Watch Trailer

Baaram (2018) Sinhala Subtitles | සාහසික තලෛකූතල් ඝාතන! [සිංහල උපසිරැසි]

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සා…

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සාධාරණයි. ඒත් දෙමව්පියෝ ඒ වහ දැනගත්තත් ඒ දරුවන්ම උස් මහත් කරලයි පස්ස බලන්නෙ. හිතට ගන්න මේ කාරණාව. කුරිරුකම කොයි ආකාර වුණත් කුරිරුකමම තමයි.

අසාමාන්‍ය සිද්දි සිද්ධ වෙන මිත්‍යාදිෂ්ඨිය පැතිරී ඇති ඉන්දියාවේ, ලෝකයෙන් සැඟවුණු විවිධාකාරයේ ගුප්ත රහස් සැඟවිලා තියෙනවා. ඒවා ලෝකයට හෙළි කිරීමට ඇතැම් උගත්, බුද්ධිමත් ජනයා වෙහෙස දරණවා. එහි එක් ඵලයක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්.

මේ කතාව ගෙතෙන්නෙ කරුප්පුසාමි වටා. කරුප්පුසාමි රාත්‍රී මුර සේවයේ යෙදී සිටින මුරකරුවෙක්. ඔහු ජීවත් වන්නෙ නංගී සහ ඇයගේ පුතුන් සමඟයි. දිනක් ඔහු සේවය නිමකර නිවස වෙත යමින් සිටියදි ඔහුගේ හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් උකුල් අස්ථි බිඳී යනවා. නැගෙණියගේ පුතුන් ඔහුව නගරයේ තබාගනිමින් සැත්කමක් කොට සුව කරවා ගැනීමට සූදානම් වුවත්, කරුප්පුසාමිගේ පුතා ඔහුව ගමේ පාරම්පරික වෙදකම් කොට සුව කිරීම සඳහා තම ගම වෙත රැගෙන යනවා. දින අටක් ගත වූ පසු කරුප්පුසාමි මිය යනවා. ඔහුට තිබූ අස්ථි බිඳුම හැරෙන්නට ඔහු සුව සනීපෙන් සිටිබව දන්නා මුත්, මෙලෙස හදිසියේම මාමා මිය ගිය කාරණය වීරා හට සැකයක් ඇති වූවා.

භාරම් 2018දි නිර්මාණය වුණු දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Priya Krishnaswamy විසින්. මෙම චිත්‍රපටය 66වන ඉන්දියා ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී, දෙමළ හොඳම වෘත්තාන්ත හෙවත් අංග චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූවා. මෙම චිත්‍රපටය කෙසේ වෙතත් සිනමා ශාලා සඳහා නිකුත් කෙරුණේ 2020 මෙම වසරේ පෙබරවාරි මස 21 දිනයි.

කලින් වගේම මේ චිත්‍රපටයත් මට යොමු කලේ සිසිල අයියා. මේ චිත්‍රපටය මට හම්බවුණ හොඳම චිත්‍රපට වලින් තවත් එකක්. අදහස් දක්වන හැමෝටමත් බයිස්කෝප් හැමෝටමත් ස්තූතියි!

ඇඳිරි නීතිය ලිහිල් කරපු දිස්ත්‍රික්ක වල අය උපරිම නිදහසක් නොගෙන, මේ කාලයෙත් ඉස්සෙල්ලා වගේම පරෙස්සම් වෙන්න. මොකද විශ්වාසයක් තියාගන්න බැහැ අපි හැබෑවටම නිදහස්ද කියලා. කම්මැලි කම යන්න බයිස්කෝප් එක්ක එකතුවෙලා චිත්‍රපටි, සීරීයස් බල්න්න. ඒ වගේම ඛේදජනක සිද්දියක් වුණා ගිය අවුරුද්දේ. ඔයාලත් පුළුවන් විදිහට අපෙන් සමු ගත් අපේම අයට ආශීර්වාද, නිවන් සුව ලැබෙන්න ඉටි පන්දමක්, පහනක් දල්වලා ප්‍රාර්ථනා කරන්න!

ලෝකයම නිදුක් නීරෝගී වේවා!
සැම හට, බුදු සරණයි!
ජේසු පිහිටයි!
දෙවි රැකවරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

5,833 downloadsDownload Baaram-2018.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

5,833 downloadsDownload Subtitles44 KB

20 comments

  1. Kavinu

    අතාරින්න හිත දෙන්නෙම නෑ වගේ
    බොහොම ස්තූතියි උපසිරැසියට....
    නැෂනල් අවෝඩ් එකක් ගත්තා කියන්නෙ කොහොමත් අතාරින්න බැහැ තමයි!!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  6. tharidu16

    thanks machii

  7. harshana

    rick and morty patta animation series akak thiyanwa akata sub depanko bn

  8. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  11. Lahiru W

    thanks

  12. D.Chamara

    bohoma sthuthi

  13. nish47

    ස්තූතියි සහෝ

  14. punsara

    tnx sahoo sabata

  15. uditha

    good sub

  16. sahancharuka

    thank you!!!

  17. Ishini_A

    සබ් එකට ගොඩක් ස්තුතියි.
    Mundasupatti (2014) tamil movie එකටත් සිංහල සබ් ලබා දෙන්න. අනේ කරුණාකරලා

    1. Naveen Mbr

      මම උත්සාහ කරන්නම්. ස්තූතියි!

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  19. සාරංග ජේ. ලියනගම

    Thanks