Teen Titans: Trouble in Tokyo (2006) Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? අද අරගෙන ආවේ ටිකක් පරණ DC ඇනිමේෂන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි Teen Titans: Trouble in Tokyo. Teen Titans ලගේ ටෝකියෝ සවාරිය මේකෙන් බලාගන්න පුළුවන්. ෆිල්ම් එකට IMDb දර්ශකයේ 7ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 75%ක අගයකුත…

Teen Titans: Trouble in Tokyo (2006) Sinhala Subtitles
කොහොමද ඉතින් හැමෝටම? අද අරගෙන ආවේ ටිකක් පරණ DC ඇනිමේෂන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි Teen Titans: Trouble in Tokyo. Teen Titans ලගේ ටෝකියෝ සවාරිය මේකෙන් බලාගන්න පුළුවන්.
ෆිල්ම් එකට IMDb දර්ශකයේ 7ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 75%ක අගයකුත් ලැබිල තියෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නේ Teen Titans (2003) කාටූන් එක ආශ්‍රයෙනුයි. පස්වෙනි සීසන් එකෙන් කාටූන් එක ඉවර වුණත් එතැනින් පස්සේ Teen Titans ලගේ අපි දකින අවසාන වික්‍රමය මේකෙන් බලාගන්න පුළුවන්.
චරිතවලට හඬකවන්න කාටූන් කතා මාලාවේ හඬකැවීම් ශිල්පීන්ම දායක වෙනවා. Greg Cipes (බීස්ට් බෝයි), Scott Menville (රොබින්), Khary Payton (සයිබෝග්), Tara Strong (රේවන්), Hynden Walch (ස්ටාර්ෆයර්) ආදී ශිල්පීන් හඬකැවීමෙන් දායක වෙනවා. එහෙනම් අපි මේ ටීන් ටයිටන්ස්ලා කියන්නේ කවුද කියල බලමු.
DC රසිකයෙක්ට නම් අමුතුවෙන් Teen Titans ල කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නෑ. මෙයාලා කොමික් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ කණ්ඩායමක්. Bob Haney සහ Bruno Premiani විසින් මෙයාලව මුලින්ම හඳුන්වලා දුන්නේ 1964 දී පළ වුණු The Brave and the Bold #54 වන කලාපය තුළිනුයි. එදා ඉඳන් අද වෙනකන්ම කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් වුණත් Teen Titans කියන කණ්ඩායම DC වල ප්‍රධානම කණ්ඩායමක් විදියට ඉන්නවා.
එහෙනම් චරිත ටික ඉක්මනට හඳුන්වලා දෙන්නම්කෝ. මුලින්ම ඉන්නවා කණ්ඩායමේ නායකයා වන රොබින් හෙවත් ඩික් ග්‍රේසන්. රොබින් කියන්නේ බැට්මෑන්ගේ sidekick එක නේ. ඉතින් මෙයත් බැට්මෑන්ට වඩා ලොකු වෙනසක් නෑ. හැමතිස්සෙම එයාලගේ “මෙහෙයුම” ගැනමයි කල්පනාව. විනෝද වෙන්න කාලය වෙන් කරන්නේ නෑ. ඊළඟට ඉන්නවා “ස්ටාර්ෆයර්”. මෙයා පිටසක්වළින් පෘථිවියට ආව කෙනෙක්. පෘථිවියේ සංස්කෘතිය වැඩිය තේරෙන්නේ නැති, හිත හොඳ අහිංසක චරිතයක්. ඒවගේම මෙයා සහ රොබින් අතර ආදර සම්බන්ධයක් ඇති වෙමින් තියෙනවා.
ඊළඟට ඉන්නේ සයිබෝග්. විනෝදෙට කැමති කෙනෙක්. හැබැයි තත්වේ බරපතළ වෙනකොට විශ්වාසය තියන්න පුළුවන් චරිතයක්. ඊළඟට ඉන්නවා “රේවන්”. මෙයා නම් ටිකක් අඳුරු චරිතයක්. අනිත් අයගෙන් ටිකක් වෙන් වෙලා ඉන්න බලන, විනෝදෙට වැඩිය ආස නැති කෙනෙක්. අන්තිමට “බීස්ට් බෝයි”. මෙයාට පුළුවන් තමන් කැමති ඕනම සතෙක් බවට හැරෙන්න. සෙල්ලක්කාර සහ විහිළු තහළුවට බර ගතිය නිසා කවුරුවත් මෙයාව වැඩිය ගණන් නොගත්තට කණ්ඩායමේ බලවත්ම චරිත අතරින් එකක් තමයි බීස්ට් බෝයි. ඉතින් මේ ෆිල්ම් එකේ දී ඔයාලට හම්බවෙන ටයිටන්ලා ඉන්නේ මෙච්චරයි.
කතාව ගැනත් ටිකක් කියලා ඉන්නම්කෝ. ෆිල්ම් එක පටන් ගන්නේ සයිකෝ-ටෙක් නම් අලුත් හතුරෙක් ඇවිත් Teen Titans ලගේ මූලස්ථානය වන Titans Tower එකට පහර දීමෙන්. ටයිටන්ස්ලා මෙයාව අල්ලගෙන ප්‍රශ්න කරනකොට එළි වෙනවා එයාව ටයිටන් ටවර් එකට පහර දෙන්න එව්වේ “බ්‍රෂොගන්” කියලා කෙනෙක් බව. ඉතින් මේක ගැන හොයන්න Teen Titans ලා යනවා “සයිකෝ-ටෙක්” සහ “බ්‍රෂොගන්”ගේ මූලස්ථානය වන ටෝකියෝවට. ඉතින් එතනින් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල ඔයාලා බලලම හොයාගන්නකෝ.
එහෙනම්, අදට සමුගන්නම්. හැමදාම වගේ තවත් සිංහල උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.
Teen Titans: Trouble in Tokyo Sinhala Sub, Teen TitansTeen Titans, Trouble in Tokyo, Teen Titans: Trouble in Tokyo Sinhala Sub
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
1,174 downloadsDownload Teen-Titans-Trouble-in-Tokyo-2006-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #DC
- #DC Comics
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Teen Titans
- #Teen Titans: Trouble in Tokyo
- #Teen Titans: Trouble in Tokyo (2006) Sinhala Subtitles
- #Trouble in Tokyo
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
rio
nithin
little brother, mama samanyen comments dana kenek nemei..but meka mama oyata kiyanna onamai kiyala hithuwa.. missed unu movies walata sub dena eka atthatama pattama great job ekak... porakaka movies walata sub denna hadanna epa..missed unu hoda movies ona tharam thiyanawa.. muchas gracias hermano..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks . vinland saga ekatath sub dennako