ඔන්න එහෙනම් මීට මාස දෙකකට වගේ කලින් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට වෙච්ච් පොරොන්දුව ඉෂ්ට කරමින් Attack on Titan Part 1 (2015) චිත්‍රපටයේ දෙවැනි කොටසත් අරගෙන තමයි මේ එන්නෙ. චිත්‍රපටයේ පලවෙනි කොටස බාරදෙනකොට නම් හීනෙන් වත් හිතුවේ නැහැ මේ තරම් ප්‍රමාද කරන්න. ඒත්, මොනයම් හෝ හේතුවක් මත, මේ චිත්‍රපටයේ උපසිරැසි…

ඔන්න එහෙනම් මීට මාස දෙකකට වගේ කලින් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට වෙච්ච් පොරොන්දුව ඉෂ්ට කරමින් Attack on Titan Part 1 (2015) චිත්‍රපටයේ දෙවැනි කොටසත් අරගෙන තමයි මේ එන්නෙ. චිත්‍රපටයේ පලවෙනි කොටස බාරදෙනකොට නම් හීනෙන් වත් හිතුවේ නැහැ මේ තරම් ප්‍රමාද කරන්න. ඒත්, මොනයම් හෝ හේතුවක් මත, මේ චිත්‍රපටයේ උපසිරැසි ගන්වන්න පටන්ගන්න හදනකොටම, කලින් බාරගත් චිත්‍රපටයක ගුණාත්මක පිටපතක් පැමිණීම හෝ නවතම චිත්‍රපටයක් පැමිණීම සිදුවුණා.අදත් මේක කරන්න ගන්න කොටම කලින් භාරගෙන තිබුන තවත් සුපිරිම චිත්‍රපටයක ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වුණා.ඒත් ඉතිං ලැබී තිබෙන අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ මේක තවත් ප්‍රමාද කළොත්, කට්ටිය මාව පැහැරගෙන ගිහිල්ලා බලෙන්ම සබ් එක කරවගන්න තත්වයක සේයාවක් මට පෙනී ගිය නිසාම, ඒ බයටම ඔන්න නිදි මරාගෙනම උපසිරැසිය පැය කීපයක් ඇතුලත ඉවරයක් කරලා අනිත් චිත්‍රපටය කරන්න පටන්ගන්නවා 😀
චිත්‍රපටය ගැන නම් බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අතිශය ඉහල මට්ටමේ ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණයක් උපයෝගී කරගනිමින් ජපානය කේන්ද්‍ර කරගනිමින් නිෂ්පාදනය වුණා වූ මෙම සලරුවේ පළමු කොටසේ සිංහල උපසිරැසි සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. පළමු කොටස නරඹපු සැණින්ම බොහෝ දෙනෙක් දෙවැනි කොටසටත් උපසිරැසි ඉක්මණටම ඉල්ලලා තිබුණා.බොහෝදෙනෙක් පුද්ගලිකවත් පණිවිඩ ඒවා තිබුණා හැකි ඉක්මණට උපසිරැසි ලබාදෙන්න කියලා. ඉතිං, ඒ හැම දෙනාගේම ඉල්ලීමට ගරු කරමින්, සුළු ප්‍රමාදයක් සිදු වූවත්, ප්‍රේක්ෂක ජනතාවගේ සිත් අමන්දානදයට පත්කරමින් දෙවැනි කොටස සඳහා සිංහල උපසිරැසි ගෙන හැර පෑමට සියළු දෙනාගෙන්ම අවසරයි.
චිත්‍රපටයේ දෙවැනි කොටස පටන්ගන්නෙ පළමු කොටසේ අවසානය සිදුවුන තැනින්. නමුත්, පළමු කොටස නොබලපු කෙනෙක්ට වූවත්, චිත්‍රපටය රසවිඳීමට කිසිඳු බාධාවක් නැහැ. දෙවැනි කොටස ආරම්භයේදීම, පළමු කොටසේ සම්පූර්ණ සාරාංශයක් කෙරෙනවා. ඒ නිසා පලවෙනි කොටස නැරඹුවේ නැති කෙනෙක් වුණත්, බය නැතිව දෙවැනි කොටස විතරක් බලන්න පුළුවන්. කතාව පිළිබඳව නම් විස්තර කරන්න බලාපොරොත්තුවක් නැහැ. දෙවැනි කොටස තුලින් කතාව වෙනත් පැත්තකට ගලා යෑමක් තමයි සිද්ධවෙන්නෙ.යෝධයින් විසින් මනුෂ්‍ය වර්ගයා ආක්‍රමණය කිරීමට සැබෑ හේතුව කුමක්ද…ඔවුන් පැමිණෙන්නේ කුමන දේශයක සිටද…මේ සියල්ල පිටුපස ඇති අදෘශ්‍යමාන හස්තය කුමක්ද…මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමේ අදිටනින් දිරි ගැන්වෙන, මනුෂ්‍යත්වයේ සැබෑ සතුරා කවුරුන් නම් වේවිද… මනුෂ්‍ය වර්ගයා විසින් අති දැවැන්ත යෝධයින්ගේ ආක්‍රමණය කෙසේ නම් නවතා ගනීවිද…අහස සිඹින ප්‍රාකාර වලින් පිටත ලෝකය කෙසේ නම් වේවිද…ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරිය බාරයි. එසේනම්, තවත් චිත්‍රපටයකින් ඉක්මණින්ම හමුවන තුරාවට, සියළු දෙනාටම ජයවේවා!!!
