Watch Trailer

Experimenter (2015) Sinhala Subtitles | දඬුවම හා ඉගෙනුම සහ අධිකාරියට හිස නැමීම… [සිංහල උපසිරැසි සමඟ]

“වේවැල් කෝටු නාරං සියඹලා අතූ කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතූ මෙහෙම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ පමා නොවී එමි අකුරට මෙයින් මතූ” අපි ඔක්කෝම දඩුවමට බයයි. සියලුම සත්වයෝ දඩුවමට බිය ඇත්තෝ වෙති කියලා බුදුරජාණන් වහන්සෙත් දේශනා කරලා තියෙනවා. අපිට පොඩිකාලෙදිම දඩුවම ගැන අදහසක් දුන්න පළවෙනි පාඩම තමයි 2,3 දි කටපා…

“වේවැල් කෝටු නාරං සියඹලා අතූ  කිතුල් පොල් ඉරටු වැල් කසඹිලියා අතූ  මෙහෙම ඉපල් මගෙ දෑසට නොපෑ යුතූ පමා නොවී එමි අකුරට මෙයින් මතූ”

අපි ඔක්කෝම දඩුවමට බයයි. සියලුම සත්වයෝ දඩුවමට බිය ඇත්තෝ වෙති කියලා බුදුරජාණන් වහන්සෙත් දේශනා කරලා තියෙනවා. අපිට පොඩිකාලෙදිම දඩුවම ගැන අදහසක් දුන්න පළවෙනි පාඩම තමයි 2,3 දි කටපාඩම් කරපු උඩ තියෙන කවිය. ඊට පස්සේ ජාතක කතාවලින්. ඊළඟට අපි හයේ පංතියේදි බැබලෝනියාවෙ නීතිය ගැන ඉගෙන ගද්දී “ඇසට ඇසක්, දතට දතක්, පුතෙක්ට පුතෙක්” කියලා දෙයක් තිබ්බා කියලා දැන ගත්තා. ඇත්තටම ඇයි මිනිස්සු දඬුවම් දෙන්නෙ? ඇයි අපේ ගුරුවරු, දෙමව්පියෝ අපිට දඬුවම් කරන්නෙ? ගහලා බැනලා හැහුවෙ නැති ළමයා හැදි ගෑවෙ නැති හොද්දක් වගේ කියලා කිව්වට ඉස්කෝලෙදි  ගුටිකෑවා, දණගැස්සුවා අරක කළා මේක කළා කියලා කස්ටිය ඇත්තටම හැදුණද? ගුරුවරයෙක් පංතියට ඇවිල්ලා බැනලා යනකල් මීයෝ ටික වගේ අහගෙන ඉදලා ඒ ගුරුවරයා ගියපු ගමං ඒවා අනික් කනින් පිටකරලා ඒක විහිළුවකට අරන් තියේද? නීති පද්ධතියක් හදලා චූදිතයට දඬුවම් දුන්නා කියලා අපරාද නතර වුනේ මොන රටේද? එහෙනං සවුදියේ වගේ කෲර දඬුවම් දෙන රටවල අපරාද නැත්තටම නැති වෙන්න එපායැ? නීති මගින් කෙනෙක්ට දඩුවම් දුන්නත් ඒ දඬුවම්දීමෙත් කෙනෙක්ට වෙච්ච වැරැද්දකට පළිගැනීමේ චේතනාවක් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නෙ නැද්ද? දෙවනි ලෝක යුද්ධෙදී, ලංකාවෙ භීෂණ කාලෙදි මනුස්සයෝ පාලකයෝ කිව්ව පදේට නටලා තමන් එක්ක එක බත් පත බෙදන් කෑව යුදෙව්වන්ට,වියට්නාම් වැසියන්ට, ජපනුන්ට ජෙප්පන්ට, ටොයියන්ට, බයියන්ට කොච්චර හිරිහැර කරන්න ඇද්ද? ඇයි මනුස්සයෝ බල අධිකාරියට අවනත වෙන්නේ?f

ඔය මම කිව්ව මට තිබ්බ ප්‍රශ්න ඔයාලටත් තිබ්බද? එහෙනම් Experimenter (2015) කියන්නෙ ඔයා බලන්නම ඕනෙ සලෙරුවක්. මේක PG-13 කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 6.6කිනුත් කුණු තක්කාලි මීටරේ 86% කිනුත් කරකවපු චරිතාපදාන, නාට්‍යමය, ඓතිහසික,සත්‍ය කතා යන වර්ගීකරණයන්ට අයිතිවෙන පැය 1යි විනාඩි 38ක් පුරාවටම දිවෙන සලෙරුවක්.  කවුරුත් දන්නවනෙ කුණු තක්කාලි මීටරේ කරකවන්න තියෙන අමාරුකම. ඕකෙන්ම සලෙරුවේ තරම තේරෙනවනේ. මේ සලෙරුව බැලුවාම ඔයාලට මිනිස්සු කියන්නෙ කොහොම ජාතියක්ද කියන එක සක් සුදක් සේ පැහැදිලි වෙනවා නොඅනුමානයි. ඒවගේම කලින් සදහන් කරපු ප්‍රශ්නවලට සමහරවිට විසදුමුත් ලැබෙන අතරේ ඔයාගෙ හිතට දඬුවම හා ඉගෙනුම අතර තියෙන සම්බන්ධයයි බලය ඇති තැනට අවනතවන මානුෂ සොබාවය ගැන තව ප්‍රශ්න ඇතිවේවි.

