Watch Trailer

Attack on Titan: Part 1 (2015) with Sinhala Subtitle | මනුෂ්‍යත්වය වැනසීමට යෝධයින්ගෙන් එල්ල වූ ප්‍රහාරයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ. චිත්‍රප…

Attack-on-Titan-(2015)

හොඳයි එහෙනම් Sniper: Ghost Shooter (2016) චිත්‍රපටියේදී පොරොන්දු වුණ විදියටම ඉක්මණටම තවත් සුපිරිම චිත්‍රපටියක් අරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.මේක ජපන් චිත්‍රපටියක්.ජපන් චිත්‍රපටියකට උපසිරසියක් කරපු පලවෙනි වතාව තමයි මේ.ඉතාමත් හොඳ මට්ටමේ චිත්‍රපටියක් නිසා තමයි භාෂාව ගැන නොබලා මේක කරන්න ගත්තේ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේක කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක්.කොහොම වුණත්, පලවෙනි චිත්‍රපටිය තුලින් පලවෙනි කතාව සම්පුර්ණයෙන්ම ඉවර වෙනවා.දෙවැනි කොටසේදී වෙන්නෙ කතාව වෙනත් පැත්තකට ගලා යෑමක්.ඒ නිසා කතා දෙක වෙන වෙනම තමයි ගලාගෙන යන්නේ.ඉතිං, කට්ටියට පුළුවන් පලවෙනි කොටස බලලා හොඳ නම් විතරක් දෙවැනි කොටසත් නරඹන්න.ඒ නිසා පලවෙනි කොටස නරඹන්න ටික දවසක් දීලා දෙවැනි කොටසත් ඉක්මනටම අරගෙන එන්න පොරොන්දු වෙනවා.

මේ චිත්‍රපට මාලාවේ පළමු කොටස නිකුත් වන්නේ 2015 වසරේ අගෝස්තු 1 වෙනිදා.අති දැවැන්ත මුදලක් වියදම් කරමින් පරිඝණක තාක්ෂනය ඉතාමත් ඉහල මට්ටමින් සංකලනය කර තිබෙන මෙම චිත්‍රපටය තිරගතවූ ආරම්භක දිනයේ පටන්ම බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරලියක් කිරීමට සමත් වෙනවා.ආරම්භක සතිය තුලදීම ඇමරිකානු ඩොලර් මිලියන 5.1 ක මුදලකින් සවිබල ගැන්වෙන මෙම සලරුව, සිය සමස්ථ අදායම් මුදල සනිටුහන් කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 30.8 ක් ලෙසයි.එමෙන්ම ප්‍රේක්ෂක මනාපයන් 8000 කට වඩා වැඩි ප්‍රමාණයකින් imdb දර්ශකයේ 5.2 ක් වැනි අගයක් කරා ගමන් කිරීමටත් හැකියාව ලැබිලා තියෙනවා.විශේෂයන්ම කියන්න ඕනේ, ‘ජපනා හපනා’ කියන කියමන සනාථ කරමින් මෙම චිත්‍රපටය තුල ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා.චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවොත්, මා කියන දේ සැබවින්ම ඔබට වැටහේවි.

කතාව ගැනත් පොඩි විස්තරයක් කියන්නම්.වසර සියයකට පෙර දැවැන්ත යෝධයින් සමුහයක් විසින් මනුෂ්‍යය වර්ගයා මෙලොවින් තුරන් කිරීමේ අදිටනින් ප්‍රහාරයක් එල්ල කරනවා.මේ හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සහ සිදුවූ අලාභය ගිනිය නොහැකි තරම්.මේ හේතුවෙන් මනුෂ්‍ය වර්ගයා එකතු වී අහස සිඹින දැවැන්ත ප්‍රාකාර තුනක් ඉදිකරවා තම ආරක්ෂාව සලසා ගන්නවා.මෙම දැවැන්ත ප්‍රාකාර තුන ඉදිකරවා වසර සියයක් ගතවනවා.යෝධයින්ගෙන් කිසිඳු ප්‍රහාරයක් එල්ල වන්නේ නැහැ.වර්තමානය වන විට යෝධයින්ගේ පළමු ආක්‍රමණය පිළිබඳව දන්නා කිසිවෙකුදු හෝ ජීවතුන් අතර පවා නොමැත.එම නිසා ජනතාව මෙම යෝධයින්ව හුදෙක් ජනප්‍රවාදයක් ලෙස පමණක් සිතනවා.නමුත් කිසිවෙකු සිහිනෙන් හෝ නොසිතූ පරිද්දෙන් වසර සියයක අවෑමෙන් පසු නැවතත් යෝධයින්ගෙන් ප්‍රහාරයක් එල්ල වනවා.මේ ප්‍රහාරය කෙතරම් දරුණුද යත්, පළමු ප්‍රාකාරය සම්පුර්ණයෙන්ම විනාශ වී යනවා.දිවි බේරාගත් අතලොස්සක් දෙනා දෙවැනි ප්‍රාකාරය වෙතට පසු බසිනවා.දෙවැනි ප්‍රාකාරය තුලදී මනා ලෙස සංවිධානය වී යෝධයින් හට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි මොවුන්ගේ අරමුණ වන්නේ.අති දැවැන්ත යෝධයින් හට සාමන්‍ය මනුෂ්‍යයන් කෙසේ නම් මුහුණ දේවිද….ඔවුන් හට කුමන අන්දමේ අනපේක්ෂිත කරදර උපද්‍රවයන්ට මුහුණ දීමට සිදුවේද….තමනට එරෙහිව සටන් වදින මනුෂ්‍යයින්ට එරෙහිව, යෝධයින් කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වයිද….ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරි සියල්ලා බාරයි.

