ඉන්දියාවේ කුඩා ගම්මානයක තම මව සමඟ ජීවත් වූ “ශ්‍යාම්”, “චෞද්රි” මහතා යටතේ ගොවිපොළක සේවය කරයි. තම හාම්පුතාගේ එකම දියණිය වන “බර්කා” සමඟ ශ්‍යාම් පෙම් සබඳතාවයක් ඇති කර ගනී. මේ අතර චෞද්රි මහතාගේ ඥාති පුත්‍රයෙකුවන “රන්ජිත්” මෙම ගොවිපොළේ කළමනාකරු ලෙස පත්වීම් ලබා පැමිණේ. ශ්‍යාම් සහ රන්ජිත් අතර හොඳ මිත්‍රත්ව…

ඉන්දියාවේ කුඩා ගම්මානයක තම මව සමඟ ජීවත් වූ “ශ්‍යාම්”, “චෞද්රි” මහතා යටතේ ගොවිපොළක සේවය කරයි. තම හාම්පුතාගේ එකම දියණිය වන “බර්කා” සමඟ ශ්‍යාම් පෙම් සබඳතාවයක් ඇති කර ගනී. මේ අතර චෞද්රි මහතාගේ ඥාති පුත්‍රයෙකුවන “රන්ජිත්” මෙම ගොවිපොළේ කළමනාකරු ලෙස පත්වීම් ලබා පැමිණේ. ශ්‍යාම් සහ රන්ජිත් අතර හොඳ මිත්‍රත්වයක් ද ඇතිවේ. මෙහි දී රංජිත්ගේ සිතේ බර්කා පිළිබඳ ආදරයක් ගොඩනැඟෙයි. මේ අතර ගොවිපොළට යද්දී කොටියෙකු පහර දීමෙන් චෞද්රි මහතා මියයයි.
ඉතා අවංකව ගොවිපොළට සේවය කළ ශ්‍යාම් රුපියල් ලක්ෂ දහයක මුදල් සොරකමකට සැකකරයි. මෙම මුදල් අතුරුදහන්වීම සහ ශ්‍යාම් එයට සම්බන්ධ කරවීම රංජිත්ගේ සැලැස්මක් බව පසුව හෙළිවේ. එය බරකා ඔහුට දිනාගැනීම සඳහා කරන ලද සැලැස්මකි. මෙම ගැටුම් අතරට මැදිවන ශ්‍යාම් සහ රන්ජිත් නිවුන් සොහොයුරන් බව රංජිත්ගේ මව හෙළිකරයි. අවසානයේ බර්කා නැමති සුරූපී තරුණිය කාට හිමිවේද?
ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි ච්ත්‍රපටය ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. මෙහි ඇතුළත් හින්දි ගීත ද ලංකාවේ ඉතා ජනප්‍රිය විය. මිල්ටන් පෙරේරා ගායනා කරන “ඔබ කව්ද ප්‍රියේ” සහ එච්.ආර්.ජෝතිපාලයන් ගායනා කරන “මම ආදරේ කියන්නම්” මෙම චිත්‍රපටයේ ඇති හින්දි ගී තනු ආශ්‍රයෙන් බිහි වූ ලංකාවේ අදටත් ඉතා ජනප්‍රිය ගීත දෙකක් වේ.
අපේ රටේ මාධ්‍යයන් නව පරපුර වෙනුවෙන් ම සියලු නිර්මාණ කරන අවදියක මට සිතුනා වැඩිහිටි අය වෙනුවෙන් ඒ අය ප්‍රිය කරන යමක් කර එය රට පුරා යවන්න. මගේ උත්සාහය ඇත්තෙන්ම සාර්ථකයි. ව්‍යාප්තවීම බොහෝයි, ප්‍රතිචාර බොහෝයි. එහි හතරවන උත්සාහයයි මේ. 1964 වර්ෂයේ තිරගත වූ මෙම හින්දි චිත්‍රපටය “ෆිල්ම් ෆෙයාර්” සම්මාන කීපයක් සඳහා ද නිර්දේශ විය. මෙහි සංගීතය ශංකර් ජායික්‍රිෂන්. ගීත ගායනය මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර් සහ ආශා බෝස්ලේ. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි! මෙය සඳහා ඇත්තේ ටොරන්ට් ලින්ක් දෙකක් පමණක් නිසා මෙම ලින්ක් එක හරහා බාගත කිරීම ප්‍රමාද විය හැක. එහෙත් බාගත කිරීම සම්පුර්ණ කරගත හැක.
705F334FA34C68DEB4E37CAE796E0568D8762007 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
653 downloadsDownload Ayee-Milan-Ki-Bela-1964-baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
28 comments
දගකාර හුරතලා (koba)
Vithanage Priyantha Dayakeerthi
" හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, අභිමාන්” වැනි පැරණි හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරසි කරන්න කියල ඉල්ලීම් තියෙනවා.
