උඹත් අර අහවල් සම්මාන උළෙල ගැන අවධානයෙන් හිටපු දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටපු අසරණයින්ගෙන් කෙනෙක්ද? එහෙම නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. නමට විතරක් හැට හුට හමාරක් ලැයිස්තු අතරෙ තිවුණ මේ මැණික් කැටේ නං කොහෙත්ම උඹට ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ. ..මං හිතන්නෑ. පාට පක්ෂ ආගම් ඇති නැති පරතරය…

උඹත් අර අහවල් සම්මාන උළෙල ගැන අවධානයෙන් හිටපු දහසකුත් බලාපොරොත්තු තියාගෙන හිටපු අසරණයින්ගෙන් කෙනෙක්ද? එහෙම නම් ඉතිං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ. නමට විතරක් හැට හුට හමාරක් ලැයිස්තු අතරෙ තිවුණ මේ මැණික් කැටේ නං කොහෙත්ම උඹට ඇහැ නොගැටී තියෙන්න විදිහක් නෑ. ..මං හිතන්නෑ.
පාට පක්ෂ ආගම් ඇති නැති පරතරය මේ සියල්ලක්ම මත මිනිසුන් පීඩාවට පත් වන්නේ අදක ඊයෙක ඉඳන් නෙවෙයි. එකෙක් තව එකෙක්ගේ කුලය අල්ලා ගනිද්දී එකෙක් තව එකෙක්ගේ ජාතිය අල්ලා ගනියි.. හමේ වර්ණය තවත් එකෙකුට ප්‍රශ්නයක් වෙලා. කාරණය නම් මෙවැනි ප්‍රාථමික අදහස් ඉහේ දරාගත් මිනිසා හුදෙක් එකී මාන්නයන් තමා සන්තකය දරං ස්වයවං වින්දනයක නිරත වන්නේ නැතුව ඉන් එහට ගොස් අනෙකාගෙ අයිතියට බලපෑම් කරන්නට යෑමයි අනෙකාගෙ හුස්මට තහංචි දැමීමට අනෙකගෙ ශරීර කූඩුවට මිලක් නියම කිරීම යෑමයි. ඔන්න ඉතිං ගිය අවුරුද්දෙ නිකුත් වුණ ඉතාමත් හොඳ සිනමා නිර්මාණයක් අරගෙනයි මේ ඇවිල්ල ඉන්නෙ. හැරියට් 2019, අධ්‍යක්ෂණය Kasi Lemmons තිර රචනය Kasi Lemmons සහ Gregory Allen Howard එකතුවෙන් කතාවට ලැබිල තියන IMDB අගය සටහන් වෙලා තියෙන්නෙ 6.3ක් (මීට වඩා නං හිමි යුතුව තිබුණා) කුණු තක්කාලි අගය 73%
නිර්දේශිතව තිබූ සම්මාන ගණන 50යි , ඉන් මේ වන විට සතු කරගෙන තියන සම්මාන ගණන 21යි.
මීට අහවල් සම්මාන උළලේ නිර්දේශ වී තිබූ සම්මාන දෙක කැපී පෙනුනා. හිමි අහිමි සම්මාන පැත්තකිං තියන්න මේක මේ වෙනකොට උපයාගෙන තියනව ඩොලර් මිලියන 43 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායමක්..බජට් එක වගේ තුන් ගුණයකට එන්න ළඟයි. ඉතිං සමස්තයක් විදිහට ගත්තම කාගෙවත් වැඩි අවධානයකට පාත්‍ර නොවුණ මේ සිනමාපටය අත් කරගෙන තියන දේවල් අහිමි සම්මාන එකකට දෙකකට සාපේක්ෂකව වැඩියි. එහෙම නම් ලෑස්ති වෙන්න සමේ පැහැය නිසාවෙන් ඇමරිකාවේ සුදු උන්දැලට වහල්කම් කළ දහස් ගණනක් කාපීරි ජාතිකයින්ව ඒ කාලකණ්ණි ඉරණමෙන් ගලවාගත් වීර කාන්තාවකගේ වහල්ලුන් බේරාගත් හැරියට් ටබ්මන්ගේ කතාව බලන්න.
ටබ්මන්ගේ (ඇරමින්ටා) ළමා කාලයෙන් බිඳක්..
1840 ඇමරිකාව කියන්නෙ සුදු මිනිසුන් විසින් කළු මිනිසුන්ව අන්තෙටම පාගාගෙන සිටි අවධියක්…ඇරමින්ටා රෝස් එහෙමත් නැත්තං හැරියට් ටබ්මන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ වහල් පවුලකට දාව උපත ලබන්නේ එවැනි වකවානුකයි..
