Watch Trailer

The Marvels (2023) Sinhala Subtitles | විනාශයක ප්‍රතිඵල [සිංහල උපසිරසි] (100) [BLURAY UPDATE]

The Marvels (2023) Sinhala Subtitles මුලින්ම, සුබ නත්තලක් වේවා හැමෝටම! හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කට්ටිය ෆෙස්ටිව් ස්පිරිට් එකෙන් ඉන්න දවසේ මට නම් සතුටු වෙන්න තවත් එක හේතුවක් තියෙනවා ඕං. අද තමයි මම උපසිරසි ජීවිතේ දෙවෙනි කඩයිම හෙවත් උපසිරසි 100 සම්පූර්ණ කරන දවස. පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම් බලද්දී නිතර…

The Marvels

The Marvels (2023) Sinhala Subtitles

මුලින්ම, සුබ නත්තලක් වේවා හැමෝටම! හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කට්ටිය ෆෙස්ටිව් ස්පිරිට් එකෙන් ඉන්න දවසේ මට නම් සතුටු වෙන්න තවත් එක හේතුවක් තියෙනවා ඕං. අද තමයි මම උපසිරසි ජීවිතේ දෙවෙනි කඩයිම හෙවත් උපසිරසි 100 සම්පූර්ණ කරන දවස.

පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම් බලද්දී නිතර ඇහැට හුරු වුණු වචනයක් තමයි “බයිස්කෝප්” කියන්නේ. දැන්, ඒ කාලේ බලපු ෆිල්ම් ගැන මතකය සෑහෙන්න මැකිලා වුණත්, “ශාන් විමුක්ති (විමා), හසන්ත වික්‍රමරත්න, චාමර සම්පත්, රොයිලි ප්‍රනාන්දු” වගේ නම් කීපයක් තාමත් ඒ නොපැහැදිලි මතක අතරින් මතකයට නඟාගන්න පුළුවන්. දැන් එයාලා සයිට් එකේ ලෙජන්ඩ්ස්ලා.

ගොඩක් උපසිරසිකරුවෙන්ගෙන්, මේකට යොමු වුණේ කොහොමද කියලා ඇහුවොතින් රස රස කතා අහගන්න පුළුවන් වේවි. ඒ උපසිරසිකරුවන් අතරට මං අයිති නෑ. :’) මේක 2021 කොරෝනා සමයෙදී නිකන් කම්මැලිකමේ ඉද්දී කරන්න හිතුණ දෙයක්. එච්චරයි. ඒත් මං මේක පටන් ගත්ත එක ගැන කොහොමවත් පසුතැවීමක් නෑ. මොකද Ben 10: Secret of the Omnitrix (2007) චිත්‍රපටියෙන් පටන් ගත්ත වැඩේට මේ වෙනකොට උපසිරසි 100ක් එකතුවෙලා තියෙනවා. ඒවගේම සයිට් එකට සංස්කාරක වැඩවලින් සහයෝගය සපයන්න සහ අලුතින් ගොඩක් සහෝදරවරුන්ව අඳුරගන්න තරම් මං වාසනාවන්ත වෙලා තියෙනවා.

මේ කඩයිමේදී මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනේ මගේ පවුල. අම්මයි තාත්තයි නංගියි ඔක්කොම මට මේ වැඩේ කරන් යන්න බාධා නොකරන නිසා තමයි මෙච්චර දුරක් ආවේ. අලුතෙන්ම ෆිල්ම් එකක් හෝ ටීවී එපියක් ආව දවසට සාලෙ මැද්දෙ ඉඳන් එකදිගට කොටන සද්දේ ඉවසන් හිටියට අනේකවාරයක් ස්තුතියි.

ඊළඟට මතක් කරන්න ඕනේ ඇඩ්මින් මඬුල්ල. විශේෂයෙන්ම ටෙක්නිකල් පැත්ත පරිස්සමෙන් බලාගෙන යන, තිරය පිටුපස ඉඳන් කාගෙන්වත් ස්තුතියක් බලාපොරොත්තු නොවී, අපට නම් හිතාගන්නවත් බැරි තරම් කැපවීම් කරන හසන්ත අයියා, අසංක අයියා, තිසර අයියා, චාමර අයියා ආදී අයියලා මතක් කරන්නම ඕනා. සංස්කාරක කටයුතු ගැන සෑහෙන්න දේවල් ඉගෙනගත්ත, උපසිරසි ජීවිතේ ළඟින්ම ඉන්න විමා අයියා, හිරාන් එරන්ද අයියා සහ ලෂේන් අයියාවත් ආදරයෙන් මතක් කරනවා. ඒවගේම ඉන්දියන් සයිඩ් එක ඇදගෙන යන රවිඳු නවීන් සහ රවිඳු හෙෂාන් අයියලාවත් මතක් නොකළොත් ඒක මං කරන ලොකු අඩුපාඩුවක්.

