Watch Trailer

Diya (2018) Sinhala Subtitles | නූපන් දරුවෙකුගේ බිහිසුණු දාම ඝාතනය! [සිංහල උපසිරැසි සමඟ]

සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන… හුරතල් කිරීමට නොහැකි වුවත්… ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි. සිත සනසන දරු නැළවිල්ල… නුඹට ගායනා කිරීමට අතපසු වූ එය… ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා. වචනයකුදු නොදොඩා… අම්මා යනුවෙන් ඇය නුඹව…

සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඔබ සතු වටිනාම වස්තුව ලෙසින් වැළඳගෙන…
හුරතල් කිරීමට නොහැකි වුවත්…
ඇය තවමත් ඔබ සතු මාහැඟි කොටසකි.

සිත සනසන දරු නැළවිල්ල…
නුඹට ගායනා කිරීමට අතපසු වූ එය…
ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
වචනයකුදු නොදොඩා…
අම්මා යනුවෙන් ඇය නුඹව ඕනෑම මොහොතක ආමන්ත්‍රණය කරාවි!

තුලසි සහ ක්‍රිෂ්ණන්! අලුත විවාහපත් වූ ආදරණීය යුවලක්. බැලූ බැල්මට නම් මේ යුවලත් අනෙකුත් සාමාන්‍ය යුවලක් වගේ තමයි පේන්නේ. හැබැයි, මේ ආදර කතාව පසුපස බොහොම ඛේදජනක අතීත කතාවක් ගලායනවා. ජීවිතය කියන්නේ හැමතිස්සෙම අපිට උවමනා දේ විතරක්ම වෙන තැනක් නෙමෙයි. ජීවිතය අපේ වුනත්, අපිට සමහර තීරණ අකමැත්තෙන් වුනත් අරගන්න සිද්ධවෙනවා, අනිත් අයගේ බලපෑම මත. සමහර විට අහිමිවීම් සිද්ධවේවි. ඒත්, ඒ සියල්ලක්ම දරාගෙන ජීවිතයේ ඉදිරියට යන්න සිද්ධවේවි. මේ තමයි ජීවිතයේ ස්භාවය. මං අර ඉහත කියපු යුවලත් අන්න ඒ වගේ තමයි. හැබැයි, මේ කතාව වැඩියෙන්ම බර වෙන්නේ තරුණියට. ඒ කියන්නේ, මේ තුලසිට. වසර පහක් තිස්සේ අතිශය දරුණු ඛේදවාචකයක් ඇය සිය සිතෙහි තදකරගෙන හිටියා. නමුත්, වසර පහක් පුරාවටම ඇය සිහින දැක්කා. වසර පහක් පුරාවටම දිනෙන් දින ඇයගේ සිහිනය දළු ලා වර්ධනය වුණා. ඇය ඇයගේ සිහිනයත් සමගින් ජීවත් වුණා. නමුත්, සැබෑවටම එය සිහිනයක්ද? නැහැ! වසර ගණනාවක් පුරාවට දළු ලා රෝපණය වුණු මේ සිහිනය දවසක් දා සැබෑවක් බවට පත්වුණා!

