“Ready Player One” නිමක් නැතුව වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අයට නම් මේ වචනේ හොඳට දැකලා අහලා පුරුදු එකක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ අයට කියාපු කතාවක් එක්ක තමයි අද මේ සිංහල උපසිරැසි සමඟින් ඔයාල මුණ ගැහෙන්න ආවේ. ඔව් මේක අමුතුම කතාවක් නමුත් මේ යථාර්තයක් නොවුන යතාර්ථය අනාගතයේදී යතාර්ථයක් වෙන්න තියෙන ඉඩ…

“Ready Player One” නිමක් නැතුව වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අයට නම් මේ වචනේ හොඳට දැකලා අහලා පුරුදු එකක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ අයට කියාපු කතාවක් එක්ක තමයි අද මේ සිංහල උපසිරැසි සමඟින් ඔයාල මුණ ගැහෙන්න ආවේ. ඔව් මේක අමුතුම කතාවක් නමුත් මේ යථාර්තයක් නොවුන යතාර්ථය අනාගතයේදී යතාර්ථයක් වෙන්න තියෙන ඉඩකඩ නම් සෑහෙන්න වැඩියි. මොකද අපි කෙමෙන් කෙමෙන් ඒ යථාර්තය වෙතට යන්න පියවර තබන අවධියක තමයි මේ වගේ චිත්‍රපටයකින් ඒ ගැන ඉඟියක් ලබා දෙන්නේ. අන්න ඒ නිසාම ඔයාලට මේ කතාව හොඳටම දැනෙනවා කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ කාරණාවක්. ඊට අමතරව කියනවා නම් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ එසේ මෙසේ චරිතයකුත් නෙමේ ස්පීල්බර්ග් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙනම් ඔන්න මම පූර්විකාව ගෙනාවා. එහෙනම් දැන් කියන්නම් යටගිය දවස මේ කතාවට පදනම් වුන ජාතක කතා වස්තුව මොකද්ද කියල. ඒ වගේම මේ ලිපිය කියවලම චිත්‍රපටය බලන්න කියල ඉල්ලා සිටිනවා මොකද සමහර දේවල් 1960-80 වර්ෂ වල ඉපදුන අයට ඇරෙන්න අනික් අයට නම් තේරෙන එකක් නැහැ.
කවුද මේ අර්නස්ට් කියන්නේ?
මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 2011 වසරේදී Ernest Christy Cline විසින් ප්‍රථම වතාවට රචිත විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වන නවකතාවයි. අර්නස්ට් කියන්නේ මෙවැනි කතා වලට වැඩි නැඹුරුවක් තියෙන නවකතා කරුවෙක්. ඔහුගේ පළමු නවකතාව වශයෙන් රචිත මේ Ready Player One පොත ලැබූ සාර්ථකත්වය හමුවේ තවත් භාෂා රාශියකට පරිවර්තනය කරනු ලැබුවා. අර්නස්ට් කියන්නේ බොහෝදුරට වීඩියෝ ගේම් වලට පිස්සු හැදුන කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔයාල එයාගේ වෙබ් පිටුවට මෙතනින් ගොඩ උනොත් ඒ ගැන හොඳින්ම තේරුම් ගනීවි. මොකද එයාගේ වෙබ් අඩවිය තිබෙන්නේත් ඉස්සර කාලේ තිබුන Arcade Game එකක් ආකාරයට. පහත තියෙන්නේ එයාගේ වෙබ් අඩවියේ මුල් පිටුව ඔබට දකින්න ලැබෙන ආකාරයයි. මේ පොත 2011 වසරේදී ප්‍රකාශන ආයතනයකට භාරදෙනවාත් සමඟ එහි චිත්‍රපට අයිතිය වෝනර් බ්‍රදර්ස් සමගම මිලට ගනු ලැබුවා. ඒ නිසා තමයි අද අපි මේ ලෝකප්‍රකට නවකතාව සලරුවක් විදිහට දකින්නේ.

මෙතනට අදාළ නොවුනත් අර්නස්ට් කියන්නේ පරණ කාර් පිස්සෙක්. හැබැයි ඒක පරණ කාර් නිසාම උන දෙයක් නෙමේ එත් ඔහුගේ කාලයේ රසිකයෝ පිස්සු වට්ටපු චිත්‍රපට වන Ghost Busters (1984), Back to the Future (1985) සහ The Adventures of Buckaroo Banzai Across the 8th Dimension (1984) වල සහ අපි කවුරුත් ඉස්සර බලපු Night Rider කියන රූපවාහිනී කතා මාලාවේ දකින්න ලැබුන කාර් වර්ගයට අර්නස්ට් තදින්ම වහ වැටිලා කිව්වොත් නිවැරදියි. DeLorean DMC-12, 2850CC එන්ජින් ධාරිතාවකින් යුත් වර්ගයේ කාර් එකක් ඔහුට සතුව තිබුන අතර ඔහු එය Ghost Busters චිත්‍රපටයේ ආකාරයටම ප්‍රති නිර්මාණය කරගෙන තිබෙනවා. ඒ වගේම නයිට්‍රයිඩර් කාර් එකේ විදිහට ඉදිරිපස ලයිට් පවා වෙනස් කර තිබෙනවා. මේ චිත්‍රපටයේ තිබෙන කාර් එකේ ඉදිරියේත් එවැනි ලයිට් පේලියක් දැකගන්න පුළුවන්. ඔහුගේ පළමු පොත තුලත් ඔහු පාඨකයන් හට අමුතු තරඟයක් නිර්මාණය කළා. ඒ තමයි පොත තුල ඊස්ටර් එග් එකක් ඇතුලත් කරලා එය සොයාගන්නා කෙනාට ඉහත කි වර්ගයේ කාර් එකක් ලබා දීල තිබෙනවා. පසුකාලීනව එම ජයග්‍රහණය කල කෙනා ඒ කාර් එක විකුණන බව දැනගෙන නැවත ඔහුගෙන් මිලදීගෙන තිබෙනවා. ඇත්තටම අර්නස්ට් කියන්නේ චිත්‍රපට වල තිබෙන යතාර්ථයක් සැබෑ ජීවිතය තුල නිර්මාණය කරගනිමින් ජිවත් වෙන අපූරු පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. පහත දැක්වෙන්නේ ඔහු ළඟ තිබෙන ඒ කාර් දෙකේ වර්ථමාන තත්වයයි. එකක් ස්ටාර් වොර්ස් චිත්‍රපට වල දකින්න තිබෙන යානයට සමානව වෙනස් කර ඇති අතර අනික ගෝස්ට් බස්ටර්ස් චිත්‍රපටයේ ඇති ආකාරයට ප්‍රති නිර්මාණය කරලා.



හැබැයි මේ කාර් වර්ගයට පිස්සු වැටිලා ඉන්නේ කෙනෙක් දෙන්නෙක් නෙමේ නිසා මේ කාර් එක ඒ කාලයේ තිබුන තත්වයෙන්ම තවමත් මිලදී ගැනීමට DeLorean Motor Company තුලින් අවස්ථාව ලබා දීල තියෙනවා. කැමති කෙනෙක්ට අලුතෙන්ම මේ විදිහෙම කාර් එකක් මිලට ගන්න පුළුවන් කම අදටත් තියෙනවා.ඒ වගේම අර්නස්ට්ගේ වෙබ් අඩවියේ ඔහුගේ පොත් වලට අමතරව කාර් සම්න්ධයෙන් වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා ඔයාලට දැකගන්න පුළුවන් වෙයි.
