වෙලාව පාන්දර 12ත් පහු වෙලා.නිදා ගන්නත් බෑ මෙක ඉවර කරලා දානකන්.මට හරි දුකයි මෙච්චර දෙයක් වෙලා මෙ ෆිල්ම් එකට සිංහල සබ් හොයද්දි මෙ සයිට් එකෙ තිබ්බ නැති එක.එ නිසා තමා හැමොම වෙනුවෙන් මම අවුරුදු ගානකට පස්සෙ මෙ පාන්දර ඇහැරිලා මම ආයෙත් සබ් දාන වැඩෙට වැටුනෙ.මට ටිකක් මහන්සි.එක නිසා මම මෙකෙ ලිපිය ලියන වැඩෙ මට…

වෙලාව පාන්දර 12ත් පහු වෙලා.නිදා ගන්නත් බෑ මෙක ඉවර කරලා දානකන්.මට හරි දුකයි මෙච්චර දෙයක් වෙලා මෙ ෆිල්ම් එකට සිංහල සබ් හොයද්දි මෙ සයිට් එකෙ තිබ්බ නැති එක.එ නිසා තමා හැමොම වෙනුවෙන් මම අවුරුදු ගානකට පස්සෙ මෙ පාන්දර ඇහැරිලා මම ආයෙත් සබ් දාන වැඩෙට වැටුනෙ.මට ටිකක් මහන්සි.එක නිසා මම මෙකෙ ලිපිය ලියන වැඩෙ මට EDM වලින්ම සෙට් වුන යාලුවෙක්ට දෙනවා,එයා ගැනයි,මම ගැනයි,මෙ ෆිල්ම් එක ගැනයි එයාගෙන්ම අහගන්නකො !
කවදාවත් මුනගැහිලා නැති ,කටහඩවත් අහල නැති EDM නිසා සෙට් උන කොල්ලෙක් අද මගෙන් ඇහුව මචන් පොඩි උදව්වක් කරන්න පුලුවන්ද කියල, ඔහු නමින් Kavishka Hirantha , එයා මගෙන් ඇහුව , මචන් පොඩි ලිපියක් ලියල දෙන්න පුලුවන්ද කියලා , බෑ කියන්න බැරි නිසා ,මම “හරි මචන් මොනාද වෙන්න ඕන මගෙන් , මන් වැඩේ කරල දෙන්නම් ” කියල මන් වැඩේ බාර ගත්තා.ඇත්තටම මම ගැන කිව්වොත් මම ලිපි ලියන කෙනෙක් නම් නෙමෙයි,මම නමින් Kavindu Lakshitha ( kavi_Ya ) , එහෙම කිව්වම ගොඩක් අය දන්නෙ නැතුව ඇති. එහෙනම් අපි බලමු කතාව ගැන.
අද කතාව කියන්න යන්නෙ දැනට ලෝකෙ හිටිය ,ඒ කිව්වෙ මේ වෙද්දි ජීවතුන් අතර නැති කෙනෙක් ගැන…ඇත්තම කිව්වොත් මොහු දැනට බිහිවුන අති දක්ශ EDM Producer කෙනෙක් කිව්වොත් නිවැරදි.ලෝකයේ බොහෝ දෙනාගෙ හදවතේ රැදුන කෙනෙක්…නමින් Tim Bergling කිව්වොත් ගොඩක් දෙනෙක්ට මේ කවුද කියල හොයාගන්න බෑ… ඒත් මන් Avicii කියල කිව්වොත් ගොඩක් අයගෙ මතකෙට එනවා මේ කවුද කියලා,1989 සැප්තැම්බර් 08 Stockholm, Sweden හී දී Anki Lidén හට දරුවෙක් ලැබෙනවා ,ඔහුට නම තියන්වා Tim Bergling ලෙස, කලක් යන විට ඒ පොඩි කොල්ලා තරුණ වයසට එනවිට Avicii ලෙස ප්‍රසිද්ධ වෙනවා EDM producer කෙනෙක් වශයෙන්.ටික කාලයක් යද්දි මේ තරුණ කොල්ලා කරලියට එනවා තමන්ගේ Track කිහිපයක් හදුන්වාදෙමින්,ප්‍රදාන වශයෙන් Progressive House / Electro House යන GenreS වලින් පෙනී සිටි Avicii ගේ ජනප්‍රියම Track එක ලෙස Levels Track එක හදුන්වන්න පුලුවන්.
