Watch Trailer

Awe! (2018) Sinhala Subtitles | මරණයේ සිට අන්ධකාරය දක්වා… [සිංහල උපසිරැසි සමඟ]

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි. යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා. ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා. මට කිසිම හිතේ නිදහසක් නැති වුණා. මගේ හිත අවුල් ජාලාවක් වුණා. මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා. මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා. පිරිමි කෙරෙහි මං තුල…

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි.
යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා.
ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා.
මට කිසිම හිතේ නිදහසක් නැති වුණා.
මගේ හිත අවුල් ජාලාවක් වුණා.
මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා.
මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා.
පිරිමි කෙරෙහි මං තුල තියෙන වෛරය
මාව කාන්තාවන් කෙරෙහි ආකර්ශණය කිරීමක් කලා.
අම්මවයි තාත්තවයි ආපහු දකින්න මගේ හිත ආසාවෙන් හිටියෙ.
මං අතීතයට ගියොත් මරණය පරද්දන්න පුලුවන් කියලා මට තේරුම් ගියා.
මං මානසිකව අස්ථාවරයි කියලා
කිසිම කෙනෙක් මට රස්සාවක් දුන්නෙ නැහැ.
හොඳ නරක දෙකම තියෙන්නෙ අපි ගාවමයි කියලා
වතාවක් මගේ අම්මා මට කිව්වා මතකයි.
යහපත මාව ආරක්ශා කරන්න උත්සාහ කරද්දි,
නපුර විසින් මට වධ දෙන්න උත්සාහ කලා.
මගේ බලපොරොත්තු නැතිවෙලා ගිහිල්ලා මාව අවපීඩනයට ලක්වුණා.
මත්ද්‍රව්‍ය වලට පවා මං ඇබ්බැහි වුණා.
සල්ලි හොරකම් කලා.
මිනී මරන්න පවා උත්සහ කලා.
මේ මිනිස්සුන්ගෙන් එල්ලවෙන
දරාගන්න බැරි වේදනාව නිසා,
ලඟදිම මං මගේ ආත්මය නිදහස් කරගන්නවා.
මං ඉන්න ලෝකය සහ, මං තුල තියෙන ලෝකය
සහනය සොයාගනීවි.
අවිද්‍යාවෙන් මා සත්‍ය කරා මෙහෙයවනු මැනවි.
අන්ධකාරයෙන් මා ආලොකය කරා මෙහෙයවනූ මැනවි.
මරණයේ සිට අන්ධකාරය දක්වා මා මෙහෙයවනු මැනවි.

තමන්ගේ පෙම්වතා සිය දෙමවුපියන් හට හදුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියක් සහ ඇයගේ දෙමවුපියන්… රැකියා කීපයකින් ප්‍රතික්ශේපවීම මැද කෝකිවරයෙකු ලෙස රැකියාව සොයා පැමිනි කිසිත් නොදන්නා රැකියා අපේක්ශිත තරුණයෙක්… තමා ශ්‍රේෂ්ඨතම මැජික් ශිල්පියා යැයි කියා ගන්නා මැජික් ශිල්පියෙක්… ආයෝජකයෙකුගෙන් මුදල් සොරකම් කිරීමට සැලසුම් කරන්නා වූ තරුණයෙක්… ඔහුට උදව් කරන්නා වූ මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අවන්හලක සේවය කරන්නාවූ සේවිකාවක්… කලකට ඉහතදී මියගිය තව දෙමවුපියන් නැවත සොයා අතීතයට යෑමට කාල යන්ත්‍රයක් නිශ්පාදනය සඳහා උත්සාහ දරන්නාවූ තරුණයෙක්… කාල යන්ත්‍රයේ ක්‍රියාවලිය නවතාලීම සඳහා අනාගතයේ සිට පැමිණෙන්නාවූ ඔහුගේම අනාගත චරිතය… ජිවිතය පිලිබඳව කළකිරීමට පත්ව, තුවක්කුවක් සන්තකයේ තබාගනිමින්, තනිවම සිය උපන්දිනය සමරන්නාවූ තරුණියක්… එකිනෙකට වෙනස් වන්නා වූ මෙම චරිත සියල්ලම එකම ස්ථානයකදි එකිනෙකා මූණට මූණ ඝට්ටනය වෙනවා. මොකකින් මොකක් වේවිද?

හරියටම මීට අවුරුද්දකට කලින් තිරගත වෙච්ච, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ පෙබරවාරි 2016 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ කෙරෙන්නෙ. ඉන්දීය සිනමා ක්ශේත්‍රයේ දැවැන්ත චරිත කීපයක්ම එකතු කරගෙන නිශ්පාදනය කෙරෙන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Sci-Fi, Thriller, Fantasy කියන කාණ්ඩ වලට. රංගනයෙන් දායක වෙනව අපි කවුරුත් හොඳින් දන්න කියන සුරූපි Kajal Aggarwal, Nithya Menon වගේම හැඩකාර Regina Cassandra, Eesha Rebba සහ දමිල සහ හින්දි සිනමාව තුල කැපී පෙනෙන චරිතයක් වන Murli Sharma. ඒ වගේම තමයි චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ තෙලිඟු සිනමාවෙ තවත් තරුවක් වන Nani විසින්.

තෙලිඟු චිත්‍රපට නම් ඕනෙතරම් බලලා ඇති. හැබයි, වගකිමෙන් කියන්නම් මේ වගේ තෙලිඟු චිත්‍රපයක් නම් මීට කලින් බලලා තියෙනවද කියලා සැක සහිතයි. තෙලිඟු සිනමාවෙන් විතරක් නෙමෙයි, වෙන මොනයම් හෝ සිනමාවකින් මේ වගේ චිත්‍රපටයක් නරඹලා තියෙනවද කියලත් වෙලාවකට සැකයක් ඇතිවෙනවා. ඒ වගෙම කියන්න ඕනෙ, මේක සාම්ප්‍රදායික රටාවෙන් ගොඩක්ම වෙනස් චිත්‍රපටයක්. ඒ නිසා හැමෝටම ගැලපෙන එකක් නම් නැහැ. වෙනසක් හොයන, සාම්ප්‍රදායික සිනමා කලාවෙන් ඔබ්බට ගිහිං යමක් හොයන අය විතරක් අරගෙන බැලුවොත් හොඳයි. මොකද, මසාලා චිත්‍රපට හොයන සාම්ප්‍රදායික ඉන්දියානු ප්‍රේක්ශකයට නම් මේක කොහෙත්ම දිරවන එකක් නැහැ. හැබැයි, මං කලින් කිව්වා වගේ, වෙනසක් හොයන කෙනෙක් නම්, Imdb දර්ශකය 8ක් වෙනකම් කරකවන්න සමත්වෙච්ච මේ නිර්මාණය ඔබට නිසැකවම නැවුම් වූ අත්දැකීමක් ලබාදේවි.


චිත්‍රපටය බලන්න පොඩි හරි අදහසක් තියෙනවා නම් ලිපිය කියවන එක මෙතනින් නවත්වන්න. මෙතනින් ඉදිරියට පොඩි විස්තරයක් කියන්නම් මේ චිත්‍රපටයට පදනම් වෙච්ච සිදුවීම සම්බන්ධයෙන්. ඒ නිසා, තවමත් මේ චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක් නම්, බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, කරුණාකරලා ලිපිය කියවන එක මෙතනින් නවත්වලා, චිත්‍රපටය බැලුවට පස්සෙ ඇවිල්ලා අනිවාර්‍යයෙන්ම කියවන්න. එහෙම නැත්නම්, ලිපිය කියවලා ගිහිල්ලා චිත්‍රපටය බැලුවොත් නම් කතාවෙ කිසිම කුතුහලයක් නැති වේවි.

ඔබ සමහර පුද්ගලයෝ දැකලා ඇති, ටික වෙලාවකට කලින් දැකපු කෙනා නෙමෙයි ඊට ටික වෙලාවකට පස්සේ ඉන්නේ. හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. තවත් වෙලාවක දකින කොට ඊටත් හාත්පසින්ම වෙනස් කෙනෙක් තමයි දකින්න ලැබෙන්නේ. ඔබ නිකමටවත් හිතුවද සැරින් සැරේ මේ විදියට හැසිරීමේ හාත්පසින්ම වෙනස් ස්වරූපයන් ගන්නේ අතිශය දරුණු මානසික රෝගයක් නිසා බවට? ඔව්, MPD කියලා තමයි කෙටියෙන් මේ රෝගය හඳුවන්වන්නේ. ඒ කියන්නේ, Multiple Personality Disorder. සිංහලෙන් කියනවා නම්, බහු පෞරුෂත්වය ආබාධය. Dissociative Identity Disorder (DID) හෙවත් විඝටිත අනන්‍යතා ආබාධය කියලා හඳුන්වන්නෙත් මේකම තමයි. මේ රෝගයේදී සිද්ධවෙන්නේ එක පුද්ගලයෙක් සතුව අනන්‍යතාවයන් හෝ පෞද්ගලිකත්ව තත්වයන් (Personality States) දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තිබීමේ මානසික රෝගයයි. බොහෝ වෙලාවට, මේ තත්වයට පත්වෙච්ච පුද්ගලයින් පෙරදී විශාල මානසික පීඩාවකට පත්වෙච්ච පුද්ගලයින් වෙනවා.

DID රෝග තත්වයේදී සිද්ධවෙන්නේ, පුද්ගලයෙක් එක අනන්‍යතාවයක් පවත්වාගෙන යනවා වෙනුවට, එකිනෙකට වෙනස් අනන්‍යතා රාශියක් පෙන්වීමට පටන්ගන්න එකයි. ඇතැම් වෙලාවට, ඇත්තටම මේ ඉන්නේ මේ පුද්ගලයාද කියලා හිතාගන්න බැරි තරමටම වෙනස්/ප්‍රචණ්ඩ අනන්‍යතාවයන් පවා සමහර පුද්ගලයින් මෙම DID රෝග තත්වයේදී පෙන්වීමට පුළුවන්. ලාංකිකයන් ආරූඪවීම ලෙස හඳුන්වන දෙයද මෙම DID රෝග තත්වයේම කොටසක් විදියට හඳුන්වාදීමේ වරදක් නැහැ. කලකට ඉහතදී නම් මේ රෝගය ඉතාමත් දුර්ලභ එකක් වුනත්, වර්තමානයේ පවතින සංකීර්ණ ජීවන රටාව නිසාමදෝ, මෙම රෝග තත්වය බහුලව දකින්න ලැබෙනවා.

රෝග ලක්ෂණ

  • රෝගියා පුද්ගලයන් දෙදෙනෙකුට හෝ ඊට වඩා වෙනස් අනන්‍යතාවයන් හෝ පෞරුෂත්වයන් යන දෙඅංශයටම මුහුණ පා සිටියි.
  • අනන්‍යතාවයේ බිඳ වැටීම, ආත්මාරක්ෂාව, හැසිරීම් පිළිබඳ හැඟීම, චිත්තවේගයන්, සංවේදීතාව, මතකය, පෙනුම, දැනීම් තුළ වෙනසක් සිදුවීම.
  • දුරස්ථ මතකයන් නිතර නිතර දක්නට ලැබේ.මෑත අතීතය, පුද්ගලයන්, ස්ථාන සහ සිද්ධීන් ඇතුළුව පෞද්ගලික ඉතිහාසය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් වේ. තවද මෙම පුනරාවර්තන පරතරය (frequent gaps) සාමාන්‍ය අමතකවීම සමග නොගැලපේ.
  • මෙම ලක්ෂණයන් සමාජීය, වෘත්තීය හෝ වෙනත් වැදගත් ක්ෂේත්රයන් තුළ සැලකිය යුතු පීඩාවක් හෝ සායනිකව (Clinical) දුබලතාවයක් ඇති කරයි

මේ රෝගයේ විශේෂත්වය තමයි, විශේෂිත අවස්ථා අනුව, රෝගියාගෙන් විශේෂිත අනන්‍යතා මතුවෙන්න පුළුවන්. එක් අනන්යතාවකින් තවත් කෙනෙකුට මාරු වීම, බොහෝ විට මානසික ආතතිය මගින් සිදුවනු දෙයක්. ඒ වගේම, මේ රෝගයේ මාරාන්තික පැතිකඩ තමයි, මේ රෝගයට ලක්වූවන්ගෙන් 70% කට වැඩි පිරිසක් සියදිවි නසාගැනීමට පෙළඹීමයි.

ප්‍රතිකාර
දිගුකාලීන මනෝ චිකිත්සාව (long-term psychotherapy)


එහෙනම් අරගෙන බලන්න. මාස තුනකට විතර පස්සෙ තමයි උපසිරැසියක් අරගෙන ආවේ. සමහරුන්ට නම් අපිව අමතකත් ඇති 😛 වෙනදා නම් මාසෙකට අඩුම 4-5ක් වත් අරගෙන ආවා. හැබැයි, කොච්චර කාර්‍යබහුල වුණත් හොඳ නිර්මාණයක් ආවොත් අරගෙන එන්න දෙපාරක් හිතන්නෙත් නැහැ. එහෙනම්, චිත්‍රපටිය බලනගමන් මොනවහරි හිතුණොත් වචනයක් දෙකක් හලාගෙනම යන්න. ගිහිං එන්නම්. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

18,248 downloadsDownload Awe-2018.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,248 downloadsDownload Subtitles41 KB

97 comments

  1. තාරක නුවන් දිල්හාර #TND

    එලම..
    ස්තුතියි උපසිරසියට..
    ඕං ගත්තා..
    කමෙන්ට් එකක් දාලම ලිපිය කියවන්න යනවා..
    ජයෙන් ජය..!!

    1. Sanjaya8800

      720p 2655 HEVC 800mb file eke audio track eka nane

  2. tharindu

    thanks

  3. indika75

    thanks..

  4. imalikshura

    Bro baiscopedownloads eke movie eka nane

  5. තරිඳු රසාංග

    නිත්‍යා,කාජල්,ලිපියේ කියලා තිබුන ප්ලොට් එක,සිසිල සහෝගේ සබ් එක.... මේ ටැග් ටිකත් එක්ක ඉතින් අනිවා බැලිල්ලක් තමයි.සබට තුති ✌

  6. viduranga

    thanks bro

  7. Dilshan Kelum

    THanks.

  8. Bandarajbandara

    THANKS broo ජයවේවා

  9. H_anuru

    Thank you bro

  10. ntpsilva

    patta movie ekak bro ela jayn jayama wewaa!!!!!!......

  11. ntpsilva

    පට්ට ෆිල්ම් එකක් බ්‍රෝ. ජයින් ජයම වේවා!!!!!...

  12. Kanchaka

    Thanks bro

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Bandara76

    උපසිරසියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ජයෙන් ජය..!!

  15. wajira

    Thanks for sub

  16. Deshani

    Thank you

  17. Dilasanjudewapriya

    Elma saho

  18. max.mlk

    THANKS සහෝ සබ් එකට

  19. Ayesh Prashan

    Aniwa Balano.. Thank You

  20. N_R

    Thank You.

  21. ඔෂද ධනංජය

    thanx sahoo...

  22. yeshu

    tnx

  23. snak

    comment eka nam danne film eka sampurnayenma balala iwarawela supiri film eka ewagema sub ekata godak thanks awa sub karanna jayawewa

  24. PaSindu MaDumal

    කාලෙකින් ඇවිත් වගේ නේ සිසිල අයියා..!
    එල බාන ගමන්

  25. Lahiru123

    thanks bro

  26. Nirosh C

    ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

  27. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචෝ. ෆිල්ම් එක බලලා ඇවිත් ඉතුරු ටික කියවන්නම්. ජයවේවා

  28. iro875

    woowwww ... perfect thanks bro

  29. දමිත් රත්නායක

    After long time with superb article.
    Wish you best of luck bro...

  30. චානක ඉඳුනිල්

    අම්මෝ කාලෙකට පස්සෙ සිසිල සහෝගෙ සබ් එක්ක ෆිල්ම් එකක් බලන්නෙ,
    සුපිරි ෆිලුමක් දීල තියෙනව,
    ස්තූතියි සබ් එකට,

  31. Manura Sathsarindu

    සිංහල උපසිරසියට බොහොම ස්තූතියි.

  32. ඩොක් අයියා

    ඔන්න එහෙනම් බාගත්තා හොඳේ
    තැන්කු කිව්වා

  33. anonymous_boy

    පට්ට ගේමක් දුන්න අර කියවන්න එපා කිව්ව ටික පහු කරල comment section එකට එන්න.සමහර පුද්ගලයෝ දැකල ඇති කියන චුට්ට නොදැනිම කියවුනා,,, film 2 3ක්ම සෙට් උනා chapter one වගේ.දැන් ඉන්දියාව වෙනම ආතල් එකක් ගන්න සීන් එකක් තීන්නේ. අනිවා බලන්න ඕනා . සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  34. prasad thomas

    බොහොම ස්තුති කියපු නිසාම ෆිල්ම් එක බලල අවිල්ලා ඉතුරු ටික කියෙව්වෙ ....එතකොට තමයි වැඩේ තේරුනේ....ජයෙන් ජය!!

  35. Anton priyahantha

    Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you ! Thank you !

  36. superlahiru5678

    spiri film ekak bro

  37. milindag

    superb.......thanks

  38. Rumesh dhanushka

    Thankyou all my friend

  39. Tharaka

    Thanks.............

  40. Thamanna

    ❤️

  41. D.Chamara

    bohoma sthuthi sahoo

  42. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  43. rangika Kariyawasam

    ජය වේවා සහෝ

  44. සචින් කෙවින්

    meka nam paharak bn sirawatama. ayema awith comment ekk damme echchratama watina nisa. Supiri nirmanekin aye hamuwemu. elama bn

  45. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...පහල කමෙන්ට් කරලා තියෙන එකා මැසේජ් එකක් දාලා කිව්වේ නැත්තම් මෙච්චර හොද ෆිලුමක් මගහැරෙනවා...ජය වේවා..බුදුසරණයි..!

  46. Shan

    හම්මේ සිසිල සහෝ, සෑහෙන කාලෙකින්.. :D
    එහෙමත් අමතක වෙනවද මචන්?? (ඔන්න එහෙනම් හැලුවා... වචන. :P )
    ජය!

  47. Kulanjana Maduranga

    niyamai...subata thanks....

  48. eshan92

    Thank you very much superb movie

  49. aks

    Thanks...

  50. thilz

    superb film.thank you 4 the sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.