Watch Trailer

Sea Fever (2019) Sinhala Subtitles | සාගරය මධ්‍යයේ බිහිසුණු පරපෝෂිතයෙකුට බිලිවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ලෝකයේ නොවිසුදුනු අභිරහස් අතරින් සාගරය විශේෂ තැනක් අරගන්නවා.ඉතින්, ඒ අතරින් බර්මියුඩා ත්‍රිකෝණය විශේෂයෙන්ම කතා බහට ලක්වන බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතර මේ පිළිබදව විද්වතුන්ගේ මුල්ම මතය ව…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ලෝකයේ නොවිසුදුනු අභිරහස් අතරින් සාගරය විශේෂ තැනක් අරගන්නවා.ඉතින්, ඒ අතරින් බර්මියුඩා ත්‍රිකෝණය විශේෂයෙන්ම කතා බහට ලක්වන බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතර මේ පිළිබදව විද්වතුන්ගේ මුල්ම මතය වූයේ, මෙම ස්ථානයට ඉහළින් යන ගුවන් යානා, මගී නෞකාවල සන්නිවේදනය බිද වැටීමත්, ඉන්පසු පිටසක්වලයින් විසින් මෙහි සිටින මගීන් ඔවුන්ගේ විවිධ පර්යේෂණ කටයුතු සදහා රැගෙන යන බවත්ය. නමුත් පසුකාලෙක විද්වතුන් අදහස් දක්වා ඇත්තේ, මෙම කලාපය තුල පාරිසරික වෙනස්කම් සිදුවී, ඇති වන ප්‍රබල චුම්බක ක්ෂේත්‍රය නිසා  සන්නිවේදන කටයුතු  දුර්වල  වීමෙන් සිදුවන කුණාටු තත්වයෙන් ගුවන් යානා, නැව් විනාශ වන බවයි. “Into the Bermuda Triangle” නම් කෘතියේ නව මුද්‍රණයට  අදාල  කතුවරයා වන ජයන් ක්වාසර් ව්සින් පවසන කරුණු අතර මීතේන් හයිඩ්‍රේටවල බලපෑම මේ සදහා ප්‍රධාන වන බවයි.

කෙසේ වෙතත් මරියානා ආගාධයත් තවත් එක් අභිරහසක් ලෙස දැකිය හැක. විද්වතුන් පවසන ආකාරයට මිනිසාට තරණය කිරීමට නොහැකි ස්ථාන පවා මරියානා ආගාධයේ පිහිටා ඇත. මරියානා ආගාධය යනු ලෝකයේ සාගරයන්හි ගැඹුරුතම කොටසයි. මෙය බටහිර ශාන්තිකර සාගරයේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇත. මෙම ආගාධය කිලෝමීටර් 2550 ක් පමණ දිගු වන අතර පළල කිලෝමීටර් 69ක් පමණ වේ. මෙහි හදුනානොගත් ජීවීන් රාශියක් අදටත් ජීවත් වෙති. කෙසේ වෙතත් විද්‍යාඥයින්ගේ නොපසුබට උත්සහය මත මෑතකදී ජීවී විශේෂ කිහිපයක් සොයාගෙන ඇත.

Sarcastic Fringehead

 

 

 

 

 

 

 

සාමාන්‍යයෙන් අඟල් 10 කට හෝ 12 කට වඩා නොවැඩෙන මෙම මත්ස්‍යාගේ විද්‍යාත්මක හඳුන්වන්නේ Neoclinus blanchardi ලෙස යි. ප්‍රමාණයෙන් කුඩා වුණත් සිරුරට සාපේක්ෂ ව ඉතාමත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් වන මොවුන් තර්ජනයක් එල්ල වූ විටෙක හැකිතාක් පළල් ලෙස මුඛය විවර කර තමන් වෙතට එන අනෙකුත් විලෝපිකයන් ව ගිල දැමීමට උත්සාහ කරනවා. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂක උපක්‍රමයක් බව යි සාගර විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.

Frilled Shark

ඇතැම් අවස්ථාවල දී ‘පණ ඇති ෆොසිලයක්’ ලෙස හඳුන්වන මෙම ආදි කල්පික මත්ස්‍යයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අඩුවෙන් ම පරිණාමනය වූ සත්ත්වයෙක් ලෙස සැලකෙනවා. Chlamydoselachus anguineus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් මිහිමත බිහි වී ඇත්තේ අදින් වසර මිලියන 80 කට පමණ පෙරයි.

සාමාන්‍යයෙන් අඩි 5,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන මෙම මසුන් ආඳෙකු මෙන් දිගින් යුතු වන අතර පේළි 25 ක් ලෙස පිහිටි තියුණු දත් 300 ක් පමණ ඔවුන් සතු වෙනවා. ඉතාමත් ගැඹුරු මුහුදේ ජීවත් වන නිසා මොවුන්ගේ සාමාන්‍ය චර්යාව පිළිබඳ ව තවමත් සාගර විද්‍යාඥයින් නිවැරදි තොරතුරු අනාවරණය කරගෙන නැහැ.

Deep-Sea Dragonfish

අඩි 6,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන ආදි කල්පික පෙනුමක් ඇති තවත් මත්ස්‍ය විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි යි. ගැඹුරු මුහුදේ සිටින දරුණු විලෝපිකයෙකු වන මොවුන් සාමාන්‍යයෙන් අඟල් 6 ක පමණ දිගකින් යුක්ත වනවා.

මෙම මසුන්ගේ තිබෙන විශේෂත්වය වන්නේ රසායනික ක්‍රියාවලියක් හරහා සිරුරෙන් ආලෝකය නිපදවීමට හැකි වීම යි. මරියානා ආගාධය පතලේ වාසය කරන මත්ස්‍යයෙක්ට එය ඉතාමත් වැදගත් බව නම් නොරහසක්. මෙසේ නිපදවන ආලෝකය නිවි නිවී දැල්වීම මගින් කුඩා මසුන් ආකර්ෂණය කර ගෙන ඔවුන්ව ගොඳුරු කර ගැනීම මොවුන් විසින් සිදු කරනු ලබනවා.

Dumbo Octopus

ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති බූවල්ලන් විශේෂ අතරින් මුහුද ගැඹුරේ ම ජීවත් වන බූවල්ලන් විශේෂයක් වන මොවුන් ව සොයා ගත හැක්කේ මරියානා ආගාධයේ අඩි 13,000 ක් පමණ ගැඹුරේ දී යි. ඩිස්නි කාටූන් හි එන Dumbo නම් අලි පැටියාට තරමක සමානකමක් දක්වන මොවුන් වර්ණවත් පැහැයන්ගෙන් යුක්ත වන අතර එය ආහාර සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස ද භාවිතා කරනු ලබනවා.

මෙම බූවල්ලන්ගේ ග්‍රාහිකාවන් අනෙක් බූවල්ලන්ගේ මෙන් දිගු නොමැති අතර ඒ හේතුවෙන් අන් බූවල්ලන් මෙන් තම ආහාර කොටස්වලට කඩා ආහාරයට නොගෙන සම්පූර්ණයෙන් ම ගිල දැමීමට මොවුන් පුරුදු වී තිබෙනවා.

Deep-sea Hatchetfish

කෙටේරියක හැඩයෙන් යුක්ත මේ මත්ස්‍ය විශේෂයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස අවශ්‍ය පරිදි වෙනස් වෙනස් ස්වරූපයන් ගැනීමට ඇති හැකියාව හැඳින්විය හැකි යි. මරියානා ආගාධයේ අඩි 5,000 ක් පමණ ගැඹුරේ වාසය කරන මොවුන්ට එහි වසන බොහෝමයක් මත්ස්‍යයින්ට මෙන් ම රසායනික ක්‍රියාවලියක් මගින් අලෝකය නිපද වීමේ හැකියාව පවතිනවා.

Argyropelecus hemigymnus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මොවුන් සාමාන්‍යයෙන් අඟල් 6 ක පමණ දිගකින් යුක්ත වෙනවා.

Seadevil Anglerfish

මරියානා ආගධයේ දී වුවත් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන මොවුන් ප්‍රමාණයෙන් අඟලක් තරම් වන බව යි සඳහන් වන්නේ. නිශ්චිත හැඩයක් නොමැති සිරුර, තියුණු දත් සහ විශාල ඇස් නිසා මොවුන්ට හිමි වී ඇත්තේ භයානක පෙනුමක්.

එසේ ම ඉතා අස්වාභාවික ප්‍රජනන ක්‍රමවේදයක් හිමි සත්ත්ව කොට්ඨාසයක් ලෙස ද මොවුන් ප්‍රසිද්ධ යි. ප්‍රජනනයේ දී පිරිමි මත්ස්‍යා පරපෝෂිතයෙකු මෙන් ගැහැනු මත්ස්‍යාගේ සිරුරට බද්ධ වන අතර ක්‍රමයෙන් ඔහුගේ ඇස්, දත් සහ අනෙකුත් අවයව වියැකී ගොස් සම්පූර්ණයෙන් ම ගැහැනු මත්ස්‍යයාගෙන් යැපෙන්නෙකු බවට පත් වෙනවා.

Telescope Octopus

Amphitretus pelagicus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් අවර්ණ බූවල්ලන් විශේෂයක් වන අතර දුරේක්ෂ වැනි හැඩයෙන් යුක්ත ඇස් මොවුන් සතු විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි.

සාමාන්‍යයෙන් අඩි 6,500 ක් පමණ ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා දුරේක්ෂ හැඩැති ඇස් මහත් සේ උපකාරී වෙනවා.

එමෙන්ම සාගරය වාසස්ථානයක් බවට පත්කරගෙන සිටින විවිධ ජීවී විශේෂද පවති. සූර්යයාලෝකය පතිත වන්නේ, සාගරයේ ජලය මතුපිටට පමණක් බැවින්, එහි ගැඹුරට යනවිට ස්ථීර අන්ධකාරයක් පවතී. විවිධ ගැඹුර හා උෂ්ණත්ව කලාප අනුව ජීවීන්ගේ වාසස්ථානද, ජීවීන් වෙසෙන ස්ථරද එකිනෙකට වෙනස්ව පවති. සාගර ජීවීන්ගේ වාසස්ථාන සාගර ස්ථරයේ සිට ගැඹුරට යනවිට ඇති කොරල්පර දක්වා විහිදී පවතී. සාගර ජීවීන් ජීවත් වන කලාප ආකාර තුනකට වර්ග කල හැක.