මේ Experimenter (2015) ෆිලුම පදනම් වෙන්නෙ social experiment එකක් මත. වැඩියෙන්ම පදනම් වෙලා තියෙන්නේ මහාචාර්ය මිල්ග්‍රම් ලිව්ව Obedience to Authority: An Experimental View කියන පොතමත. ලංකාවෙ ලගදි ප්‍රසිද්ධ වෙච්ච පොඩි කොල්ලෙක් කරපු එකක් වගේද මේක? මේක හාවඩ්, යේල්, නිව්යෝක් නගර කියන විශ්වවිද්‍යාලවල ඉගැන්නුව මහාචාර්ය ස්ටැන්ලි මිල්ග්‍රම් කරපු ආන්දෝලනාත්මක ප්‍රතිඵලය ලැබුනු small-world, lost-letter, street-corner, familiar strangers කියන පර්යේෂණයි එව්වගෙන් ලැබුනු ප්‍රතිඵලයි ඒ පර්යේෂණ කළා කියලා එයාට විදින්න වෙච්ච ගල්, මල් සියල්ල ගැන ඇතුලත් ලස්සන චිත්‍රපටයක්. මේ සලෙරුව තුල සමාජ මනෝ විද්‍යාවට අදාල පොත් පත් ඒවා ඇසුරෙන් කරපු මාලා නාටක, චිත්‍රපට අදිය ගැනත් සදහන්. මම එව්වා ගැන පොඩි පැහැදිලි කිරීම් උපසිරසියේම දැම්මා. The Game of Death (2010) කියන්නෙත් මේ මහාචාර්ය මිල්ග්‍රම්ගේ පර්යේෂණ ඇසුරෙන් හදපු තවත් සලෙරුවක්.

මම සලෙරුවේ ආරම්භය විතරක් මෙහෙම කියන්නම්. ඔයා තව කෙනෙක් එක්ක පර්යේෂණයකට උදව් කරන්න යනවා. පර්යේෂණයදී තුණ්ඩු උඩ දනවා. ඔයාට “ගුරුවරයා” කියන තුණ්ඩුව ඇවිල්ලා තියෙන්නෙ. අනිත් කෙනා “ගෝලයා”. ගෝලයාගෙ අතට විදුලි සැර ජනකයක් හයිකරලා ඔයාට කියනවා අහන ප්‍රශ්නවලට වැරදි උත්තර දෙන වාරයක් ගානෙ “ගෝලයාට” විදුලි සැර වද්දන්න කියලා… ඔයා මොකක්ද කරන්නෙ? ඔයත් එක්ක ගිය කෙනාට විදුලි සැර වද්දනවාද? නැත්තං…

Life can only be understood backwards but it must be lived forwards.  -Experimenter (2015)-

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,267 downloadsDownload Experimenter.2015.Baiscopelk.com_.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)

Subtitles

2,267 downloadsDownload Subtitles59 KB

18 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata...
    Jaya wewa!

  3. Kulanjana Maduranga

    subata thanks

  4. DBMadhushan

    Thanks Dear.....

  5. chandika1975

    thank you for the subtitle.

  6. indika75

    thanks..

  7. Bandara76

    පමා නොවී එමි baiscopelk වෙත මෙයින් මතූ...උපසිරැසියට ගොඩක් ස්තුතියි…

  8. sampath n perera

    thanks

  9. bLack_sNow

    Thanks bro sub ekata

  10. Sahasra

    අදහස් දැක්වූ සැමට තුති.

  11. D.Chamara

    bohoma sthuthi sis

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජයම වේවා!

  14. Udaya Saman

    උපසිරසියට බොහොම තුති..දිගටම සබ් දෙමු..

  15. බොබී

    අර උඩ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් ‌දෙන්නම්. ‌දෙන්නත් එක්කම එකතු ‌වෙලා පරීක්ෂණය කරන ‌කෙනාට එහෙම කලොත් ‌මොකද? ෆිලුම බලලාම දැනගමුකෝ. සබ් ඒකට ස්තූතියි, අක්කේ.

  16. AsithaDilruwan

    ela sahi thanks

  17. Pramukmili

    thanxxx bro.........

  18. Konarad

    THANKS