Watch Trailer

Men in Black: International (2019) Sinhala Subtitles | ලෝකය බේරාගැනීමෙ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] 200*

කොහොමද බයිස්කොප් රසික රසිකාවියන්ට? ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ඔන්න අරගෙන ආවේ. ඒ තමයි MIB චිත්‍රපටය මලාවේ 4 වෙනි චිත්‍රපටය. ඒ වගේම තමයි අද මටත් විශේෂ උපසිරැසයක් වෙනවා. මොකද මේක තමයි මගේ උපසිරැස ජීවිතයෙ හතරවෙනි කඩයිම. හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මේ බයිස්කෝප් පවුලට එකතු වුණෙ…

කොහොමද බයිස්කොප් රසික රසිකාවියන්ට? ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ඔන්න අරගෙන ආවේ. ඒ තමයි MIB චිත්‍රපටය මලාවේ 4 වෙනි චිත්‍රපටය. ඒ වගේම තමයි අද මටත් විශේෂ උපසිරැසයක් වෙනවා. මොකද මේක තමයි මගේ උපසිරැස ජීවිතයෙ හතරවෙනි කඩයිම. හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මේ බයිස්කෝප් පවුලට එකතු වුණෙ. ඒ ගමන නොනැවතී අද මෙතනට ඇවිත් තිබෙනවා. එහෙනම් ඉතිං වෙනදා වගේම පළවෙනි උපසිරැසය සහ කඩයිම් ගැන සඳහන් කරල පටන්ගන්නම්කො.

• පළමුවන උපසිරැසය – The Darkness
• පනස්වෙනි උපසිරැසය – Prison Break
• සියවන කඩයිම – Annihilation
• එකසිය පනස්වෙනි කඩයිම – Alita Battle Angle

ඔන්න විදියට ඇවිත් අද හතරවැනි එහෙමත් නැත්තම් 200 වෙනි උපසිරැසය තමයි අද ඔබ වෙත මේ රැගෙන එන්නෙ. ඒවගේම තමයි කමෙන්ට් එහෙකින් හරි අපිව දිරිගන්වන සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. මොකද කියනවා නම් උපසිරැසකරුවෙක්ට ලැබෙන එකම තෘප්තිය ඒක විතරයි. ඒවගේම තමයි මෙතෙක් ආපු ගමනෙදී ගොඩක් අය මුණගැහුණා. ඇත්තටම ඒ කට්ටිය මේ වෙනකොට යහළුවන්ටත් වඩා තැනකට පත් වී හමාරයි. මතක් කරන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතිං ඒ එක්කෙනෙක් හරි මග හැරුණොත් ඒ කෙනාගෙ හිත රිදෙන නිසා මං නම් වශයෙන් කියන්න යන්නෑ. ඒ නිසා ආදරණීය ඇඩ්මින් මඩුල්ල වගේම “වැඩක් වෙන තැන” ගෘපෙ කට්ටියවයි බයිස්කෝප් උපසිරැසකරුවන්ගෙ ගෘපෙ කට්ටියවයි මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒවගේම චිත්‍රපටය ලබාදීපු විමායිය නොහොත් හැංඩියාවත් මතක් කරන්න ඕන. මොකද එයා නොදුන්නා නම් මේ වෙනකොට 200 සමරන්නත් වෙන්නෑ. හොඳයි එහෙනම් මං තවත් කියන්න යන්නෙ නැහැ. මොකද මේ වෙනකොටත් හොඳ පිටපතයක් ඇවිත් තියෙන්නෙ. හැබැයි පිටපත ආවට හොඳ ඉංග්‍රීසි උපසිරැසයක් එන්න කල්ගත උනා. කොහොම හරි පුළුවන් ඉක්මනින් වගේ තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාවට පැත්තට හැරෙමුකො.

