Watch Trailer

Austin Powers: International Man of Mystery (1997) with Sinhala Subtitles| ජාත්‍යන්තර අභිරහස් මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න මේක තමයි මගෙ කුළුදුල් සබ් එක.මම කරන්න හිතුවේ වෙන එකක් ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.ඊට පස්සෙ තෝර ගත්තෙ ඉතින් මේ කොමඩිය.අනික ලෙසි වැඩකුතුත් නෙමේ කරන්න ගත්තට පස්සෙ තමා වැඩේ තේරෙන්නෙ.මුලින්ම මම සමාව ඉල්ලනවා මොකද? මේක මගෙ පළමු සබ් එක නිසා වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවගේම මතක් කරන්න ඕන ෂාන් විමු…

ඉතින් ඔන්න මේක තමයි මගෙ කුළුදුල් සබ් එක.මම කරන්න හිතුවේ වෙන එකක් ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ.ඊට පස්සෙ තෝර ගත්තෙ ඉතින් මේ කොමඩිය.අනික ලෙසි වැඩකුතුත් නෙමේ කරන්න ගත්තට පස්සෙ තමා වැඩේ තේරෙන්නෙ.මුලින්ම මම සමාව ඉල්ලනවා මොකද? මේක මගෙ පළමු සබ් එක නිසා වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන්.ඒවගේම මතක් කරන්න ඕන ෂාන් විමුක්ති සහෝදරයා තමා මට උදව් කලේ.ඉතින් මම දොඩව දොඩව ඉන්නෙ නැතිව ෆිලුම දිහාට හැරෙන්නම්.

7.0 IMDb මීටරේ කරකැවිලා තියනවා මේකෙ තව ෆීලුම් 2ක් තියනවා ඉතින් මේක තමා පලමු එක Austin Powers – International Man of Mystery (1997) ඡ්‍යාත්යන්තර අහිරහස් මිනිසා.මුලින්ම කියන්න ඕන ෆුලුමේ පොඩි පොඩි අව්වුල් කෑලි තියනවා ඒත් මම හිතනවා ඒක ඒතරම් අව්ලක් නෑ කියලා ඉතින් කතාව ගැන කියනවනම්…

ඔස්ටින් ඩෙන්ඡර් පවර්ස් කියන්නෙ අභිරහස් නියෝඡීතයෙක් ඒවගෙම එයාගෙ සහකාරිය තමයි කෙන්සින්ටන් නොනා.හැම කතාවකම වගේම මේකෙත් හොද පෝරණුවක් ඉන්නවා ඒ තමයි ඩොක්ටර් එවිල්.ඉතින් අනිවා කියන්න ඕන දෙයක් තමයි මේකෙ පවර්ස් වගෙම එවිල් කියන එකිනෙකට ගොඩක් වෙනස් චරිත දෙකම රග දක්වන්නෙ Mike Myers කියන එකම නළුවා.කතාව පැත්තට හැරනවනම්…

ඔස්ටිනුයි කෙන්සින්ටන් නෝනයි එවිල් ඩොකා අල්ලන්න යනවා. එතනින් තමා කතාව පටන් ගන්නෙ. කොහොමහරි ඩොකා අභ්‍යාවකාශයට පැන ගන්නවා. ඉතින් මේ ඔස්ටින්ට අවුරැදු 30ක් ශිතකරණයක ඉන්න වෙනවා. මොකද එවිල් ආපහු එන්නෙ අවුරැදු 30කින්. එවගේම එයාගෙ සහකාරියත් වෙනස් වෙනවා. කෙන්සිංටන් නෝනාගෙ දුව වැනෙසා විදියට. රසට ගලාගෙන යන කතාවක්. හොද හොද ආතල් සිද්ධිත් තියනවා. අතරින් පතර එවිල් ඩොකා ආපහු ඇවිල්ලා ලෝක විනාශයක් කරන්න යනවා.

ඉතින් අපේ අභිරහස් නියෝඡිතයා කොහොමද ලෝකයම බේර ගන්නෙ කියලා ඔයලටම තමා බලල දැනගන්න වෙන්නෙ. එහෙනම් ඔන්න මම කැපෙනවා තව දෙයක්. ෆෝල්ඩර් අයිකැන් ඕන අය ඉන්නවනම් මෙන්න මගෙ පේඡ් එකට ඒන්න මෙතනින්. ඔන්න එහෙනම් මම ගියා.මොනව උනත් හිතේ තියන දේ කෙලින් කියන්න ඔබට ජය !!!

​Austin Powers: International Man of Mystery (1997) on IMDb

 

 

700 MB (720p.BrRip) කොපිය මෙතනින් බාගන්න

8AC3F033EFD07E78C5A689D79ACC98FC03516A1D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,722 downloadsDownload Austin.Powers.1997.baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

1,722 downloadsDownload Subtitles83 KB

18 comments

  1. asitha

    මේකේ 02 වෙනි එක Austin Powers: The Spy Who Shagged Me (1999) නම් පට්ටයි.
    Austin Powers in Goldmember (2002) නම් එච්චර හිනා යන්නේ නෑ.
    මේක නම් බලල නෑ.බොහොම පින්.සබ් තියෙන නිසා බාන්න හිතුනා.

  2. Jack

    නියමයි මචන්....
    පලමු වැඩේට සුබ පැතුම්...
    දිගටම වැඩේ කරගෙන යමු..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  3. Ysa

    නියමයි මචන් පලමු වැඩේට සුභ පැතුම්‍... දිගටම සබ් දෙන්ඩ... ජය වේවා෴

  4. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRAMUDAYA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  5. Anuradha

    පට්ට චිත්‍රපටිය! බොහොම පිං!

  6. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  7. Isuru

    thnxx........

  8. Udesh Lahiru Anuruddha

    ela ela

  9. thisal

    බොහෝම ස්තුතියි සබ් එකට.
    comedy ma dipn puluwan nam

  10. Mithun Sriyantha

    මෙවගෙ එව නම් අයෙ කොටින්ම එප මෙලො රහක් නැ හොල්මන් එව දෙන්න.. ත්‍රසය,බිතිය ,කුතුහලය , එවගෙ ෆිල්ම් දුන්නොත් ගොඩක් අගෙ කරනව ඔබට ජය

  11. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    පළවෙනි සබ් එකට සුබ පැතුම් මගෙනුත්...
    ඉක්මනට තව එකක් අරන් එන්න...
    දිගටම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න...
    ජයෙන් ජය....

  12. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. malith

    පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ දිගටම සබ් කරමු ජය ........

  14. නලින් පෙරේරා

    ස්තූතියි හෙරිෂ්ම සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය වේවා෴

  15. me

    Thanks

  16. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තූතියි...........

  17. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  18. Asitha.pramoth

    thanks