Watch Trailer

Hop (2011) with Sinhala Subtitles | පිම්ම…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට…

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට තාත්තා ඇවිත් අපිව පින්තූරේ බලන්න එක්ක ගෙන යන්නේ. ඉතිං මම මේ ගැන කිව්වේ, අපේ දුවනිත් මම වගේම පින්තූර පිස්සියක්. එකම බයිස්කෝප් එක 10 පාරකට වඩා එයා බලලා ඇති. ඒ නිසා එයා වෙනුවෙනුත් පින්තූර මම බාන්න එපෑයෑ. එහෙම ගත්ත බයිස්කෝප් එකක් තමයි මේක. අපේ චූටි දුව කියන්නේ මේකට හා පුංචාගේ ෆිල්ම් එක කියලා.

මෙන්න මෙහෙමයි බයිස්කෝප් එකේ කථාව.
පාස්කු හාවා හෙවත් Easter Bunny තත්වේ බාර ගන්න ඉන්න හා පැටියා ඇත්තටම ආස Drummer (බෙර වායෙක්) වෙන්නයි. නමුත් තාත්තාට උවමනා මෙයාව පාස්කු හාවෙක් කරන්න. කෙසේ නමුත් මෙයා ගෙදරින් පැනලා යනවා. එහෙම ගිහින් මුණ ගැහෙන්නේ එයා වගේම තාත්තාගේ සිහිනය සැබෑ කරන්න බැරි වුන තවත් ෆ්‍රෙඩ් කියලා කෙනෙක්ව. කෙසේ නමුත් පාස්කු හාවාගේ තත්වය ලබා ගැනීමට මාන බලන කාර්ලොස් කියලා කුකුළු පැටියෙකුත් ඉන්නවා. මේ හැමෝගෙම කථා අවසන් වනුයේ කෙසේ දැයි බැලීමට එහෙනම් ඔන්න සිංහල උප සිරැසිත් එක්කම බයිස්කෝපය බලන්න කෝ. පොඩි ගුණ දොස් විවේචනයකුත් කොමෙන්ටුවක් ලෙස දැම්මා නම් තමයි ගොඩක් හොඳ.

එසේ නම් හැමෝටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

51 comments

  1. uda

    ඔහ්!
    මෙන්න අපේ වා.මු. සහෝ පිම්මක් පැනලා...
    තනියෙම නෙමේ. දඟකාර හාවෙක් එක්ක වගෙයි මටනම් පේන්නේ.
    බලලම බලමුකෝ ඒ ගැන.....
    ටැන්කුක්කු කූ කූ....

  2. අමිල

    ela....ela....niyamai

  3. Pasindu

    පොඩි ළමයින්ට හොද පින්තුරයක්.... 1 ද මන්දා... :D

  4. Nishantha

    mama 4 . Thanx

  5. creative EYE

    onna mamath download wenna damma thankzzzzz

  6. D@sun

    ela ela .........

    ThanQ WeWaaaaaaaaaaaa !!!! :D :D :D

  7. කේ. යූ. ජී. උදාර

    හුඟ කාලෙකින් වා. මු. සහෝගේ ලිපියක් දැක්කේ...
    සිංහල සබ්වලට බොහොම ස්තූතියි.
    දිගටම මේ වැඩේ කරගෙන යමු.

  8. chamila

    thanks

  9. isuru

    ammo kawuruhari black swan film 1ka baragaththa 1ka nam loku deyak mama me balanna kammalikame hitiye ikmanatama sub 1ka dunnoth bohoma pin

  10. අනුත්

    බොහොම ස්තුතියි....!!
    මමත් බාන්ඩ පටන් ගත්ත

  11. සාරංග ලියනගම

    බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්.ගොඩක් ස්තූතියි සහෝ... 300MB කොපි එකක් දීපු එක නම් පට්ටයි හොඳේ....:D

  12. ravi

    ela

  13. Nirush D

    wonda film 1k... thanks bro....

  14. saman kalubovila

    ammooo.. patta...pattaa..... ela film ekak dala... thankx...

  15. හශන්

    එල එල ෆට්ට.!

  16. විකියා

    ආ.....හුග දවසකින් නොවැ... :)
    බොහොම තුති උපසිරස නිර්මාණයට...

    ජයෙන් ජය!~

  17. Dina

    Fil 1 thienawa.. onna mama sub 1 gaththa thankz

  18. B .V.Kajja

    නිලන්ත පියසිරි මල්ලි හරි ආදරනීය මනුස්සයා.පොඪි කාලෙ ඉඳලම තමන්ගෙ දුවට හොඳ දේවල් බලන්න දෙනව.

    හැබැයි චූටි දුවනි ලොකු උන දවසක එයාගෙ තත්තා ගැන එයාට ලොකු ආදරයක් දැනේවි.

