කොහොමද ඔයාලට. මේ පාර අරන් ආවේ 2016 නිකුත් වුනු නවතම සිනමා පටයක්. මේක ඇමරිකානු වෘතාන්තයක්. කවුබෝයි යුගයේ වෙච්ච සිදුවීමක් ඇසුරින් තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමරිකාවේ සිවිල් යුද්ධයට පසු ලින්කන් පාලනයද අවසන් වුන කාලයේ තමයි මේක සිද්ද වෙන්නේ. මේ කාලයේ ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන ගණිකා වෘත…

කොහොමද ඔයාලට. මේ පාර අරන් ආවේ 2016 නිකුත් වුනු නවතම සිනමා පටයක්. මේක ඇමරිකානු වෘතාන්තයක්. කවුබෝයි යුගයේ වෙච්ච සිදුවීමක් ඇසුරින් තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.
ඇමරිකාවේ සිවිල් යුද්ධයට පසු ලින්කන් පාලනයද අවසන් වුන කාලයේ තමයි මේක සිද්ද වෙන්නේ. මේ කාලයේ ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන ගණිකා වෘත්තිය ඇමරිකාවේ සරුවට ක්‍රියාත්මක වෙන කාලෙ. වැඩි වශයෙන්ම බටහිර ප්‍රදේශ වල. ඉතින් මේ වෙනුවෙන් කාන්තාවන් බලහත්කාරයෙන් රැගෙන යාම සිද්ද වෙනවා. ට්‍රෑවේස්, ළමයි දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක්. එක ළමයෙක් අවාසනාවන්ත ලෙස මිය යනවා. ඉතින් එයාලා අනිත් ළමයව ගොඩක් පරිස්සම් කරනවා. ඒත් එයාට කවදා වෙනකම් ඇයව පරිස්සම් පුලුවන් වෙයිද? දවසක් එකපාරටම උදේ ගෑනු ළමයා අතුරුදන් වෙලා. එයා ගෙදරින් පැනලා ගිහින්. එයා යන්නේ වෙනත් අරමුණක් ඇතිව. ඒත් නොදන්න ලෝකෙදි එයාවත් ජාවාරම් කාරයන්ට බිලිවෙයිද? ට්‍රෑවේස් දුවට ගොඩාක් ආදරෙයි. එයා යනවා, මොන විදිහකට හරි ඇයව සොයාගැනීමේ ස්ථිර අදිටන ඇතිව. මේ නගර බීමත් දාමරිකයන් ගෙන් පිරිලා. හැම වෙලාවකම වෙඩි හුවමාරුවකට සූදානමින් තමයි ඉන්නේ. මේ පලාත් වල මැස්සෝ ගානට ගණිකාවෝ. මොහුට අහන්න ලැබෙනවා අවන්හලක තරුණියක් ගීතයක් ගායනා කරනවා. ඒ ගීතයට එයාගේ දුවත් නිතර මුමුනන එකක්. දුව අවන්හලේ ඉන්නවද? අවන්හලත් නරක තැනක් කියලා එයා දැනගන්නවා. එයාගේ ගමන තවත් ගොඩක් දිගයි. හොඩුවාවල් අහුලමින්, ගම් නගර පසුකරමින් ඔහු යන මේ ගමනේදී මිතුරන්, සතුරන්, උණ්ඩ, රෝසමල්…. විවිද දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. කිසිවෙකුත් විශ්වාස කල නොහැකි අඩවියක, තම දිවි දෙවනිකොට තම දියණිය සෙවීමට යන ගමන මොන වගේ වෙයිද… අවසානයේ ජය ගන්නේ කුමන වෘකයාද?
වෘක ආත්ම දෙකක් සෑම කෙනෙක් තුලම ජීවත් වෙයි. එකක් වියරුව සහ ද්වේෂයයි, අනෙක ආදරය සහ බලාපොරොත්තුවයි. දිනන්නේ කුමන ආකාරයද?
මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. මේක ටිකක් ඉක්මනට ඉවර කරන්න පුලුවන් උනා. ඉතින් යාලුවනේ ඔයාලා දන්නවනේ ආසන්න කාලවලදී සිදුකරපු දෙවන ටොරෙන්ට් වෙබ් අඩවි තහනම් කිරීමත් සිදුවෙලා. ටොරෙන්ට් වලට නරක කාලයක් වගේ… එහෙනම්, තවත් නවතම චිත්‍රපටයක් සමග ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි..!
Due to copyright issues, we do not provide any torrent link.
Traded.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,780 downloadsDownload Traded.2016.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
8 comments
sajith
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !me
Thanks
අසිත
elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aruna
thaks bro, thanks a lot
mikhail
thx u :)
mekatath sub denawada
Anohana: The Flower We Saw That Day IMDb 7.5 ;)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක