ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළුම සාමාජික සහෝදර සහෝදරියන්ට. තවත් ලස්සන දවසක් උදාවුනා. මමත් ඔයාලව හම්බවෙන්න ආවා තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක 80 දශකයේ චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ අද වන විට ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට නිලියකගේ තාත්තා. ඉතින් අපි චිත…
ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළුම සාමාජික සහෝදර සහෝදරියන්ට. තවත් ලස්සන දවසක් උදාවුනා. මමත් ඔයාලව හම්බවෙන්න ආවා තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන්.
මේක 80 දශකයේ චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ අද වන විට ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට නිලියකගේ තාත්තා. ඉතින් අපි චිත්‍රපටිය පැත්තට යමු.
ඔස්කාර් මැන්හයිම් හෙවත් මැනී බැංකුවක් මංකොල්ල කෑම නිසා සිරගත කරලා තියෙන්නේ ඇලස්කාවේ තියන ස්ටෝන් හෙවන් අධි ආරක්ෂිත බන්ධනාගාරයේයි. එහි පාලකයා වන රැන්කෙන් ඔහුව, තමන්ගේ හිර කූඩුවෙන් එලියට එන්න නොදී කූඩුව පවා වෑල්ඩින් කර පාස්සලා දැඩි දඬුවම් දීලයි තියාගෙන ඉන්නේ. ඒ ඔහු දෙවරක්ම බන්ධනාගාරයෙන් පැනලා ගිහින් ආයෙත් අල්ලගෙන තියන නිසයි. නමුත් මැනී ෆෙඩරල් උසාවියේ ගොනු කර ඇති නඩුවෙන් ජය ගන්න අතර ඒ නිසා රැන්කෙන්ට සිද්ද වෙනවා මැනීව කූඩුවෙන් එලියට ගන්න. තුන්වෙනි පාරටත් මැනී බක් නම් තරුණ සිරකරුවෙකුගේ උදව් ඇතිව බන්ධනාගාරයෙන් පැන යනවා. ඒ අතර මග බක්ද මැනී සමග පැන යාමට එකතු වෙනවා. හිම වැටෙන සීතල කඳුකරයේ අධික සීතලෙන් හෙම්බත්ව පැන යන මොවුන් ගමනකට සූදානම්ව තියන දුම්රියකට නැගගෙන ඒකේ හැංගෙනවා. මේ අතර දුම්රියේ ඉංජිනේරුවරයාට හදිසි හෘදයාබාදයක් ඇතිවී ඔහු දුම්රිය නවත්ත ගන්න උත්සහ කරනවා. ඒ උත්සහයත් බාගෙට කරන ගමන් ඔහු දුම්රියෙන් ඇද වැටෙනවා. කිසිම වගකිවයුතු පුද්ගලයෙක් නොමැතිව මේ දුම්රිය එන්ජින් කට්ටලය කෙමන් කෙමන් වේගය වැඩිවී ඔහේ යනවා. නිදහස සොයා යන මැනීගෙයි බක්ගෙයි ඉරණම කෙසේ විසඳේවිද?
මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. 1985 දෙසැම්බර් 06 වනදා සීමිත රටවල් ගණනකත් 1986 ජනවාරි 17 වනදා ලොව පුරාත් ප්‍රදර්ශණය ආරම්බ කල Runaway Train චිත්‍රපටය ඇමරිකානු ස්වාධීන ක්‍රියාදාම චිත්‍රපටයකි. සිනමා ඉතිහාසයේ වැදගත්ම හා බලගතු සිනමාකරුවෙක් ලෙස හැඳින්වෙන ජපන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා තිර රචකයෙක් වූ Akira Kurosawa ගේ මුල් තිර රචනයෙන් Djordje Milicevic, Paul Zindel සහ Edward Bunker තිර රචනය කල මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Andrei Konchalovsky ගෙනි.
මෙහි ප්‍රධාන චරිතය වන ඔස්කාර් මැන්හයිම් ලෙස ඇන්ජලීනා ජොලී ගේ පියා Jon Voight රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව බක් මැකිගී ලෙස Eric Roberts, සාරා ලෙස Rebecca De Mornay, ෆ්‍රෑන්ක් ලෙස Kyle T. Heffner සහ රැන්කෙන් ලෙස John P. Ryan ද එකතු වෙනවා. මෙම චිත්‍රපටය සඳහා ජොන් වොයිට් සහ එරික් රොබර්ට්ස් යන දෙදෙනාම ඔවුන් ගේ චරිත වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ කෙරුණි. Golden Globe Awards සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය ජොන් වොයිට් දිනා ගත්තේය.
මෙම චිත්‍රපටයේ සංගීතය Trevor Jones විසිනි. කැමරාකරණය Alan Hume වන අතර සංස්කරණය Henry Richardson ය. ඇකඩමි සම්මාන උළලේ හොදම චිත්‍රපට සංස්කරණය වෙනුවෙන් Henry Richardson ගේ නමද නිර්දේශ විය. ත්‍රාසය මුසුවෙමින් බන්ධනාගාර ජීවිතයත්, එයින් පැන ගොස් නිදහස සොයා යන ගමනේ ඔවුන්ට මුහුණ දෙන්න වන ඉරණම පුරා විනාඩි 110ක් තිරය පුරා දිගහැරෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන නවයකි. Runaway Train චිත්‍රපටය සඳහා IMDb අගය 7.2ක් ලෙසත්, Rotten Tomatoes අගය 85% ලෙසත් සහ Metacritic අගය 67% ලෙස ලැබී ඇත.
පැරණි ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන ඔයාලත් මේ චිත්‍රපටය නරඹන්න කියලා මං ආරාධනා කරනවා. එසේනම් අදට මං ගිහින් එන්නම්.. ආයෙත් දවසක මෙවැනි ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරගෙන මං ඔයාලව හමුවෙන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,374 downloadsDownload Runaway-Train-1985-1.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
Kavinu
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Request :
Trouble (2019)
The Night Clerk (2020)
The Lovebirds (2020)
(psarips)Thilina Jayarathna
Little Monsters
2019 mekta th denakoisuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
මම කොහොමත් ඔබගේ සිංහල උපසිරසියක් තිබේද කියලා මෙම වෙබ් එකට ආපු ගමන් බලනවා. මෙම උපසිරසියත් ඩවුන්ලෝඩ් කළා වීඩියෝව සමඟ බලන්නට. ස්තුතියි ඔබට! හැකිනම් 1960, 1970 දශකවල ඔස්කාර් සම්මානලාභී හෝ එයට නිර්දේශිත ඒවාටත් සබ් දෙන ලෙස යෝජනා කරනවා. ඔබට ජය!!!indika75
thanks..
Lester Vincent
its nice to see to have great films like this we saw long time ago.The Younger generations must watch these movies. Thank you for the sub.
The Thirty nine steps 1978
Eye Of The Needle 1981those are good movies
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Anonymous
Supiriyak
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති! ❤️
citizen kane (1941) උපසිරැසියත් දෙන්න හැකි නම්,
ජය වේවා...