ATTENSION PLEASE (2021) Sinhala Subtitles පිට පිටම හිංදි චිත්‍රපටි දෙකකට පස්සෙ ආයෙ මලයාලියක උපසිරැසියක් ගේන්න හිතුවා.මුලින්ම කියන්නම් බොහෝ දෙනෙකුට මේ චිත්‍රපටිය ‘සෙට්’ වෙන එකක් නෑ.ටිකක් බෝරිං ගතියක් එයි. ඒත් සෙට් වෙන කෙනාට මේක පට්ට එකක් වෙන්න පුළුවන්. IMDB 6.8 ක් තියෙනව කියන්නෙ සැලකියයුතු රේටිං එකක…

ATTENSION PLEASE (2021) Sinhala Subtitles

පිට පිටම හිංදි චිත්‍රපටි දෙකකට පස්සෙ ආයෙ මලයාලියක උපසිරැසියක් ගේන්න හිතුවා.මුලින්ම කියන්නම් බොහෝ දෙනෙකුට මේ චිත්‍රපටිය ‘සෙට්’ වෙන එකක් නෑ.ටිකක් බෝරිං ගතියක් එයි. ඒත් සෙට් වෙන කෙනාට මේක පට්ට එකක් වෙන්න පුළුවන්. IMDB 6.8 ක් තියෙනව කියන්නෙ සැලකියයුතු රේටිං එකක්. මේක එක්තරා විදිහක Experimental වැඩක් කිව්වොත් නිවැරදියි.කොහොමත් මලයාලි ප්‍රේක්ෂකයො මේ වගේ ෆිල්ම් අසා‍ර්ථක වෙන්න දෙන්නෙ නෑ.කොහොම හරි ගොඩ දානවා.ඒ නිසා ඔවුන්ට බය නැතිව අත් හදා බැලීම් කරන්න නිදහස තියෙනවා.මලයාලින්ගෙ රසාස්වාදය විවිධාකාරයි.එහෙම නොවෙන්නLJPල වගේ සිනමා කරුවො කේරලයෙන් බිහි වෙන එකක් නෑ. කොරෝනා කාලෙ නිශ්පාදනය කරපු Joyful Mystery කියන single shot movie එක ගැන අහල තියෙනවද? තනි කැමරාවක එකම ශොට් එකෙන් විනාඩි 85ක් පටිගත කරපු අපූරු මලයාලම් සිත්තමක්. ඒ වගේ විවිධාකාර අමුතුම ඝනයෙ චිත්‍රපටි මලයාලියො බිහි කරනවා.මේකත් එහෙමයි.කලිනුත් මේ වගේ චිත්‍ර පටි කිහිපයක් මම ගෙන ආවා. Aavasavyuham, Nanpaakal Nerathu Mayakkam ඒවත් හිතුවටත් වඩා මලයාලි රසිකයො අතරට ගියා. මේකත් සෙට් වෙන ටික දෙනෙක් හරි ඉඳියි. සිනමාව හදාරන කෙනෙකුට හරි වැදගත් වෙයි.ඒ නිසා බලන්න උත්සාහ කරන්න. මේකෙ විචාරයක තිබුනා’ ටිකක් ඉවසුවොත් මේ චිත්‍රපටිය රසවිඳින්න පුළුවන්’ කියල.

ATTENSION PLEASE (2021) Sinhala Subtitles

මේ චිත්‍රපටියේ දර්ශන තල තියෙන්නෙ දෙකයි.නළුවො හය දෙනයි.ඉතා සීමිත කැමරා ශොට්ස් කීපයක් යටතේ කැමරා ගත වෙන චිත්‍රපටය පුරාවටම වෙන්නේ බෝඩිමක මිතුරන් පස් දෙනෙක් පොඩි මත්පැන් සාදයක් දාන එක. ඉන් එකෙක් සිනමා පිටපත් රචකයෙක් වෙන්න දැඩි උත්සහයක් දරණ තරුණයෙක්. ඒත් ඔහු තවමත් අසාර්ථකයි.ඔහු ඔහුගෙ කතාන්දර සිය මිතුරන් ඉදිරියේ පවසන එක තමයි මුළු කාල සීමාව තුලම වගේ වෙන්නෙ.ඉතිං බෝරිං නොවෙයිද? මාත් එහෙම හිතුවා ඒත් මිතුරන්ගේ විවේචන එකඟ නොවීම් මැද්දෙ සිදුවන එක්තරා ට්විස්ට් එකක් නිසා තමායි මම මේක දිගටම බැලුවෙ

ATTENSION PLEASE (2021) Sinhala Subtitles

ඉතිං මේ කතා කියවිල්ල කම්මැලි නැතිව දිගටම අහ ගෙන මම පෙළඹුනේ මේකෙ තරුණයින්ගෙ ස්වාභාවික රඟපෑම් නිසා කිව්වොත් නිවැරදියි.විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය රඟපාන විෂ්ණු ගෝවින්දන්ගෙන් නම් මම දකින්නෙ මලයාලි නළුවෙකුගෙන් දැකපු විශිෂ්ඨතම රඟපෑමක්.(මට කුමාර තිරිමාදුරව මතක් උනා). ක්ශේත්‍රය ප්‍රතිශේප වීම මත ඇති වන අපේක්ෂා භංගත්වය හමුවේ සිය මිතුරන්ගේ අවධානය බලාපොරොත්තු වුවත් ඔවුන් ගෙන්ද ලැබෙන ප්‍රතිචාර මත අනපේක්ෂිතව සිය හැසිරීම වෙනත් අතකට හැරවෙන ඔහුටම ආවේණික කතා ශෛලිය තුලින් සමාජයේ වැඩිදුර කතා බහට ලක් නොවෙන ප්‍රශ්ණ ගැන කතා කරතරුණයෙකුගේ චරිතයක් ඔහු රගපාන අතර අනෙකුත් තරුණයින්ගේ රඟපෑමුත් ඊට නොදෙවෙනියි. මෙයට පස්සෙ රේඛා නැමැති චිත්‍රපටය අධ්‍යක්ශණය කල ජිතින් අයිසැක් තෝමස්ගෙක් දෙවන චිත්‍රපටය මේක.

ATTENSION PLEASE (2021) Sinhala Subtitles

ඉතිං මේක නරඹපු කෙනෙක් ඒ තමන්ගෙ ප්‍රතිචාරය දක්වනව් නම් හොඳයි.

ආයුබෝවන්!

https://m.imdb.com/title/tt22818604/

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

1,592 downloadsDownload Attention-Please-2022.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ATTENSION PLEASE (2021) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,592 downloadsDownload Subtitles65 KB

4 comments

  1. Buddhika laKMal

    වෙනස්ම විදිහේ මූවි වලට සබ් ගේනවට තෑන්ක්ස් බං....
    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Netflix පිස්සා

    හැමදාම වගේ මලයාලම් නම් බන්දුල සහෝදරය තමයි, ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ඔබ කරන මේ අමිල මෙහෙවර වෙනුවෙන්, සියලු සිතුම් පැතුම් ඉටුවේවා

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P