මුල්ම සබ් එක භාරදීලා මාව උපසිරසිකරණයට ඇදල ගත්තේ විමා අයියා. හිත හොඳයි, වැඩ කෙළින්. කොච්චර ස්තුති කරත් මදි චරිතයක් තමයි ඒ. කොටින්ම කියනවා නම් මේකට දාන්න හොඳ මාතෘකාවක් හිතාගන්න බැරුව ඉන්න වෙලේ මාතෘකාව පවා කීවේ විමා අයියා තමයි. අනේකවාරයක් ස්තුතියි ඉතින්. ඒවගේම කේසර විතානගේ අයියා, නිර්මාල් විමුක්ති අයියා, රවිඳු රුක්ෂාන් අයියා, යුරාන් ධනුක අයියා, ඔලිවර් අයියා, නවෝදිනී අක්කා, පවිත් විජේසූරිය අයියා ඇතුළු මෙකි නොකී හැමෝවම ආදරයෙන් මතක් කරනවා.

අවසානයට, මං මෙච්චර කාලයක් කරපු සබ් ඩවුන්ලෝඩ් කරගෙන බලපු, කමෙන්ටු හරහා මාව දිරිගන්වපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. සයිට් එක දුවන්නේ ඔයාල හින්ද බව ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ සබ් 100 ඇතුළේ මට පුළුවන් උපරිම විදියට ඒ ඒ ෆිල්ම් එකට හෝ සීරීස් එකට සාධාරණයක් කරන්න උත්සහ කළා. සබ් එක නිසා ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවුනා නම්, ෆිල්ම් එකේ රසවින්දනය වැඩි වුණා නම්, එන්න එන්නම සබ්වල කොලිටිය වැඩි වුණා මිස අඩු නොවුණා නම්, මට ඒ ඇති. ඒක තමයි උපසිරසිකරුවෙක් විදියට මට ලබන්න පුළුවන් ඉහළම ගෞරවය සහ ආඩම්බරය.

The Marvels (2023) Sinhala Subtitles The Marvels

ඉතින් ඔය කියෙව්වා මදෑ. ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. 2019 අවුරුද්දේ Avengers: Infinity War වලින් Avengers: Endgame ෆිල්ම් එකට ඇතිවුණු අතිවිශාල හයිප් එක අතරේ රිලීස් වුණු ෆිල්ම් එකක් තමයි Captain Marvel (2019) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ තැනෝස් එක්ක කරට කර යන්න පුළුවන්, කෙවින් ෆයිගී කියන විදියට ‘මාවල්හි බලවත්ම සුපිරිවීරයා’ කියන Captain Marvel ව හඳුන්වා දීමයි. ෆිල්ම් එකේ කොලිටිය නම් හොඳටම මදි වුණත් හයිප් එක නිසා සෑහෙන ආදායමක් ඉපැයුවා කියාන් එක තමයි මාත් ඇතුළුව ගොඩක් අයගේ අදහස. ඉතින් මේ අරගෙන එන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක: The Marvels.

ෆිල්ම් එකේ female superheroes ලා තුන් දෙනෙක් ඉන්නවා: කැප්ටන් මාවල්, මිස් මාවල් සහ කැප්ටන් මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ව ඉහත කී ෆිල්ම් එකෙනුත්, මිස් මාවල්ව Ms. Marvel ටීවී සීරිස් එකෙනුත්, මොනිකා රැම්බෝව Wandavision එකෙනුත් හඳුන්වා දෙනු ලැබුවා. කතාව තේරුම් ගන්න ඒ ඔක්කොම බලලා තියෙන්න ඕනේ නෑ. පළවෙනි කැප්ටන් මාවල් ෆිල්ම් එක ටිකක් මතක නම් ඇති.

ෆිල්ම් එකට දැනට IMDb දර්ශකයේ 5.9 ක අගයක් ලැබිලා තියෙනවා. චරිතවලට පණපොවන්න Brie Larson (කැරොල් ඩැන්වර්ස්), Teyonah Parris (මොනිකා රැම්බෝ), Iman Vellani (කමාලා ඛාන්), Samuel L. Jackson (නික් ෆියුරි), Zawe Ashton (ඩාර්-බෙන්) ආදිය රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Fantasy ගණයටයි. ෆිල්ම් එකේ ඔරිජිනල් ඩිජිටල් කොපිය එන්න තියෙන්නෙ 2024 ජනවාරි 09 වෙනිදා.

