ගුඩ්ඩු, මගෙ යාලුවා… ගුඩ්ඩු හැමදාම බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නව දකින එක මට පුරුද්දක් බවට පත් වුනා එයා හරිම වෙනස් කෙනෙක්… එයා කරපු හැම දේකම තිබුනෙ සංගීතය… හැම වෙලේම සංගීතය එයාව හොයා ගත්තා නැත්නම් එයා සංගීතය හොයා ගත්තා. එයා නිශ්ශබ්දව හිටිය තරමටම… එයාගෙ අත් කතා කලා මිනිස්සු ඝෝශාවන් කියන දේවල් වලින්… එ…

ගුඩ්ඩු, මගෙ යාලුවා…
ගුඩ්ඩු හැමදාම බස් ස්ටෑන්ඩ් එකේ
හිටගෙන ඉන්නව දකින එක
මට පුරුද්දක් බවට පත් වුනා
එයා හරිම වෙනස් කෙනෙක්…
එයා කරපු හැම දේකම තිබුනෙ සංගීතය…
හැම වෙලේම සංගීතය එයාව හොයා ගත්තා
නැත්නම් එයා සංගීතය හොයා ගත්තා.
එයා නිශ්ශබ්දව හිටිය තරමටම…
එයාගෙ අත් කතා කලා
මිනිස්සු ඝෝශාවන් කියන දේවල් වලින්…
එයාට සංගීතයක් ඇහුනා.
ඒ සද්ද එකිනෙක සම්බන්ද වෙලා කියලයි එයා කිව්වෙ.
එයා හැම වෙලේම ඒ ශබ්ද ගැලපුවා.
එයාගෙ සතුට වුනේ සංගීතය.
ඒ වගේම නගරෙ තිබුනු ලොකුම සංගීත විද්‍යාලය
‘තාන්සේන් සංගීත විද්‍යාලය’ එයාගෙ හීනය වුනා.

තිවාරි තේ කඩේ, ගුඩ්ඩු වැඩ කලේ එතන. නගරෙ කඩවල් වල වැඩ කරන අයට තේ බෙදුවෙ ගුඩ්ඩු. මේ නගරෙ සංගීත කණ්ඩායමක් හිටියා. ගුඩ්ඩු හැමදාම ඒ අයට තේ අරන් ගිහින් ඒගොල්ලන්ගෙ සිංදු අහගෙන ඉඳල තමයි එන්නෙ. ගුඩ්ඩුට ඕනෙ වුනේ කොහොම හරි මේ සංගීත කණ්ඩායම ගාව වැඩ කරන්න. ගුඩ්ඩුගෙ කරදෙරෙන් බේරෙන්න මේගොල්ලො ගුඩ්ඩුව රවට්ටනවා ඒගොල්ලො ගාව රස්සාවල් දෙනවා කියල. ඉතින් තේ හදන රස්සාව අත ඇරපු ගුඩ්ඩු රෑ වෙනකන් සංගීතඥයින්ගෙ ගේ ලගට වෙලා බලන් ඉන්නවා. ඒත් තමන් රැවටුනු බව දැනගන්න ගුඩ්ඩු ආපහු එන්නෙ බොහොම දුකින්. කර කර ඉඳපු රස්සාවත් දැන් නැහැ. රස්සාවක් හොය හොය යන අතරෙ ගුඩ්ඩුට තව යාලුවො තුන් දෙනෙක් මුන ගැහෙනවා. බස් වල සිංදු කියල සල්ලි හොයන චුට්ටන් සහ මිති. පදික වේදිකාවේ පොත් විකුනන ආබාදිත මාදව්. මේ හතර දෙනා එකතු වෙලා බෑන්ඩ් එකක් හදනවා, ‘අට්කන් චට්කන්’ තමයි ඒ බෑන්ඩ් එකෙ නම.

මේ එයාලගෙ කතාව….

මේ චිත්‍රපටියෙ ප්‍රසිද්ද නලු නිලියො කවුරුවත්ම නැහැ. හැබැයි පොඩි දරුවන්ගෙ ලෝකය ගැන, හීන ගැන බොහොම අපූරුවට පෙන්නල තියෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Lydian Nadhaswaram, Amitriyaan, Yash Rane, Sachin Chaudhary, Tamanna Dipak, Ayesha Vindhara සහ Tanmay Chaturvedi. අධ්‍යක්ශනය කරන්නෙ Shiv Hare. නිශ්පාදනය Vishakha Singh සහ AR Rahman.

ඉතින් වෙනස්ම විදිහෙ කතාවක් බලන්න කැමති හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,657 downloadsDownload අට්කන්-චට්කන්-2020.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,657 downloadsDownload Subtitles32 KB

21 comments

  1. Prabodha

    Godak sthuthi ...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Geethi

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි .

  5. sampath n perera

    thanks for sub

  6. kavinu

    සබට තුති අක්කේ!
    Lydian ලබන අවුරුද්දෙ රෙකෝඩ් එකකුත් තියන්න යන්නෙ ඉන්දියාවේ ලාබාලම මියුසික් ඩිරෙක්ටර් විදිහට, මෝහන්ලාල් ඩිරෙක්ට් කරන මලයාලම් ෆිල්ම් එකකට ජොයින් වෙලා..! ❤️

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. indika75

    Thanks..

  9. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  10. yohan

    thanks...for the sub thawath hindi film tikak hoyala sub denna.

  11. tharinduroshan

    මේකෙ රඟපාන Lydian Nadheswaran කියන්නෙ World Best Championship එක දිනපු අති දක්ශ සංගීත ශිල්පියෙක් පොඩි ළමයෙක් වුනාට. Youtube එකේ බලන්න එයාගෙ තරඟෙ තියෙනව. පුදුම හිතෙයි ඕගොල්ලන්ට.

  12. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Hashan

    Sub එක බාන්න බෑනෙ. 404: not found??

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Anonymous

    super

  19. mindika

    Thanks!!!

  20. Anonymous

    මේකෙ නම English වලින් දැම්මා නම් හොඳයි නේද. Search කරන්න ලේසී.

  21. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි