ඔන්න මට මගේ 10 වැනි උපසිරසත් මාසයක් වැනි කාලයක් ඇතුලත අරන් එන්න පුලුවන් උනා. මෙවර හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ… මේ චිත්‍රපටිය 2 August 2013 දින නිකුත් වූ චිත්‍රපටයක්. කොහොම උනත් මේ චිත්‍රපටියෙන් සමාජයට ලොකු ආදර්ශයක් දෙන චිත්‍රපටයක්. ඒ වගේම සoවේදී චිත්‍රපටයක් කියන්නත් පුලුවන් මේ චිත්‍රපටිය ආරම…

B.A
ඔන්න මට මගේ 10 වැනි උපසිරසත් මාසයක් වැනි කාලයක් ඇතුලත අරන් එන්න පුලුවන් උනා. මෙවර හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ… මේ චිත්‍රපටිය 2 August 2013 දින නිකුත් වූ චිත්‍රපටයක්. කොහොම උනත් මේ චිත්‍රපටියෙන් සමාජයට ලොකු ආදර්ශයක් දෙන චිත්‍රපටයක්. ඒ වගේම සoවේදී චිත්‍රපටයක් කියන්නත් පුලුවන්

මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ මලගෙදරකින්. ඒ මැරිලා ඉන්නේ මුකේශ් කියන තරුණයෙක්ගේ අම්මයි තාත්තයි. මේ මුකේශ්ට ඉන්නවා නන්ගිලා දෙන්නෙක්..දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ ඔහු නැන්දලාගේ ගෙදර යනවා B.A උපාධිය හදාරන්න. දවසක් මේ ගෙදර නැන්දගේ යාලුවෝ කට්ටියක් ඇවිල්ලා පොඩි උත්සවයක් තියෙනවා. එතනදී සාරිකා කියලා ගෑනු කෙනෙක් මුකේශ්ට විහිලු කරනවා. කොහොම හරි ඇය යනකොට මුකේශ්ගේ නැන්දට කියනවා ඒයාලාගේ ගෙදර ඇපල් තියෙනවා කාවහරි එවලා ඒ ටික අරන් යන්න කියලා. පහුවදා මුකේශ් සාරිකාලගේ ගෙදර යනවා ඒ ඇපල් ටික ගෙන්න. ඒත් ඒ වෙනකොට ඒ ඇපල් ටික විසිකරලා දාලා. මේ වෙලාවේ සාරිකා ගෑනු මායම් දාලා මුකේශ්ව අල්ල ගන්නවා. ඊටපස්සේ මුකේශ් හැමදාම වගේ සාරිකාගේ මහත්තයා ගෙදර නැති වෙලාවට එහෙ යනවා. ඊට ටික කාලෙකට පස්සේ මුකේශ්ගේ සීයත් මැරෙනවා සීයා මැරුනට පස්සේ මුකේශ්ගේ නංගිලා දෙන්නා තනිවෙනවා. නෑදෑයෝ තීරණය කරනවා ඒ දෙන්නාව ගෑනු ළමයි බලාගන්න අනාථ මඩමකට බාරදෙන්න. මුකේශ් මේ දේට කැමති නෑ ඔහු හදන්න්නේ ඔහුටම ඉන්න තැනක් හොයාගෙන නංගිලා දෙන්නාවත් ඔහු ලගට ගන්න, ඊට පස්සේ ඔහු සල්ලි හොයන්න උත්සාහ කරනවා. ඒ අතර දවසක් සාරිකා මුකේශ්ට කියනවා සල්ලි හම්බකරන්න පුලුවන් විදිහක් ගැන, ඒත් ඔහු ඒ දේට කැමති වෙන්නේ නෑ. ඒත් ඔහුට සල්ලි හොයන්න වෙන විදිහක් නැති නිසා ඔහු තීරණය කරනවා සාරිකා කියපු දේ කරන්න. අන්තිමට ඔහු ඒ දෙයින් ලොකු ගානක් හොයාගන්නවා. ඔහු ඒ සල්ලි සාරිකා ගාව තියනවා පරිස්සමට.

