Watch Trailer

Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | වියරුව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රත…

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, මේ කතාව ගෙතෙන්නේ කෝෂ සහ අයියප්පන් නායර් කියන පොලිස් නිළධාරියා වටා. කෝෂි කියන්නේ හිටපු හමුදා නිළධාරියෙක්. එයාගේ ඩ්‍රයිවරුත් එක්ක දවසක් මත්පැන් භාවිතය තහනම් වනාන්තරයක් හරහා වෙනත් නගරයකට යන්න පිටත් වෙනවා. හොඳටම වෙරි වෙලා ඉන්න කෝෂි යන මේ වාහනය පොලිසියෙන් නවත්තනවා. බීමත්කම නිසා සහ එතනදි සිදුවන සිදු වීමක් නිසා කෝෂිව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.එතනදි තමයි උප පොලිස් පරික්ෂක නායර්ව මුණගැහෙන්නේ.

කෝෂි කියන්නේ බොහොම බලපුලුවන්කාරකම් තියෙන උදවිය අඳුරන චරිතයක්. ඒ නිසා මුලදි පොලිසියේදි එයාගේ අහංකාරකම තමයි පෙන්වන්නේ. හැබැයි පස්සේ කොච්චර අයැදීම් කරත් කෝෂිට දවස් 10ක් හිරේ ඉන්න වෙන විදිහට නායර් වැඩේ සිද්ද කරනවා. හැබැයි ඔය අතරේ පොලිසියේ සිදුවන දෙයක් කෝෂි ෆෝන් එකේ රෙකෝඩ් කරගන්නවා. හිරේ ගිහින් ආවට පස්සේ මේ රෙකෝඩ් කරගත්තු වීඩියෝ එක මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා කෞෂි නායර්ගෙන් පළිය ගන්නවා. එතනින් තමයි මේ දෙන්නගේ වියරුව පටන් ගන්නේ. තවත් වෙනස්ම පැත්තක් ගැනත් කතාවේ දකින්න ලැබෙනවා. ඒවා ඉතින් චිත්‍රපටය රසවිඳලම බලාගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මේ උපසිරැසිය කරන්න මාත් එක්ක එකතු වුනු තාරක නුවන් දිල්හාර සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඒ වගේම ඇඩ්මින් මඬුල්ලේ හසන්ත අයියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

14,589 downloadsDownload Ayyappanum-Koshiyum-2020.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තා‍ර‍ක ‍නු‍වන්‍ ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

14,589 downloadsDownload Subtitles80 KB

23 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  2. namal

    trance eka kawadda denne?

  3. thimalF

    patta wadak

  4. Achi

    ස්තුති කරන්න වචන නෑ...ආදරේයි

  5. Nethini123

    ...සබ් එකට තුති...

  6. tharidu16

    thanks machiiii

  7. Rukshan37

    Ela

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI

  10. Kavinu

    ස්තූතියි!!!!
    සබ් එක මරු ඈ!!!

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. රංගික සිනෙත්

    යකෝ සුපිරියක් .සබ දීලා .⁣බෝම තුති මචං.නියම වැඩක් ජය වෙිවා.ෆට්ටයි

  13. indika75

    thanks..

  14. isuru srinath sjs

    සුපිරි ඩබලක් නේ කරලා තියෙන්නෙ.. මරුවට ඇති.. ජය වේවා ..!!

  15. spiker123

    thanx bro

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. supun

    aththatama supirima supiri film ekak matanam

  18. Anonymous

    මචං මේක සබ් කරාට පට්ට තැංක්ස් බන්.. සුපිරි ෆිල්ම් එකක් ඒ වගේම ගින්දර වගේ සබ් එකක්

  19. Anonymous

    Tnx bro

  20. Ajithkumara1

    බොහොම ඉස්තූතියි ඔයාගේ කැපවීමට

  21. nish47

    ස්තූතියි සහෝ

  22. Vishwa sasanka

    බොහොම ස්තුතියි

  23. Anonymous

    thanks bros