Watch Trailer

The Two Faces of January (2014) | පලායන්නා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ අලුතෙන් නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගේන්න අවස්තාවක් ලැබුනා. මේ චිත්‍රපටිය ලබා දීම ගැන අපේ බයිස්කෝප් අඩවියේ සමීර සහ හසන්ත ඇතුළු ඇඩ්මින්වරුන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම චිත්‍රපටිය ‍ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම්…

The Two Faces of January 2014

ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ අලුතෙන් නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගේන්න අවස්තාවක් ලැබුනා. මේ චිත්‍රපටිය ලබා දීම ගැන අපේ බයිස්කෝප් අඩවියේ සමීර සහ හසන්ත ඇතුළු ඇඩ්මින්වරුන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම චිත්‍රපටිය ‍ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 11 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. ත්‍රාසජනක ගණයට ගැනෙන මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනේ 2014 අගෝස්තු 28 වෙනිදායි. චිත්‍රපටිය හොඳ පිටපතක් එදාම අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනත් ඒකට ගැලපෙන උපසිරැසියක් නිකුත් වෙලා තිබුනේ අදයි. මෙහි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ්ගෙ චරිතය Lord of the Rings චිත්‍රපටි මාලාවේ Aragorn ගෙ චරිතය රඟ දැක්වූ Viggo Mortensen විසිනුත් කොලේට් ගේ චරිතය Spider Man චිත්‍රපටි මාලාවේ Mary Jane Watsonගෙ චරිතය රඟ දක්වපු Kirsten Dunst විසිනුත් රයිඩල්ගේ චරිතය Robin Hood (2010) චිත්‍රපටියේ Prince John ගෙ චරිතය රඟ දැක්වූ Oscar Isaac විසිනුත් රඟ දක්වනවා.

කතාවත් චුට්ටක් කියන්නම්. 1962 වසරේදි චෙස්ටර් මැක්ෆාර්ලෑන්ඩ් නැමති පුද්ගලයා තම සුන්දර තරුණ බිරිඳ වන කොලේට් සමග ග්‍රීසියේ සංචාරයක යෙදෙනවා. එහිදී ඔවුන්ට රයිඩල් නැමති සංචාරක මගපෙන්වන්නෙක්ව මුණ ගැහෙනවා. මේ රයිඩල්ගේ පියා චෙස්ටර් ‍වගේ හැඩරුව තියෙන පුද්ගලයෙක් කියලයි රයිඩල් කියන්නේ. කොලේට් ගේ සුන්දරත්වයට සහ ‍චෙස්ටර්ගේ මුදල් වලට වහ වැටෙන රයිඩල් ඔවුන්ට උදව් කරන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එහිදී රයිඩල් ගැන පැහැදෙන චෙස්ටර් සහ කොලේට් යුවල රයිඩල්ටයි ඔහු‍ගෙ මිතුරියකටයි රෑ කෑමකට ආරාධනා කරනවා. ඉතින් රෑ කෑම ඉවර කරලා රයිඩල් ඔහුගෙ පෙම්වතියව ඇරලවන්න යනකොට ඒ කුලී රියේ තිබිලා කොලේට් ට අයිති අත් පළඳනාවක් හමු වෙනවා. ඒක නැවතත් කොලේට් ට ලබා දෙන්න ඔවුන් නැවතිලා ඉන්න ‍හෝටලයට යන රයිඩල්ට දකින්න ලැබෙන්නේ හීනෙකින්වත් නොහිතපු දර්ශණයක්. ඒ චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව හෝටලයේ කොරිඩෝව දිගේ ඇදගෙන යන දර්ශණයක්‍. බැලූ බැල්මට මොකක් හරි කාරණයක් නිසා චෙස්ටර් අමාරුවේ වැටිලා වගෙයි..