MIB කියන වචනෙ ඇහුවම කවුද නොදන්නෙ ඇත්තටම. සිනමා රසික ඔබගෙ 1997 සිට පටන් සිත් ඇදගන්න සමත් වෙච්ච චිත්‍රපටයක් තමයි මෙය. කොහොමහරි කාලය ගෙවෙනවාත් එක්කම එකකින් පටන්ගත්තු මේ චිත්‍රපටය “ෆ්‍රැංචයිස්” එකක් බවට පත්වුණා. පහත තියෙන්නෙ එදා සිට අද වෙනකම් ආපු චිත්‍රපට වල පෝස්ටර් ජයාරූපයි .

MIB පළවෙනි චිත්‍රපටය

MIB දෙවන චිත්‍රපටය

MIB තෙවන චිත්‍රපටය

MIB හතරවන චිත්‍රපටය

මෙන්න මේ විදියටම තමයි චිත්‍රපට පිළිවෙල තියෙන්නෙ. නමුත් ඔබ මේ තියෙන කිසිම එකක් නරඹල නැතිව අලුත් චිත්‍රපටය බලන්න සුදානම් වෙනවද? මමනම් කියන්නෙ කලින් ටිකත් බලල මේක බැලුවොත් හොඳයි කියල. මොකද එතකොට කලින් තිබ්බ චරිත ගැන එහෙම අදහසක් අරගන්න පුළුවන්. දැන් ඔයාලා හිතනවා ඇති අරකෙ හිටියෙ විල් ස්මිත් මේකෙ ඉන්නෙ වෙන ජෝඩුවක් කියලනෙ. ඔව්, ඒකනම් එහෙම තමයි හැබැයි මේකෙ කලින් චිත්‍රපට වල හිටපු චරිත කිහිපයක් වගේම යම් යම් දේවල් පෙන්වනවා. මං එහෙනම් ඒ ගැනත් පොඩි සටහනක් දෙන්නම්කෝ.


කලින් චිත්‍රපටයන් වලදී අපිව ෆ්‍රෑන්ක්ව දැකගන්න පුළුවන් වෙනවා. ඇත්තම ඔහු නියෝජිත J සහ K ට වැඩ කරන කෙනෙක්. හරියටම කියනවා නම් දැනුම් දෙන්නෙක් වගේ කෙනෙක්. ඒවගේම අපිට මේ චිත්‍රපටයෙදීත් මොහුව දැකගන්න පුළුවන් වෙනවා.


මේ පොටෝවෙනුත් පෙන්නුම් කරනවා කලින් චිත්‍රපටය කෑල්ලක්. වමතින් පෙනෙන්න තියෙන්නෙ නියෝජිත එච් සහ ටී ලෝකය බේරගන්න ගත අයුරු දැක්වෙන පොටෝ එකක්. දකුණින් පෙනෙන්න තියෙන්නෙ නියෝජිත ජේ සහ කේ ලෝකය බේරාගත්තු අයුරු දැක්වෙන පොටෝ එකක්.


මේකත් කලින් චිත්‍රපට පෙළ මතක් කරන අයුරු දැක්වෙන එකක්. මොකද කලින් චිත්‍රපට වලදී මේ රතුපාට බටන් එක එබුවාම එය රොකට් එකක් බවට පත්වෙනවා. නමුත් එයින් හැකියාවක් ලැබෙන්නෙ පහතින් ගමන් කරන්න විතරයි. නමුත් මේ චිත්‍රපටයෙදී එයට ඉඟියක් ලබදෙනවද අතර MIB අතරේ තිබූ තාක්ෂනය දියුණු වීමක්ද පෙන්නුම් කරනවා.