ඒ වගේම අර්නස්ට් විසින් රචනා කල තවත් පොතක් මෙසේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ තමයි 2015 වසරේ ප්‍රකාශණය වූ Armada නම් වූ විද්‍යා ප්‍රබන්ධ නවකතාව. 2012 වසරේදීම මේ නවකතාව චිත්‍රපටයක් ලෙසින් එලි දක්වන්න Universal Pictures සමාගම ලොකු මුදලකට මිලට ගෙන තිබෙනවා. එහි කතාවත් වීඩියෝ ගේම් වලට සම්බන්ධ පිටසක්වල ජිවින්ගේ ප්‍රශ්නයක් කියලා විතරක් දැනට කියන්නම්. තවත් විද්‍යා ප්‍රබන්ධයක් චිත්‍රපට කාචය තුල යථාර්තයක් වෙන්න සියල්ල සූදානම් වෙමින් පවතින අවදියක තමයි ඔබ අප මෙම චිත්‍රපටය තුලින් මෙසේ මුණ ගැහෙන්නේ.
එහෙනම් මම අද මේ ගෙනෙන කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ කතාවට අදාළ වන වර්ෂය වෙන්නේ 2045. මේ කාලය වෙනකොට ලෝකය තුල ෆොසිල ඉන්ධන වලින් දහනය වන සියලුම එන්ජින් නතර වීමකට ලක්වෙලා. ඊට හේතුව අපේ වාහන දුවන ඛණිජ තෙල් ලෝකයෙන් තුරන් වී යාමයි. ඒ හේතුව නිසා ඉන්ධන මගින් වැඩකරන රථ වාහන සියල්ලක්ම දැන් කුණු ගොඩක් වෙලා අවසන්. ඒ සමඟම ලෝකය තුල උෂ්ණත්වය ඉහල යාම සහ ජනගහණ වර්ධන වේගය ඉහල යාම තුලින් ලෝකය තුල සමතුලිතාවය බිඳ වැටිලා ගිහින්. ඉතින් මේ වගේ ගැටළු වලින් මිදෙන්න සීමිත සම්පත් සඳහා අසීමිත ඉල්ලුමක් පවතින යුගයක ඒ සීමිත සම්පත වෙනුවෙන් ඉහල මිලක් ගෙවන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. එවන් යුගයක ජේම්ස් හැලිඩේ නමැති පුද්ගලයා කෘතීම යථාර්තයක දිවෙන වීඩියෝ ගේම් එකක් නිර්මාණය කරනවා. නමින් OASIS වූ එහි මූලික අරමුණ වෙන්නේ මිනිසුන්ගේ මේ ඔඩුදුවා ඇති ගැටළු වලට යම් තරමක මානසික සහනයක් කෘතිමව නිර්මාණය කල ලෝකයක් මගින් ලබා දීමටයි. OASIS නමින් හැඳින්වෙන්නේ විවිධාකාර ගේම් ක්‍රීඩා කල හැකි ලෝකයක් වගේ තැනක්. ඔබ එය තුලට සිමියුලේටරයක් හරහා ඇතුළු වූ පසු ඔබ ජිවත් වෙන්නේ ඔබ ක්‍රීඩා කරන ගේම් එක තුලයි. ඔබට කැමති චරිතයක් නිර්මාණය කරගෙන ඔබට කැමති කැමති විදිහේ තරඟ වලට සහබාගි වෙලා විවිධ දිනුම් ලබා ගන්න පුළුවන් කම ලැබෙනවා. මේ චිත්‍රපටයේ ඔබ මම ඇතුළු වන කාලය තුල ජේම්ස් හැලිඩේ කියන පුද්ගලයා මිය ගිහින්. හැබැයි ඔහු මිය යන්නේ මේ මුළු ලෝකයටම ලොකු ඔට්ටුවක් ඉතිරි කරලා. ඒ ඔට්ටුව ඔහු සඟවලා තියෙන්නේ තමන් නිර්මාණය කරපු ඒ ඔඑසිස් නමැති කෘතීම යතාර්ථය තුල. ඔහු ලොව පුරා වෙසෙන සෑම වීඩියෝ ගේම් ක්‍රීඩා කරන පුද්ගලයෙකුටම යවන පණිවිඩයක් මගින් ඔහු විසින් මේ ලබා දෙන ඔට්ටුව ගැන විස්තරයක් කරනවා.