    පුන්චි දූල පුතාල ඔක්කොම පොඩි චිත්‍රපටි වගේම ආදරය ,ලින්ගිකතවය වගේ දේවල් අන්තර්ගත චිත්‍රපටිත් බලන්න පුරුදු වෙන්න ඔනේ.

  19. Crissa

    thankz.......

  20. රාම් රාජ්

    ස්තූතියි.මේ වගේ ඒවා නම් මම ආසාවෙන් බලනවා.නමුත් අද බාන්නේ නෑ.පස්සේ බලනවා.සබ්දෙන එක ගැනනම් නැවත ස්තූතියි.

  21. Tharanga Darshana Ekanayaka

    හප්පා...........
    මරුනේ..........
    තැන්ක්ස් සහෝදරයා.........

  22. mihiran

    ela ela.sinhala sub ekka dunnata thanx sahoooooooooo.

  23. kasun

    thanks

  24. වා.මු.නිලන්ත පියසිරි

    උප සිරැසි සබැඳිව ප්‍රතිචාර දැක්වූ සැමට පිං. හැමෝටම ජය වේවා. හිතට අල්ලන තවත් පින්තූරයකට ලඟදිම උප සිරැසි දාලා දෙන්න නම් හැමෝම අත්පුඩියක් ගහපල්ලා.

  25. susantha

    THNXXXXXX

  26. AL1717

    Meka Nam Beluwa machan thanks Sinhala Sub Ekata

    Jaya Wewaaaaa

  27. mymate

    duwata dunna punchi thegga.. sweet... thanks bro..

  28. Gal Patha

    Elakiri Saha Jalaya Kiuwalu................

  29. me

    Thanks

  30. lah

    thankui.....

  31. Uraj Deemantha

    පොඩි එකෙක්ට හරි පස්සේ කාලෙක බලන්න කියලා බාන්න දැම්මා...... :D

  32. charith

    නියම චිත්‍රපටියක් ස්තුතියි තව තව සබ් දාන්න ශක්තිය .....දහිරය....ලැබේවා...!!!

  33. Air Bender

    maxxxaa,,,,,,Thaankzzz 4 da sinhala sub,,,,, :)

  34. Tharanga Darshana Ekanayaka

    මම මේක දැනුයි බලලා ඉවරවුනේ.............
    මාර ලස්සනයි ඈ...........
    සිංහල සබ්ටයිටල් එක්ක දුන්න එකට බොහෝම පිං......

  35. Sanka Malavi

    niyama pinthurayak. thanks dunnata.

  36. indika

    ඔන්න මමත් බාන්න දානවා අපේ දෝණිගෙනුත් බේරැමක් නැතිව හිටියේ නිවාඩු කාලේ හින්දා තැන්කිය වැඩේට මාත් බලනවා අනිවා

  37. DAMER

    කලින් බැලුවා...නියම ෆිල්ම් එකක්... 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  38. indika

    බැලුවා නියමයි මංහල සබ් එක්ක වැඩේ නැගලා ගියා දෝණිගෙන් පුල් මාරක් තැන්කස් නිලන්ත

  39. Dinesh

    ""නිලන්ත පියසිරි මල්ලි හරි ආදරනීය මනුස්සයා.පොඪි කාලෙ ඉඳලම තමන්ගෙ දුවට හොඳ දේවල් බලන්න දෙනව.

    හැබැයි චූටි දුවනි ලොකු උන දවසක එයාගෙ තත්තා ගැන එයාට ලොකු ආදරයක් දැනේවි.

    පුන්චි දූල පුතාල ඔක්කොම පොඩි චිත්‍රපටි වගේම ආදරය ,ලින්ගිකතවය වගේ දේවල් අන්තර්ගත චිත්‍රපටිත් බලන්න පුරුදු වෙන්න ඔනේ.""

    මොකාද මේ ගොං comment එක දාපු එකා

  40. Kasun.D

    ela ela
    movie ekata bohoma sthuthi!

  41. Nalaka

    ela machan, niyama animation 1ka, congratzzz

  42. roshan amarakoon

    කතාව හොදයි.ඒත් ටොම් ඇන්ඩ් ජෙරී තරම් ඒ සතුන්ගේ නියම අංග චලන අල්ල ගන්න මේ අය එතරම් සමත් වෙලා නැහැ වගෙයි.ඒත් ඇත්තටම ප්‍රියජනකයි.නිලන්ත පියසිරි සොයුරාට අපි හැමෝම ස්තුති කරන්න ඕන මේක සබ් එක්කම දෙන්න මහන්සි උනාට.සොයුර ජය වේවා!!!

  43. sss

    thanx

  44. Chamee

    Thanks saho......

  45. Aditha Udantha

    ddff

  46. SHANI

    thanks

  47. nalin

    link eka mediafire walin dennako

  48. Gliger

    wow! superb! Thank you very much

  49. Isuru Dimantha

    thankz

  50. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.