Watch Trailer

Wild Karnataka (2020) Sinhala Subtitles | කර්ණාටක වනාන්තරවලට සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma වි…

ඉන්දියාවෙ කර්ණාටක ප්‍රාන්තය තුළ දකින්න ලැබෙන සමෘදිමත් ජෛව විවිධත්වය ගැන තමයි මේ වාර්තා වැඩසටහනින් අපිට දකින්න ලැබෙන්නේ. එක් දෙයක් ගැනම පමණක් අවධානය යොමු නොකර, සතුන් ඇතුළුව කර්ණාටක වනාන්තර තුළ තිබෙන දේවල් රාශියක් ගැන දැනුමක් මේ වැඩසටහනින් ලබා දෙනවා. මෙහි නිෂ්පාදනය Amoghavarsha J S සහ Kalyan Varma විසින් සිදු කර ඇති අතර වැඩසටහන විස්තර දක්වන්නේ වෙන කවුරුත් නෙමෙයි, වාර්තා වැඩසටහන් බලන ඕණම කෙනෙක් දන්න ‍කෙනෙක් වන Sir David Attenborough.

මේ චිත්‍රපටයෙ මංගල දර්ශනය පෙන්වා තිබෙන්නේ 2019 මාර්තු 3 වැනිදා 3000ක රසික පිරිසක් ඉදිරියේ, ඉන්දියාවේ බැන්ග්ලෝර් ප්‍රාන්තයෙහි පිටියක තිබෙනා එළිමහන් රඟහලක. වසරකට පසු ඒ දිනම (2020 මාර්තු 3) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදීද විශේෂ තිරගත කිරීමක් සිදු කරල තියෙනවා.‍

කර්ණාටකය, ඉන්දියාවේ 6වැනියට විශාලතම ප්‍රාන්තයයි. වාර්තා වී ඇති ලෙස එහි, වර්ග කිලෝ මීටර 38720 එනම් කර්ණාටකයෙන් 20.19% පමණ කොටසක් වනාන්තරවලට අයත්. මෙහි පරිසර පද්ධතිය තුළ විවිධ පරිසර තත්වයන්වලින් යුත් වනාන්තර කිහිපයක්ම තිබෙනවා. මෙම වනාන්තරවල ඉන්දියාවේ අලි ගහනයෙන් 25%ක්ද, ව්‍යාඝ්‍ර ගහනයෙන් 20%ක්ද ජීවත් වෙනවා. ඒ අනුව එය මෙලොව ව්‍යාඝ්‍රයින්ගේ සහ ආසියාතික අලීන්ගේ වැඩිම ගහනයක් ති‍බෙන වනාන්තරය වෙනවා.

මේ චිත්‍රපටය මිනිත්තු 52ක් ධාවනය වෙනවා. දන්නවද අපි මිනිත්තු 52ක කකුල් දෙකත් උඩ තියාගෙන ඉතා පහසුවෙන් මේක බැලුවට, මේකේ නිෂ්පාදනය සම්පූර්ණ කරන්න කොච්චර වෙලාවක් ගිහින් තියෙනවද, කොච්චර මහන්සියක් මොවුන් දරලා තියෙනවද කියලා? මෙහි නිෂ්පාදනයට දින 1500ක් ගිහින් තිබෙන අතර, පැය 15,000ක් අදාළ භූමිය තුළ ගත කරලා තියෙනවා. කැමරා 20ක් යොදාගෙන වීඩියෝ කොටස් 50ක් රූපගත කරගන්න මිනිත්තු 2400ක් ගත වෙලා තියෙනවා. ලේසි නෑ නේද? ඔයාලම බලන්නකො, ඔවුන්ගේ මහන්සිය සාර්ථකද කියලා.

එහෙමනම් ඩේවිඩ් මහත්මයා වැඩසටහන පටන්ගන්න වදන් පෙළින් මම ලිපිය අවසන් කරන්නම්…

“පෘතුවිය මත ඉතිරිව ඇති සමෘද්ධිමත්ම වනාන්තර කිහිපයක් කර්ණාටකයේ තිබෙනවා.
මෙහිදී ඉන්දියාවේ ශාක සහ සත්ව වර්ගයන්වලින් හතරෙන් එකක් අපට මුණ ගැසෙනවා.
මෙය විශාල වනාන්තර සතුන්ට ආරක්ෂිතව සැරිසැරිය හැකි ‍මිහිකත ඇති අවසන් ස්ථානවලින් එකකි.
අපි සූදානම් වන්නේ විවිධත්වයෙන් යුතු මෙම භූමිය කරා පියනඟන්නටයි.
“

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

W i l d . K a r n a t a k a . 1 0 8 0 p . x 2 6 4 . A A C . M V G r o u p . o r g . m k v

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත සඳහා අදාළ වේ.

2,755 downloadsDownload Wild-Karnataka-2020.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

2,755 downloadsDownload Subtitles21 KB

17 comments

  1. Hashan

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ වාර්තාමය චිත්‍රපටිවලට සබ් කරනවට :) මාර ආසයි මේවා බලන්න සෑහෙන නොදන්න දේවල් ටිකක් දැනගන්න පුළුවන්..
    පුළුවන් නම් මෙයාගෙම ඒ කිව්වේ David Attenboroughගෙම A Life On Our Planet (2020) කියන චිත්‍රපටයටත් සබ් කරන්න :) ...
    ජය වේවා.!

  2. Anonymous

    thx for sub

  3. රොෂාන් ශමීර ජයසිංහ

    නියමයි...

  4. Chamiya_A.$.K

    උප්සිරැසියට ස්තුතී...Disney nature series එකටත් සබ් දීලා සම්පූර්ණ කරන්න.

  5. Himalsha Rukshan Wickramasinghe

    720 p ekata set wenawd yalu

    1. එල්.සී. දමැල්

      ඒකනම් ෂුවර් නැහැ. මම සබ් එක කළේනම් 1080p පිටපතට. හැබැයි මේක අරං බැලුවට පාඩු නැහැ ඩේටා තියෙන දවසක හරි. :)

  6. sampath n perera

    supiri...... thanks

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Ashan

      වාර්තා වැඩසටහනක් කාලෙකින් බලන්න උනේ නෑනෙ..ගොඩාක් ස්තූතියි සහෝ ..ජය වේවා..

  8. indika75

    Thanks..

  9. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  10. sisira

    හුගක් කාලෙකට පස්සේ වාර්තා වැඩසටහනකට බයිස්කෝප් එකෙන් උපසිරසි ලැබුනේ. ඔබට බොහොම ස්තුතියි තවත් වාර්තා වැඩසටහන් ලබාදෙන්න. දරුවන්ට හරි වටිනවා ඔයාලා කරන මේ සත් කාර්යය

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ARA

    thank uuuu....

  14. mindika

    Thanks !!!

  15. wasantha senadheera

    පට්ට ලස්සන documentary එකක්....සබ් එකට ගොඩක් ස්තුතියි....මේ වගේ වාර්තා වැඩසටහන් වලට තවත් සබ් කරන්න...මේවට සබ් කරන අය ගොඩක් අඩුයි...දුර්ලභ දේවල් වල වටිනාකම ගොඩක් වැඩියි...රත්තරං,මුතු,මැනික් වගේ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.