හිටිහැටියේම තුලසිගේ සහ ක්‍රිෂ්ණන්ගේ පවුලේ සමීපතම පුද්ගලයන් කීපදෙනෙක් ඉතාමත් අභිරහස් අන්දමින් දින කීපයක් ඇතුලත මිය යන්න පටන්ගත්තා. බැලූ බැල්මට නම් අනතුරක් වගේ පෙනුණත්, මේ හැම මරණයක්ම සිද්ධවුණේ හුස්ම හිරවීම හේතුවෙන්. ඒ වගේම, මේ හැම කෙනෙක්ම මැරෙන්න කලින් අවසානෙට දැකපු කෙනා තමයි තුලසි කියන්නේ. කොහොමද මෙහෙම වෙන්නේ? අනතුරක් විදියට පෙන්නුම් කරමින්, මේ යුවලගේ සමීපතම නෑදෑයන් පමණක් මේ ආකාරයෙන් අභිරහස් ලෙස මියයන්නේ කෙසේද? එතකොට මොකක්ද මේ නූපන් දරුවෙක් ගැන කියලා තියෙන්නේ? අවුරුදු පහකට කලින් මේ යුවලට සිදුවෙච්ච අතිශය දරුණු ඛේදවාචකය මොකක්ද? අවුරුදු පහක් තිස්සේ තුලසි දැකපු හීනය මොකක්ද? අන්තිමේදී මේ හීනය හැබෑ වුනේ කොහොමද? ප්‍රශ්න කෝටියයි! පිළිතුරු අවශ්‍යයි නම්, පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ දිග හැරෙන්නා වූ මේ සිනමා සිත්තම බොහොම අපූරුවට ඔබට පිළිතුරු සපයාවි. බොහොම සංවේදී අවසානයක් සමගින්, මොකක්ද මේ වුණේ කියලා කට ඇරගෙන කල්පනා කරන්න තරම් ප්‍රබල අවසානයක් මෙම චිත්‍රපටය සතු වෙනවා.

මතකද ප්‍රේමම්? ඉන්දීය චිත්‍රපට ප්‍රේක්ෂකයෙක් නම් ප්‍රේමම් කොහොම අමතක වෙන්න ද නේද? එතකොට මතකද දන්නේ නැහැ ප්‍රේමම් එකේ මලර් ටීචර්ව? ප්‍රේමම් බැලුවා නම් මලර් ටීචර්ව අමතක වෙච්ච කෙනෙක් ඉන්න බැහැ නේද? ඔව්. ප්‍රේමම් තුලින් මුළු ඉන්දියාවක් විතරක් නෙමෙයි, ලෝකයක් හොල්ලමින් මලයාලම් සිනමාව ලෝකෙටම අරගෙන ගියපු ඒ පුංචි කෙල්ල සායි පල්ලවී තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ. චිත්‍රපට ක්ෂේත්‍රය තුල මේ පුංචි කෙල්ල තවම රංගනයෙන් සහභාගී වෙලා තියෙන්නේ සිනමා නිර්මාණ අතලොස්සක් සඳහා පමණයි. හැබැයි, මේ අතලොස්සක් වූ සිනමා නිර්මාණ තුලින් ලොව වටාම අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් ඇය වෙත ආකර්ෂණය කරගැනීමට මේ පුංචි කෙල්ල පුදුමාකාර දක්ෂයෙක් වුණා. මේ නිසාම, සිය හැඩකාර, කටකාර රංගන ප්‍රතිභාවෙන් ලොවක් අමන්දානන්දයට පත්කළ ඇය, මෙම නිර්මානයත් සමගින් දමිළ සිනමාව වෙත පා තබනවා. බැහැයි, වෙනදා දැකලා පුරුදු විනෝදකාමී, කටකාර සායි පල්ලවී නම් ඔබට මේ සිනමා නිර්මාණය තුලින් දැකගන්න ලැබෙන එකක් නැහැ. ඒ වෙනුවට, බොහොම බැරෑරුම්, සංවේදී චරිතයක් බොහොම අපූරුවට ඔබ හමුවේ ගෙන එන්නට ඇය සමත්කම් දක්වනවා. Thaandavam (2012), Thalaivaa (2013), Vanamagan (2017) වගේ දැවැන්ත නිර්මාණයක් දමිළ සිනමාවට දායාද කරපු A. L. Vijay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. චිත්‍රපටය ගැන කියනකොට සංගීතය ගැනත් නොකියම බැහැ. මතකද Vikram Vedha චිත්‍රපටයේ තිබ්බ අති විශිෂ්ඨ සංගීතය? ඔව්, Vikram Vedha චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු Sam C. S. තමයි මේ චිත්‍රපටය පුරාවටම අතිශය සුමියුරු නාද රටාවන්ගෙන් මේ සිනමා නිර්මාණය ඒකාලෝක කරමින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ. චිත්‍රපටයේ මැදකදී ඔබට නරඹන්න ලැබේවි අතිශය මියුරු සංගීතයෙන් වර්ණවත් වෙච්ච, බොහොම සංවේදී, අතිශය මියුරු ගීතයක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න, චිත්‍රපටය තුල රංගනයෙන් දායක වෙන ළමා නිළිය. නමින් ඇය Veronika Arora. යන්තම් අවුරුදු පහ හයක් විතර ඇති. හැබැයි, ඇයගේ රංගනය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි… අනර්ඝයි!