ඉතින් යාළුවනේ ඇයි චෙස්ටර් විසින් අප්‍රාණික මිනිහෙක්ව ඇදගෙන යන්නේ? ඒ අප්‍රාණික මිනිහා මිය ගිහින් ද? ඒ දර්ශණය දකින රයිඩල් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? රයිඩල් ඇත්තටම මේ මැක්ෆාර්ලෑන්ඩ් යුවලට ලං වෙන එකේ පරමාර්ථය මොකක්ද? ඇත්තටම රයිඩල්ගෙ තාත්තා චෙස්ටර් වගේද? නැත්නම් ඒක රයිඩල් මෙයාලට ලං වෙන්න කියන බොරුවක්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

 

The Two Faces of January (2014) on IMDb

 

 

370 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

D931B7F864916E9E9C5C88635903ED6EB03B59A3

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

34F04F2E14AB538628484B5D242DEE4436432CF8

1.41 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A79FBBF1595444D1C55C70709A8EE8FCDC030AFD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,605 downloadsDownload The-Two-Faces-of-January-2014.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,605 downloadsDownload Subtitles97 KB

29 comments

  1. ලක්ෂාන් නිලංක

    ela machan...sabata bohoma thuthi...jaya weawa....

  2. Nalaka Lakmal

    thx for the sub.......

  3. czRGsl

    thanks..........ela ela :)

  4. Nelson

    Good Post Friend, Thanks!

  5. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    මෙක නම් මැක්සා කථාවක් වගේ!

    අනිවා බලන්න ඔනේ.

    ජය වේවා!

  6. Naween

    නියමයි සහෝ.උපසිරැසියට තෑන්ක්ස්.

  7. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු...........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  8. Kulanjana Maduranga

    pattaaaaaaaaa.subata thanks DINIDU saho.digatama sub denn.jaya wewa................

  9. Sanjaya

    අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝ. ස්තුතියි.....

  10. “චූටී මල්ලි”

    පෙනුම නම් හොදා වගෙ
    එල ඈ........
    සබට තුති
    ඔබට ජය............

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිනිදු අයියේ.. :-P
    හොද කතාවක් වගේ.
    කෝ අයියේ දෙනවා කිව්ව ටිවි සිරිස් එක.
    දෙනකම් ඉන්නේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  12. Jack

    නියමයිනේ.
    අලුත්ම එකක්නේ.
    ස්තුතියි දිනිදු සහෝ.

  13. ශාන් විමුක්ති [විමා]

    සෑහෙන කාලෙකින් අලුත් එකක් අරන් ඇවිත්
    Kirsten Dunst අක්කත් සැහෙන කාලෙකින් වගේ ෆිල්ම් එහෙක රගපාලා තියෙන්නේ :D
    බොහොම ස්තුතියි උපසිරසට දිනිදු අයියේ
    ජය!

  14. prabhath

    honda ekak wge thanks

  15. Chami.S

    Thanks..

  16. සමීර චතුරංග

    වෙලාවක් ලැබුණු ගමන් බලනවා ඔන්න. සබට ස්තුතියි ඈ..... ජය වේවා!!

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු නියමයි
    දැන් නම් බලන ෆිල්ම් ගොඩගැහිලා
    වෙලාවක බාමි
    ජයෙන් ජය...

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. ගයාන් රූකාන්ත(ජෝනා)

    දිනිදු අයියගේ සබක් නම් නොබලා කොහොමෙයි.
    අනික ෆිලුමත් හොදයි වගේ නොවැ ඔන්න මමත් ගත්තා
    සබට තුති දිනිදු අයියේ ජය :) :)

  20. I.W.M.S Ilangakoon

    flim eka supiri wage,, :-P ela ela,, thankz wewa, :-) :-D

  21. lucky

    උපසිරැසියට තෑන්ක්ස්.

  22. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  23. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සබට තුති,ජයවේවා.

  25. Tharindu Perera

    patta kathavak vagee..
    danma banava mekaa...
    thanks sahooo sub ekatahh..

  26. Nandana

    Thank U Dinidu.

  27. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  28. deri

    brrrip ekata sub eka denna puluwanda????

  29. kavi

    sampath tnx v.much ....