ඒත් දවසක් මේ දෙන්නාව සාරිකාගේ මහත්තයාට අහුවෙනවා. ඔහු මේ ගැන මුකේශ්ගේ නැන්දාට කියනවා ඊට පස්සේ නැන්දා ඔහුව ගෙදරින් පන්නනවා. ඊට පස්සේ තව දේවල් සිද්ද වෙලා අන්තිමට ඔහුට හැමදේම නැතිවෙනවා. ඉතුරු ටිකත් කිව්වොත් වැඩක් නෑනේ. මේ කතාව 18+ උනාට මේකෙන් සමාජයට ලොකු පනිවුඩයක් දෙනවා.. ඔයාලත් කතාව බලලා කතාව ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

මේ චිත්‍රපටියේ උපසිරස හදන්න අනිත් ඒවාට වඩා ටිකක් අමාරු උනා. මොකද මේකේ ඉංග්‍රීසි උපසිරසේ සමහර වාක්‍ය වැරදියි. සමහරක් ලයින් අඩුයි. සමහරක් වෙලාවට චිත්‍රපටියේ කියන දේට ප්‍රතිවිරුද්ද දේ උපසිරසේ තියෙන්නේ. කොහොම හරි මම මට පුලුවන් උපරිමෙන් ඒ වැරදි හරිගස්සලා උපසිරස හැදුවා. එහෙනම් බාගෙනම බලන්නකෝ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි DVD / WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

18,669 downloadsDownload B.A.-Pass-2012-Update.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් විරාජ්

Subtitles

18,669 downloadsDownload Subtitles83 KB

81 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ, අරන් බලන්න ඕනි ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  2. fd

    niyama film akak wage txxxx

  3. නලින්

    නියමයි කසුන් සහෝ.. නියම එකක් මේ පාරත් ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

  4. ranga

    bohoma thuthi sahota

  5. vee

    maxxa saho

  6. lk

    niyama kathawak wage balanna one tx

  7. එරංග

    එලස් බලන්න ඕනේ

  8. ganidu

    තැන්ක්ස් වේවා!!!

  9. tharanga

    ඉක්මනට 10 ක් දුන්න නේ 50 හා ගහමු ඉක්මනට එහෙනම්

    ජය!!!!

  10. උදාර

    ලොවෙත් නෑ නියමම කතාවක් වගේ මමත් අනිවා බලන්න ඕනේ මේක නම්

  11. chamath cafe

    ජය වේවා මචෝ

  12. danuka

    Thanks bro

  13. wow

    wow,,maru :)

  14. jack

    ස්තුතියි මචන් සබ් එකට

  15. shann

    සුපිරි වගේ ඔන්න එහෙනම් බානවා

  16. mihin ලංකා

    බලමි මචෝ

  17. anil

    bohoma thxxxxxxxxxxxxxx

  18. හර්ෂ ලහිරු

    කසුන් කොල්ලත් එක දිගටම වැඩපටන් අරගෙන වගේ
    ජයවේවා සහො

  19. RAMILA

    thanks machan

  20. mahesh

    elakiri macho

  21. ඩොක් අයියා

    ගොඩක් ස්තුති මල්ලි මේක හදලා අපිට දුන්නට. ඔයා ලොකු කැපවීමක් කරලා තියනවා.

  22. “චූටී මල්ලි”

    අද දෙන 2නි 18+ එක
    ම්ම් එල එල
    සබ ගන්නවා
    සබට තුති
    අද ඉදන් පටන් ගන්න මාසෙන් තව 10 කරමු
    ඔබට ජය..............

  23. Mahesh

    Thnks..!good job bro...

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ගත්තා කොල්ලෝ...
    අද රෑම බලනවා 18 ධන එකක් නිසා...
    මේ වගේ එව්වා පස්සේ බලන්න කල් දාන්න හිතෙන්නෙම නැහැ...
    ඒ නිසා අද රෑම බලනවා...
    බලමුකෝ හොදද කියලා...