Thriller, Horror යන කාණ්ඩ නියෝජනය කරමින් අප්‍රේල් 27 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මෙම ලිපිය ලියන මොහොත වනවිට IMDB දර්ශකය 7.3 ක් වැනි ඉහළ අගයක් කරා කරකවන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ, මුලින් මේ චිත්‍රපටය නම් කරලා තිබුනේ Karu කියන නමින්. ඒත්, හිටි හැටියෙම චිත්‍රපටයේ නම Diya කියලා වෙනස් කළා. ඒ වගේම, මේ චිත්‍රපටය තෙලිඟු භාෂාවෙන් පවා සමගාමීව නිර්මාණය කරලා තියෙනවා Kanam කියන නමින්. තව දෙයක්, Horror කැටගරියේ චිත්‍රපටයක් කිව්වම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ හොල්මන් ඉන්න චිත්‍රපටය. මේකට හේතුව, වර්තමානයේ බිහිවෙන බොහොමයක් Horror චිත්‍රපට වලට පාදක වෙන්නේ හොල්මන් සහිත කතා. මේ නිසාම ප්‍රේක්ෂකයා වැරදි වැටහීමක් අරගෙන තියෙනවා, Horror චිත්‍රපටයක් නම් අනිවාර්‍යයෙන්ම හොල්මන් තියෙන්න ඕනේ කියලා. හැබැයි, Horror චිත්‍රපටයක් කියන එකේ නියම අර්ථය තමයි, ත්‍රාසය/භීතිය/තැතිගැන්ම සහිත නිර්මාණයක් කියන එක. විශේෂයෙන් මෙහෙම කියන්න හේතුව තමයි, මේකත් Horror චිත්‍රපටයක්. හැබැයි, සාම්ප්‍රදායික Horror කලාවෙන් ඈත්වෙලා, අලුත් මානයක් වෙත දොරටු විවර කරන්න උත්සාහ දරපු නිර්මාණයක්. මෑතකදී හින්දි සිනමාවෙන් එළිදක්වපු Pari චිත්‍රපටයත් මේ අන්දමේ අන්දමේ Horror කැටගරියේ වෙනත්ම මානයක් සොයාගියපු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්.

එහෙනම්, අරගෙනම බලන්න. කැමති නම් ට්‍රේලර් එකත් මුලින්ම නරඹලා ඉන්න. වෙනස්ම විදියකට ඔබව හිතන්න පොළඹවන, අවසානයේ ඔබට හිතන්න යමක් ඉතුරු කරන, සමාජයට වැදගත් පණිවිඩයක් රැගෙන එන, කම්මැලිකමෙන් තොරව නරඹන්න පුළුවන් වෙනස්ම නිර්මාණයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම්, හැමදෙනාටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.

16,460 downloadsDownload Diya-2018.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

16,460 downloadsDownload Subtitles33 KB

63 comments

  1. dedunu

    Thanks bro…..

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
    වෙනදා වගේම බොහොම ලස්සනට විස්තරයත් දීලා තියෙනවා.
    ජයෙන් ජය.

  3. Nuwan_Hero

    thanks bn enakan balan hitiye

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. praveen ranasinghe

    Thank you සබ් එකට…
    සබ් එනකම් හිටපු ෆිලුමක් තමයි මේ…

  6. Prabodha Madhusankha Hettiarachchi

    Thawath supiri movie ekak wqge . Thank sisila bro sub ekata.. pad man, operation sea red movie walatath sub demuu. Jaya wewa..