ෆිල්ම් එකේ කතාව යන්නේ මෙහෙමයි. කැප්ටන් මාවල් ගිහින් “උත්තරීතර බුද්ධිය” හෙවත් Supreme Intelligence එක විනාශ කළාට පස්සේ සිවිල් යුද්ධයක් ඇවිලිලා Hala වලට ස්වභාවික සම්පත් නැතුව යනවා. අඩු තරමේ වාතයවත් හුස්ම ගන්න සුදුසු වෙන්නේ නෑ. මහා නියඟයක් පැතිරෙනවා. තමන්ගේ මිනිස්සුන්ව මේකෙන් බේරගන්න සහ තමන්ව මේ ඉරණමට පත් කරපු “විනාශ කරන්නිය” හෙවත් කැප්ටන් මාවල්ගෙන් පළිගන්න හිතාගෙන ක්‍රී අධිරාජ්‍යයේ නායිකාව වන ඩාර්-බෙන්, කැප්ටන් මාවල් ආදරය කරන අය ඉන්න ලෝකවල තියෙන භෞතික සම්පත් පැහැර ගන්නවා; ජලය, වාතය, සූර්යයා වගේ දේවල්.

එයා මේක කරන්නේ ජම්ප් පොයින්ට්ස් (wormholes) හරහායි. කැප්ටන් මාවල් සහ කැප්ටන් රැම්බෝ මේ ජම්ප් පොයින්ට්ස් ස්පර්ශ කිරීම නිසා එයාලා දෙන්නගේ සහ මිස් මාවල්ගේ බලයන් පටලැවෙනවා. මේ හේතුවෙන් එයාලා තමන්ගේ බලයන් පාවිච්චි කරන වෙලාවට එයාලගේ තැන් මාරු වෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තියාගෙන මුළු විශ්වයම අවධානමේ දාගෙන, කැප්ටන් මාවල්ගෙන් එයා ආදරේ කරන අයව උදුරගන්න හදන මේ දුෂ්ටයාව පරද්දන්න කැප්ටන් මාවල්ට පුළුවන් වෙයිද?

මේක පළවෙනි ෆිල්ම් එකට වඩා නම් හොඳ බව නම් කියන්න ඕනේ. මං වෙන මොකුත් නොකියා ඉන්නම්. පළවෙනි ෆිල්ම් එකට වඩා හොඳයි කියලා masterpiece එකක් බලාපොරොත්තුවෙන් ෆිල්ම් එක බලන්නත් එපා. ඒවගේම ෆිල්ම් එකට ෆෙමිනිසම් ගැන චෝදනා එල්ලවෙනවා. ඒත් අපි ඒවා ගැන නොහිතා bias නැතුව ෆිල්ම් එකක් විදියට ෆිල්ම් එක බලමු නේද?

එහෙම නම්, 100 කඩයිම මෙතනින් නිමා වෙනවා. අද නිකුත්වෙන What If…? එපියෙන් ඊළඟට හමුවෙමු. ගිහින් එන්නම්.

පීස් ✌️.

 

The Marvels, The Marvels (2023) Sinhala Subtitles, The Marvels Sinhala Sub

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.

33,306 downloadsDownload The-Marvels-2023-Sinhala-Subtitles-BluRay-Update.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Marvels, The Marvels sinhala sub

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

33,306 downloadsDownload Subtitles88 KB

56 comments

  1. Danushka

    Congratulations on your 100th subtitles. Well done.

  2. Naveen Mbr

    වෙහෙස මහන්සිය වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි සනුප සහෝදරයා. ඔයා උපසිරැසි නිර්මාණයෙන් විතරක් නෙවෙයි ඊට එහා වැඩ කොටසක් අපේ උපසිරැසි මහගෙදර වෙනුවෙන් ඉටු කරනවා. ඉතින් මේ ඔක්කොම සමබර කරගෙන ඉදිරි අධ්‍යාපන වැඩකටයුතු වගේම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න හැකි වේව කියලා ප්‍රාර්ථනා කරනවා! ජයෙන් ජය!

  3. Kantha_DLA

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි සනුප …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. baiscopelk ishu

    සුභ පැතුම් කොල්ලා.. සුපිරිම ස්පීඩ් එකකින් සබ් කරන, කොලිටි එකත් සුපිරියට තියාගෙන යන කොල්ලෙක්. අනාගතේට සුභ පතනව සහෝ...