ඒ තමයි මේ යථාර්තය තුල ඔහු ඊස්ටර් එග් එකක් (කොමික් චිත්‍රපට බලන අයට නම් මේ වචනය අමුතු දෙයක් වෙන එක්ක නැහැ.) සඟවා තිබෙනවා. හැබැයි එය ලබා ගැනීමට ප්‍රථමව සෑම කෙනෙක්ටම කඩඉම් තුනක් පසුකරයන්න සිදු වෙනවා. ඒ එක එක කඩ ඉමකට අදාලව යතුරක් හිමිවෙනවා. ඒ යතුරු තුනම හිමිවන කෙනාට තමයි අදාළ ඊස්ටර් එග් එක තිබෙන Anorak මාලිගාවේ දොර විවෘත කරගන්න හැකියාව ලැබෙන්නේ. කොපර්, ජේඩ් සහ ක්‍රිස්ටල් වලින් නිර්මාණය වූ යතුරු තුනකින් ඕනෙම ක්‍රීඩකයෙක්ට මුලින්ම ජයග්‍රහණය කර දිනාගන්න ලැබෙන්නේ කොපර් යතුරයි. ඒ සඳහා ඔහු විසින් දිනන්න බැරි විදිහේ ධාවන තරඟයක් ලබා දී තිබෙනවා සෑම තරඟකරුවෙකුටම. කොටින්ම කියනවා නම් හැලිඩේ මියගිහින් වසර පහක් ගත වෙලත් කිසිඳු තරඟකරුවෙකුට මේ පළමු කඩඉම ජයග්‍රහණය කරලා පළමු යතුර ගන්න හැකියාව ලැබිලා නැහැ. එය දිනුවොත් තමයි ඊලඟ යතුර සඳහා අදාළ වන ඉඟිය ලැබෙන්නේ. ඔව් මම කිව්වේ නැහැනේ මොකද්ද මේ තරම් ලොකු දෙයක් කරාම ලැබෙන ලොකු තෑග්ග කියල. ඒ තමයි ඩොලර් ට්‍රිලියන බාහයක් සහ ඔඑසිස්හි මුළු පාලන බලය. ඉතින් මේ වගේ දෙයක් ලැබුනම ඒ වෙනුවෙන් ලුහු බඳින්නේ නැත්තේ කවුද? කොටින්ම කියනවා නම් හැලිඩේ මියගිහින් වසර පහක් ගතවන තැන මිනිසුන්ගේ එදිනෙදා රාජකාරිය ඔඑසිස් එක තුල මේ යතුරු සෙවීම බවට පත් වෙලා. ඒ වෙනුවෙන් මිනිසුන්ට පඩි ගෙවාගෙන යතුරු සොයන්න වෙහෙසෙන ආයතන පවා බිහිවෙලා.
මේ කතාව තුල අපට මුණ ගැහෙන චරිත සහ විවිධ ආයතන වල නම් කීපයක් හඳුන්වල දෙන්නම්.
Wade Owen Watts a.k.a. Parzival:
ඔහු තමයි අපේ කතා නායකයා. සැබෑ ලෝකේ නම තමයි වේඩ් ඔවන් වොට්ස්. වීඩියෝ ගේම් වල ඔහුගේ අනුවර්ත නාමය වෙන්නේ “පර්සිවල්”. ඔහු ජිවත් වෙන්නේ පෙට්ටි වගේ නිර්මාණය උන නිවාසයක් තුල. ඒ ඔහුගේ නැන්දා කෙනෙක් ළඟ. කුඩා කාලයේදීම දෙමාපියන් මිය ගිහිල්ලා. මෙයා තමන්ගේ මුළු ජිවිතයම ජේම්ස් හැලිඩේගේ ඊස්ටර් එග් එක හොයන්න කැප කරලා තියෙන්නේ. මේ ආකාරයට ඊස්ටර් එග් සොයන පුද්ගලයන් හඳුන්වන්නේ “ගන්ටර්” කෙනෙක් විදිහටයි.
