ඔන්න එහෙනම් ආයෙමත් අද මම උපසිරසියකින් ඔයාලාව හමුවෙන්නේ පවුලේ සැමට රසවිදිය හැකි ලස්සන සිනමා පටයක් අරගෙනයි. පවුල සම්බන්ධ සිනමා පටයක්. මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඒත් ඒක කරන්න කියලා උත්තරයක් ආවේ මට පරක්කු වෙලයි. මේ වෙලාවේ මෙහෙම හරි උපසිරසියක් අරන්…

ඔන්න එහෙනම් ආයෙමත් අද මම උපසිරසියකින් ඔයාලාව හමුවෙන්නේ පවුලේ සැමට රසවිදිය හැකි ලස්සන සිනමා පටයක් අරගෙනයි. පවුල සම්බන්ධ සිනමා පටයක්. මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඒත් ඒක කරන්න කියලා උත්තරයක් ආවේ මට පරක්කු වෙලයි. මේ වෙලාවේ මෙහෙම හරි උපසිරසියක් අරන් එන්නේ බොහොම අමාරුවෙන්, මොකද මේ රටේ පවතින තත්වයත් එක්ක ඔයාලට වගේ ගෙදරට වෙලා ඉන්නනම් අපිට අවස්ථාවක් නෑ. මොකද මේ වෙලාවේ රටේ වැදගත්ම අංශ දෙකක් වෙන ආරක්ෂක අංශයයි, සෞඛ්‍යය අංශයයි යන දෙකටම අයිති රැකියාවක් කරන නිසා ඒ රාජකාරි වල දිවා/ රෑ නොබලා රාජකාරි කරන අතර ලැබුන පොඩිම වෙලාවකින් හරි මෙහෙම උපසරියක් අරගෙන එන්නේ ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා ඉන්න නිසයි. ගිය පාර වගේ අදත් අරන් ආවේ කන්නඩ ෆිලුමක් තමයි.
ඉතින් මේකට වෙනද වගේම උපසිරසි ගන්වන්න අවස්ථාව ලබා දුන්න විමා සහෝටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා. දකුණු ඉන්දියාවේ භාෂා හතරෙන්ම චිත්‍රපට නිපදවා ඇති ,ඔහුගේ තීරය යටතේ බ්ලොක්බාස්ටර් රාශියක් ඇති තවත් අවුරුදු 02 කින් සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙස වසර 40 ක් සම්පූර්ණ වන පී. වාසු විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සලරුවයි අද මම ඔයාලා වෙනුවෙන් උපසරිසි අරගෙන ආවේ. .
රචිත රාම්, සුහසිනි මනිරත්නම්, ආනන්ට්නාග් සහ නිධි සුබ්බයා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි. ශිවරාජ් කුමාර් නොහොත් ශිවන්නා තමාට ඕනෑම භූමිකාවක් ඉතා පහසුවෙන් නිරූපණය කල හැකි බව නැවත වරක් මෙහිදී ඔප්පු කර පෙන්වයි.
මේක මතක තියාගන්න
අවුරුදු තුනක් තිස්සේ මානසික රෝගියෙක් වුන
ඔයා දන්නේ නැහැ
මම මෙි ගෙදර ඉදපු මාස හයේ හැමදවසකම…
මම දැක්කා පවුලේ අය ඔයා වෙනුවෙන් දුක් වෙනවා.
මම දැක්කා එයාලා නිදාගත්තේ නැහැ,
සතුටින් හිටියේ නැහැ
ඔයා දන්නවද ?
ඔයාගේ සියා දවස පටන් ගන්නේ පවුලේ පින්තුරය දිහා බලලා.
එයාගේ කැමැත්ත දරැ මුණුපුරෝ හැමෝම එයා වටේම තියාගන්න.
අද ලෝකේ ඒකාබද්ධ පවුල් හොයාගන්න අමාරැයි.
ඒත් ඔයාට හැමදාම ආදරය කරන පවුලක් තියෙනවා.
දැන් ඔයා තිරණය කරන්න
ඔයාට මාවද ඕන නැත්නමි මේ පවුලද ?
මම ඔයාලව වෙන් කරන්න කැමති නැහැ.
පවුල් සංස්ථාව කියන්නේ අපි හැමෝටම වටිනාම තැන.ගෝපිගේ පව්ලටත් එහෙමයි. විනෝදෙන්, සතුටෙන් ජීවත් වුන පවුලක් තමයි මේ පවුලත්. එයාගේ දරුවෝ, මුණුබුරෝ, ලේලියෝ කොටින්ම නෑදෑයෝ වෙන හැමෝම ජීවත් වුනේ මේ ගෝපිගේම ගෙදර ඉතින් ගෝපි මේ පවුලත් එක්ක සතුටෙන් ජීවත් වෙලා ඉන්නකොට මේ පවුලට කරදර වගයකට මුහුණ දෙන්න වෙනවා. චිත්‍රපටය පටන් ගන්නෙම දුම්රියක සිදුවන සිද්ධියකින්. ඉතින් ගෝපිගේ පුතාල තුන්දෙනයි, එයාගේ දුවයි තමයි ඉන්නේ. පුතාලා විවාහ වෙලා දරු මුණු බුරොත් ඉන්නවා. ලොකු දුව විවාහ වන්නේ කෝටිපති වඵාරාරිකයෙක් එක්ක. මෙයාලගේ දරුව තමයි ලක්ෂ්මි කියන්නේ. එයා සංගීතෙට ගොඩක්ම කැමති, ආස කරන කෙනෙක්.
