ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2018 සැප්තැම්බර් 19 වෙනිදා දකුණු කොරියාවෙ තිරගත වුණු Crime/Thriller ගණයට අයත් වන imdb අගය 6.4 කුත් 80% ක Rotten Tomatoes අගයකුත් ගත්තු පට්ට චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ මගෙ 50 නිර්මාණය ලෙසින් උපසිරැසිය කරපු Confidential Assignment චිත්‍රපටියෙ සහ මේ මෑතක…

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2018 සැප්තැම්බර් 19 වෙනිදා දකුණු කොරියාවෙ තිරගත වුණු Crime/Thriller ගණයට අයත් වන imdb අගය 6.4 කුත් 80% ක Rotten Tomatoes අගයකුත් ගත්තු පට්ට චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ මගෙ 50 නිර්මාණය ලෙසින් උපසිරැසිය කරපු Confidential Assignment චිත්‍රපටියෙ සහ මේ මෑතකදි උපසිරැසි කරපු The Swindlers කියන චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා වන hyun bin. ඉතින් මේ චිත්‍රපටිය කොරියානු සිනමාවෙ තවත් සාර්ථක චිත්‍රපටියක් හැටියට මම දකිනවා. මොකද මේකෙ අවසානය අපි හිතන විදියට ඉවර වෙන්නෙ නැති නිසා කියන එකත් ඒකට එක හේතුවක්. අවසානය දකින්න කලින් චිත්‍රපටියෙ ආරම්භය ගැන ටිකක් මම ලියන්නම්. හුඟක් දේවල් ලියන්න යන්නෙ නැහැ මොකද චිත්‍රපටිය රස විඳින්න නම කුතුහලය නැති කරල බෑනෙ. අනික කොරියන් චිත්‍රපටි බලන අය නම් මේ ලිපිය කියවන්නෙත් නැතුවම මේක බලන වග මම දන්නවා. ඒත් ඉතින් සාරාංශය මෙහෙම කියන්නම්.
කතාව ගෙතෙන්නෙ යම්කිසි පුද්ගලයින් කීප දෙනෙක්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉල්ලීම් කරන අවි ජාවාරම් කාරයෙක් මුල් කරගෙන. මෙයාගෙ එක ප්‍රාණ ඇපකාරයෙක් වෙන්නෙ මාධ්‍යවේදියෙක් කියාගත්තු කෙනෙක් අනිත් කෙනා පොලිස් ප්‍රධාන නිලදාරියෙක්. මේ අයව තියාගෙන ඉන්නෙ කතාවෙ ප්‍රධාන චරිතෙ එහෙමත් නැතිනම් අවි ජාවාරම් කරන නායකයෙක්. මේ අයගෙ තිත්පොල තියෙන්නෙ තායිලන්තෙ තියෙන දූපතක. මේ ප්‍රාණ ඇපකාරයින්ව තියාගෙන ඉන්නෙ මෙයාට මොනවහරි ඕනෙ නිසානෙ. ඒ දේගන්න මෙයා කතා කරන්නෙ කොරියාවෙ යම් කිසි රජයේ ආයතනෙකට. එතන පොලිසිය හමුදාව සහ ජනාධිපති ලේකම් පවා ඉන්නවා. ඒත් මේ ජාවාරම් නායකය ඉල්ලන්නෙ සෝල් පොලිසියෙ නිලදාරිනියක් වන හා චේ යොන් කියන කෙනාව. මෙයා තමයි මේ චිත්‍රපටියෙ අනිත් ප්‍රධාන චරිතෙ. රස්සාව එපා වෙලා ඉල්ලා අස්වීම භාර දීල ඒක අනුමත වෙනකල් ගෙදරට වෙලා තමයි මෙයා ඉන්නෙ. ප්‍රාණ ඇපයට තියාගත්තම ඒ කප්පම් කාරයො හරි හොරු හරි ඒ අදාළ අයත් එක්ක සාකච්චා කරන එක තමයි මෙයාගෙ විශේෂ හැකියාව සහ රැකියාව. මෙයාට රස්සාව එපා වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි මෙයා එහෙම සාකච්චා කරද්දි එයා ඉස්සරහම ඒ හොරු අතින් ගෑණු කෙනෙකුයි තව පිරිමි කෙනෙකුයි මැරිල යනවා. ඊට පස්සෙ තමයි මෙයාට මේක ඇතිවෙන්නෙ. ඒ වගේම මෙතනින් තමයි මේ කතාව පටන් ගන්නෙත්. ඉතින් මේ මින් ටේ ගු කියන ජාවාරම්කාරගෙන් ප්‍රාණ ඇපකාරයින්ව බේරගන්න විශේෂ හමුදා මෙහෙයුමකුත් දියත් වෙනවා. ඒත් ඒකට අවශ්‍ය කාලය ගන්න ඕනෙ නිසා මේ ආයතනයෙ අය හා චේ යොන්ව ගෙන්නනවා. මං එතනින් එහාට කතාව කියන්නෙ නැහැ.
හරි ඉතින් මේ ජාවාරම්කාරය මොකද මෙයාවම අහන්නෙ? මේ ප්‍රාණ ඇපකාරයින්ව තියාගෙන ඉන්න අරමුණ මොකක්ද? ඇයි මෙයා මේ අයවම තෝරගත්තෙ? මේකට රජය ගාව ගත්තෙ ඇයි?අවසානය මොකක් වෙයිද කියන එකනම් චිත්‍රපටිය බලලම දැනගන්න වෙනවා. තවත් චිත්‍රපටයකින් හමුවෙනකල් අදට ගිහින් එන්නම්.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,975 downloadsDownload The.Negotiation.2018.Baiscopelk.com_.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
35 comments
Hashan M. Priyadarshana
Kulanjana Maduranga
subata thanks
Chathura_Wasala
Thanks mchn
Madhura prasad
තුති වේවා සහො
Kanchaka
Thanks bro.. elama
Suranjan
Thanks machan....jayawewa.....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!asankabalage
thanks machan.ahanna deyak na chamal kelumge sub nam kohomath supiri.jaya wewa.thawa lassana ekak karamu.
D1D2D3
yts eka lassana koriyan film thiyanawa ewage sub dennako
chamal kalum
Puluwannam nam tikak kiyannako.
chandika1975
thank you for the subtitle.
kolitha
Thanx bro......
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
bohoma sthuthi sahooo jaya
waruna23
Link ekak denna friends
Ishan Madusha
ස්තූතියි සහෝ
amali
hash tag eka ewanna
RuwanLakshan93
උපසිරැසට බොහොම ස්තූතියි....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!Hiranhiru
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ජයවේවා...!akalankagayan
Thnx......
AsithaDilruwan
ela saho thanks
priyan99
thanks bro sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Chamodvishwantha
Sub ekata thanks bro.jaya weewaa
Bandaramudiyansi
Bluray walata updated ekak danna puluwan da?
Kasunabayasekara
Thanks bro..
Rukshan37
Ela ela
Dammika6189
Super super
R-TJ
thx
Lakshansilva18
R point (2004) sub denna puluwanda
Anonymous
Thanx bro
Krishani
Mage asama couple 1 inna film 1k ne thank you so much
nilanka
thanks......
Advertisement
![The Negotiation (2018) Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/The-Negotiation-2018.jpg)
Thank you saho sub ekata...
Jaya wewa!