දෙවැනි කොටසත් ඉක්මනටම අරගෙන එන්නම්. හැමදෙනාටම ජයවේවා….!

Attack on Titan: Part 1 (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ATTACK ON TITAN PART 1+2 2015 720P BLURAY GANOOL

(ලබා දී ඇති පිටපත තුල කොටස් දෙකම අන්තර්ගත වේ. අවශ්‍යය නම් කොටස් දෙකම හෝ තනි කොටස් වශයෙන් හෝ බාගත හැක.)

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

17,228 downloadsDownload Attack.on_.Titan_.2015.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

17,228 downloadsDownload Subtitles26 KB

46 comments

  1. Darshana

    sub ekata thanks saho..

  2. Namal

    thanks mc

  3. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. Ishan Madusha

    පුදුම සතුටක් දැනුනෙ මේ Attack on Titan: Part 1 (2015) උපසිරැසි කරලා දැක්කම
    පට්ටම ස්තුතියි සහෝ. මේකෙ anime series එකත් සුපිරිම තමා.මේ movie එකට උපසිරැසි දෙනකම්
    බලාගෙන හිටියෙ මාස ගානක් තිස්සේ.part 2 එකටත් ඉක්මනින්ම උපසිරැසි දෙන්න.
    උපසිරැසියට බොහොම තුති.ජය වේවා!

  6. Asitha

    elama thanks.
    godak kal balan hitiya deanakm.
    bohoma pin
    jaya wewa!!!!!

  7. D Chamara

    bohoma sthuthi sahooo

  8. Udara Damith B\K

    උපසිරැසියට බොහොම
    ස්තූතියි

  9. seo spider

    Thamk you bro

  10. indika

    දෙවෙනි කොටසේ සබ් එකත් දීපන්කෝ මචෝ... පට්ට ‍ෆිල්ම් එක ... තැන්ක්ස් මචෝ සබ් දුන්නට!!

  11. Kasun

    Sahodaraya torrent file eka ganne kohomada google search kalata enne naane sub ekata bohoma ththi sahodaraya

    1. Sisila Prasad

      මේ කමෙන්ට් එකේ නම උඩ click කරලා මගේ ෆේස්බුක් ගිණුමට log වෙන්න.
      අවශ්‍ය විස්තර සඳහන් කරලා තියෙනවා.

  12. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සිසිල සහෝ
    මේකේ 2 වෙනි කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා

  13. රයන් ද සිල්වා

    පට්ට ෆිලුමක් වගේ ඔන්න බාන්න දැම්මා 2 වෙනි කොටස්ත් ඉක්මනට ඕන
    හොදේ,,,,

    ස්තූතියි සහෝ සබ් එකට
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  14. කවීන් ලහිරු

    තෑන්ක්ස් සිසිල සහෝ
    ඊලග කොටසත් පුලුවන් ඉක්මනට දාමු.....

  15. Sahan

    ස්තූති යාලෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. udp

    දෙවෙනි කොටසේ සබ් එකත් දීපන්කෝ

  18. රයන් ද සිල්වා

    මේකේ 2 වෙනි කොටසටත් ඉක්මනටම සබ් එක දාන්න සහෝ.....

  19. udp

    මේකේ 2 වෙනි කොටස කෝ

  20. rumesh

    attack on titan part 2 ekatath sub eka dennako
    thanks

  21. Ishan Madusha

    සහෝ attack on titan: end of the world උපසිරැසි දෙන්න

  22. aka

    sub eka crash wela

  23. udp

    උපසිරැසි දෙන්න
    බලන් ඉන්න බැ බොල

  24. udp

    ko sub

  25. nipun randika

    Part 2 dapnko bn

  26. indika

    attack on titan part 2 ekatath sub eka dennako

  27. Rajitha

    ane me film download karaganna hetith kiyannako......kohomada ganne......

  28. udp

    part 2 ko

  29. T-MaX

    meake part 2 walatath ikmanata sub 1ka denna sahoooo

  30. අශාන් ලහිරු

    2ට සබ කෝ?????

  31. amila

    me film eka kohomada download kaaganne

  32. R.S. Samantha

    thank u macho...
    onna banawa
    ela elaaaaaa

  33. Bhagyasingh

    elama thanks sub ekata

  34. Mahesh..test

    THanks bro

  35. nuwanlankapriya

    Sub ekata tankzz

  36. Thilankadissanayake

    thanks

  37. TharakaWAS

    Thanks for sub..!!!

  38. Akashpc

    Tnxx

  39. Akashpc

    thanks sub Keata

  40. MAALnath

    Thanks ...............good luck ..................

  41. Dewadithya

    Thanks for Sub!

  42. RV

    oya film eka thiyana anime ekatath sub ekak hadanwako... film eka wagemai oi ekath patta...

  43. Pavith Wijesooriya

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි.මේ සුපිරියට සබ් දීපූ එක නම් ගොඩක් වටිනවා...❤️

  44. gihan

    බොහෝම ස්තුති උපසිරැසට

  45. M.V.R.S

    Thank you for this sub.