    1. uda

      ඒක නෙමේ බන් මොනවද ඔය දනවා කිව්ව 18? :P

      මට දැනගන්නකම් ඉවසුමක් නෑ. මෙව්වා බලලා 18ක් දන්නේ මොනවද කියලා... මම හිතුවේ නෑ එච්චර ලොකු ගාණක් දනවා ඇති කියලා :O

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මේවා බලල කරන දේවලින් පස්සේ මුළු ඇඟම දනවා නේ බං උදෝ....
      මයේ හිතේ 18 ට එහා දේවල් දනවා...
      මම මේ ආසන්න 18 ටට වටයලා කිව්වේ...

    3. ශාන් විමුක්ති [විමා]

      නොදකින් මුන්ගෙ ජර කතා
      අපිවත් නරක් වෙනවා:P

  25. Achintha sameera

    කසුන් විරාජ් ජයතිස්ස thanks macho sub ekata.jaya wewa..

  26. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. me

    Thanks

  28. Ashan

    තැන්ක්ස්

  29. sanjeewa

    Niyamay Bro..............Great Work...........

  30. sp පියමල්

    balamuko hondada kiyala,thanks

  31. Rajitha Abeysinghe

    ගොඩක් ස්තූතියි සහෝ.අද බාන්න දැම්මා

  32. Thisaru

    Ela ela

  33. kanthaDLA

    ATTENTION TO ADMIN…!!!!!! WARRNING !!!!!!

    …..Biascop sub karana siyalu sahodarayan wethai……

    me widiyata 18+ kiyala kunharupa, Blue sean thiyana films
    denna giyoth wedi kal noya me web site eka thahanam karai.
    EKA NISA adult films noda inna ..me site eka podi ewun pawa
    balana ekak.paththareth honda kiyala thibunane..wede waraddaganna epa..
    kata hari uwamana wela thiyanawa ethi meka wahala danna me wage 18++ ewa dala..
    ADMIN..!!!!
    me gena selakilimath wannn…WARRNING…!!!!!

    1. uda

      සහෝ මේකනේ වැඩේ... මේවා 18+ තමයි! හැබැයි මේවා සැබෑ ලොවට සත්‍යයි. මේවාගේ දේවල් සමාජයේ කොතෙකුත් වෙනවා. ඉතින් මේවා ගැන නිර්මාණකරුවන්ගේ අවධානය යොමු වෙන එක අරුමයක් නෙවෙයි. මේ වගේ ඒවා අපේ රටේත් හැදිලා තියෙනවානේ.

      හුග දෙනෙක් මේවා අගය කරන්නේ මේවයේ SEX තියෙන හන්දා නෙමෙයි. මේවා සමාජ යථාර්ථය පෙන්නුම් කරන නිර්මාණ. මේ නිර්මාණ බිහි නොවුණා කියලා මේ වගේ දේවල් සිදු නොවී තියෙන්නේ නෑ. සිනමාවක් ගැන හීනෙන්වත් හිතලා නැති කාලෙ පවා මේ වගේ දේවල් අපේ රටවලත් සිද්ධ වෙලා තියෙනවා. කවුරුහරි ඒ පැත්තට වැඩිපුර යොමු වෙනවානම් ඒක සිනමාවේ වැරැද්දක් නෙමෙයි. ඉන්නවදවත් නොදන්න, වෙනවදවත් නොදන්න දේවල් වලට වඩා මේවා මේ ලෝකෙට පොදුයි.

      අන්න ඒ නිසායි මේවා වැදගත් වෙන්නේ. පොඩි වයස්වල අය මේවා බලනවාද නොබලනවාද කියන එක ගැන කටයුතු කරන්න, සොයාබලන්න අපට වඩා වගකිවයුතු අය ඉන්නවානෙ. ඉතින් ඒ අය ඒවා පැහැර හැරලා බයිස්කෝප් සිංහලෙන් නිසා මෙහෙම වුණා කියන්න බලා ඉන්නවානම් අපට කරන්න දෙයක් නෑ. අනික මේවා යෞවනත්වයට එළඹෙන අය බැලුවාට කමක් නෑ කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද මේ සමාජය ගැන යම් අවබෝධයක් ගන්න මේ හරහා පුළුවන්කම ලැබෙනවා.