1. Sun Light Zone – හිරු එළිය පතිත වන කලාපය (අඩි 0 – 600 අතර කලාපය)

මෙම කලාපය මුහුදු පැළෑටි, මුහුදු සත්වයින් බහුල ලෙස සොයාගත හැකි කලාපයයි. සූර්යයාගෙන් ලැබෙන උණුසුමෙන්, මෙම කලාපයේ ජීවත් වන ජීවීන් උණුසුම ලබති.
උදා:- මෝරන්, මඩුවන්, මුහුදු මත්ස්‍යයින්,කැස්බෑවන් ආදී.

2. Twilight Zone – අන්ධකාර කලාපය(අඩි 600 – 3300 අතර කලාපය)

මෙම කලාපයේ ඉතාමත් කුඩා ආලෝකයක් පවතී. මුහුදු පැළෑටි මෙම කලාපයේදී වර්ධනය නොවේ. අදුරු මෙන්ම සිසිල් සහිත ජල පෘෂ්ඨයක් මෙහි පවතී.
උදා:- මෝරන්, රතු කකුළුවන්, ඉස්සන් ආදී.

3. Mid Night Zone – මධ්‍යම රාත්‍රිය මෙන් අන්ධකාර කලාපය(අඩි 3300 – 36000ත් අතර කලාපය)

සාගරයේ පවතින අන්ධකාරම, මෙන්ම මිනිසාට ළගාවිය නොහැකි අධික ශීතනයක් පවතින කලාපයයි. ඉතා භයානක ජීවීන්ද මේ කලාපයේ ජීවත් වෙති. එමෙන්ම පරපෝෂිතයින් ජීවත් වන කලාපයද මෙය වේ.
උදා:- Angler fish (නිහඩව ගොදුර ළගට පැමිණ එක්වරම ආලෝකය විහිදුවා ගොදුර ආහාරයට ගන්නා මත්ස්‍යයෙකි.), Flat fish, මුහුදු කැකිරි ආදී.

හොදයි යාළුවනේ මේ චිත්‍රපටියේ කතාව ගැන නම් මම කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. මෙහෙම සාරාංශ කරලා පොඩ්ඩක් කියන්නම්. එක්තරා හදුනානොගත් මුහුදු පරපෝෂිත සත්වයෙකුගෙන් සාගර තරණයට ගිය කණ්ඩායමකට විදීමට සිද්ධවෙන කරදර සම්බන්ධයෙන් තමයි කතාව යන්නේ. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවන බලාපොරොත්තුවත් ඇතිව මම මෙතනින් නවතින්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,363 downloadsDownload Sea-Fever-2019-Blu-Ray.zip121 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් රවින්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රදීප් රවින්ද්‍ර

Subtitles

7,363 downloadsDownload Subtitles121 KB

31 comments

  1. Kavindu12345desilva

    thanks for sub and details

  2. Mike Leroy

    O malu gena padamata thx sub dennko please sub ekata thanks pluwanman Netflix The Main Event 2020 film sub dennko please

  3. malithmadhushan45

    බොහොම ස්තුතියි සහො සබ් එකට

  4. nimantha89

    Thanx for sub..

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Pramod Siriwardana

    thank you....

  7. Sandeep

    Thanx saho sub ekata.. wisthare maru

  8. Omesh

    සුපර් ආටිකල් එක

  9. Sumedha Alwis

    Thnz bro

  10. indika75

    ලිපියටත් උපසිරැසියටත් ස්තුතියි.

  11. Shamal manojan

    උපසිරැසියට ස්තුතියි.

    Request......

    Crocodile - 2000
    Croc - 2007
    Aligator - 1980
    Supercroc - 2007
    Frankenfish - 2004
    Freshwater - 2016

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Shaggie

    ලිපිය වටිනව..සබට බොහොම ස්තූතියි සහෝ

  14. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ..!!!

  15. විමා

    හොඳ ලිපියක්.
    බොහොම ස්තුතියි උපසිරසට සහෝ.

  16. Thanushka

    niyam wistarayak thanks!!!

  17. Dhanushka Dilranga

    Thanksssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. 219v

    supiri niyamai digatama karagena yanna.

  20. කවිනු වීරක්කොඩි

    Thnkq!

  21. dasuntha

    thank you saho

  22. Xsri Lanka

    වටින ලිපියක්, සිංහල සබ් එකටත් ගොඩක් ස්තුතියි !

    1. Bisaru Chathumina

      Ftta bn.thnx

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  24. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  25. Harsha

    Thankx bro...thankx....

  26. Anonymous

    thanx brooooo

  27. melinda

    thank you

  28. Dewadithya

    Thanks for sub!

  29. Ishan Madusha

    බොහෝම ස්තූතියි...