Watch Trailer

Danny the champion of the world (1989) Sinhala Subtitles | සූර වීර ඩැනී… [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතළිස් හත්වැනි උපසිරැසිය සමඟින් මේ ගෙන ආවේ රෝල්ඩ් ඩාල් නම් කතුවරයා 1975 දී රචනා කළ අපුර්ව ළමා නවකතාවක් වන Danny The Champion Of The World ඇසුරින් එනමින් ම නිර්මාණය කළ චිත්‍රපටයයි. 1989 අප්‍රේල් 29 වැනිදා මුල්වරට නිකුත් වුණු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7/10ක අගයක් ගැනීමට සමත් වුණා. Gavin Millar…

මගේ හතළිස් හත්වැනි උපසිරැසිය සමඟින් මේ ගෙන ආවේ රෝල්ඩ් ඩාල් නම් කතුවරයා 1975 දී රචනා කළ අපුර්ව ළමා නවකතාවක් වන Danny The Champion Of The World ඇසුරින් එනමින් ම නිර්මාණය කළ චිත්‍රපටයයි. 1989 අප්‍රේල් 29 වැනිදා මුල්වරට නිකුත් වුණු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7/10ක අගයක් ගැනීමට සමත් වුණා. Gavin Millar විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ තිරරචනය කළේ Roald Dahl සහ John Goldsmith විසින්. මේ චිත්‍රපටයේ විලියම් ලෙස රංගනයෙන් දායක වෙන්නේ The Man who knew Infinity චිත්‍රපටයේ මහාචාර්ය G.H. හාඩි ලෙසින් රංගනයේ යෙදුණු Jeremy Irons. ප්‍රධාන චරිතය වන ඩැනීගේ චරිතය ඔහුගේ පුතා වන Samuel Irons විසින් නිරුපණය කරනවා. විශේෂත්වය ඔහු රඟපෑ එකම චිත්‍රපටය මේ චිත්‍රපටය යි. Jeremy Ironsගේ පියා වන Cyril Cusack වෛද්‍ය ස්පෙන්සර්ගේ චරිතය නිරුපණය කරනවා. නපුරු වික්ටර් හේසල් ලෙසින් රංගනයෙන් දයක වෙන්නේ Harry Potter චිත්‍රපට මාලාවේ රුබියස් හැග්රිඩ් ලෙසින් රංගනයෙන් දායක වුණු Robbie Coltrane විසින්. Danny The Champion of The World නවකතාව කත්‍යානා අමරසිංහ ලේඛිකාව අතින් ‘සූර වීර ඩැනී’ නමින් සිංහලයට ද පරිවර්තනය කෙරුණා. Roald Dahlගේ අපුර්ව ළමා කතා ඇසුරින් නිපැයුණු තවත් චිත්‍රපට කිහිපයකට උපසිරැසි ගැන්වීමට ඉදිරියේදී අදහස් කරනවා. ඉදිරියේදී ඒවා බයිස්කෝප් අඩවියෙන් ඔබට දකින්න ලැබේවි.

මේ කතාව 1950 ගණන් වල එකක්. ඩැනී කියන්නේ වාහන කාර්මිකයෙක් වන තමන්ගේ පියා, විලියම් සමඟ ජීවත්වෙන අම්ම නැති අවුරුදු අටක ළමයෙක්. එයා පොඩි කාලේ ඉඳලම තාත්තාට වාහන හදන්න උදව් කරලා ඉගෙන ගත්ත දෙයින් අඩු වයසින් දක්ෂ වාහන කාර්මිකයෙක් වෙනවා. ඩැනී පාසල් යෑම අරඹන්නේ අනෙක් ළමයි පාසල් යන්න පටන් අරගෙන වසර කිහිපයකට පසුවයි. මේ දෙන්නා පුංචි කැරවෑන් එකක ජිවත් වෙන්නේ. ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වුණු වික්ටර් හේසල් හොර රහසින් ම එයාලා ඉන්න ගමේ ඉඩම් මිලට අරගෙන විලියම්ගේ ඉඩම වටකරගෙන ඉන්නෙ. වික්ටර් වරින් වර ඇවිල්ලා විලියම්ට බලපෑම් කරනවා, ඔවුන් ඉන්න ඉඩම තමන්ට විකුණන ලෙස, එහෙත් වික්ටර් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර මේ ඉඩම් ධනවතුන් සඳහා වළිකුකුලන් දඩයම් කිරිමේ ස්ථානයක් ලෙසින් සංවර්ධනය කරනවා. මේ ගැන විලියම් සහ ඩැනී එය වළක්වා වික්ටර් කියන නපුරු මිනිහව පරදවන්න දරන උත්සාහයන් ගැනයි මේ චිත්‍රපටයේ කියවෙන්නෙ? එයාලා වික්ටර්ගේ සත්ව ඝාතනයට ඉඩ නොදී ඉඩමේ වළිකුකුල්ලු අල්ලන්නේ කොහොමද? අතිදක්ෂ ළමයෙක් වන ඩැනී එයාට යෝජනා කරන උපාය මාර්ගය මොකක්ද? මේ අපුර්ව චිත්‍රපටය බලලා ඒ ගැන දැනගන්න..

රංගන ශිල්පින්:
Jeremy Irons – විලියම් ස්මිත් ලෙසින්
Samuel Irons – ඩැනී ලෙසින්
Robbie Coltrane – වික්ටර් හේසල් ලෙසින්
Cyril Cusack – වෛද්‍ය ස්පෙන්සර් ලෙසින්
Lionel Jeffries – ස්නොඩි මහත්මයා ලෙසින්
Michael Hordern – ක්ලේබරි ආදිපාද ලෙසින්
Jimmy Nail – රැබෙට්ස් ලෙසින්
Jean Marsh – හන්ටර් මෙනවිය ලෙසින්
Ronald Pickup – කපිතාන් ලැන්කැස්ටර් ලෙසින්

පහත සඳහන් නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. .
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

           Danny The Champion Of The World 1989 DVDRip(Navanjana) [829 MB]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,394 downloadsDownload Danny-The-Champion-Of-The-World-1989.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,394 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. Mr.X

    ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Asadaruwan

    ela thanx sub ekata

  5. Asadaruwan

    ela thanx sub ekatta ......

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. sMudhitha

    මේ ෆිල්ම් එක superb බ්‍රෝ.........!
    roald dahl ගේ ඉතිරි ෆිල්ම් ටිකත් එනකල් මග බලාගෙන ඉන්නවා......

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. AsithaDilruwan

    ela ela saho thanks

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. namal kumara

    කවුරුහරි Scent of a Woman (1992) sub දාන්න්කෝ...හොඳ ෆිල්ම් එකක්

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!

  15. sampath2017

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!
    "Bicentennial Man 1999" mekath oka wagema parana lassana movie ekak meketh sub eka dennako සහෝ

  16. jagath55

    Thanks