තව නම් කිහිපයක්ම වගේ තියෙනවා. නමුත් මං මෙතනින් නවත්තනවා මොකද ලිපිය තවත් දික් ගැස්සෙනවා සහ ස්පොයිල් වීමක් වෙන නිසා. මං මෙතැනදී ගොඩක්ම කියන්න උත්සහ කරේ කලින් චිත්‍රපට පෙළත් අනිවාර්යෙන්ම නරඹන්න කියලයි. හොඳයි එහෙනම් මේ හතරවෙනි චිත්‍රපටය හට IMDb අගය 5.6 ක වැනි අගයක් තමයි අරගන්න සමත් වී තිබෙන්නෙ. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 22% ක වැනි අගයකුත්. අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ F. Gary Gray නමැති අධ්‍යක්ෂකවරයා විසින්. මොහු මීට පෙර The Fate of the Furious l The Italian Job l A Man Apart l Law Abiding Citizen වැනි චිත්‍රපට අධ්‍යක්ෂය කරපු කෙනෙක්. ඒවගේම තමයි රංගයෙන් දායක වෙන්නෙ Chris Hemsworth එහෙමත් නැත්තම් අපි තෝර් ලෙස හඳුන්වන කෙනා. ඇත්තම කියනවා නම් චිත්‍රපටයෙදී ඒ ගැන පොඩි ඉඟියකුත් ලබාදෙනවා. පහළ තියෙන පින්තූරය බලන්නකෝ එතකොට ඔයාලාට තේරෙයි.

ඒවගේම සෙසු චරිත වලට Tessa Thompson l Emma Thompson l Liam Neeson l Kumail Nanjiani l Rebecca Ferguson l Rafe Spall තම රංගනයෙන් දායක වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

මොලී කියන්නෙ කුඩා කාලයෙදී පිටසකවල ජීවියෙක් දැකපු කෙනෙක්. නමුත් MIB ල ඇවිත් ඔවුන්ගෙ දෙමව්පියංගෙ මතකය නැති කරනවා. හැබැයි මෙයාගෙ කරන්නෙ නැහැ එවෙලෙ. කෝහොමහරි එක්තරා හේතුවක් නිසා එයා එවෙලෙ බේරෙනවා. ඉතිං මෙයා ලොකු වෙනවාත් එක්කම මේ කළු ඇඳගත්තු මිනිස්සු කරන දේවල් ගැන හොයනව. එයාලා මොකද්ද කරන්නෙ? පිටසකවල ජිවින්ද මේ? වගේ කියන දේවල්. ඒවගේම තමයි මොලී බුද්ධිමත් කෙනෙක්. ඉතිං මෙයාට දවසක් පොටක් පෑදෙනවා. මේ හේතුව නිසා මෙයා කෙලින්ම යන්නෙ MIB මූලස්ථානයට හැබැයි වැඩිවෙලාවක් ඉන්න ලැබෙන්නෙ නැහැ. මෙයාව අසුවෙනවා. ඉතිං මෙයා එවෙලෙ නියෝජිත ඕට කියනව මේකට බැදෙන්න ඕන කියල. ඒවගේම තමයි නියෝජිත ඕ මෙයාව බදවගන්නවා. ඒ මොකද කියනවා එයා මොලීගෙන් දෙයක් දකින නිසා. කෝමහරි මෙයාට ලැබෙන පළවෙනි පැවරුම තමා ලන්ඩන් වල ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරන එක. ඒ තමයි මේ ලෝකය ආක්‍රමණය කරන්න ආපු හයිව්ලා. මෙයාලා විශ්වයෙ ඇති බලගතු ආයුධයක් පසු පස හබායනවා.කොච්චර බයානකද කියනවා නම් ඒකෙන් මුළු ලෝකයක් වුණත් විනාශ කරන්න පුළුවන්. ඉතිං නියෝජිත එම් එහෙමත් නැත්තම් මොලීට මේ ලැබෙන පළවෙනි මෙහෙයුම සාර්ථක කරගන්න හැකි වේවිද? ලෝකය බේරගන්න ලැබෙන අවස්ථාව? ඒකත් නියෝජිත එච් සමග එකතු වෙලා? එහෙනම් අවසානය තෙක් නරඹන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

31,106 downloadsDownload Men-in-Black-International-2019-BR-Update.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

31,106 downloadsDownload Subtitles63 KB

163 comments

  1. aks

    Thanks... 200 වන උපසිරැසියට උනුසුම් සුභ පතුම්...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    1. nipun3234

      තැන්කූ වේවා සබ් එකට ️

  3. Soori

    200වන කඩඉමට මගෙනුත් උනුසුම් සුබ පැතුම් රවිදු සහෝ...!!!
    ජය...!!!

