Watch Trailer

Ave Maria (2018) with Sinhala Subtitles | ආවේ මරියා… [සිංහල උපසිරසි සමඟ]

ආරම්බයෙදි දෙවියන් වහන්සෙ අහසයි පොලොවයි මැව්වා. මේ පොලොව සම්පූර්නයෙන්ම හිස් වෙලා තිබුනෙ. හැමතැනම අඳුර පැතිරිලා තිබුනෙ. ඊට පස්සෙ දෙවියන් වහන්සෙ ආලෝකය මැව්වා. එතකොට මේ ලෝකෙ ආලෝකමත් වුනා. ආලෝකය හොඳයි කියල දැකපු දෙවියන් වහන්සෙ අඳුරෙන් ආලෝකය වෙන් කලා. ආලෝකයට දිවා කාලයද, අඳුරට රාත්‍රී කාලයද කියල නම් කලා.…

ආරම්බයෙදි දෙවියන් වහන්සෙ අහසයි පොලොවයි මැව්වා. මේ පොලොව සම්පූර්නයෙන්ම හිස් වෙලා තිබුනෙ. හැමතැනම අඳුර පැතිරිලා තිබුනෙ. ඊට පස්සෙ දෙවියන් වහන්සෙ ආලෝකය මැව්වා. එතකොට මේ ලෝකෙ ආලෝකමත් වුනා. ආලෝකය හොඳයි කියල දැකපු දෙවියන් වහන්සෙ අඳුරෙන් ආලෝකය වෙන් කලා. ආලෝකයට දිවා කාලයද, අඳුරට රාත්‍රී කාලයද කියල නම් කලා. දෙවියන් වහන්සෙ මට දීපු ඒ ආලෝකය නැති වෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. ආලෝකය, පෙනීම, වර්නයන් කියන්නෙ මට මතකයන් වගේම, කතා විතරයි. මුහුනු, අත්දැකීම් ගොඩක් මට මතක් වෙනවා. ඒත් මට මතක් කරගන්න අමාරු එක දෙයක් තියෙනවා. මගේම මූන. මට දැනුයි තේරෙන්නෙ මට ඇස් පේන කාලෙත්, මම මගෙම දිහා බැලුවෙ කොච්චර කලාතුරකින්ද කියල.

රෙක්ස් කියන්නෙ වේලන්කන්නි වල ඉන්න වෙනස්ම විදිහෙ ඩ්රයිවර් කෙනෙක්. දිනක් ඔහුට කතෝලික බැතිමතෙක් වන මරියා ගෝමස්ව මුන ගැහෙනවා. මේ මරීයා එයා කරපු වැරදි කිහිපයක් හදා ගන්න රෙක්ස්ගෙන් උදව් ලබා ගන්නවා. මේ දෙන්නා ඒ නිසාම යාලුවො වෙනවා. එම දැන හඳුනා ගැනිම ඔවුන්ගෙ ජීවිත අනපේක්ශිත ආකාරයකට වෙනස් කරනවා.

2018 දෙසැම්බර් මාසෙ තිරගත වෙච්චි මේ චිත්‍රපටියෙ IMDb අගය 7.1ක් වෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Vipin Radhakrishnan. රංගනයෙන් දායක වෙන්නෙ Sabumon Abdusamad, Reshma Malayath, Mekha Rajan සහ Ashand Raju. සංගීත අධ්‍යක්ශනය Vysakh Sivadas. සරල කතා තේමාවක් ගත්තු මේ චිත්‍රපටිය Vipin Radhakrishnan ගෙ හොඳම අධ්‍යක්ශනයක් විදිහට විචාරකයින් හඳුන්වනවා.

හැමෝටම බලන්න පුලුවන් සරල ලස්සන කතාවක්. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.

2,663 downloadsDownload Ave-Maria-2018.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,663 downloadsDownload Subtitles23 KB

18 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොමත්ම ස්තූතියි....!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට...
    ජය වේවා.!

  4. Dilshan.C.Perera

    Thanks

    1. Malithsank

      අපි ආසම මලයාලම් ෆිල්ම්ස් වලට සබ් දෙනවට බොහොමත්ම ස්තූතියි !!! දහරා මුතු අමා සොහොයුරියට !!!

  5. ISHANKANAGODA

    thanks

  6. gihan perera

    අමුතුම කතාවක්....ස්තුතියි වෙිවා නංගිගේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා නංගිගේ.....

  7. Dmadhu

    Thanks

  8. Lalani Maduwanthi

    Thank you,,,nangi,,oyata godaak pin,,,,jesu pihitai

  9. rangika Kariyawasam

    නියමයි අමා. සුපිරි වැඩක් prethi viraj ගේ my story ෆිලුමටත් සබ දෙන්න.ඔබට ජය

  10. Rukshan37

    Ela ela

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. suranuwan

    thank you.......

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ..
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  14. maikee

    තැන්ක්ස් සබ් එකට

  15. D.Chamara

    bohoma sthuthui sis jaya ...

  16. thara_sam

    bohomathma sthuthi...

  17. Shenalshean

    thanks akio