එහෙත් එම පැරණි හින්දි චිත්‍රපටවලට වෙනත් අය සිංහල උපසිරසි කරල තියෙන්නේ. ඒවා DVD Shop වල තියෙනවා. එහෙම මිලදී ගත් පැරණි හින්දි චිත්‍රපටනම් මා ළඟ තියෙනවා. ඒවායේ නාමාවලිය පහත තියෙනවා. සේවයක් විදියට මට ඒවා කොපි කරල ඔයාලට එවන්න පුළුවන්. එක් සිංහල උපසිරසියක් කරන්න දින ගණනාවක් යන නිසා මම කරන්නේ එසේ කලින් නොකරපුවා විතරයි. මගේ දුරකතන අංකය 0718222697.හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී.
ඉදිරි දින කීපය ඇතුළත කීපදෙනෙකුගේ ඉල්ලීම මත ඉතා ජනප්‍රිය "සංගම්"(1964) හින්දි චිත්‍රපටයට උපසිරසි ලබාදෙන්නම්. ස්තුතියි!
Chaminda Lakruwan
Tnz macho sab ekatha mama meka kalin balala tiyenawa niyama film ekak.dan sab akka balanna one.tawath oya wage parana film danna saktiya labewa.
ගුජුම්පියෝ
mewa paranayane lingaa kiyanne alut movie ekak rajinikaantage puluwannam eeka sub eka denna
එල්.සී. දමැල්
ඒකට සබ් දීලයි තියෙන්නේ
එල්.සී. දමැල්
නියමයි විතානගේ සහෝ...
දිගටම මේ වැඩේ කරගෙන යන්න...
ජය...Sisira Hegoda
මේ වතාවේ නම් හින්දි සිනමාව ගැන කියන්නෙ නැහැ. උපසිරසිවල දක්නට ලැබුන දේවල් ගැන දැකපු දේවල් ගැන ටිකක් කියන්නම්.සින්දුවලට සබ් දාල නෑ වගෙයි දාපු ඒවයෙත් සින්දුවලත් මැද පන්නල ගිහින් වගෙයි. ලතාගෙ "මෛ කම්සි න හෝ" වල මුල් පදවලට දාලා තියෙන්නෙ තුම් කම්සි න හෝ ගීතයෙ අර්ථය වගෙයි. මෙහෙම අඩුවක් දැක්කම කියන්නෙ හිතවත් හින්දයි. තරහ අවසර. අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නෙ හොඳම දේ නිසයි. සබට බොහොම ස්තූතියි. සංගම් සෙි කියලයි හිතුවෙ. ඒකෙ මෙහෙර්බාල් ලිඛුං ගීතයට මතක ඇතිව සබ් දාන්න.
Kulanjana Maduranga
niayamai…mewani watina nirmanayanta sub dena 1ka nm agaya krnna ona.thanks PRIYANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanchana
humm...aith ithin mewata asay,
godak lassana sindu thiyenawa,
ith eke pennaddi ammagen benum aha aha beluwa ... e athithaya sihi kara kara balanawasub walata sthutiy
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
kaumadi
well done brother.. me wage perani hindi film balanna asa wedihiti aya godak innawa. e nisa oya me karapu de godak watinawa. please puluwan nam aap aye bahar aye (kalak thisse sinduwe hindi sinduwa tiyana ), chirag kahan roshani kahan ( pahana lagai aaloke durai sinnduwe hindi eka tiyana ) films walatath sub danna. thank you very much for the sub....
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
“චූටී මල්ලි”
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..DDSameera
niyama wadak...Great Thing !! Good luck brother !
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !NILANTHA
charter film ekak ne ban
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaushal Manu
Old is Gold...thank u machan.... :D
Deex
Supiri Wadak
Thanks
Digatama Old Hindi Sub Karanna.............................
nandana jayantha
ඔබට බොහොම ස්තුතියි.
Jaliya with alone
"Noori" Movie ekta sinhala sub dennako
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයධනු
මෙවැනි නිර්මාණයන් අප සමඟ බෙදා ගැනීම සම්බන්ධව ඔබට තුති.
කියන්න කැමතියි ආයේ එහෙම මේ පැත්තට එන්නේ නැති පාටක් නේ තියෙන්නේ?
ඒක ඉතින් ඔයාගේ කැමැත්ත නොවැ!
අළුත් කෙහෙල්මල් දැකල දැකල එපා වෙන වෙලාවක් මෙහෙම එකක් දීපු එකට ස්තුතියි අයියේ.
මේ ලෝකේ නැති සත්තු පිටේ යන,කාර් වලින් පනින,අහසේ ඉගිලෙන,එකක් වැදුණම හැතැම්මක් දුරක විසික් වෙන,
එහෙම සංස්කෘතියක් තමා වර්තමානයේ දක්නට තියෙන්නේ..එහෙම දේවල් වෙන්න පුළුවන් දේවල්ද?
විමසන්න ඔබේ සිතින්!
පිළිතුර තියෙන්නේ ඔබ ලඟමයි.
උපසිරැසියට තුති ප්‍රියන්ත අයියේ...ජය!ධනු සොයුර, ඔබ දැක් වූ අදහස්වලට ස්තුතියි! ස්වර්ණමය චිත්‍රපට සඳහා උපසිරසි යෙදීම දිගටම කරගෙන යනවා. ඉදිරියේදී ඔබට ඒවා දකින්නට ලැබේවි. පැරණි චිත්‍රපට රසිකයෝ පිරිසක් තවමත් ලංකාවේ ඉන්නවා.
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා ..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnQ maChan Sabata elama ekak a :D