  5. Bimsara Yashan(ඔලිව)

    100 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් සනුප. මේ දිනවල කොමික් ආශ්‍රිත ෆිල්ම්, සීරිස් වල වැඩිම බරක් අදින එකටත් සයිට් එක වෙනුවෙන් තිරෙන් පිටුපස කරන සේවයටත් විශේශ ස්තූතියක් හිමිවෙන්න ඕනෙ ඔයාට. මින් ඉදිරියටත් උපසිරැසි කරන්න කාලය හැකියාව ලැබෙන්න කියලා වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයවේවා මල්ලි!

  6. Pavith Wijesooriya

    100ට උණුසුම් සුභ පැතුම් මල්ලි! ඔන්න සබ බෑවා මාත්... තව 50කින් ඊළඟ කඩයිම. ඒකත් ගැම්මට අල්ලමු... ජය!!!

  7. Buddhika Lakmal

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් මලේ....
    උපසිරැසිකරනයත් එක්ක පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් සමබරව සාර්තකව ඉදිරියට කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා....
    කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව කරන ඔයාලගේ මහන්සිය හින්ද තමයි ඉතිං අපි ෆිලුමක් නියම විදියට රස විදින්නේ... ඒ කැපකිරීමට ඩබල් සැලියුට් මචං....
    මේ උපසිරැසයටත් බොහෝම ස්තූතියි.....

  8. Ranmeth

    thanks brother

  9. Thilinda Randeera

    Thanks Bro. Keep Going.

  10. sachintha

    Thanks sahoo sub ekata...
    100 weni upasirasiyata hadawathinma suba pathanawa...

  11. ප්‍රබුද්ධ කේසර විතානගේ

    සියවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් සනූප මල්ලි.
    ඉදිරියටත් වඩවඩාත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට ශක්තිය ලැබේවා!
    කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
    ජීවිතයේ අනෙකුත් වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!
    තෙරුවන් සරණයි!

  12. Ravindu Madhusankha

    mulu film akakma athin typing karana akanam matanam karanna amaru wadak. 100k kara kiyanne hitha gannawath amarui. congratulations brother. Thank you for your hard work!

  13. එල්. සී. ‎දමැල්

    100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සනුප මලයෝ! :)
    වර්තමානයේ සයිට් එක වෙනුවෙන් සෑහෙන මහන්සි වෙලා වැඩ කරන අතරම විදුලි වේගෙන් වගේම ‍ හොඳට හොයලා බලලා, නිවැරදිව සබ් කරන එක අගය කරන්නම ඕණ. ❤️
    දැන් Marvel Comic Movies කියද්දි සනුපගේ නම මතක් වෙන තත්වෙට ඇවිල්ලා. විශ්වාසවන්තව ඕණම සබ් එකක් බය ‍නැතුව බාර දෙන්න පුලුවන්. :D
    150ත් ගහන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඉතින් සබ් වගේම සහ අධ්‍යාපණ ඇතුළු අනිත් හැම කටයුත්තක්මත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    සබ් එකටත් ගොඩක් ස්තුතියි.
    ජය ✌

  14. Achintha Udayanga

    100 වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සනුප,
    ගුණාත්මකව උපසිරැසි ලබාදෙන හොඳ උපසිරැසිකරුවෙක් ඔයා.
    සයිට් එක වෙනුවෙන් ලොකු සේවයක් ඔයාගෙන් මෑතකාලිනව වෙනව..
    ඒ වෙනුවෙන් මල්ලිට ගොඩාක් ස්තුතියි කියන ගමන්
    මල්ලිගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    එහෙමනම්.. කොමික් පැත්ත දිගටම අල්ලගෙන දායක වෙමු
    ඉදිරියටත් දැහැමෙන් සෙමෙන් මේ වාගෙම..
    ජය ඈ((❤

  15. Anonymous

    Thanks Bro

  16. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  17. Kantha_DLA

    Please.........
    The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023)

  18. යුරාන් ධනුක (දනුවා)

    ගැම්මක් තමයි මල්ලි. සමාව වෙන්න ඕන සුබ පතන්න පරක්කු උනාට.
    බයිස්කෝප් එකට අළුතින් ආව වැඩ්ඩෙක් කියලා බය නැතුව සනූප මල්ලිව හඳුන්වන්න පුළුවන්.
    ඔයාගේ කොමික් ලිපි ආසාවෙන් කියනවා වගේම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.
    ලබන අවුරුද්ද වෙද්දි 200ත් ගහමු
    ඔයාගේ අධ්‍යාපන සහ අනෙකුත් කටයුතු සාර්ථක වේවා.
    ඒ වගේම උපසිරසියට බොහෝම ස්තූතියි.
    ජයවේවා!!!

  19. Hiran Ganepalla

    100 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් සනුප මල්ලි. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!

