අපි කවුද? අපි පැවත එන්නේ කාගෙන්ද? අප මිනිසුන් බවට පත් වුනේ කුමක් නිසාද? First man 2017, අපේ අක්මුල් සොයා අප සැම රැගෙන යාවි වසර මිලියන 25 ක් අතීතයට; මහා වානරයන්ගේ කාලයට..!First man හරහා දිග හැරෙන්නේ ප්‍රයිමේටාවෙකුගේ අපූරු කුසලතා, සමාජමය, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතිකමය සොයා ගැනීම් සමඟ මුසු වී ඔවුන් න…
අපි කවුද? අපි පැවත එන්නේ කාගෙන්ද? අප මිනිසුන් බවට පත් වුනේ කුමක් නිසාද?
First man 2017, අපේ අක්මුල් සොයා අප සැම රැගෙන යාවි වසර මිලියන 25 ක් අතීතයට;
මහා වානරයන්ගේ කාලයට..!First man හරහා දිග හැරෙන්නේ ප්‍රයිමේටාවෙකුගේ අපූරු කුසලතා, සමාජමය, ජීව විද්‍යාත්මක සහ සංස්කෘතිකමය සොයා ගැනීම් සමඟ මුසු වී ඔවුන් නූතන මිනිසුන් බවට පරිණාමය වූ කතන්දරයයි. විද්‍යාවේ නවීනතම සොයා ගැනීම් පාදක කර ගනිමින් නිර්මාණය වී තිබෙන මේ වාර්තාමය චිත්‍රපටය මානව වර්ගයාගේ පොදු ඉතිහාසය ගැන අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්නට ඔබට ඉඩහසර විවර කරාවි.නවීන සොයා ගැනීම් අනුව මහා වානරයන්ගෙන් බොහොමයක් ගස් මත දෙපයින් ඇවිද යන්නට පටන් ගෙන ඇත්තේ පෙර ඉදිරිපත් වුන මතවාද වලටත් වඩා බොහෝ ඈත කාලයක සිටයි: සිනහසීම ආදි කල්පික ලක්ෂණයක්, මහා වානරයන් කොක් හඩලා සිනහසුනේ නූතන මිනිසුන්ට කලිනුයි: එසේම මහා වානරයන් සමාජ ව්‍යුහයට වැදගත් තැනක් හිමි කර දුන් බවත්, සම්බන්ධතා වලට වටිනාකමක් දුන් බවත් මෑතක සොයා ගත් සාක්ෂි මත පැහැදිලි වනවා.
විනාඩි 90 ක මේ චමත්කාරජනක චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Frédéric Fougea සහ Jérome Guiot විසින්. නිෂ්පාදන කටයුතු සිදු කොට තිබෙන්නේ ප්‍රංශයේ Patricia Boutinard Rouelle ප්‍රමුඛ Nilaya productions ආයතනයේ CuriosityStream කණ්ඩායම මඟින්. First man 2017 මුල් මිනිසාගේ කතන්දරය වෙනුවෙන් Imdb දර්ශකයේ 6.8 ක ලකුණු ප්‍රමාණයක් මේ වන විට ලැබී තිබෙනවා.
මෙය හුදෙක් කල්පිතයක් නොවෙයි, මේ සඳහා විද්‍යාත්මක උපදෙස් ලබා දී තිබෙන්නේ Pascal Picq නමැති කීර්තිමත් මානව විද්‍යාඥයායි. පොසිල බවට පත් සැබෑ මානව හිස් කබල් සහ දත් ආදිය යොදා ගනිමින් ඉතා තාත්වික චරිත නිරූපණයක් මේ ඔස්සේ ඔබට දැක බලා ගන්නට හැකි වනවා. මෙහි වේෂ නිරූපණය ගැන විශේෂයෙන් මතක් කළ යුතු කාරණාවක් තමයි එය සිදු කර ඇත්තේ The Revenant 2015 චිත්‍රපටයේ වේෂ නිරූපණ කණ්ඩායම අතින්.
අනෙක් සුවිශේෂ කාරණාව තමයි Odyssey of the Species, Homo Sapiens සහ Rise of Man යන ත්‍රිත්වයට අනුබැඳුමක් ආකාරයෙන් මෙම වාර්තාමය චිත්‍රපටය නිර්මාණය වී ඇති බව පැවසෙනවා. ඉතින් නවීන සොයා ගැනීම් සමඟ අලුත් වුන මානව වර්ගයාගේ කතන්දරය, පරණ කතාව පමණක් දැන සිටී ඔබට නැවුම් අත්දැකීමක් වනවා නොඅනුමානයි.
