන ප්‍රතිචාර බලලම අනෙක් ඒවත් පරිවර්තනය කරනව කියල හිතුන. කට්ටිය මොකද කියන්නෙ? උපසිරැසි වල නිවැරදි වෙන්ඩ ඕන තැනක්, භාෂා විලාසය වෙනස් කරන්න ඕනද? වගේ මොනාහරි අඩුපාඩු තියේනම කොමෙන්ට් කරන්න.
JMLR
Ekenma.. Thanks Machan..
BULA
meke deveni kotasath daanna sub ekka apibalan innawa
Good work
මම
අප්පට සිරි, උදේ පාන්දර පට්ට සිතලේ පිස්සු පිකුදු වෙන Film එකක් නෙව බොල දිලා තියෙන්නේ...
අපි ඉතින් සිංගිලිෂ් ඡනතාවෝ නේ, පින් සිද්ධ වෙච්චාවේ සබ් වලට...
මේ Film එකේ වලිගේ වගේ එන අනික් Film වලටත් සබ් දුන්නා කියලා අපේනම් තුන් හිතකවත් අහිතක් නෑ ඕං...nuwan D
ela saho sinhala sub walata thanks digatama karagena yanna
සංදීප
නියම එකක් දීලා තියෙන්නේ..........thanks
ලිට්ල් ජෝන්
සිංහල උපසිරසත් එක්ක දුන්නට බොහොමත්ම ඉස්තූතී හසිත.
ashan suranga
thnaks machan
sub walata nam pin.........mihiran
ela ela. parana unata niyama film ekak.sinhala sub ekka dunnata thanx sahoooooooo.
දුලිත් දීමන්ත
නියමයි,මුල්ම සබ් එකට මගෙන් සුබ පැතුම්.Series එකේ අනෙක් ඒවටත් සබ් දාලා ඉක්මනට දෙන්න.
Uraj Deemantha
ක්ලියෝපැට්‍රා ව දැක්කහම නොබා ඉන්න බෑ වගේ.... :P
Uraj Deemantha
සොරි වෙන්න ඕනා.... සිංහල සබ් වලට ස්තූති කරන්න අමතක උනා....... :)
Theeka
maxxxxxxxxxxaa... sinhala sub thiyana nisa niyamai..
Anonymous
kochchara baluwath epa wenne na....
Anonymous
mama asa cleopetrage adum walata.....
Air Bender
ela ela,,,maxxaa,,,Thaankz 4 da sinhala sub,,,
JMLR
Ane Sub Timing upset machan.. Film ekata anuva nemei Sub yanne. Ikmanata correct karala denna barida? Film eka baala ivarai. Ada havasata balannai hitiye.. :(
වාසල
@JMLR,
ටයිමින් කිසි වෙනසක් නෑනේ සහෝ.... දීලා තියන කොපිය බාලා ඒකට සබ් ගැලපෙනවද කියලා චෙක් කරලයි තියෙන්නේ. වෙන අවුලක් වෙන්න ඕනා මම හිතන්නේ...
හසිත
Timing වල අවුලක් තියෙනවද? එහෙම දෙයක් මටනම් පේන්නෙ නෑ. තවත් කාරහරි එහෙම අවුලක් පේනවද?
JMLR
අනේ නෑ සහෝ.. තත්පර 25 - 26 ක විතර වෙනසක් තියෙනවා.. කොහොම හැදුවත් සබ් වැඩ කරන්නෙ නෑ.. ආයෙ පොඩ්ඩක් Check කරල බලනවද..? :(
වාසල
මේ කොපි එක බාගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද සබ් එක මැච් වෙනවද කියලා. මොකද මං ගාව තියන මේ කොපිය සහ දීලා තියන සබ් එක හරියටම මැච් වෙනවා...
chathuranga
නියමයි තව අලුත් Film වලට Sub දෙන්න අපි අසාවෙන් බලාගෙන ඉන්නවා............. Sub දෙනකම්
charith
නියමයි සහො...........ස්තුතියි තව තව සබ් දාන්න ශක්තිය දහිරය ලැබේවා...!!!
Sanka Malavi
kalayak thisse balanna asawen hitiya film ekak . sinhala subtitle thiyena nisa patta athal eke baliyahaki. thank you very much!!!!!!!!
saman kalubovila
wooow...ela... oya thiyenne patta film ekak... thankx....
හසිත
Timing අප්සෙට් නම් මෙතනින් Media Player Classic ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
(සමහරවිට VLC එකේ sub හරියට වැඩකරන්නෙ නෑ)
Hansa
නියමයි. එලකිරි. අපි ආසාවෙන් බලන්න හිටපු Film1k බොහොම ස්තුතියි.
Hk nuwa
පොඩි සයිස් කොපි එකක් නැත්ද? 450 350 වගේ එකක්..අපි ඩොන්ගල් වලින් බාන අයනේ..700ටිකක් ලොකු වැඩියි වගේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Asterix and Obelix Meet Cleopatra (2002) aka Astérix & Obélix: Mission Cléopâtre with Sinhala Subtitles | සූර පප්පා සහ ක්ලියෝපැට්ට්‍රා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/12/Asterix-and-Obelix-Meet-Cleopatra-2002-1.jpg)
අෆ්ෆෙ මං මේක බැලුවද කොහෙද.. :D