Avicii 2008 කලින් Tim Bergling යන නමින් කරපු Track කිහිපයක් ද වූ අතර Avicii හට 2008 පමන වන විට වැඩිය ප්‍රසිද්දියක් තිබුනෙ නෑ, කොහොම නමුත් Tim Bergling ලෙස පෙනී සිටි මොහු 2009 මුල් කාලයේ Avicii වශයෙන් පෙනී සිටිනවා ,ඒත් සමගම මොහු ටිකෙන් ටික EDM ලොව ජනප්‍රිය වන්නට පටන් ගත්තා, ඔහුගේ පලමු සජීවී ප්‍රසංගය හෙවත් ඔහු මුලින්ම Crowd එකට Perform කරල තියෙන්නෙ 2008 වසරේය,ඒ සදහා 50 කටත් අඩු ඉතාමත් සුලු පිරිසක් පමනක් සහභාගි වී තිබෙනවා, එම ප්‍රසංගය ඔහු කරල තියෙන්නෙ laidback luke Play කරපු Club එකකයි, Avicii ඔහු නිර්මාණය කරපු පලවෙනි Track එක laidback luke ට යවල තියෙනව කියල තමයි විස්තර වල සදහන් වෙන්නෙ, ඒ විතරක් නෙමෙයි මුල් කාලයේ සතියෙන් සතිය Avicii විසින් තමන් නිර්මාණය කරපු #Tracks ” Luke “ට යවල තියෙනවා.ඒ වගේම Avicii මුලින්ම Record label එකකින් Track එකක් release කරල තියෙන්නෙ 2007 වසරේ කියල තමයි සදහන් වෙන්නෙ…මේ තරුණ කොල්ලා 2008 – 2012 දක්කවා සජීවී ප්‍රසංග 550 ක් ඔහු කරල තියෙන්වා, ඒ වගේම ඔහු මිය යන විට ඔක්කොම සජීවී ප්‍රසංග 813 පමන කර තිබෙනවා,Avicii ඔහුගේ අන්තිම සජීවී ප්‍රංගය කරල තියෙන්නෙ 2016 අගෝස්තු 28 දිනයි,ඒ ඔහුගේ පරනම මිතුරන් සමගයි. Avicii 2012 වන විට සජීවි ප්‍රසංග 550 කර තිබුනා. Avicii ගේ levels Track එකට අමතරව එයා කරපු Track වලින් හදවතටම දැනුන Tracks කිහිපයක් තියෙනවා, Wake me up / Hey brother / Without you / The nights ඒවා අතරින් කිහිපයක් වේ.ඒ විතරක් නොවේ 2012 වසරේදී Avicii ලංකාවට ද ඇවිල්ල තියෙනවා කියල ඔයාල දන්නව ඇතිනේ.
“One day You’ll leave this world behind ,So live a life you will remember”
මෙහෙම කියපු Avicii අමරණීය මතකයන් ඉතුරු කරමින් 2018 අප්‍රේල් 20 දින Muscat ,Oman හීදී ලොවක් නිහඩ කරමින් ,EDM රසිකයන්ගේ නෙතට කදුලක් එක් කර මෙලොවින් සමුගන්නවා. R.I.P Avicii. Avicii ගැන කියන්න තව දේවල් තිබුනත් මට මගේ ලිපිය මෙතනින් අවසන් කරන්න සිද්ද වෙනවා.
ලිපිය : #kavi_ya
මම හිතනවා මගෙ යාලුවා හොද කතාවක් කරන්න ඇති කියලා.මට නම් එක කියවලා ඇඩුනා.එ කියන්නෙ අනිවාර්යයෙන්ම හොදයි තමා.එ නම් මම යනවා.මාත් පොඩ්ඩක් නිදා ගන්න ඔනෙනෙ.නැත්නම් ගෙදර අය අනිවා ආයෙ ලැප් එක නම් අල්ලන්න දෙන්නෙ නෑ.එහෙම නම් මම ගියා.කතාව බලලා අදහසක් කට්ටියම දායි කියලා මම හිතනවා.එහෙම නම් මම සමු ගන්නා Avicii ගෙම වදනකින් ! ජය ! සුබ !
“I can’t tell where the journey will end, But I know where to start” (මම කියන්න දන්නෙ නෑ මෙ ගමන කොහෙන් ඉවර වෙයිද කියලා-එත් මම දන්නවා කොහෙන්ද පටන් ගන්න ඔනෙ කියලා) RIP EDM LEGEND ! Avicii ( Tim Bergling ) (1989-2018)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
3,140 downloadsDownload Avicii.True_.Stories.2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Kaweesha-Kalyana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක හිරන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශ්ක හිරන්ත
Subtitles
22 comments
Jeewantha Lakshan
THE NEW FOLDER
Thanksss broooo.............
kavika supun
Thanks saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
irusha hettiarachchi
කොහොම ස්තූති කරන්නද මන්දා මගේ ආසම EDM producer and 1 st EDM producer ඒ අඩුව තාම දැනේනෝ බොහොම ස්තුති සබට ❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
knightrider25527
මන් හිතුවේ මෙකට සබ් එකක් ගන්න බැරිවෙයි කියලා
මේකට නම් ඔයාලට බෝහෝම ස්තූටි සබ් දුන්නට
EDM අහන අයට මේ FLIM එක අනිවා බලන්නsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lahiru Rasadun
ජයවේවා සුපිරිම වැඩක්
Bole
Patta <3
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිශ්ක සහෝ.
නොදැන හිටිය බොහොම දේ ලිපියෙන් දැනගත්තා.
ජයෙන් ජය.Pesanjith
Thanks ! RIP dear AVICII !!!!!!!!!
D.Chamara
aniwa balanna oni ekka sahooo bohoma sthuthi
roshan345
thanks
Prashan
Thankyou bn
Achala
Great work ♥️♥️♥️♥️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro..
MihisaraR7
Thx bro . EDM $& lover#$$
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
✌️♥️