  7. THE NEW FOLDER

    Thanksss broooo.............

  8. H_anuru

    Thank you bro

  9. Thisal

    thanks

  10. Hemantha De Silva

    Thank You Sisila....
    Thanks Bais...

  11. geeganagamage

    බොහොම ස්තුතියි සිසිල ප්‍රසාද් සහෝ දිගටම මේ වගේ ලස්සන වෙනස් විදිහේ නිර්මාණ අරගෙන එන්න .

  12. oshanda

    thanks sahoo..

  13. Maadhuperera

    Thank u soo much!

  14. rudraksh

    machan man inne wena rataka. mata film eka download kara ganna link ekakto dennako.

  15. Udaya Saman

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. malith

    Ela ela

  18. thumi

    niyamai mallli..thawa sub karanna dairiya labewa

  19. Helayek

    Ela sahoo....

  20. dd

    thanks. sith gannaa sulu lipiyak.. therena bhashawen filume wisthara thiyenawa. filuma kese wethath lipiya nisa movieya balanna hithenawa.. thanks again..

  21. Prince of Darkness

    Machanla ! me movie eka download karaganna honda site ekak dennako tamilrockers eke ewa download wenne na patta slow

    Thankyou

    1. විදුෂාන් සජිත්

      'බයිස්කෝප් ඩවුන්ලෝඩ්' site එකේ තියනවා සහෝ,

    2. Prince of Darkness

      Thanx Saho

    3. විදුෂාන් සජිත්

      :-) එල..

  22. විදුෂාන් සජිත්

    :-) බොහෝම ස්තුතියි "සිසිල" සහෝ උපසිරැසියට.. 'සායි පල්ලවී' ඉන්නවා කියන්නේ ආයේ ඉතින් කතා දෙකක් නෑ සුපිරියක් තමයි.. දිගටම යමු සහෝ,.. ජය වේවා!!.. :-)
    Operation Red Sea (2018) සබ් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් සහෝ..,

  23. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. තරිඳු රසාංග

    සබට තුති සහෝ,ජයවේවා!

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  27. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  28. Su

    Thanks saho sub ekata.. :)

  29. NuwanK

    THank u Brow..

  30. rangika Kariyawasam

    බෝම ස්තුතීයි සිසිල සහෝ. නියම වැඩක්. මේ ෆටිට වැස්ස අස්සෙ සබ දුන්නට.නියම ෆිලුමක්. පල්ලවි නිසා අතාරින්නත් කෝමත් බැ.
    ජය වේවා සහෝ. ජය ජය

  31. gihan perera

    Thanks bro...good job and well done...niyamai...god bless you and keep continue it...

  32. fitdula

    thanks bro ... k

  33. shehan prathapasinghe

    tHanks brother thriller nam sisila bro thama.

  34. chathuthee

    jaya wewa

  35. chaminda1212

    niuami

  36. C lakmal

    උපසිරැසියට බොහෝම ස්තුතියි ,.... Pakka (2018) HD Tamil මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න.

  37. N_R

    Thanks.

  38. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
    පල්ලවී කොහොම අමතක කරන්නද අප්පා.. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  39. Madusankasupun

    Thnkz sisila sahooo....

  40. Wishmika Probodana

    Sub eka download wen nh ....plz blnko....

  41. Wishmika Probodana

    Balanko......

  42. Sameera_ishan

    Pakka (2018)[720p HD AVC MP4 6 4GB ESubs
    මේ movie එකටත් sub එකක් දෙන්නකො...

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. dileepau

    diya film ekata original torrent link ekak dnnkoo

  45. shaneesha

    Padman (2018) sub plzz

  46. Eranga Sandaruwan

    එල එල.
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  47. tharidu sagara

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  48. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

  49. liyanage

    Super....

  50. MAALnath

    Thanks ..............good luck .................

Load more comments