ප්‍රේමය ආකාසයක් බඳුය… ඇතිවීමක් නැත.. කොතරම් විඳින්න ලැබූවත්.. නුඹ හා එක්ව සිටීමට… මා හට කල මායාවකි.. තරු කඩා වැටෙනවාක් මෙන්.. දෙනෙත් මාගේ දීප්තිමත් වෙයි.. දුරස්බාවයන් සියල්ල මැකී යයි.. නුඹේ ස්පර්ශය මා හද ආලිංගනය කරනා විට.. සුභ දවසක් බයිස්කෝප් වාසී සහෘදයින් සියලුම දෙනාට.. පොඩි නිහැඬියාවකට පස්සේ තමයි…

ප්‍රේමය ආකාසයක් බඳුය…
ඇතිවීමක් නැත.. කොතරම් විඳින්න ලැබූවත්..
නුඹ හා එක්ව සිටීමට… මා හට කල මායාවකි..
තරු කඩා වැටෙනවාක් මෙන්.. දෙනෙත් මාගේ දීප්තිමත් වෙයි..
දුරස්බාවයන් සියල්ල මැකී යයි.. නුඹේ ස්පර්ශය මා හද ආලිංගනය කරනා විට..සුභ දවසක් බයිස්කෝප් වාසී සහෘදයින් සියලුම දෙනාට.. පොඩි නිහැඬියාවකට පස්සේ තමයි ඔබ හමුවව්ට ආයෙත් මේ එන්නේ.. අප්‍රේල්- මාර්තු කාර්තුවේ ඉන්දියානු සිනමාව ටිකක් දිව්වේ රීම් එකෙන් නිසා මේ දවස් වල ඉතිං පිටපත් නිකුත් වන්නට තියෙන චිත්‍රපටි ප්‍රමාණය අල්ප නිසා අඩවියේ ඉන්දියානු කැටගරිය යාවත්කාලින වෙනවා ට්කක් හොරයි. කොහොම උනත් එන එක කාන්තාරෙට වතුර පොදක් වගේ නිසා ඔන්න උපසිරැසි ගන්වලා අරගෙන ආවා. මේ අවුරුද්දේ මාර්තු 29 තිරගතවීම ආරම්භ කරපු සූර්යකාන්තම් චිත්‍රපටිය තමයි අද අරගෙන එන්නේ.
නවක අධ්‍යක්ෂකවරයෙක්ගේ වැඩක් තමයි මේක. ටිකක් වෙනස් ආදර කතාවක් එක්කලා පැය දෙකක් ගලාගෙන යන සුන්දර කතාවක්. Pranith Bramandapally නම් වූ නවක අධ්‍යක්ෂක මහත්මයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. නවක නළු රාහුල් විජේ සහ දඟකාර නීහාරිකා කෝනිඩෙලා තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. නීහාරිකා කෝනිඩෙලා කියන්නේ මෙගාස්ටාර් ෆැමිලි එකෙන් එන තවත් එක්කෙනෙක්. මෙයා තමයි Tholi Prema (2018) චිත්‍රපටයේ හිටිය වරුන් තේජ්ගේ නැගණිය. කෙල්ල නම් ටිකක් විසේ පාටයි. ඒ දෙන්නට අමතර Perlene Bhesania ද මේ සඳහා ප්‍රධාන චරිතයකින් දායක වනවා.
මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්නත් එච්චර අමාරුවක් නැහැ. සමහරෙක්ට බෝරින් ගතියක් දැනේවිද කියන්නත් බැහැ. මට නම් ඉන්ටරෙස්ටින් වෙලා ගියා. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 7.3/10 ක්ම තියෙනවා. විචාරක ප්‍රසාදයත් ( Critic reviews) ඇවරේජ් මට්ටමක තියෙනවා. සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. සමහරවිට මෙය ඔබව හැඟීම්බර කරන්නට සමත්වේවි. ලස්සන ගීත කිහිපයක් එහෙමත් තියෙනවා. එයින් සිද් ශ්‍රී රාම් ගායනා කරන Inthena Inthena ගීතය අතිශය ජනප්‍රිය වූවක්.
කතාවක් තියෙනවනේ..
ගැඹුරු ආදරය කියන්නේ.. කැපකිරීම කියලා..
සැබෑ ආදරය කියන්නේ හරිහැටි තේරුම් ගැනීම කියලා..
මේකත් එක්තරා ආදර කතාවක්..
වෙනදට දකින විදිහේ ආදර කතාවක් නෙමෙයි..
ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන ආදර කතාවක්..අහිංසක අභී, දඟකාර සූර්‍යකාන්තම්, සහ බුද්ධිමත් පූජා වටා පැය දෙකක් පුරාවට ගලා යන මේ කතාව ඔබව කුතුහලයට පත් කරාවි. සීක් ලයින් එක පන්නලා ෆිල්ම් එකේ අන්තිමට මොකද්ද වෙන්නේ කියල බලන්න හිතේවි. සූර්‍යකාන්තම් කියන්නේ බැඳීම් විස්වාස නොකරන, හිතුමතේ ජීවිතේ ගත කරන දඟකාර කටකාර කෙල්ලෙක්. අභී කියන්නේ තරමක් අහිංසක ඇවරේජ් ලෙවල් කොල්ලෙක්. අභී සූර්‍යකාන්තම්ගේ මේ දඟකාරකමට වහ වැටෙනවා. නමුත් මේකිව නම්මගන්න ඒ තරම් ලේසි නැහැ. නම්මගත්තා කියලා තේරුනත් මේ ලූස් නට් එක ෂුවර් නැහැ. මොකද හෙට හම්බවෙමු කියල රෑ වෙද්දී පැදුරටත් නොකිය මාරු වෙන ජාතියේ එකී නිසා. ඉතිං ඔය ප්‍රශ්න අතරේ මේ ගේම ගහගෙන යන එක තමයි කතාව කියන්නේ. අමතක කරන්න එපා පූජා කියල චරිතෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා. එයා කවුද කියල සහ සූර්‍යකාන්තම්ට මොකද වෙන්නේ කියල බලාගන්න නම් ඔයාලට චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.
එහෙනම් මාරුවෙලා කැපිලා යන්න වෙලාව හරි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා.
චිත්‍රපටිය ඉතාම සරල එකක් නිසා මං හිතනවා කාට උනත් අවුලක් නැතිව සෙට් වෙයි කියලා. ලස්සන මියුසික් ඇල්බම් එකක් එහෙමත් මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙනවා. ඒ හැම ගීතයකටමත් උපසිරැසි ගන්වල අරන් එන්න මං අමතක කරේ නැහැ. එහෙනම් අරන් නරඹන්න, විඳින්න, ආදර්ශයක් අරගන්න කියලා ඉල්ලා හිටින ගමන් මං අදට සමුගන්නවා.. ඔබ සැමට බුදු සරණයි.! ජයෙන් ජය!!
මෙසේද…?
ප්‍රේමය ඇතිවන්නේ මෙසේද..?
එයින් වෙළෙන තුරු මා දැන සිටියේ නැත..
මෙසේද..?
නුඹටද දැනෙන්නේ මෙසේද..?
හදවත වේගයෙන් ගැහෙනවාක් මෙන් දැනෙනවාද?

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා වලංගු වේ.
12,017 downloadsDownload Suryakantham-2019.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
33 comments
Prasadmdrnga01
Isuru minipa
Thanks for the sub puluwannam Napoleon 2017 teligu film eka denna thanks
Ayesh Prashan
Thank You
රණසිංහ
thanx
Zoom223
Tanks bro puluvanman 2018 2017 wala parana telugu missing films walata sub dennko
gihan perera
නියමයි මචෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Ranga Heshan
තුතිවේවා තාරක
Naween Lakshan
thanks bro..........
PramothC
Thanks
Priyankara Bandara
Thnaks bro. Film ekak hoya hoya hitiye.
N_R
Thank you.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තාරක සහෝ.ඉදිරි නිර්මාණ වලටත් ජයෙන් ජයම වේවා !!
ඔෂද ධනංජය
thanx sahoo...
ramenabeysingha
thanx bro
sooriyapatabadige
Thanks for sub bro.......(oka manasu 2017) movie ekata sub denna bro please.......
sublove
bohomath sthuthi me sub eka apita genawata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි උපසිරැසියට..!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
උඹ ගෙනාවා කියන්නේ ඉතින් හොඳ එකක් වෙන්ටෑ..
දිගටම සබ් දෙමු ආ...
ජය!maikee
Thanks
D.Chamara
bohoma sthuthi sahooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
damith_janaranjana
Thanks bro
Dilushan2233
Thanks
Asnjana_Lahiru
godakkkk tnqqqqqq jaya wewaa..
nish47
Thanks machan
Thara97
Thanks..bro for subtitle.....
Nick Izer
ෆිලුම පට්ට,සබ් එකත් ෆිලුම ඉවර වෙනකම්ම මැචින්,වචන වල තේරුනුත් අවුලක් නෑ.
ෆිලුම ගැන හදුන්වල තියන විදිහ මරු,තැන්ක්ස් මචං
brayanlaraa
Thz sub eka maru
L.G.T.Dilshan Liyanage
Ty
Dilhan Shalitha
"Oka manasu" movie ekata sub eka denna bro
Prabhasoft
thanks bro...
Malith Sandeepa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
පුලුවන්නම් නිහාරිකා ඉන්න Oka Manasu එකටත් සබ් දෙන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekt thanx mchn... Puluwnnan 118 movie eke sub ekth diyn bokka