සුබ දවසක් වේවා බයිස්කෝප් මිතුරු මිතුරියන් සෑම දෙනාටම. ඔන්න බාරගත්ත විදියට මගේ ඊළග සිංහල සබ් එකත් මම අරන් ආවා. මේක 1978 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. The Swarm මෙය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිනීමරු මී මැස්සන් ආක්‍රමණයක් පිළිබදව කියවෙන ත්‍රාසජනක කතාවක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Arthur…

සුබ දවසක් වේවා බයිස්කෝප් මිතුරු මිතුරියන් සෑම දෙනාටම. ඔන්න බාරගත්ත විදියට මගේ ඊළග සිංහල සබ් එකත් මම අරන් ආවා. මේක 1978 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. The Swarm මෙය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිනීමරු මී මැස්සන් ආක්‍රමණයක් පිළිබදව කියවෙන ත්‍රාසජනක කතාවක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Arthur Herzog විසින් රචනා කල The Swarm කියන නවකතාවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Irwin Allen විසිනි. මෙහි රංගනයෙන් දායක වනවා Michael Caine, Katharine Ross, Richard Widmark, Richard Chamberlain, Olivia de Havilland, Ben Johnson, Lee Grant, José Ferrer, Patty Duke, Slim Pickens, Bradford Dillman, Fred MacMurray සහ Henry Fonda යන අය. මේ අය අතරින් මෙහි ප්‍රධාන චරිතය ආචාර්ය ක්‍රේන් ට පණ පොවන Michael Caine ව හොදටම දන්නවා ඇති. The Dark Night, Going in style, Inception, Now You See Me, Kingsman: The Secret Service වැනි අතිශය ජනප්‍රිය වූ සාර්ථක වූ චිත්‍රපට රැසක රගපෑ නලුවෙකි. ඒ කොහොම වුනත් The Swarm චිත්‍රපටයට, චිත්‍රපට විචාරකයින්ගෙන් නම් ලැබිලා තියෙන්නේ හොද සමාලෝචන නම් නෙවෙයි. ඒ නිසාම එය බොක්ස් ඔෆිස් හී කැපී පෙනෙන සිදුවීමක් වෙලා තියනවා.
බොක්ස් ඔෆීස් අසාර්ථක වුනත් මෙම චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය සදහා ඇකඩමි සම්මානයට Paul Zastupnevich නිර්දේශ වෙලා තියනවා. Irwin Allen විසින් ඩොලර් මිලියන 38 කට තමයි මේ චිත්‍රපටයේ ව්‍යාපෘතිය සකස් කරලා තියෙන්නේ. මෙහි තිර රචනය The Towering Inferno හි තිර රචනය ලියූ Stirling Sillipant විසින් රචනා කර ඇත. 1974 දී චිත්‍රපටය පිළිබද පූර්ව නිවේදනය නිකුත් කරන ඇලන් එය 1975 අප්‍රේල් මාසයේ රූගත කිරීම් ආරම්භ කරන බව පවසයි. වෝනර් බ්‍රදර්ස් සමාගම සමග එක්වීමට ෆොක්ස් සමාගම අතහැරීමට ඇලන් තීරණය කල නිසා චිත්‍රපටයේ වැඩකටයුතු මදක් ප්‍රමාද වෙලා තියනවා. චිත්‍රපටයේ මී මැස්සන් මිලියන 15ත් 22ත් අතර ප්‍රමාණයක් භාවිතා කරලා තියනවා. තවත් මී මැස්සන් 800000ක විෂ දල අයින් කරලා තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ නලු නිලියන්ගේ ආරක්ෂාවට. මී මැස්සන් රැකබලා ගැනීමට, ප්‍රවාහනයට වෙනම සේවකයින් 100ක් පමණ සේවයට යොදවලා තියනවා. කෙසේ වෙතත් චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර Olivia de Havilland කියන නිලියට මී මැස්සකු පහර දීලා තියනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනය වූ මුල් සති අන්තයේ සිනමා හල් 1200ක ඩොලර් 5,168,142ක් ඉපයීමට සමත් වෙලා තියනවා. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පමණක් චිත්‍රපට කුලී ගාස්තුව ලෙස වෝනර් බ්‍රදර්ස් සමාගම ඩොලර් මිලියන 7.7ක් උපයා ගෙන තියනවා. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටය වාණිජමය වශයෙන් ගත් කල අසාර්ථක වූ චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ.1978 පෙබරවාරි 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද මානව සම්පත් සඟරාවක ලිපියකට අනුව, ඇමරිකානු මී මැසි සංගමය විසින් චිත්‍රපට නිෂ්පාදකයින්ට එරෙහිව ඇමරිකානු මී පැණි අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බැලූ නමුත් නඩු පැවරුවාද නැද්ද යන්න සදහනක් නැත. ඒ කොහොම වුනත් ඒ කාලේ The Swarm චිත්‍රපටය ලංකාවේ රසිකයින් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. ඉතින් ඒ කාලේ බලපු චිත්‍රපටි අපි අදත් රස විදිමු. ලස්සන ත්‍රාසජනක චිත්‍රපටයක්. ඔයාලත් රස විදින්න. ආයෙත් මේ වගේ ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මං එන්නම්. එතෙක් ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,363 downloadsDownload The-Swarm-1978.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
12 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Suranjan
Thanks jayawewa........!
indika75
thanks..
Bandaramudiyansi
මෙ වගේ හොද ෆිල්ම් වගයක් එ කලෙ බලල තියෙනවා . දන්නවද,දන් නෑ මී මැසි ජාතියක් ඉන්න මුවි එකක් බලල තියෙනවා එකේ අන්තිමට කරන්ට් වයර් එකක් උඩ සෙට් කරල උන්ව මරන්නෙ අන්තීමට. එ එක මොකක්ද දන් නැ නම. මෙවගෙ හොද ෆිල්ම් තිබ්බොත් නැවත අරම් එන්න ජ්ය වෙවා!!!!!!
sube ekata thanks jayawewa..
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
roshanshameera
ස්තූතියි සහෝ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සියන්ත
ඔය නමින්ම අලුත් එකක් ආව ඉයෙ පෙරෙද දැක්ක 2020 කියල තියෙන්නේ .අනෙ එකටත් සබ් එකක් දෙන්නකො brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට :) :)