ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන, විශේෂයෙන් පැරණි චිත්‍රපට රස විඳින ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මං හිතන්නේ මේ චිත්‍රපටය තමයි මමි චිත්‍රපට කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය. The Mummy 1932 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස ඊජ…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන, විශේෂයෙන් පැරණි චිත්‍රපට රස විඳින ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මං හිතන්නේ මේ චිත්‍රපටය තමයි මමි චිත්‍රපට කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය.
The Mummy 1932
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස ඊජිප්තුවේ කෞතුක භාණ්ඩ සොයන කණ්ඩායමකට නමක් සඳහන් නැති සොහොන් ගෙයකින් මමියක් හමුවෙනවා. ඒ සමගම ඇති රන් පෙට්ටියක ඇති වැකියක් කියවීම මගින් නැවත පණ එන මේ මමිය ඔහුගේ ආදරවන්තිය සොයා යන ගමනේ ඇති ත්‍රාසජනක කතාව තමයි මේ චිත්‍රපටයෙ තියෙන්නේ.
Nina Wilcox Putnam සහ Richard Schayer ගේ කතාවට තිරරචනය ලියන්නේ John L. Balderston විසිනි. Carl Laemmle, Jr. විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Karl Freund විසිනි. චිත්‍රපටයේ මමිය, ආර්ඩත් බේ නැතහොත් ඉම්හොටෙප් ලෙස Boris Karloff රංගනයෙන් එකතු වෙනවා. ඒ සමඟ Zita Johann, David Manners, Edward van Sloan, Arthur Byron ඇතුළු නලු නිලි රැසක් දායක වෙනවා. චිත්‍රපටයේ සංගීතය James Dietrich විසිනි. කැමරාව Charles Stumar වන අතර සංස්කරණය Milton Carruth විසිනි.
1932 දෙසැම්බර් 22 වන දින තිරගතවීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ. ඩොලර් 196,000 කි. බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් 370,000කි. විනාඩි 73ක ධාවන කාලයකින් යුත් The Mummy චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.1ක් සහ Rotten Tomatoes 88%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 92%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,877 downloadsDownload The-Mummy-1932.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
16 comments
Anonymous
හසිත මධුෂාන්
එක එක්කෙනාගෙ ටේස්ට් එක වෙනස්නෙ, ඇනෝනිමස් මහත්තයෝ...
හොද කතාවක රහ කාලෙත් එක්ක අඩු වෙන්නෙ නෑනේ...,
කොච්චර පරන උනත් අන්දරේගෙ කතා අපි තාම රසවිදිනවනෙ...Sohan Jayasooriya
ඔය ආච්චි සීයා බලනව කියලා හිතන හින්දා පරන හොඳ ෆිල්ම් සෑහෙන ඔයාට මග ඇරිලා ඇති ඇනොනිමස් මහත්තයෝ.. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බෑනේ..
කවිඳු ජයවර්ධන
නිර්නාමිකයෙක් නිසා වැඩිය මොකුත් කියන්නත් අමාරුයි..පොඩි දෙයක් කියන්නම්
වැඩි වැඩියෙන් පින් කරන්න.එතකොට ඊලග ආත්මෙදිවත් හොද රසවින්දනයක් ලැබෙයි..Anjana Gunathilaka
Old is gold bro
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි...
Request...
Murder - 1930
M - 1931
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ravindu
thanks bro
indika75
Thanks..
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට.. බලන කට්ටිය අඩු උනත් දැන් එන අලුත් ෆිල්ම් වලට අඩිතාලම දාපු ඒ කාලෙ ෆිල්ම් වලට සබ් දෙන එක නම් සෑහෙන වටිනවා.. දිගටම සබ් දෙමු අයියෙ ජය වේවා
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anjana Gunathilaka
Thank you very much bro !
Rumesh
Thanks
කවිඳු ජයවර්ධන
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..දිගටම පරන ඒවට සබ් දමු.ඔබට ජය!!!
No Name
Homeless to Harvard (base on true story of Liz Murray) film එකට සිංහල sub දෙන්න. please ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Mummy (1932) Sinhala Subtitles | වැළලුනු ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/The-Mummy-1932.jpg)
කවුද බොලේ මේවා බලන්නේ
ආච්චිලා,සීයලා තමයි ඉතින්