James Donovan Halliday a.k.a. Anorak:
මේ තමයි ඔඑසිස් නිර්මාතෘ වරයා. ඔහුගේ ඔඑසිස් තුල භාවිත වන නාමය තමයි ඇනෝරක්. 1980 පසුව ඇති වූ ඇමෙරිකානු සංකෘතිය තදින් වැළඳ ගත් තනිකඩ පුද්ගලයෙක්. ඔහු මිය යන විට මුළු ලෝකයටම තමන් නිර්මාණය කල දේ සහ ඉපයූ මුදල ලබා දෙන්න තීරණය කරනවා.
Aech (මෙය ශබ්ද කරන්නේ “එච්” ලෙසින්):
වේඩ්ගේ හොඳම මිතුරා ඇයයි. ඊස්ටර් එග් සෙවීමේදී නම් තවත් සතුරෙක් පමණයි. එච්ගේ විශේෂත්වය තමයි ඇයට වෙඩි තියන ගේම් වල දක්ෂයෙක් වීම. ඔඑසිස් එක තුල තරඟ වදින සියලුම තරඟ කරුවන් අතර ඇය දක්ෂයෙක්. එච්ගේ වීඩියෝ ගේම් චරිතය තරමක් හැඩි දැඩි සිරුරකින් යුතු චරිතයක්. එච්ගේ සත්‍ය නාමය වන්නේ හෙලන් හැරිස්.
Art3mis:
මේ තමයි මෙහි දකින්න ලැබෙන තවත් කාන්තා චරිතයක්. “ආර්ටිමිස්” යන අනුවර්ත නාමයකින් තරඟ වදින ඇය පර්සිවල්ගේ සිත සොරාගන්න සමත් වෙනවා. ඒ වගේම ඊස්ටර් එග් දඩයමේ ඉන්න තවත් දක්‍ෂ විරුද්ධ වාදියෙක්. වඒ වගේම සත්‍ය නාමය තමයි සමන්තා එව්ලින් කුක්.
Ogden “Og” Morrow:
ඔඑසිස් සැම නිර්මාතෘ හෙවත් ජේම්ස් හැලිඩේගේ හොඳම මිත්‍රයා. Gregarious Games නමැති වීඩියෝ ගේම් සමාගම නිර්මාතෘවරයා ඔහුයි. එමගින් තමයි ඔහු Gregarious Simulation Systems (GSS) එක නිර්මාණය කර OASIS එක නිර්මාණය කරන්න සහය උනේ.
Daito:
මේ තමයි මෙහි ඉන්න ජපන් ගන්ටර්ස්ලාගෙන් එක කෙනෙක්. ඔහු සමඟ “brother” නමින් කණ්ඩායමක් ලෙසින් එකතු වී වැඩකරන තවත් ජපන් තරඟ කරුවෙක් තමයි ශෝටෝ කියන්නේ. ඔවුන් දෙදෙනාම එච් සහ ආකෙමිටිස් දෙදෙනාගේ මිත්‍රයෝ. පසු කාලීනව ඔවුන් සියළු දෙනාම එක කණ්ඩායමක්. ඔහුගේ සැබෑ නාමය වෙන්නේ Toshiro Yoshiaki ලෙසින්.
Shoto:
මේ තමයි ඩයිටෝගේ සහයකයා හෙවත් කණ්ඩායමේ ඉන්න ලාබාලතමයා. ඔහුත් ඊස්ටර් එග් දඩයමේ තවත් එදිරිවාදියෙක්. ඔහුගේ සැබෑ නම වෙන්නේ Akihide Karatsu. ඒ වගේම ආටේමිස්ගේ මිත්‍රයෙක්ද වෙනවා.
