මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. ම…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් දෙදෙනා එක ළඟ පිහිටා තිබූ මෙම ඉඩම් කැබලි දෙක වෙන්දේසියකින් මිලට ගැනීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා විරසකයක් ඇතිවේ. මෙම විරසකය නිසා ගෘහ නිර්මාණ ශිල්පිගේ ප්‍රේමයට ඉමහත් බාධක සහ ගැටළු ඇතිවේ. දේව් ආනන්ද්, නූටාන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන්නේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ”මහද නමැති වන බඹරා, ළංවී කනට ඔබේ…” ගීතයයි. එසේම මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් පැරණි හින්දි සිනමාව ප්‍රිය කරනා රසිකයන් කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්“,  “සුරාජ්“, “ගීත්” ,”අප්නා දේශ්“,”අර්සු“,”කැරවෑන්“, “අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“  යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.  මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිහත්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු දහසයයි. තත්පර පනස් හතක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. ඉහත දක්වා ඇති ධාවන කාලය අනුව මෙම වීඩියෝව පහසුවෙන් අන්තර් ජාලය තුළින් සොයාගත හැකිය. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

2,572 downloadsDownload Tere-Ghar-Ke-Samne-1963.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

2,572 downloadsDownload Subtitles43 KB

18 comments

  1. Priyantha Dayakeerthi

    ධාවන කාලය පැය දෙකයි මිනිත්තු දාසයයි තත්පර
    පනස් හතක් සහිත, මෙගා බයිට් 253 ක මෙම වීඩියෝව
    Priyantha Dayakeerthi ෆේස්බුක් ගිණුම තුළ ඇත.

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  3. theekshana2000

    thank sub 1 ta..... love in tokyo hindi film ake sub 1 karanawa da...?????

  4. Udaya Saman

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
    උපසිරසියට බොහොම ස්තූතියි.මාගේ උපසිරසියටද අදහස් දැක්වූවාට ඔබට තුති.

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. hegoda

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    ඔබටත් බයිස්කෝප් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා.

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුබ අලුත් අවුරුද්දක් වේවා …

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  9. tharindu gunarathna

    eng film sub plz...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!

  12. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  13. TharakaWAS

    sub 1kata bohoma stutui...
    digatama me lassana parana film walta sub 1ka denna..

    Tumsa Nahin Dekha ,
    CID ,
    Azaad ,
    Phagun ,
    Jis Desh Mein Ganga Behti Hai ,
    Shree 420 ,
    waqt
    me film tikata puluwan nm sub denna,.

    ahinsaka illimak...

    bohomatma stutui....!!!

    1. Priyantha Dayakeerthi

      Jis Desh Mein Ganga Behti Hai ,Shree 420 මේ ෆිල්ම් දෙකේ සබ් දැනට මෙම වෙබ් එකේ තිබෙනවා. මට දැනෙන විධියට ඔබ මේවා සොයලා නැහැ.

    2. TharakaWAS

      bhonathma stutui.mama eka aththatama hewwe na.man hituwe me lasnna rattaran film walta sub 1ka denne aiya vitarai kiyla.e nisa mn oyge lipiye tyna film tika vitarai balala tynne..
      bhomatma stutui me gna mwa danuwath karata...
      jaya wewa....!!!

    3. Priyantha Dayakeerthi

      හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී...ආදී පැරණි හින්දි සිනමාපට විශාල ප්‍රමාණයක් මා දන්නා කෙනෙක් ළඟ සිංහල උපසිරසි සහිතව තිබෙනවා. කැමති නම් මේ අංකයට කතා කර එම ඩිවිඩි ලබා ගන්න. 0718020196

  14. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි .ජයවේවා..සුභ පතනව සිංහල උපසිරැසිකරණයට (පැරණි සිනමාප) ජයවේවා !!