Watch Trailer

Babumoshai Bandookbaaz (2017) Sinhala Subtitles | ඉරණම් විසදන බාබුගේ තුවක්කුව [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ තුන්වෙනි සබ් එක අරං ආවා. තුන්වෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ හින්දි චිත්‍රපටයක්. ඒ තමා 2017 දි ආපු Action Thriller කාණ්ඩයට අයත් Babumoshai Bandookbaaz චිත්‍රපටය. මට හිතෙනවා මේක හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්න…

සුබ දවසක් සියළු දෙනාටම.ඔන්න අද මං මගේ තුන්වෙනි සබ් එක අරං ආවා. තුන්වෙනි සබ් එක විදියට මං අද අරං ආවෙ හින්දි චිත්‍රපටයක්. ඒ තමා 2017 දි ආපු Action Thriller කාණ්ඩයට අයත් Babumoshai Bandookbaaz චිත්‍රපටය. මට හිතෙනවා මේක හුගාක් අයට බලන්න මග හැරිච්ච ෆිල්ම් එකක් කියාලා.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Nawazuddin Siddiqui. මේක එයා රගපාපු තවත් හොද ෆිල්ම් එකක්. ඒ වගෙම මේකෙ සෙසු චරිත රගපාන්නෙ Bigita Bag, Jatin Goswami, shraddha Das, Divya Dutta හා Murali Sharma. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ kushan Nandy. මාත් අහම්බෙන් වගෙ මේ ෆිල්ම් එකේ Trailer එක දැක්කා Youtube එකේ. ඒ හිංදා මට මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරං බලන්න හිතුනා. මං හිතුවා මේක 2017 දී ආපු හිංදා මේකෙ සිංහල සබ් ඇවිත් ඇති කියාලා. ඒත් තිබුනේ නෑ. ඒ හිංදා මං මේකේ සිංහල සබ් එක කරන්න හිතුනා. ඒ වගේම මේ ෆිල්ම් එක හුගාක් අන්තිම වෙනකම් ම ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේම කියන්න ඕනෙ මේකෙ අවසානය හුගාක් දුක්බරයි(2018 දි ආපු RX 100 ෆිල්ම් එකේ වගේ).

දැන් මං කතාවෙ වෙන දේ කෙටියෙන් කියන්නම්. සම්පූර්ණ කතාව කිව්වොත් කුතුහලය නැති වේවි. බාබු බිහාරි(Nawazuddin Siddiqui) කියාල ඉන්නවා කුලියට වෙඩි තියාල මරන කෙනෙක්. ඒ වගේම ඕන කෙනෙක් මරන්න කොන්ත්‍රාත්තු ගන්න රස්සාව පාවා නොදෙන කෙනෙක්. මධ්‍ය ප්‍රදේශ් වල ඉන්නවා පක්ෂ දෙකක දේශපාලකයො දෙන්නෙක්. එක්කෙනෙක් දුබේ අනිත් කෙනේ ජිජී(Divya Dutta).ඉතිං මේ දෙන්නාම එයාලගෙ විරුද්ධවාදීන්ව මරන්න බාබුව කුලියට ගන්නවා. ඒ වගේම ඒ අතරමැදදි පූල්වා(Bigita Bag) කියන සපත්තු මහන රස්සාව කරන රැවටිලිකාර ගෑනු කෙනෙක්ට බාබු ආදරය කරන්න පටං අරගෙන එයා එක්ක ජීවත් වෙන්න පටං ගන්නවා. ඉතිං ඔය අතරේ දුබේ ව්සින් ජිජි ගෙ මිනිස්සු තුන්දෙනෙක් මරන්න කොන්ත්‍රාත්තුවක් බාබුට දෙනවා. ඉතිං දුබේ ඔය තුන්දෙනාවත් එක්ක බාබුවත් මරන්න බාකේ(Jatin Goswami) කියාල තව මනුස්සයෙකුට කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඉතිං ඔය බාකේ කියන කෙනා බාබුගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හරවනවා, බාබු ගේ ආදරවන්ති පූල්වා සමග ප්‍රෙම සම්බන්ධයක් ඇති කරගෙන. ඉතිං මේ ඔය බාකෙ,දුබේ, ජිජී, පූල්වාගේ ඉරණම් බාබු කොහොම විසදාවි ද?. අවසානය කොයිතරම් දුක්බරද කියාල බලාගන්න නම් මේ ෆිල්ම් එක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඒ වගෙම අවසානයි දුක්බරයි කියාලා මගහරින්න හොද නැති ෆිල්ම් එකක් මේක. ඒ හිංදා මේ ෆිල්ම් එක අනිවාර්‍යෙන් බලන්න.

අවසාන වශයෙන් මං මේ ෆිල්ම් එකේ තියෙන අපේ බුද්ධ දේශනාවේ සදහන් වෙන ධර්ම කරණක් ඇතුලත් දෙබසක් සදහන් කරලා මගෙ ලිපිය අවසන් කරන්නම් “මිනිස්සු තමන් කරපු වැරදි ඉක්මනින් අමතක කරනවා, ඒත් කවදාවත් කර්මය කවදාවත් ඒව අමතක කරන්නේ නෑ.අතහරින්නෙත් නෑ”

එහෙනම් නැවතත් මෙ වගෙ සබ් එකකින් හමු වෙන්නම්. ඔයාලට සුභ දවසක්!!!

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

3,985 downloadsDownload Babumoshai-Bandookbaaz-2017.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

3,985 downloadsDownload Subtitles47 KB

18 comments

  1. Kavinu

    සබට තුති!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Udaya Fdo

    Thanks malli

  4. D.Chamara

    bohoma sthuthi

  5. indika75

    thanks..

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. Bandara

    Thanks Ravindu..best of luck to you

  8. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට

  9. Ravisara Dharmapala

    Hammo saho mokda eka supiriyk kine pattama.. supiriwatma tyba film ekk awsne hitgnda beri una mtnm..sib ekt ninetma tyba aye itin kidna wacahan nee..gd lc digatma sub krnda❤❤

  10. randima

    ane aiye me film ekata sub denna tha ghazi attack 2017 plzzz meke thiuena sub eka poddwath gelepen ne plzszs aiyoo plzzzzz

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sahangayantha

    thanks a lot saho

  13. Pramukmili

    Thanxx bro....................

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  16. mindika

    Thanks !!!!

  17. සාරංග ජේ. ලියනගම

    Thanks

  18. Manohari

    Godak sthuthi.. Jaya wewa!