ප.ලි. – පළමු කොටස නරඹපු අය, පුළුවන් නම් චිත්‍රපටය ගැන අදහසක් දාගෙන යන්න. අළුතින් චිත්‍රපටය බලන්න ඉන්න අයට ඒක උපකාරයක් වේවි.
Due to copyright issues, we do not provide any torrent links.
ATTACK ON TITAN PART 1+2 2015 720P BLURAY GANOOL
(ලබා දී ඇති පිටපත තුල කොටස් දෙකම අන්තර්ගත වේ. අවශ්‍යය නම් කොටස් දෙකම හෝ තනි කොටස් වශයෙන් හෝ බාගත හැක.)
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,642 downloadsDownload Attack-on-Titan-Part-2-2015.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
46 comments
nirosha dilshan
udp
සබ් එක දුන්නට තෑන්ක්ස්
indika
අනේ උබට පින් මචෝ..... ,මම උබට මැසේජ් 2ක් දැම්මා ඉක්මණට දෙවෙනි කොටසට සබ් දීපන් කියලා.... නියමයි.... බොහොම ස්තුතියී!!! thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!indika
මේ ෆිලුමට මීට වඩා තැනක් ලැබෙන්න ඕන .... ඒ තරම් පට්ට... උබලා නිසා අපි මෙහෙම ආතල් එකේ ඉලුමක් බලන්නේ .... එල
praneeth madu
ගොඩක් ස්තුතියි මචන්
Obama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! දෙවැනි කොටසත් ඉක්මනටම දෙනකල් බලාගෙන හිටියේ. ඔන්න බෑවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Udaya Saman
ammo onna yantham meka dhala.goda kaalayak balan hitiya sub eka eenakan.thanx saho
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
කවීන් ලහිරු
ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට සිසිල සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
එලම සහෝ තෑන්ක්ස් ආ....
නැවත මේ වගේම සුපිරිම ෆිලුමකින් හමු වෙමුUdara Damith B/K
ගොඩාක් ස්තූතියි..............
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.මේ ටිකටත්
පුලුවන් වෙලාවක අනිවා සබ් කරන්න
Assassination Classroom 2015 JAP 1080p BluRay x264 DTS-JYK
Black Butler 2014 720p BRRip x264 AAC-JYK
Death.Note.I-The.Movie[2006]BDRip.720p[Jpn.Rus]-Junoon
Death Note II The Last Name 2006 720 BRRIP H264 AAC-TiLTSWiTCH(Kingdom-Release)
L: Change the World (2008)
Goemon [2009].x264.DVDrip(Martial.Arts)
මේවට seeds අඩු වෙමින් පවතින නිසා ඉක්මනින් සබ් දෙනවනම් පිං
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sasmitha Disanayaka
කියල වැඩක් නෑ.සුපිරි ෆිලුමක්.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
yeshu
tnx
සමිර
ඔන්න මමත් ගත්තා බොහොම ස්තුතියි
සමිර
පලවෙනි කොටසත් මරු නියමයිනේ
තරිඳු
බොහෝම ස්තුතියි සහෝ
malith priyantha
how to download mchooo Attack on Titan film eka site ekak ewannako
Sisila Prasad
click this comment name and log in to my facebook and send me a message...
මාලින්ද
ගොඩක් ඉත්තූතියි බ්‍රෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rathnayake
Thanks bro
Lushan Kuruppu
බොහෝම ස්තූතියි බ්‍රෝ!
ඔබට ජය සහ නිරෝගි සුව පතමි!J-Koocha
සබට පින්!!!... The Adventures of Sherlock Holmes T.V series එකේ සබ් මග හිටලා දැන් ගොඩක් කල් මචන්... පුලුවන්නම් ඒක පොඩ්ඩක් බලන්න
geeth
late wela hari sub dunnata tnx.
chinthana
thanks saho
ashan lankanath
thanks ...................................................
R.S. Samantha
ela ela macho
Thank You....!!!sasala
thanks
Bhagyasingh
Attack on Titan anime series ekata sub dennako
isushan
ai bro sub denne naththe.sub karanna gaththanam karannnako.
nimesh_herath
Sisila sahoo thanks 1 beluwa supiri ak kalekin beluwa
Bandarajbandara
Sthuthi jayawewa
Thilankadissanayake
THANKS.
TharakaWAS
Subata thanks saho...!!!
Akashpc
sub ekata thanks
nuwanlankapriya
සුපිරි ෆිලුමක්
Dewadithya
Thanks for Sub!
Indumil
Thank You
SAjith
නියමයි.
Pavith Wijesooriya
දෙවෙනි චිත්‍රපටියටත් උපසිරසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි...❤️
gihan
බොහෝම ස්තුති උපසිරැසට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙවගේ ෆිල්ම් එකකට රේටින් එක අඩුවෙන් ලැබුනෙ ඇයිද දන්නෙ නෑ. අඩුම 6 ක් වත් හම්බ වෙන්න ඕනෙ. පරක්කු වෙලා හරි සබ් දුන්නට තෑන්ක්ස්