මව රිට් ග්‍රීන් පියා බෙන්ජමින් රෝස්..දරුවන් 9 දෙනෙකුගේ පවුලේ හැරියට් පස් වැන්නාය.. කුඩා හැරියට්ට හැමෝම කතා කළේ මින්ටි කියලයි… වහලෙක් උපන් දිනය ගැන වාර්තා නොතබන ලද යුගයක උපන් පුංචි මින්ටිට අනික් සුදු ළමයින්ට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳින්නට තරම් භාග්‍යක් ලැබෙන්නේ නෑ. සෙල්ලම් වයසේ පසු වුණ පුංචි මින්ටිට සිද්ධ වුණේ හාම්පුතාගේ ගොවිපලේ වැඩට යන්නට උන්නැහේගේ ළමයින්ට ආවතේවකං කරන්නටයි. දිනක් කංකාණියා විසින් මින්ටිගෙ සහෝදරයෙකුට එල්ල කරන ලද බර පඩියක් වැරදීමකින් මින්ටිගෙ හිසට වැදීමෙන් වෙන අනතුරක් නිසා ඇයට ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඔළුව ආශ්‍රිත ලෙඩ වලින් පීඩා විඳින්නට සිද්ධ වෙනව. හිසට වැදුන පහරින් හිටි හැටියේ නින්දකට යන ඇයව මන්ද බුද්ධික යැයි සිතා විකුණා දමන්නට ඇයගේ අයිතිකාරයා උත්සාහ කළත් මින්ටිව මිල දී ගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවූණ නිසා ඇයව නිතරම වෙන අයට මෙහෙකාර වැඩ සඳහා කුලියට දෙනවා. එසේ කුලියට ගත් අයෙකු වූ ජෝන් ස්ටුවර්ට් අනතුරුව ඇයගේ පවුලේ අනිත් අයව ද පස්සේ තමන්ගේ ගොවිපොළේ වැඩට ගන්නව. නිවස ඇතුලේ වැඩට වඩා දර කපන්න, බර අදින්න හා අශ්වයන් යොදා ගොවි බිම් හාන්න ඇරමින්ටා දැක්වූ හැකියාව පිරිමි අයටත් වඩා දැඩි ශක්තියකින් වූවා යැයි කියැවෙනව…
හැරියට් වහල්ලුන්ව ගෙන ගියා යැයි සැලකෙන භූගත රේල්ලුව (Underground Rairoad) සැ:යු මෙය සංකේත නාමයක් පමණි කිසිම දුම්රිය සම්බන්ධයක් නොමැත.
භූගත රේල්ලුව (Underground Railroad)

කැනඩාව දක්වා විහිද යන භූගත රේල්ලු ජාලය
යනු 19වන සියවසේ මැද භාගයේදි පිහිට වූ ආරක්ෂිත නැවතුම්පොළවල් වලින් සමන්විත රහසිගත මාර්ග ජාලයකි..වහල්ලුන් මුදවාගෙන ඒමට වහල් අහෝසිවාදීන් විසින් පාවිච්චි කර ඇත්තේ මෙම මාර්ග පද්ධතියයි. මේරිලන්ඩ් සිට ඩෙලවෙයාර්, පෙන්සිල්වේනියා, මැසචූසෙට්ස් හා නිව් යෝර්ක් හරහා කැනඩාව දක්වා විහිදී යයි. පුරාවෘතාන්තයකට අනුව 1831 දී ටයිස් ඩේවිඩ්ස් නැමති කෙන්ටකි හි වහලෙක් නිදහස සොයා පළා ගිහිං තියෙනවා. ඔහුගේ ස්වාමියා ඔහු හඹා ආ විට ඔහායෝ ගඟ අසල දී වහලා ගඟට පැන එගොඩට පිහිනන්නට ගොස් ඇත. පීනා යන වහලාව දැක්ක නමුත් ඔරුවක් හොයාගන්නට කල් ගත්ත ස්වාමියා ගඟ මැද දී දැක්කේ එගොඩට සැපත් වහල හිටිහැටියේම අතුරුදහන් වූ අයුරුයි. අසල ටවුමක දී ඒ කතාව කියන ස්වාමියා රැස්ව සිටි මිනිස්සුන්ට“මිනිහ උමං පාරකින් ගියා වගේ අන්තරස් දාන් වුණේ”කීවලු..ඉන් පසු වහලුන් පළා යන්නට පාවිච්චි කළ මෙම හොර මාර්ගයන්ට උමං දුම්රිය මාර්ගය යැයි නම වැටුණ බව සැලකේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,430 downloadsDownload Harriet-2019.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
18 comments
Hashan M. Priyadarshana
Bandara76
Thank u very much bro.
indika75
thanks..
sampath n perera
thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Dewadithya
Thanks for Sub!
ranga11112
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො
-කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
-තෙරැවන් සරණයි-නිමල් දිසානායක
අචින්ත,
සුපිරි ෆිලුමකට
සුපිරි සබ්ස්! තැන්ක්ස්!!තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Pramukmili
Thanx bro......
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks Machoooo....!!! patta....!!!
sanjeewakbg
thanks bro..
rangaprabuddha
Nice and thanks for sub....
Tharindu07
Godak thanks meekata sub kalata..!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!