සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න අද මං මගේ දෙවෙනි සබ් එක අරං ආවා. මගේ දෙවෙනි සබ් එක විදියට මං අරං ආවෙ තෙලිගු චිත්‍රපටයක්. මේකත් ටිකක් පරණ ෆිල්ම් එකක්. 2006 දී ආවෙ. මේ ෆිල්ම් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා මේ ෆිල්ම් එක භාෂා පහකින් remake කරලා තියෙනවා. ඒ භාෂා 5 අතරින් ජනප්‍රිය ම චිත්‍රපටි 2 ක් […]

සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න අද මං මගේ දෙවෙනි සබ් එක අරං ආවා. මගේ දෙවෙනි සබ් එක විදියට මං අරං ආවෙ තෙලිගු චිත්‍රපටයක්. මේකත් ටිකක් පරණ ෆිල්ම් එකක්. 2006 දී ආවෙ. මේ ෆිල්ම් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා මේ ෆිල්ම් එක භාෂා පහකින් remake කරලා තියෙනවා.

ඒ භාෂා 5 අතරින් ජනප්‍රිය ම චිත්‍රපටි 2 ක් තියෙනවා. ඒවා ඔයාල හොදටම අහාලා ඇති.

  • 2011 දී ආපූ Karthi හා Tamannaah රගපාපු Siruthai
  • 2012 දි ආපු Akshey Kumar හා Sonakshi රගපාපු Rowdey Rathor ෆිල්ම් එක.

ඒ වගේම Rowdey Rathor ෆිල්ම් එකට මේ ෆිල්ම් එකෙන් යොදාගත්තු සිංදුවකුත් තියෙනවා. “ජින් තාතා ජිතා” ගීතය මේ තෙලිගු චිත්‍රපටයේ න් එම චිත්‍රපටයට යොදාගත්තු සිංදුවක්.

ඉතිං ඔය කියපු ජනප්‍රිය ෆිල්ම් දෙක බලලා තියෙනවා නම් මේ ෆිල්ම් එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඔය චිත්‍රපට දෙකේම කතාවට පාදක උනේ මේ ෆිල්ම් එක.

හැබැයි මේ ෆිල්ම් එක අර ෆිල්ම් දෙකටම වඩා ගුණාත්මක බවින් වැඩී කියලා කියන්න පුළුවන්. මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්.

ඉතිං මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ රගපාන්නෙ, රවී තේජා හා අනුෂ්කා ශෙට්ටි . ඒ වගේම තෙලිගු සිනමාවෙ හොදම විකට නලුවෙක් වෙන Brammandavam ත් මෙකෙ රගපානවා. රවී තේජා රගපාපු ෆිල්ම් වලින් තවත් සුපිරිතම ෆිල්ම් එකක් තමා මේක.

ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ සුපිරි තෙලිගු චිත්‍රපට අධ්‍යක්ෂක S. S. Rajamouli(Bahubali , Bahubali 2 අධ්‍යක්ෂක)

ඉතිං මේ කතාව ඉහත සදහන් කල චිත්‍රපට දෙකටම වඩා හොදද නැද්ද කියාලා බලාගන්න නම්. මේ ෆිල්ම් එක බලන්නම වෙනවා

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

2,934 downloadsDownload Vikramarkudu-2006.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

2,934 downloadsDownload Subtitles56 KB

14 comments

  1. Udaya Saman

    බොහොම ස්තුතියි සහෝ දෙවැනි උපසිරසියට පට්ටම ෆිලුමක් දුන්නට.ඕකෙ හින්දි එකයි, දෙමල එකයි බලල තියෙනවා ඒත් ඒ දෙකේම ඔරිජිනල් එක එහෙනම් කොහොමට ඇත්ද..අනිවා බැලිල්ලක්.තවත් මෙවැනි සුපිරි ඒවාට උපසිරසි ගේන්න ..ස්තුතියි

    1. රවිඳු හේෂාන්

      බොහොම ස්තුති අයියා

  2. hacker

    thanks Bro kotha janta telugu film ekata sub karanawada plz

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. IShara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූති.පුළුවනම් Devudu Chesina Manushulu 2012 ෆිල්ම් එකටත් සබ්ටයිටල් දෙන්න.

  5. indika75

    thanks..

  6. tharindu

    kohomada ban me film eka download karaganne? podi hint ekakwath diyanko

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  8. Anonymous

    thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    තව තෙලුගු බස්සමු කිව්වා... :P
    දිගටම සබ් දෙමු ආ... ජය!

  11. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  12. Prabodha Jayakody

    Thanks...

  13. Anonymous

    සුප්පා