  4. කවිශල් රසින්ත (කවී)

    මුලින්ම හතරවෙනි කඩයිම එහෙම නැත්තම් 200' වැනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනව රවිදු අයියේ.... 200 කරන්නේ නෑ කිය කිය ඉදලා හොරාටම මරු ෆිල්ම් එකකට වැඩේ දුන්නා එහෙනම් නේද? 150 ගහලා මේ පැත්ත බලන්න උනේ නෑ 200ත් ගහලා. මේ විදිහට ගිහින් ලබන මාසේ ඉවර වෙනකොට 250ත් ගහලා දාමු එහෙනම්. නෙට්ෆ්ලික්ස් සමාගමේ ලාංකීය සම්බන්ධීකරණ නිලධාරියා වගේම නියෝජිතයා විදිහට ( කට්ටිය අදුරන්නෙ නෙට්ෆ්ලික්ස් අධිපතයා කියලනේ ) ඉදිරියට තවත් හුගක් නෙට්ෆ්ලික්ස් වලින් සේවයක් කරන්න ලැබෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් උපසිරැසියට බෝම ස්තූතියි. ජය වේවා...!!!

  5. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. thilz

    thank u very much,all the best

  7. Ranjeewa K.Liyanage

    ඩබල් සෙන්චරියට උණුසුම් සුබ පැතුම්...!!!!!!

  8. gihan perera

    උණුසුම් සුභ පැතුම් සහෝ.....හොඳ copy එකක් ආවම ඉක්මනින් update කරහං මචෝ....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  9. ශසිත් සඳරුවන්

    200 වන උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මලේ...
    150ට සුබ පතලත් මාස දෙකක්වත් ගියේ නෑ මයෙ හිතේ...
    දිගටම මේ වේගෙන්ම උපසිරැසි අරන් එමු.
    මේකත් ඉතින් වෙබ් කොපියක්වත් ආවම තමා බලන්නේ.
    උපසිරැසියටත් බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  10. Charith Pramodya

    බයිස්කෝප් එකේ මම දැකපු වේගෙන්ම සබ් දෙන කෙනා තමයි ඔයා මචං... හදවතිම සුබ පතනව 200 වෙනි කඩයිමට.. ඒ වගේම ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ වලට උපසිරැසි ලබා දීමට හැකි වේවා..!

  11. Assident

    Thanks

  12. shaneesha

    අම්බෝ ස්තුති වේවා ගොඩක් කල් බලන් හිටියා ජයෙන් ජය....

  13. dx12

    200ta hadawathinma suba.
    Oyanm patta sub tikk Dene.
    Thanks bro sub ekta
    Godk pin bro
    Bro the boys tv series ekta sub dennako
    Good luck

  14. චානක ඉඳුනිල්

    200වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ!
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි,
    සුපිරියකටනෙ සබ් එක අරන් ඇවිත් තියෙන්නෙ,
    Good Luck For Your Future!

  15. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම හතරවෙනි කඩඉමට සුභ පැතුම් මලේ..! වෙලාවට කලාවට තමන්ගේ වඟකීම ඉෂ්ට කරන තවත් සයිට් එකේ ඉන්න කෙනෙක් බව අවිවාදයෙන්ම කියන්න පුලුවන්.! දිගටම උපසිරැසි කරන්න කාල අවකාශය ලැබේවා .! ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථකම වේවා..!

  16. ajith fernando

    thanks malli. subapathum!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. Rashanp

    Thanks ✌️

  18. සසිඳු කවීශ ගමපතිරණ

    200 වන උපසිරැසි නිර්මාණයට උණුසුම සුභ පැතුම් සහෝ!
    දිගින් දිගටම මේ කටයුත්ත සාර්ථකව කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

  19. දහරා මුතු අමා

    හතර වෙනිකඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි.

