ඔන්න යාළුවනේ මමත් අලුතින්ම බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයියන්නේ.හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් ගන්නව විතරක් නිසා මටත් හිතුණ සබ් එකක් දාලා මේ ජාතික සේවයට එකතු වෙන්න.ඉස්කෝලෙ වැඩත් එක්ක මේක කරගන්න ඕනි නිසා වගේම මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වෙන්නැති මට මේක ඉවර කරන්න සෑහෙන කාලයක් ගියා.මේ වැඩේදි…

ඔන්න යාළුවනේ මමත් අලුතින්ම බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයියන්නේ.හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් ගන්නව විතරක් නිසා මටත් හිතුණ සබ් එකක් දාලා මේ ජාතික සේවයට එකතු වෙන්න.ඉස්කෝලෙ වැඩත් එක්ක මේක කරගන්න ඕනි නිසා වගේම මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වෙන්නැති මට මේක ඉවර කරන්න සෑහෙන කාලයක් ගියා.මේ වැඩේදි මට උදව් කරපු හැමෝටමත් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත් මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා.සාමාන්යෙන් මම වැඩිපුරම කැමති විද්‍යා ප්‍රබන්ධ වලට.ඒ අතරිනුත් මම මේ ෆිල්ම් එක තෝරගන්න හිතුවෙ මම මෙච්චර කල් බලපු ගොඩක් ඒවයෙ තිබුනෙ මාරක පිටසක්වළ ජීවීන්ට එරෙහිව ලොකු මිනිස්සු සටන් කරනවා,නැත්නම් අහිංසක පිටසක්වළ ජීවියෙක් ළමයි ටිකක් එක්ක යාළු වෙනවා.ඒත් මේකෙ තියෙන්නෙ මාරක පිටසක්වළ ජීවීන්ට එරෙහිව ළමයි කට්ටියක් සටන් කරනවා.ඒකයි මම මේක තෝරගන්න හිතුවෙ.මේ උපසිරැසියෙ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහටම ගන්නෙ නැතුව කතා රසයට බාධා නොවෙන විදිහට චිත්‍රපටයට ගැළපෙන විදිහට සකස් කළා.චිත්‍රපටය වඩාත් හොඳින් තේරුම් ගන්නයි මම එහෙම කළේ.ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති.ඒවට සමාව දීල මේකෙ වැරදි අඩුපාඩු පෙන්නල දීල මේක ගැන චූටි අදහසක් හරි දාලා යන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.
ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2011 වසරේ නිකුත් වුනු විද්‍යා ප්‍රබන්ධයක්.Action/Comedy/sci.fiction ගණයට දාන්න පුළුවන් චිත්‍රපටයක්.IMDB දර්ශකයේ 6.6 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joe Cornish විසින්.ඔහු The Adventures Of TinTin චිත්‍රපටය ලියන්න සහය වෙලා තියෙනවා වගේම Hot Fuss චිත්‍රපටයේ චරිතයක් නිරෑපණය කරනවා.නළු නිළියො ගැන කියනව නම්,
John Boyega
Jodie Whittaker [Venus(2006), Good(2008)]
Alex Esmail
Leeon Jones
Franz Drameh
Jumayn Hunter
Simon Howard
Nick Frost
Luke Treadaway
වැනි නළුනිළියන් රංගනයෙන් දායක වෙනවා.මේකෙ ප්‍රධාන චරිතෙ නිරෑපණය කරන John Boyega(මෝසස්) ඔයාලට 2015 එළිදැක්වීමට නියමිත Star Wars Episode vii ප්‍රධාන චරිතයක් නිරෑපණය කරනව දකින්න පුළුවන් වෙයි.
දැන් ඉතින් කතාව පැත්තට හැරෙමුකෝ. ලන්ඩනයෙ දකුණු කොටසෙ ළමයි පිරිසක් ඉන්නවා හොරමැරකම් කරමින් ජීවත් වෙන.මෙයාලගෙ නායකයා තමයි මෝසස්(John Boyega).එක දවසක් රෑ වැඩ ඇරිලා ගෙදර යන තරුණියක්ව මෙයාලා මංකොල්ල කනවා.ඒ තරුණියගෙ නම සෑම්(Jodie Whittaker).ඒ අතරෙ එතන තියෙන කාර් එකක් උඩට එක පාරටම යම්කිසි ගිනිගන්න වස්තුවක් කඩා වැටෙනවා.ඒ කලබලේ අතරෙ සෑම් එතනින් බේරිලා පැනගන්නවා.කොයි දේ වෙන්නෙත් හොඳටයි කියල මෝසස් කාර් එකේ තියෙන වටින දේවලුත් ගන්න හදනවා.එතකොටම කාර් එක අස්සෙ ඉඳල විකාරරූපී සතෙක් මෝසස්ට පහර දෙන්න හදනවා.ඌට පිහියකින් ඇනල මෝසස් බේරුණත් සතා පැනල යනවා.ඒකට කේන්ති යන මෝසස් යාළුවොත් එක්ක ගිහින් අර සතාව හොයාගෙන මරල දානවා.එතනින් තමයි කතාව පටන්ගන්නේ.ඇත්තම කියනව නම් ඒ සතාව මරන එක තමයි මෝසස් කරන ලොකුම වැරැද්ද.ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද කියල ඔයාලට කතාව බලනකොට තේරුම් යයි.ඉතින් කොහොමහරි ඒ සතාව මරපු එකේ ප්‍රතිපලයක් විදිහට ඒ වගේ තුන් ගුණයක් විතර විශාල පිටසක්වළ ජීවීන් පෘථිවියට එනවා.ඒ මදිවට කතාව අතරතුරේදි පිස්සු වැටුන පාතාල කාරයෙක් මෝසස්ව මරන්න හොයනවා. ඉතින් මේ ආක්‍රමණයෙන් පෘථිවිය බේරගන්න මෝසස් ඇතුළු ළමයි ටිකට පුළුවන් වෙයිද? ඒකට එයාලට උදව් කරන්නෙ කවුද? මෝසස් පස්සෙන් එන පාතාලකාරයා කවුද? මේ සත්තුන්ව නවත්තන්න ගිහින් ළමයින්ට එයාලගෙ ජීවිතත් අහිමි වෙයිද?
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න චිත්‍රපටය බාගෙනම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.ඒ වගේම මේකෙ සමහර සබ් ලයින් ටිකක් දිග වැඩියි.ඒ නිසා ඒ තැන් මග ඇරගන්නැතුව බලන්න.නැත්නම් චිත්‍රපටයෙ සමහර තැන් තේරුම් ගන්න අපහසු වෙයි.ඇත්තටම මේක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එක හුස්මට ආසාවෙන් බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්.ඒ නිසා මගඅරින්න එපා.ආ තව දෙයක් කියන්න ඕනි.ගොඩක් ලේ දකින කොට ටිකක් අපහසුතා ඇති වෙන අය ඉන්නව නම් මේක ටිකක් පරිස්සමින් බලන්න.එහෙනම් ආයෙත් තවත් සුපිරි චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙනකම් හැමෝටම ජයවේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
284749973E23C4F696A3998C5C39D65F65E4A4BA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,903 downloadsDownload Attack-the-Block-2011.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
37 comments
Sandun Wijewardhana
Pulasthi
thanks bro... මමත් මේක කලින් බලලා තියෙනවා... හොඳ ෆිල්ම් එකක් පළවෙනි වැඩේට තෝරගෙන තියෙන්නේ
Sameera
Trailer eka maru wela bro..
නලින්
ස්තුතියි සොහාන් මල්ලි! බයිස්කෝප් අඩවිය එකතු විම නිසා දෙවැනුවත් ස්තුතියි!
දිගටම අඩවිය වෙනුවෙන් ලස්සන මේ වගේ කථා අරන් එන්න ශක්තිය ලැබේවා!ජය වේවා!
Thisal
mn meka balala tyi machan ela film eka thanx for sub
sanj
Thanx bro
චන්දිම අමරසිංහ
නියම්යි ඔන්න බෑවා සුභපැතුම්...
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SOHAN saho.digu gamanak yamu.jayen jaya…………
Sanjaya
උපසිරසට පිං……….නියමයි සහෝ. ස්තුතියි.....
“චූටී මල්ලි”
පෙනුම නම් හොදා වගෙ
එල ඈ........
සබට තුති
ඔබට ජය............ඉසු ඩිපි (Isu DP)
නියමයි සොහාන් සහෝ.. :-P
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
හොද කතාවක් වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Deshan
පලවෙනි උපසිරසියට සුබ පැතුම් :)
Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම සබ් දෙන්න.
ස්තුතියි සබ් එකට.prabhath
නියමයි තවත් අළුත් කෙනෙක්
අපිට net packege 1 ත් මාරු කරන්න වෙයි වගේ
පළමු සබට සුබ පැතුම් ඒ වගේ ම බොහොම ස්තූතියි
දිගටම දෙමු.........Sandun Dulanjana
නියමයි. මේක නම් බලන්න ඕන.
උපසිරැසියට තුති. ජය !I.W.M.S Ilangakoon
elakiri machoooo,,, aluth kollo dan wadeta bahala ne,, :-P ela ela,, thankz wewa, :-) :-D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පළමු සබට සුබ පැතුම්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DSamantha
Dear Friend,
Thank you very much for your good work.@runa
Trailer එකේ Link එක වැරදිලා නේද? පුලුවන් නමි නිවැරදි කරන්න. උපසිරසියට ස්තුතියි....
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්, මම බිග් ආස් ස්පයිඩර් ෆිල්ම් එකට සබ් කරන්න බලනකොට මේකත් දැක්ක කවුරු හරි දෙයි කියල හිතුවා, නියමයි සහෝ IMDB වල Aliens movies in 2011-2014 කියල සර්ච් කරන්න තව හොඳ 2011 සිට 2014 දක්වා පිටසක්වල ෆිල්ම් ඔයාට බලාගන්න පුළුවන් වෙයි,ජයවේවා.
අශේන් මදුශංක
මේකනං මාරු. බොහොම ස්තුතියි...
Tharindu Perera
patta filumak vagee machan...
danma banava mekaa...
thanks machan sub ekatahh..වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජයම වේවා...Sohan jayasooriya
අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි,....
රොයිලි
බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
supun san
maru maru niyamai.... jaya........................☺☺☺☺☻☻
Samila Udayantha
film eka ela thankzzzz.......saho
rayan
sub ekata thanks.me film eka comedy category eke thibunata meka action ekak,
supun sandeepa
maru maru
supun sandeepa
niyamai saho,
Pabasara Mahindapala
Jaya Wewa!
Imasha Umayangi
nice. I like it.
Sohan jayasooriya
Hamogema adahas walata godak sthuthi!
Sohan jayasooriya
Adahas dakwapu hamotama godak sthuthi!
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ...............උපසිරසට තුති........... :D