  20. dimuthu

    ela upasirasiya aran thama dan link ekak hoyanna yanne

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන්, නැත්නම් ටෙලිග්‍රෑම් චැනල් එකෙන් බාගන්න සහෝ.

  21. Hashan

    Congrtz & Thnx for the sub....❤️❤️❤️❤️

  22. ශසිත් සඳරුවන්

    දෙවැනි කඩඉමට සුබපැතුම් මලේ....
    මෙතනින් නොනැවතී දිගටම සබ් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් හැමදෙයක්ම සාර්ථක වේවා!
    ජය!

  23. දහරා මුතු අමා

    දෙවෙනි කඩයිමට උනුසුම් සුබ පැතුම් මල්ලි. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න හැකියාව ලැබේවා කීයලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  24. Anonymous

    Thanks bro...

  25. MIshal

    malli me movie eka play wenne nane

    1. Hiran Ganepalla

      ප්ලේ වෙන්නේ නෑ කිව්වේ? මොකක්ද ප්‍රශ්නේ?

  26. Mokada Meka

    ❤️

    1. Kavindu Randika

      සබ් එක හොදයි. 100 ට සුබ පැතුම්
      පිල්ම් එක නම් මෙලෝ රහක් නැ..ගැනු තුනක් දාගෙන විකාරයක් නේ. මාවල් පිල්ම් එකක් මෙච්චර සවුත්තු වුනා දැක්කමයි.

  27. නලින් පෙරේරා

    නියමයි, සනුප මල්ලි, මල්ලිගේ වැඩ කිඩ පරණ සබ් වලින් දැකලා තියනවා. 100 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා.
    ජයින් ජයම වේවා!

  28. Aravinda Fernando

    බොහොම ස්තූතියි

  29. Kantha_DLA

    Thanks for update saho.....................

  30. Roshan

    Thnx bro.Great job.Good luck.

  31. Buddhika Lakmal

    අප්ඩේට් එකට තෑන්ක්ස් සහෝ

  32. udith

    thank you

  33. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  34. Sandeep Madushan

    Congratulations saho.. superb

  35. Kosala

    Congratulations kollo

  36. lakshan

    thanks ..................

  37. sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  38. sahangayantha

    Thanks a lot brother sub ekata..

  39. chinthaka chathuranga

    thanks malli

  40. විමා

    කඩයිම වෙනුවෙන් සුබපැතුම්, ඒ වගේම සියක් වාරයක් ස්තුතියි!
    මුලින්ම සමාවෙන්න ඕනා සුබපැතුම් එකතු කරන්න පමා වීම සම්බන්ධව :(

    යමක් බාරදෙනවා නම් කිසිම බයක් නැතිව ඒ දේ බාරදෙන්න හැකි කෙනෙක්.
    ඒ නිසාමයි ඇඩ්මින්කමත් සබ් කිරීමත් තමන්ගේ අධ්‍යාපනික වැඩ ටිකත් ගානට බැලන්ස් එකේ කරගෙන යන්නේ.
    ඒ වගේම තමන් කරන හැම දේම උපරිමයෙන් කරනවා.
    එහෙම කෙනෙක්ට ජීවිතේට වරදින්නේ නැහැ, ජය වේවා මලේ!

    වෙනදා වගේම උපසිරැසිය වෙනුවෙන් ආයෙත් බොහොම ස්තුතියි!

  41. LP

    bluray update denna puluwnda

  42. Dewadithya

    Thanks for Sub!

  43. BANDULA K

    සුභ පැතුම් මල්ලී ඔයාඅගෙ කඩ ඉමට
    ගුණාත්මක උපසිරැසි වලට වගේම ලස්සන ලිපි වලට.
    ඒ වගේම මටත් දුන්නු සහයෝගයට. ඇත්තටම මමත් ඔයාගෙන්
    යමක් ඉගෙන ගන්නවා...
    ඉස්සරහට තවත් ලොකු ලොකු වැඩ කරමු...
    ජය!
    BANDULA K

  44. Bhathiya

    Thankss...to bluray update....

  45. Anonymous

    Thanks bro.

  46. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  47. Sachith

    Congratulations Malli... Ikmanata 200 Gahanna... Ikmanata Royley Ayya, Hasantha Ayya Vimu wa Pass karanna lebewa Kiyala prarthana Karanawa... Puluwannam Pahugiya awrudu 20 wala Sub Karala neti films tika hoyala sub karanna... Godak hoda movies maga erila tiyenawa

  48. chinthaka chathuranga

    thnakx malli

  49. Thisara Prabhath Senarathne

    Thanks bro

  50. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    100 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Load more comments