      බුද්ධිමත්ව විමසා බලන්න හැකිනම් ඔවුනට මේ වගේ අවස්ථාවක් උදා වෙන එක වළක්වගන්න පවා ඒ දැනුම ප්‍රයෝජනයට ගත හැකියි. අනික කවුරුහරි සැබෑවටම මේ වගේ දේකට පැටළිලා මේ ගැන අත්දැකීමෙන්ම දැනගන්න යනවාට වඩා එහෙම නොපැටළී, අත්දැකීම පෞද්ගලිකව නොලබා වුණත් ජීවිතේට වැදගත් දැනුමක් මේ හරහා උකහා ගන්නවා නම් ඒක වැරැද්දක් විදිහට මම දකින්නෙ නෑ. ඒ දැනුම/ අවබෝධය ඒ වයසේ අයට අවශ්‍ය දෙයක්. මේවා බලලා තමන් ඒ දුටු දෙයින් වටහාගත්තුවා කොයි විදිහට යොදාගන්නවද කියන එක ඒ අයගේ තීරණයක්. ඒ සම්බන්ධව අපට වගකියන්න බැහැ. හරියට තුවක්කුවක් පෙන්නුවා වගේමයි. ඒක අරං මිනිහෙක් මරනවද නැතිනම් රකිනවද කියන එක තුවක්කුවටවත් ඒක පෙන්නපු මිනිහටවත් තීරණය කරන්න බෑ. ඒක පාවිච්චි කරන කෙනාගේ වැඩක්.

      එනිසා මේවාත් ඒ වගේමයි. අප කරන්නේ එකිනෙකට වෙනස් තේමාවන්, කතා, අරුත්, වින්දනයක් සහිත නිර්මාණ ගෙන එන එක විතරයි. මේ නිර්මාණය ඇසුරින් ලබාගන්නා දේ ගැන වගකීම සම්පූර්ණයෙන්ම බලන අයගේ වැඩක්. එනිසා පුද්ගලිකව මම හිතන්නේ නෑ මේවා මේ සයිට් එකට හානියක් බව.

      (පැහැදිලිවම මේක මගේ මතය විතරයි. මම මගේ අදහස කීවා පමණයි.)

    2. Blue osthar

      KanthaDLA මුගේ මොලේ කචල්.කාලයක් YIFY එකේ හොද ටොරන්ට් තියෙනවා.ඒවටත් සබ් දෙන්න කිය කිය හැම පෝස්ට් එකකම අඩ අඩ ගියා.දැන් අලුත් පිස්සුවක්.මේ සයිට් එක පොඩි ලමයි බලනවා තමයි.ඒක නිසානේ මේ පෝස්ට් එකේ 18+ කියලා දැම්මේ.ලමයින්ට කුණුහරප බලන්න ඕනේ නම් මේ සයිට් එක අස්සට එන්න ඕනේ නෑනේ.ඔයාට (ඔබතුමාද/ඔබතුමියද දන්නේ නෑ.පේන විදිහට නම් ගෑණු චරිතයක් වගේ.) මේවා බලන්න බෑ වගේ නම් නොබලා ඉන්න.