Nolan Sorrento:
Innovative Online Industries (IOI) හෙවත් මම අර කලින් කියපු සේවකයෝ දාල ඊස්ටර් එග් එක හොයන සමාගමේ හිමි කරුවා තමයි නෝලන් සොරෙන්ටෝ කියන්නේ. ඔහුගේ අරමුණ ඔඑසිස් එක තම පාලනයට නතු කරගෙන ඉන් උපරිම ලාබ ඉපයීමයි. ඔහුගේ සමගම යටතේ තරඟ කරන තරඟකරුවන් හට කේත නාමයක් පමණයි ලැබෙන්නේ. ඔහුට අදාළ කේත නාමය වන්නේ IOI-655321. ඒ වගේම මෙයාගේ සමාගමේ සේවය අරගෙන ණය ගෙවාගන්න බැරි වෙන අයව මෙයා අරගෙන ගිහින් ඔඑසිස් එකතුල තමුන්ගේ දේවල් කරන්න සිරකරුවන් කරගන්නවා. සිරකරුවන් රඳවා තබා ඇති ස්ථාන හඳුන්වන්නේ Loyalty Centers (පක්‍ෂපාති මධ්‍යස්තාන) විදිහටයි.
ඊට අමතරව 1960-1970 දශකයේ සමාජයේ භාවිත උන ඇඳුම් වාහන, ගේම්, කෑම බීම, සංගීතය සහ චිත්‍රපට ගැන ඔයාලට දැනගන්න වෙනවා. මොකද මේ චිත්‍රපටය පුරාවටම කියවෙන්නේ ඒ වගේ අපි අහල නැති දේවල් ගොඩක්. විටක 1960 වර්ෂ වල Tab කියල කොකා කොලා සමාගමේ නිෂ්පාදිත බීම වර්ගයක් ගැන කියවෙනවා, තව විටක ඒ කාල සීමාව තුල නිර්මාණය උන එංගලන්ත සංගීත කණ්ඩායමක් වන Duran Duran කියල සංගීත කණ්ඩයක් ගැන කියවෙනවා තව අවස්ථාවක Robotron කියල ගේම් එකක් ගැන කියවෙනවා. ඉතින් මේ දේවල් චිත්‍රපටයේ යනකොට පොඩ්ඩක් රොකට් සයන්ස් පන්තියකට ගොඩ වැදුනා වගේ දැනේවි. ඉතින් මේ ලිපිය කියවල ෆිල්ම් එක බලනවා නම් ඒවා අඳුරගන්න ලේසි පහසු වේවි.
එහෙනම් කතාව ගැන දැනගන්න මේ ටික කියෙව්වම නම් සෑහෙන්න දැනුමක් ලැබෙනවා. ඊට අමතරව මේ චිත්‍රපටය නිර්මාණ දායකත්වය ගැනත් කියන්න ඕනේ. කලින් කිව්වා වගේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ සහ දක්‍ෂ අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් විසින්. ඒ වගේම රංගන දායකත්වය ලබා දෙන්නේ Tye Sheridan, Olivia Cooke, Ben Mendelsohn නළු නිලි පිරිස විසින්. දැනට IMDb අගය වාර්තා වෙන්නේ 7.8ක් ලෙසිනුයි. ඒ වගේම මෙහෙ මුළු නිෂ්පාදන පිරිවැය $175,000,000 වන විට අදදින වන විට සමස්ත ආදායම ලෙසට $573,763,601.00ක් හිමකරගෙන අවසන්. ඒ වගේම තවත් ආරංචියක් තියෙනවා බොහෝ දුරට මෙහි දෙවැන්නක් අපට දකින්න ලැබේවි නමුත් ඉතාමත් ඉක්මනින් නම් නොවේ. මොකද මේ කතාව හා සම්බන්ධ දෙවන නව කතාව දැනටත් Ernest Christy Cline විසින් ලියමින් පවතිනවා. එහෙනම් ඒ ආරංචියත් සමඟ මම සමු ගන්නම්. ඔබ සැමට ජය!