ඉතින් දවසක් මෙයාගේ සංගීත තරගයකට සබභාගි වෙන්න යනගමනෙදි අම්මවයි, තාත්තවයි දෙන්නවම මෙයාට නැති වෙනවා. ඒ ලක්ෂ්මිගේ ඇස් දෙක ඉදිරිපිටම තමාගේ දෙව්පියන් දෙන්නා පිච්චෙනව දකිනවා. මේක දැක්කට පස්සේ ලක්ෂ්මිගේ ජීවිතේට කණකොකා හඩනවා. ඒ මෙයාට කිසිම දෙයක් මතක නැතුව, පිස්සියක් වගේ හැසිරෙන්න ගන්න නිසා. ඉතින් මෙයා කොච්චර දොස්තරල ගාවට ගෙනිච්චත් ප්‍රෙයා්ජනයක් වෙන්නේ නෑ. මේ නිසා තම මිණිබිරීව ගෙදරට ගෙනවිත් බෙහෙත් කරන්න හිතන් ගෝපි(සීයා) මෙයා ගෙදරට ගේනවා. ටික දවසක් මෙහෙම ගෙදර හොදින් ඉද්දි පුජාව දවසෙ ගින්දර දැක්කට පස්සේ ලක්ෂ්මිට අතීතය ආයමත් මතක් වෙලා පිස්සුවෙන් හැසිරෙන්න පටන් ගන්නවා. මේ නිසා ගෝපි ලක්ෂ්මිව මෙයාලගෙ ගෙදරට අල්ලපු මෙයාලගේම ගෙදරක හිර කරනවා. ඒ ඇයව බලා ගන්න සේවකයොත් පත් කරලයි. මෙහෙම ඉද්දි මේ ගෙදරට දවසක් පුද්ගලයෙක් එනවා.
එයාගේ නම ක්‍රිෂ්ණා. ඉතින් මෙයා එන්නේ මෙයාලගේ මිණිබිරයකගේ විවාහ උත්සව දවසේ. එහෙට ඇවිත් මෙයා මේ හැමෝටම උදව් කරනවා. කොහොමින් හරි ගෝපිලාගේ පවුලේ අය හිතන්නේ ක්‍රිෂ්ණා මනමාල පාර්ශවයේ කෙනෙක් කියලා. විවාහ උත්සවෙන් පස්සේ තමයි දැන ගන්නේ එයා ඒ පාර්ශවේ නෑදෑ කෙනෙක් නෙමෙයි කියලා. කොහොමින් හරි මෙයා කියන්නේ පත්තරේ දැකපු ලිපියක් නිසා එයා ගෝපි මහත්තයා ගාව වැඩට ආවා කියලා. කොහොම හරි ක්‍රිෂ්ණා ඉතින් ගෝපි මහත්තයාගේ සුවචි, කීකරු සේවකයා වෙනවා. ඉතින් හැමෝම මෙයාට කැමති. මෙයා මොනා කිව්වත් එයා කියන දේ අහනවා. දවසක් මෙයාට මේ ගෙදර සිද්ද වෙන අද්භූත දෙයක් දකිනවා. ඒ ගැන ප්‍රශ්ණ කරත් මෙයාට කව්රුත් කියන්නේ ඒගැන අහන්න එපා කියලයි. ඉතින් මෙයා මොනවා කරයිද..?
කව්ද මේ ක්‍රිෂ්ණා..?
මොකටද එයා මේ ගෙදරට ආවේ..?
ඇයි එයා ගෝපිගේ සේවකයා විදිහට ඇවිත් මේ ගෙදරට ඇවිත් උදව් කරන්නේ..?
එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්න මේක අරන්ම බලන්න කියන ගමන් ආයෙත් ඉක්මණින් ලස්සන මෙවැනි ෆිලුමක් අරන් එන පොරොන්දුවෙන් අදට මම සමුගන්නවා.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : P. Vasu
කාණ්ඩය : Action, Drama
නිෂ්පාදනය : B. S. Dwarakish
කථාව රචනය : P. Vasu
රංගන ශිල්පීන් : Shiva Rajkumar, Ananth Nag, Rachita Ram, Nidhi Subbaiah
ධාවන කාලය : 145 minutes
තිරගත කල දිනය : 15 November 2019
සංගීතය : Gurukiran
IMDB අගය :6.7/10

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත් සඳහා අදාළ වේ.
3,778 downloadsDownload Aayushmanbhava-2019.zip117 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
11 comments
Mahesh
Liyanage shanaka
Mahira,eureka film tikath dapanko bn
Kavinu
සබට තුති අයියේ ❤️
hacker
Thanks bro sub enakan balan hitiye ruler telugu ekatath sub karanawada
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සහෝ !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sameera
Ayushman Bawa සබ් එකේ error එකක් තියෙනවා
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Ayushmanbava (2019) Sinhala Subtitles | එකට ඉන්න ගෙදරක්, ගෙදරක්ම නෙමෙයි – ඒක දේශයක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/aayushmanbhava-2020.jpg)
Sub දෙනකන් බලන් හිටපු ෆිලුමක් සහෝ
වෙන site එකකින් දීලා තිබුනත් ඒ sub මෙලෝ රහක් නැති නිසා baiscope එකෙන්ම දෙනකන් බලන් හිටියා
ස්තුතියි සහෝ sub එකට
ජය වේවා!!!