Watch Trailer

Ayan (2009) | මෙහෙමත් බිස්නස් [සිංහල උපසිරැසි සමඟ]

මෙය මාගේ පළමු උපසිරස ගැන්වීමයි,,ඉතින් පළමු වැඩේම මන් බලපු සුපිරිම ෆිල්ම් එකකින් පටන් ගත්තාමේක ටිකක් පරණ එකක් උනත් මේක තමයි මන් බලපු ඉස්සෙල්ලම දමිල චිත්‍රපටිය .මේකෙන් පස්සේ මන් දමිල චිත්‍රපට වලට මහත් ආසාවක් දැක්වුවා.මේක නම් ආයේ කතා දෙකක් නැ පට්ටම පට්ට ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ K,V ආනන…

මෙය මාගේ පළමු උපසිරස ගැන්වීමයි,,ඉතින් පළමු වැඩේම මන් බලපු සුපිරිම ෆිල්ම් එකකින් පටන් ගත්තාමේක ටිකක් පරණ එකක් උනත් මේක තමයි මන් බලපු ඉස්සෙල්ලම දමිල චිත්‍රපටිය .මේකෙන් පස්සේ මන් දමිල චිත්‍රපට වලට මහත් ආසාවක් දැක්වුවා.මේක නම් ආයේ කතා දෙකක් නැ පට්ටම පට්ට ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ K,V ආනන්දන්,.මේකේ දකුණු ඉන්දියාවේ සුපිරි නළු Surya,Prabhu,Tamannaah සුපිරි රංගනයක් නිරත වෙනවා.මේක imdb මීටරේ 6.7ක ඉහල අගයක් සහ සම්මාන 11ක් පමණ දිනාගෙන තියෙනවා.මෙහි සංගීත අධ්‍යක්ෂණය අපි කවුරුත් දාන්න හැරිස් ජයරාජ්.අපි දන් මේකේ කතාව දිහා පොඩ්ඩක් බලමු.

මේ කතාව දිවෙන්නේ දේවා(surya)කියන තරුණයා වටා.මෙයා සුපිරි වැඩකාරයෙක්,මෙයාගේ අම්මට ඕනේ මෙයාව හොද රජයේ රැකියාවක් කරන පුද්ගලයෙක් කරන්න.එත් මෙයා එකේ අනිත් පැත්ත,මෙයා නිතරම කරන්නේ දාස්(prabhu)කියන පුද්ගලයත් එක්ක එකතු වෙලා පිටරටින් හොර බඩු පන්නනවා,හොර බඩු කිව්වේ දියමන්ති,රත්තරන් වගේ දේවල්.මේ හැම හොර වැඩකටම යන්නේ දේවා.(ගුවන්තොටුපොලෙන් කොහොමද මේ වගේ හොර බඩු පන්නන්නේ කියලත් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්).මෙවැනි බිස්නස් කරන තවත් පුද්ගලයෙක් ඉන්නවා .ඔහු කමලේෂ්.මොහුට ඕනේ කොහොමහරි දාස්ව පරද්දල මේ බිස්නස් වලින් පළවෙනියා වෙන්න.මේ අතරේ දාස්ලගේ වැඩ ගැන කමලෙෂ්ට ඔත්තු දෙන එක් අයෙක් ඉන්නවා.

ඒ කවුද කියා ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි.අර කියන ද්‍රෝහියා හොයා ගත්තට පස්සේ කතාව ටිකක් වෙනත් අතකට ඇරෙනවා.දේවාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවෙනවා.මේ අතරේ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.මේකේ සුපිරි සිංදු ටිකක් තියෙනවා,අනික මේ සමහරක් සිංදු මේ කතාවටද අදාලයි,ඔයගොල්ලෝ youtube එක පැත්තේ මේකේ සිංදු ටික ගැන search පාරක් දාල බලන්න.ඔය ගොල්ලන්ට අනිවා මේක බලන්න ආස හිතෙයි.මේකේ සුපිරි ගේම් ටිකක් තියෙනවා.මේකේ රුගත කිරීම් අප්‍රිකා,මැලේෂියා,ඉන්දියා වැනි රටවල් රාශියක සිදු කර තිබෙනවා.

දේවගේ අම්මගේ ආශාව හිටුවෙවිද?කමලෙෂ්ට පළවෙනිය වෙන්න පුළුවන් වෙයිද?මේ හොර බඩු බිස්නස් අවසානයේ පොලිසියට අහු වෙයිද?දේවාට මොනවගේ ප්‍රශ්න ඒවිද?ඒවාට කෙසේ මුහුණ දෙයිද?අවසානයේ මේ ගොල්ලන්ගේ ආදරය ජය ගනීද?මේ හැමදේටම උත්තර ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එකෙන් හම්බවෙයි.කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම බලන්න පුළුවන්,සමහරක් අය මේක බලලත් ඇති,TV එකෙත් කිප සරයක් පෙන්නුවා,බලපු නැති අය මේක අනිවා බාගෙන බලන්න.මේක ඔය ගොල්ලන්ගේ ආසම ෆිල්ම් අතර එකක් වේවි.බලලා හැමෝම හොද නරක කියලා comment එකකුත් දාල යන්න.පලවෙනි වැඩේනේ :D .එහෙනම් මම සමුගන්නවා ,තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් හමුවෙමු

G.I. Joe: Retaliation (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray හා DVD පිටපත් සඳහා අදාළ වේ.

12,451 downloadsDownload Ayan-2009.sinhala-sub.baiscope.lk_.rar81 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ඉදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,451 downloadsDownload Subtitles81 KB

0 comments

No comments yet.