Watch Trailer

Avane Srimannarayana (2019) Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

සති දෙකකට පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. අන්තිමට කලේ Mathu Vadalara. ඒ මගෙ පලවෙනි තෙලුඟු එක. අද ගේන්නේ කන්නඩ එකක්. මේකත් මගෙ පලවෙනි කන්නඩ උපසිරසි නිර්මාණය. මෑතකදී කන්නඩ සිනමාවට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරන් ඉන්න නිසා මේක කරන්න හිතුනා. බැලුවම තමයි තේරුනේ නියම ෆිල්ම් එකක්නෙ කියලා. චිත්‍රපටිය ගැන කියන…

සති දෙකකට පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. අන්තිමට කලේ Mathu Vadalara. ඒ මගෙ පලවෙනි තෙලුඟු එක. අද ගේන්නේ කන්නඩ එකක්. මේකත් මගෙ පලවෙනි කන්නඩ උපසිරසි නිර්මාණය. මෑතකදී කන්නඩ සිනමාවට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරන් ඉන්න නිසා මේක කරන්න හිතුනා. බැලුවම තමයි තේරුනේ නියම ෆිල්ම් එකක්නෙ කියලා. චිත්‍රපටිය ගැන කියනව නම් කන්නඩා රසිකයෝ මග බලාගෙන හිටපු එකක් කියලා තමයි රිවීව් වලින් කියන්නේ. IMDB 8.1 ක් වගේ ඉතාම ඉහල අගයකුත් 96%ක ගූගල් රේටින් එකකුත් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තිරගත වෙන්න පටන් අරන් පලවෙනි සතියෙම කෝටි 35ක් උපයලා තියෙනවා. අන්තිමට නැවතුනේ කෝටි 80කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායමක් තියලා. ඒ විතරක් නෙවෙයි මේක බ්ලොක්බස්ටර් එකක්. සුපිරි නලුවෝ ඉන්න හිංදි දෙමල ඒවා පල්ලෙහට දාලා මේක ලොකු දුරක් ඇවිත් තියෙනවා.

Historical period drama/Fantasy ගනයට වැටෙන මේක වෙනස්ම විදියේ කතාවක් තියෙන්නේ. කව්බෝයිලා ගැන අහලා තියෙනවා නේද? ඉන්දියාවේ කව්බොයිලා ගැන අහලා නෑනෙ. එහෙනම් මේකෙන් බලාගන්න. අමරාවතී කියලා නගරයක් තියෙනවා. ඒකට නාට්‍ය කණ්ඩාමක් එනවා නාට්‍ය පෙන්වන්න. නගරය පාලනය කරන්නේ අභීරාවරුන් කියලා දුෂ්ට පරම්පරාවක්. මේ අභිරාවරුන්ට අයිති වස්තුවක් අර නාට්‍ය කණ්ඩායමේ හය දෙනෙක් එකතු වෙලා කොල්ලකනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. කොහොම හරි කොල්ල කාපු වස්තුව නිධානයක් විදියට සැඟවෙනවා. අවුරුදු 15ක් යනකම් නිධානය හොයාගන්න කාටවත්ම බැරි වෙනවා. මේ අතර නගරයට එනවා පොලිස්කාරයෙක්. සෑහෙන්න බුද්ධිමත් නමුත් කට්ට කපටි දූෂිත පොලිස්කාරයෙක්. එයා තමයි අපේ කතා නායකයා හෙවත් ශ්‍රීමන් නාරායනා. මෙයාගෙ බලාපොරොත්තුව තමයි කොහොම හරි අර නිධානය ගන්න එක. මෙයාටම හරියන ගෝලයෙකුත් ඉන්නවා. දෙපැත්ත කොටවලා තමන්ගේ වැඩේ කරගන්න මෙයා හරිම දක්ෂයි. මේ විදියට ලොකු කතාවක් ගලාගෙන යනවා. නාරායනාට නිධානය හොයාගන්න පුලුවන් වෙයිද කියලා බලන්න. පැය තුනක් යනවා දැනෙන එකක් නෑ. හොලිවුඩ් මට්ටමට එන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා කියලා තේරෙයි.

නලු නිලියෝ ගැන බැලුවොත් කන්නඩ සිනමාවේ ගොඩක් ජනප්‍රිය අය තමයි ඉන්නේ. Rakshit Shetty නාරායනාගෙ චරිතේ කරන්නේ. Kirik Party චිත්‍රපටියේ ඉන්නේ මෙයා තමයි. ඒ විතරක් නෙවෙයි Rashmika Mandanna ගෙ පරණ පෙම්වතාලු. මම නෙවෙයි කියන්නේ ගොසිප් වල කියන්නේ. තව කන්නඩ සිනමාවේ සුරූපී Shanvi Srivastava ලක්ෂ්මි විදියට ඉන්නවා. මේ වගේ තව ප්‍රසිද්ධ නලු නිලියෝ ‍ගොඩක් අය ඉන්නවා. චිත්‍රපටිය බලද්දී තේරෙයි ටිකක් වැඩියෙන් වියදම් කරලා තියෙනවා කියලා. ඒ තරමට හොඳට සංගීතය, සංස්කරණය එහෙම කරලා තියෙනවා. චිත්‍රපටිය බලන්න කලින් ට්‍රේලර් එකත් බලලා ඉන්න. පෝස්ටර් වුනත් ‍ගොඩක් ආකරෂණිය විදියට හදලා තියෙනවා. එහෙනම් ආරාධනා කරනවා අමාරුවෙන් කරපු සබ් එක අරන් බලන්න කියලා. Shukranu(2020) එක්ක හම්බවෙමු ඉක්මණට!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය True WEB පිටපත සඳහා අදාළ වේ.

9,362 downloadsDownload Avane-Srimannarayana-2019.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

9,362 downloadsDownload Subtitles71 KB

22 comments

  1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    දැන් කොල්ලා ගේමට බැහැල නේ

    1. Ranga Prasanna

      අනිවා අනිවා

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  4. Shaggie

    Thnks mchn

  5. Group1

    Ammbooooooooo bn.ub nm deiyek

  6. Tharindu07

    Thanks machooo....!!!! patta...!!!

  7. Tharindu07

    Thanks machooo....!!!!

  8. [email protected]

    ela bro sinhala sube ekata thanks {damayanthi 2019 kannada}{odeya 2019 kannada} film valathath sube dannako jayawewa...

  9. santhusha319

    thanks bokka!!!!!!

  10. Kavi_madushan

    Ambo denakam balan hitiye,bohoma sthuthi sub ekata,jayawewa !!!

  11. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    -තෙරැවන් සරණයි-

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Anonymous

      Sinhla sabta gdk tnx

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. Sadeep_Dilshan97

    meka baladdi Jack Sparrow mathak una.main character eka godak durata e wage.tnx sub ekt.jaya wewa

  15. Ravisara Dharmapala

    Meka baldi welwakta hitune pirates of the caribian wagene kila a trm pattama movie ekk aniwaren blnda oni film ekk kila kinda puluwan meka thnks bro meka genwata and sub ekt gd lc.

  16. Shehan putha

    Thanks RP

  17. EM Nishshanka

    Thanks

  18. Jeewantha

    It's really helped to enjoy the movie.Thanks for the sub..

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා රංගේ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!

  20. Anonymous

    Thnx for sub ...❤️