  20. UK_Fernando

    THANKS

  21. arawindasunimal

    rukshan thanks sub ekata 200 wana sub ekata suba pathum magenuth

  22. ඉසුරු සම්පත් සිරිසේන

    200* වැනි උපසිරසියෙන් පසු කරන උපසිරසි දිවියේ සිව්වැනි කඩයිමට උණුසුම් සුබපැතුම් මලේ..! කාලයක් තිස්සෙ ඉඳන් ආශ්‍රය කරන බයිස්කෝප් පවුලෙ ඉන්න දක්ෂ වගෙම තමන් කරන හැම උපසිරසියකටම උපරිම සාධාරණයක් ඉටු කරන උපසිරසිකරුවෙක් තමයි රවිදු කියන්නෙ...
    එහෙනම් මලේ මෙතනින් නොනැවතී තමන්ගෙ පෞද්ගලික කටයුතුත් සාර්ථක කරගන්න අතරෙ දිගටම උපසිරසිරසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා...
    ~~ඔබට ජය~~

  23. SAjith Anthony

    200 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    200 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    ඉක්මනටම 200ටත් ඇවිත්... 250, 300ත් ඉක්මනටම ගහපු....
    දැනට ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්....
    ෆිල්ම් එකනම් Bluray ආවහමම බලනව...

  25. Rohanvanderlan

    රවිඳු machan thanx umla හින්ද තමයි bn api film එකක් බලන්නෙ baiscope site එකේ set එකටම පට්ටම thak bn ජය වේවා

  26. shpajith

    thanks putha

  27. Xxxxx

    thanks brother

  28. ravi

    Sub ekata Thanx aiyya

  29. wajira

    Thanks for sub

  30. කවිනු වීරක්කොඩි

    උණුසුම් සුබ පැතුම් රවිඳු අයියේ...
    150ට ඇලීටා දීලා මාස දෙකක්වත් ගියේ නෑනේ දෙයියනේ!!
    දෙසීයත් ගහලා!! ජය වේවා..

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම 200වෙනි කඩඉමටත් සුබ පැතුම්....

  32. thilina1986

    Thanks bro

  33. Shalitha111

    Thanks mcn.

  34. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  35. dskumara

    Thanks bro

  36. සනිඳු ලක්ඛිත

    දන්න කියන කෙනෙක් නොවැ මේ...මුලින්ම හදවතින්ම සුභ පැතුම් සහෝ 200 වෙනි උපසිරස කඩඉමට..බයිස්කෝප් එකේ සුලු පිරිසක් ලගා වුන තැනක් තමයි මේ. තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සහොගෙ උපසිරස වල අඩුපාඩුක් නැතිම තරම්. මං කැමතිම උපසිරස කරුන් අතර ඉන්න කෙනෙකෙ. හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. BR පිටපතක් ආවාම් මේකත් බලමු. බුදුසරණයි..ජයවේවා!!!

  37. Nilush Angana

    Sub ekata thanx

  38. gayan215

    unusum suba pethum saho 200ta...

  39. jagath55

    Thanks

  40. Sachithra 73337

    sub ekata thanks...200 weni sub ekata suba pathum...

  41. Hasitha Madush

    200 වැනි කඩ ඉමට හදවතින්ම සුබ පැතුම්

  42. chandika1975

    good work.thank you for subtitle.

  43. Shehan putha

    Congratulations bro...
    Thhank you

  44. Nandana_kumara

    Tu brother

  45. prageeth_vidushanka

    Thanx broooooooo...sinhala gattha den ithin balannai thiyenne......ehenam ithin apahu kuwa thanx you..

  46. M.D.P.Fernando

    Thanks

  47. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ඒ වගේම 200වෙනි උපසිරැසියට සුභපැතුම්. ජයවේවා........!

  48. suranuwan

    thanks bro...

  49. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් මල්ලි!

  50. රොයිලි

    ලඟ ලඟම තවත් 200 ක්!!!! උණුසුම් සුබ පැතුම් එකතු කරනවා රවිඳු මලේ. ටිකක් විතර ප්‍රමාද වුණාට මුකුත් හිතන්න නම් එපා. හැකි ඉක්මනින් 250 ට යන්නත්, සියළු වැඩකටයුතු සාර්ථක කරගන්නත් ලැබේවායි හදවතින්ම පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.