Watch Trailer

Gantumoote (2019) Sinhala Subtitles | අසීමාන්තික ආදරයක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තමයි මගේ ජීවිතයේ ගමන්මල්ල. මට ඒක පරිස්සමෙන් උස්සන් යන්න විතරයි පුලුවන්. මෙතැන් පටන්…දිගටමත්..! මේ ජීවිතේ? ඇයි එහෙම? මේක ඇත්තක්ද මායාවක්ද? මට තේරුම්ගන්න බෑ. හැම මොහොතකම වගේ සම්පූර්ණයි කියලත් හිතෙනවා, අසම්පූර්ණයි කියලත් හිතෙනවා. ගමන්මල්ල! මේ චිත්‍රපටයේනමේ තේරුම ඒකයි. මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් කියන්…

ඔයා තමයි මගේ ජීවිතයේ ගමන්මල්ල.
මට ඒක පරිස්සමෙන් උස්සන් යන්න විතරයි පුලුවන්.
මෙතැන් පටන්…දිගටමත්..!
මේ ජීවිතේ? ඇයි එහෙම?
මේක ඇත්තක්ද මායාවක්ද?
මට තේරුම්ගන්න බෑ.
හැම මොහොතකම වගේ සම්පූර්ණයි කියලත් හිතෙනවා,
අසම්පූර්ණයි කියලත් හිතෙනවා.

ගමන්මල්ල! මේ චිත්‍රපටයේනමේ තේරුම ඒකයි. මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් කියන්නේ අපි අපේ ජීවිතේදී අපි අරන් යන දේවල් ගැන. හරියට මතකයන් වගේ. මතකයන් කියන්නේ අපේ ජීවිත වලට ගොඩක් වටින දෙයක්. අපි ජීවත් වෙන්නේ මතකයන් අතරේ. අපිට මේ චිත්‍රපටයෙනුත් බලාගන්න පුළුවන් වෙන්නේ එහෙම මතකයන් රැසක් එක්කාසු කරගන්න මීරා කියන කෙල්ලෙක් ගැන. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මීරා කියන චරිතය ලස්සට පෙළගස්වල තියෙනවා.

IMDb Rate – 8.2/10
Genre – Drama | Romance
Director & Writer – Roopa Rao
Released Date – 8 November 2019
Language – Kannada

අපි එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙමු. මේ මීරා කියන කෙල්ල මදූ කියල කොල්ලෙක් ගැන කැමැත්තකින් ඉන්නවා. මෙයාලා දෙන්නා ඉස්කෝලේදී හම්බවෙන්නේ. මදූ මෙයාගෙන් කැමැත්ත අහනවා. ලස්සන ආදර කතාවක් දෙන්නා අතරේ යනවා. මේ දෙන්නට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. හරියට නිකම් මදූ විභාගේ ෆේල් වෙලා, දෙන්නට දෙන්නා වෙන් වෙන්න මොහොතක් ආවම. ඒත් කොහොමහරි ඒවට පිළිතුරු හොයාගත්තත් ලොකූ විනාශයක් අන්තිමේට වෙනවා.

මගේ ගැඹුරු හුස්මේ නමද ඔබයි,
මේ හදවත දැවෙන්න කාරණේ ඔබයි,
මගේ සෑම අවශ්‍යතාවයකම පිළියම ඔබයි,
ගමනාන්තයද ඔබයි,
මම ලියන හැම අකුරක්ම ඔබයි,
නොකියූ හැම වචනෙකම දෝංකාරය ඔබයි,
මේ නාඳුනන ලොවේ, රජුන්ද ඔබයි!

සමාවෙන්න ඕනේ ගොඩක්ම පරක්කු වුණා මේක දෙන්න. හසන්ත අයියට ස්තූතියි කියන ගමන් මේක මට බාරදුන්නට. ලස්සන ආදර කතාවක්. මන් කළ පළවෙනි කන්නඩ චිත්‍රපටය. වැරදි තියෙයි නම් සමාවෙන්න ඕනේ. එහෙනම් ආයෙම ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නම් කියන ගමන් ගිහින් එන්නම්. බුදුසරණයි දෙවිපිහිටයි!🙏

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.

4,237 downloadsDownload Gantumoote-2019.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

4,237 downloadsDownload Subtitles38 KB

14 comments

  1. Nethini123

    ගිය අවුරුද්දේ ආපු ධනාත්මක විචාරක ප්‍රතිචාර ගොඩාක් ලබා ගත්තු චිත්‍රපටයක්. බොහොම ස්තුතියි සබ් එකට

    1. rasula gimhan

      Meekath dia wageeda??

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)

    1. Isuru minipa

      Thanks broo mekata sub dunnata mekata denakan godak kal balan hitiya puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. indika75

    thanks..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Saranga J. Liyanagama

    Thanks

  8. nish47

    ස්තූතියි සහෝ

  9. Nishantha Nuwan

    මේ දැවෙන පස්නයක් තියෙනවා.sinhala sub search කරද්දී ******* කියන site එකත් එනවා.ඒකත් මේ වගේමයි.හරියට අපේ මූණ කණ්නාඩියෙන් බලද්දී වගේ.මේ sit එක වගේමයි.ඒ site එකේ S අකුරක් තියෙනවා lk අකුරු 2ට කලින්.මොකක්ද මේ.මේකයි ඒකයි 2ම ඔයාලාගේ ද?එහෙම නැත්තම් ඒක මේකේ copyak නම් ඇයි ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ.

    1. විමා

      ඒක කොපියක් සහෝ
      අපේ සම්බන්ධයක් නැහැ
      ඒ වගේ ව්‍යාජය අඩවි සම්බන්ධව ක්‍රියාමාර්ගයක් අරගනිමින් පවතිනව සහෝ.

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!

  11. malith sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.