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි BR/HD පිටපත් සඳහා අදාළ වේ.
47,928 downloadsDownload Ready-Player-One-2018BR.zip172 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
177 comments
Jumanji
dsdkavishka
Thenks bro sub ekata, fattama
indika_shalinda
The.Vanished.2018 me flim akata subtitles dannako
lahiru1991
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ..
තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින් හමුවෙමු...
ජයLucifer ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න කවුරු හරි සෙට් කරන්නකෝ...
Sampathahc
ස්තුතියි ....
විදුෂාන් සජිත්
:-) බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. ලිපියත් සුපිරියටම තියනවා... දිගටම යමු, ජය වේවා!!.. :-)
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එක එනකම් හිටියේ....
සුපිරි ලිපිය...මෙච්චර දේවල් දැනන් හිටියේ නෑ...Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chathukandy
Thanks brother sub ekata..
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තුතියි ඉදිරියටත් කරගෙන යන්න
subodha
Thanks
futureomega
thax for the sub
Gathsara Umesh
Enkm idye....
Bhooom sthuuthiyi hasantha ayyee.....
Jywewaaaa.....MXORMajoR
Blue-Ray එක එනකන්ම ඉදල download කරනවා .., පට්ටම ලිපිය .., ගොඩක් ස්තුතියි ...!
@abey
කොච්චර කල් යයිද මේක එන්න
Isaac
Tnks bro sub ekta
@abey
සබ් එකට ස්තූතියි
nirodha uthpala
Thx for sub bro digatama sub denna lab3va kiya hadavatinma partana karanava bro obata jaya ...brrip vitarai meka nam balanne eakenma..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabodha Madhusankha Hettiarachchi
Dirga lassana lipiyak hasantha bro. Thank sub ekata ha lipiyata.... jaya wewa... operation sea red sub demuda..
oshanda
sub ekata thenx sahoo..loku wistharayak dala thiyenawaa..
Panther
Thanz saho
dragon_hunt
Thankz bro sub eketa.2parak withara film eke nikan baluwa.ayeth sub ekke balanawa.thankzzz
pradeep darshana
Thanz saho
prashal1025
Sub ekta tnx bro.
gayan215
bohoma sthuthi saho...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
ජයෙන් ජය.Yushan Malith
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Thilina Chamara
Thank you
Nadunpula
lipiya nama pattam.❤
praneeth01
Film eka bagena hitiye badu denakam
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට. ඔන්න ලිපියනම් මුල ඉදන් අගටම කියෙව්වා..අර කිව්වත් වගේ ඒ ටික කියවන්නේ නැතුව බැලුවනම් හරියට මීටර් වෙන්නේ නෑ. මේකනම් BR එකකින්ම බලන්න ඕනි..අප්ඩේට් එක්ක දෙන්නකෝ ආවම!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
wajira
thanks for sub
Suu
Thanks saho sub ekata
Jayen jaya......රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks aiye jaya wewa!!
SanjulaJeter
thanks
kitrock99x
thanks bro..
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට..
එක හාදයෙක් උස්සන් ආපු ෆිල්ම් ගොඩේ මේකත් තිබ්බා. බලමු හොඳයිද කියලා.
මේං සබ ගත්තා, මං ගියා..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!tharidu sagara
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට.
ජයteshanmadush
thanz saho
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
ravinduz
සුපිරිම vadak
Bandaramudiyansi
Web-dl රිප් ඇවිත් සර්. Please update mkvcage copy
shehan peiris
thanks brother sub ekata
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Dilz pasindu
මේ සබ් එක ගන්න බැනෙ සහෝ..page note found kiyla watenawa bn.
SRI
ලිපිය නම් සුපිරි...
web rip එක බෑව...
සබ් එක අප්ඩේට් කරල දෙනව නම් ගොඩක් පින්.
මේ වගේ තව සබ් කරන්න...
good luck...Gamini1982
Sub ganna bhane bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela lokka.Denakan hitiye