ඔන්න මං ආයෙත් ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලට කාලෙකට පස්සේ. මේකෙ නම awake.මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ කීවට එච්චරම පරණ නෑ 2007. crime, mystery, thriller ගණයට තමා මේක වැටෙන්නේ. imdb අගය 6.5ක් විදිහට තමා දැක්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් කතාවට බහිමුකෝ…

ඔන්න මං ආයෙත් ෆිල්ම් එකක් අරන් ආවා ඔයාලට කාලෙකට පස්සේ. මේකෙ නම awake.මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ කීවට එච්චරම පරණ නෑ 2007. crime, mystery, thriller ගණයට තමා මේක වැටෙන්නේ. imdb අගය 6.5ක් විදිහට තමා දැක්වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් කතාවට බහිමුකෝ. ක්ලේටන් කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු ආදරය කරනවා ඔහුගේම ගෙදර සේවිකාවක් වන සෑම්ට. සැම්ට තියන ප්‍රධානම ගැටළුව තමා එයාගේ හදවත් රෝගය. දොස්තරල කියනවා ඔහුට ජීවිතය බේරගන්න නම් වෙනත් කෙනෙකුගේ හදවතක් ඔහුට බද්ධ කරන්න වෙනවා කියලා. ඉතින් ක්ලේට බද්ධ කරන්න හදවතක් ඔහුට ලැබෙනවා. දින-වකවානු නියම කරගෙන ක්ලේ සැත්කමට යනවා. දැන් තමා කතාව පටන් ගන්නේ. සැත්කම කරන අතර තුර වෙන හැමදෙයක්ම මේ ක්ලේට පේන්න ගන්නවා. දැනෙනවා.. මාර වැඩක් නේද. සැත්කමෙන් ඔහුට මොනවද වෙන්නේ. ඔහුගේ ජීවිතය බේරෙයිද? ඔයාල අරගෙනම බලන්න. කතාව හිතාගන්න බැරි පැත්තකට යනවා. අවසානය වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් කියලා නම් මට කියන්න පුළුවන්. ආ.. කස්ටිය යන ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න හොඳේ.
පෙර පලකරන ලද ලිපිය
හර්ද සැත්මකට ලක් වෙන ධනවත් පවුලක තරුණයෙක් මුහුන දෙන සිදුවීම් පෙලක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය thriller වර්ගයට අයත්, නොහිතන ආකරයට කතාව හැඩ ගැසෙන එකක්. මේ කියන ධනවත් තරුණයා යාලු වෙලා ඉන්නෙ එයාගේ අම්මගේ පුදිගලික සහායිකාවක් එක්ක. පවුලට ගැලපෙන්නෙ නැහැයි කියල අම්ම බනියි කියලා හොරෙන් තමයි දෙන්න හමු වෙන්නෙ එහෙම (බලං ගියාම ඇමරිකාවෙත් ඔහොමයි ). මේ තරුණයා කාලයක් තිස්සෙ හර්දයාබාධයකින් පෙලෙනවා. ඒකට සැත්කමක් කරන්න එයා තෝරගන්නෙ එයා හොඳටම විශ්වාස කරන විශේෂඥයෙක්. සැත්කම අතරතුරේ දී එම තරුණයාට බාගෙට සිහිය එනවා. මේ තත්ත්වය ඉතාම කලාතුරකින් වුනත් ඇත්තටම ඇතිවන තත්ත්වයක්. මේකට කියන්නෙ anesthesia awareness. මේ තත්ත්වයට ලක්වන කෙනෙක් නිදි වගේ හිටියට හොඳට සිහිය තියනවා. වට පිටාවේ වෙන දේවල් තේරෙනවා, කියන දේවල් ඇහෙනවා, සැත්කමට ලක් වෙන වෙලාවට වේදනාව පවා දැනනවා, හැබයි කතා කරන්න වත් අතපය හොල්ලන්න තියා ඇස්පිය ගහන්නවත් වත් බැහැ. ඒ නිසා වටපිටාවෙ ඉන්න අය දන්නෙ නැහැ, සිහිය ඇවිල්ල කියලා. Awake කියන නම දාල තියෙන්නෙ ඒ නිසා. මෙතනින් එහාට කතාව නොහිතපු පැත්තකට යනවා. IMDB එකෙන් මේකට 6.5 ලැබිලා තියනව.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රංබන්ඩා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
5B41269C4F9FCB91ED510E271EB57E7AEFC2852A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,271 downloadsDownload Awake.2007.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
29 comments
Suvin
Udara
කෝ මචන් මම එවපු ලිපිය තාම උඹ දැම්මෙ නෑනේ!
maneesh
superb film .....but hard to understand...mamth balala tiyanawa....balana subs ekka baluwoth hodai........
සුභාෂ්
ah lassana film ekak wage . . .dan kaaalekin film ekak baluwe naha male . .. hetu godak nisa mata film balana eka miss una . . . eth ikmanata ayeth patan ganan ona film balana wade . . .
Anura
බාමි බාමි...තැන්කූ වේවා...
nelanthaherath
koheth wada horen wage neda mchan. baami baami ranbandata thanks
රොයිලි
ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා. ස්තූතියි මචං ලිපියට,
Uraj Deemantha
ගුරා නැතුව පාලුයි පාලුයි වගේ ......!! :(
naveen
Gura Waren Ban ?????? Umbata Mokada Une????
:::SlaPp3r:::
මෙන්න බලනවනම් ෆිල්ම්.....මෙහෙමත් ගෑනු ඉන්නවනේ....මගේ favorite නිලියක් තමයි Jessica ඒත් මේක බැලුවට පස්සේ නම් එපා වුනා(එත් ටිකක් හරිද...තාම කැමතියි)
බැලුවේ නැත්තම් අනිවා බලන්න පට්ට ෆිල්ම් එකක්.....
අනේ ඇත්තට කෝ බන් මේ ගුරා.............???Sajith Anthony
මේක කලින් බලල තියන සුපිරිම ෆිල්ම් එකක්
ආයිත් සබ් එක්කම බලන්න පුලුවන්
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!avishka
lucky – no time for love
FILM EKE UPASIRASI HADALA DENNAKOහේමන්ත
Thanks Malli
kelum
thanks
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
පට්ට එකක් වගෙ තැන්ක්ස් සබට ;)
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….wiki
Thanks
Dilip
thnx macho
tharindu
Thank you very much saho...!!!
Asitha
elama thanks
Hashan M. Priyadarshana
තෑන්කස් බ්රෝ
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
parindya96
Film eka download kara ganna link ekak dennako
Kasunabayasekara
Thanks bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

balala thiyenawa! story tikak kammali wage! a unata kathaawa hodai! mula idanma hodata baluwoth siduweem therei anthimedi!