    3. Ube thaththa

      මෙන්න ඔයාට ගැලපෙන තාලේ එකක්.මේවා දාන්නේ ඔයාවගේ අයට.බලන්න.

      http://www.baiscopelk.com/?p=31237

    4. සමීර කරුණාරත්න

      සහෝ මේක පොඩි ළමයි බලනවා නම් ඒක වරදක්. අපේ නෙමෙයි එයාලගේ, අපි මුල් පිටුවේම 18+ කියලා වෙන් කරලාම තියෙන්නේ ඊට ඉහල වයස් කාණ්ඩවලට විතරයි කියන එක පේනවා දෙන්න. ඒක තේරුම් ගන්න බැරි තරම් පොඩි ළමයි එනවා කියලා හිතන්නේ නැහැ මම මේකට. ඔයා 18+ කියලා තියන පිටු වලට නෑවිත් හිටියා නම් වැඩේ ඉවරනේ. බලන අය ඒවා බලයි. අපි පොඩ් ළමයින්ටත් කාටුන්, ඇනිමේෂන් දෙනවනේ. ඔයා ඒවා බලන්න.

    5. kasun viraj

      ඔයාගේ කතාව 100% ක් හරි සහෝ ..අනික මේ ෆිල්ම් එක මුලින් බලලා හිටියානම් කවදාවත් කාන්ත සහෝ මෙහෙම දෙයක් කියන්නේ නෑ .

  34. indika

    thnqqq

  35. sanje

    meeke sub hariyata wada karanne nee.. :(

  36. #ChalinduDeshan (කිනා)

    පේන විදිහට සම්මාන රැසකටත් නාම යෝජනා හරි, සම්මාන ලැබිල හරි තියෙනවා වගේ.
    හින්දි චිත්‍රපටිනම් ඉතින් සාමාණ්‍යයෙන් අතාරිනවා අඩුයි.
    ඒ වගේම මාසයක් විතර කාලයකදී සිංහල උපසිරැසි දහයක් දුන්නනේ. එහෙනම් ඉක්මනට අර්ධ ශතකයක් ගහමු නේ! :D
    එල එල.
    සබට තුති.
    ජයවේවා!

  37. Ashen

    menna me wage ewa thamai ooneeeeeeeeeeeeeeeee thnx thnx thnx

  38. Sachitha

    bro when i try to open the subtitle folder there is a error message calling Windows cannot open the folder... (name ).. is invalid
    ..what can i do for this.. Im using windows 8

  39. yshan piyumal

    maxxa macho.....

  40. සංජය

    බොහොම ස්තුතියි කසුන් සහෝ.

  41. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. මම මේක කරන්න කියලා හිතලා විකියගෙන් අහනකොට කිව්වා කෙනෙක් මේ දැන් බාර ගත්තා කියලා. බලාගෙන යනකොට උඹනෙ බාර අරගෙන තියෙන්නේ... ;)

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    400 MB එකේ මුලදී සබ් සෙට් උනත් ටිකදුරක් ගියාම සබ් සෙට් වෙන්නේ නැහැ.

  43. සචින්ත

    කතාවෙ හැටියටනම් හොදයි වගෙ. බාන්ඩ දැම්මා

  44. mudiya / මුදියා

    "18+ වුනාට මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා"
    ලිපිය කියෙව්වම බලන්න ආස හිතුන.නියමයි කසුන්.මං කලිනුත් කිව්වනෙ බයිස්කෝප් එකේ අළුත්ම සබ් මැෂීන් එක උඹ කියල.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  45. vimukthi

    meke link eka wada nane

  46. ශාන් විමුක්ති [විමා]

    නියමයි කොල්ලෝ
    අධිවේගී ක්‍රීඩයෙක් වගේ නේ පේන්නෙ
    නියමයි නියමයි
    සබ් එකට බොහොම තුති
    ගනන් ගන්න එපා බ්න් අර කාන්තා කියල තියන දේවල්

  47. asela

    සුපිරිම තමයි , තැන්ක් යු වේවා ,ජය වේවා

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. සචින්ත

    මචෝ උබ සබ් දාලා බැලුවද, ‍ෆිල්ම් එක මැද හරියෙදි සබ් ගැලපෙන්නේ නෑ. admin මේ ගැනත් බලනවානම් සතුටුයි. මේ වගේ සබ් වෙලාවට ගැලපෙන්නෙ නැති ෆිල්ම් කීපයක්ම මට හම්බ උනා. ස්තූතියි.

Load more comments