මේ වාර්තාමය චිත්‍රපටයට සිංහල උපසිරැසිය නිර්මාණය කරන්නට අදහස දුන්නේ ඇඩ්මින් මණ්ඩලයේ අසංක අයියා. අන්තර්ජාලයේ තිබුන එකම ඉංග්‍රීසි උපසිරැසි ගොනුව හොයලා දුන්නෙත්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ ඩිලාන් මල්ලිගේ උදව්වෙන් වීඩියෝ පිටපත සොයා දුන්නෙත් අසංක අයියාම තමයි. උපසිරැසිය නිර්මාණයට අමතරව, ඉංග්‍රීසි උපසිරැසි ගොනුව වීඩියෝ පිටපතට ගලපා ගන්න කාල රාමුවේ බොහෝ තැන් වල, වාක්‍යයෙන් වාක්‍යයට වගේ නැවත සකසන්න මට සිදු වුනා. ඔන්න ඔයි විදියට කොහොම හරි නිම කරපු උපසිරැසිය තමයි අද මේ විදියට ඔබේ අතට එන්නේ. අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මෙහි ඇතුළත් සමහර දර්ශන නිසා ළමයින්‍ට සුදුසු චිත්‍රපටයක් ලෙස නම් කරන්නට බැහැ. නමුත් මෙහි අධ්‍යාපනික වටිනාකම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකියි.
එහෙමනම් නැවත හමුවෙමු. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,517 downloadsDownload First-Man-2017.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
22 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Helili Hemamali
baiscopedownloads.co එකේ තියනවා.
sasi
sub eka dunnata film eka hoya ganna bane
Helili Hemamali
baiscopedownloads.co එකේ තියනවා.
Sanjaya
thanx dear
Dewadithya
Thanks for sub!
isuru srinath sjs
ස්තුතියි අක්කෙ සිංහල උපසිරැසියට ... ජය!!
Anonymous
good job
GihanM98
ස්තුතියි සබ් එකට...පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න..
Bandara
Good job Hemamali.Thanks
රිශාන්ත
Thanx hema
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka_priyadrshana
Thank U nanga.........
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Danushka Dilshan
akka film eka 2017 kiyala sure da?
hoyaganta baneහෙළිලි
මල්ලි, මේ චිත්‍රපටයේ වීඩියෝ පිටපත Baiscopedownloads.co එකෙන් ගන්න. ගූගල් කරලා හොයාගන්න එක ලේසි නෑ.
jagath55
Thanks
Kasun Samaraweera
උපසිරසි යොදන වැඩේ ගොඩක් හොදට කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි.. උපසිරසි යොදන කෙනාගේ නම සදහන් කිරීම පේක්ෂකයාගේ රසවින්දනයට බාධාවක් නොවන විදිහට සිදුකරලා තිබීම. එක අගය කරනවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක් ස්තුතියි සබ් එකට මේ වගේ documentary filmවලට සබ් දෙන එක නම් ගොඩක් වටිනවා :) මේවගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා..
Apollo 11 (2019)
More than Honey (2012)
Racing Extinction (2015)
Chasing Ice (2012)
Chasing Coral (2017)
Cowspiracy: The Sustainability Secret (2014)
Before the Blood (2016)
Icarus (2017)
An Inconvenient Truth (2006)
The Act of Killing (2016)
Seven Worlds, One Planet (2018)
Exhibit A (2019)
Our Planet (2019)
The Hunt (2019)
BBC Life (2009) season 02
How to Universe Work (2010)
The Innocent Man (2018)
Ancient Aliens ඉතුරු season ටික
බයිස්කෝප් team එකේ කවුරු හෝ ඉදරිපත් වෙලා මේ වගේ documentary filmවලට tv showවලට සබ් කරනවා නම් ඉගෙනගන්න ආස අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. මේ ලෝකෙ ගැන, universe එක ගැන, අපරාධ විඳීම් සම්බන්ධ forensic ගැන, සත්ත්ව ලෝකය ගැන වගේ ගොඩක් documentary වැඩසටහන් තියනවා.. දැනටමත් Blue Planet, Planet Earth, Planet Dinosaur වගේ documentary tv showවලට සබ් දීලා තියනවා ඒත් දැන් ඒ වගේ ඒවට සබ් කරන එක ටිකක් අඩුයි වගේ මේ වගේ එකකට කරපු සබ් එකකට downloads ප්‍රමාණෙයි වැටෙන comments ප්‍රමාණෙයි නම් වෙනත් film එකක සබ් එකකට වැටෙන තරම් නැති වෙයි ඒත් වටිනාකම නම් මෙච්චරයි කියන්න බෑ පුළුවන් නම් මේ වගේ documentary filmsවලට tv showsවලට සබ් දෙන්න දිගටම :)