ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . ඉතින් පුරුදු විදිහට බයිස්කෝප් එකේ හැමදෙනාටම ස්තුතියි. ඔයාලගෙන් ලැබුන උපදෙස් සහ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මේ පාරත් මම ඔබට සිංහල උපසිරැස ලබා දෙන්නේ පරණ කතාවකට. කතාව පටන් ගන්නේ එක හැන්දෑවක යි. ඒ වෙලේ ඉදන් අනිත් දවසේ පාන්දර වෙනකන් වෙන දෙයක් තමයි තියෙන්නේ . පට…
ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් .
ඉතින් පුරුදු විදිහට බයිස්කෝප් එකේ හැමදෙනාටම ස්තුතියි. ඔයාලගෙන් ලැබුන උපදෙස් සහ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මේ පාරත් මම ඔබට සිංහල උපසිරැස ලබා දෙන්නේ පරණ කතාවකට.
කතාව පටන් ගන්නේ එක හැන්දෑවක යි. ඒ වෙලේ ඉදන් අනිත් දවසේ පාන්දර වෙනකන් වෙන දෙයක් තමයි තියෙන්නේ . පටන් ගන්නේ නික් ගෙන්, එයා බෑන්ඩ් එකක සාමාජිකයෙක්. ඒත් මේ දවස් වල එයා දුකින් ඉන්නේ, ඒ එයාගේ පෙම්වතිය ට්‍රිස් එයත් එක්ක තරහා වෙලා නිසා. ඉතින් එදා නික් ගේ යාලුවෝ නික්ව හොයාගෙන ගෙදර එනවා. එයාලට සින්දු කියන්න අලුත් තැනක් ලැබිලා. ඒ අතරේ එයාලා දැනගන්නවා එයාලා කැමතිම සංගීත කණ්ඩායම නිව්යෝක් අවට සංදර්ශනයක් තියනවා කියලා. ඒ අතර තමයි නික් ට නොරාහ් ව හම්බ වෙන්නේ.
නොරාහ් එන්නේ එයාගේ හොදම යාලුවා කැරොලයින් එක්ක. කැරොලයින් කියන්නේ හොද බේබද්දීයක් . ඉතින් වැඩි වෙලාවක් යන්න කළින් එයාට හොදටම වෙරි වෙලා ඉන්නේ. නොරාහ් නික් ලගට ඇවිත් එයාට කියනවා විනාඩි පහකට නික් ට එයාගේ පෙම්වතා වගේ රගපාන්න කියලා. නොරාහ් එහෙම කරන්නේ එයාගේ තවත් යාලුවෙක් ඉස්සරහ ලජ්ජා නොවී ඉන්න. ඒත් මේ යාළුවා තමයි ට්‍රිස් . ඉතින් නොරාහ් ට හිතුවට වඩා වැඩි වෙලාවක් නික් එක්ක ඉන්න වෙනවා .ට්‍රිස් එක්ක අලුත් කොල්ලෙක් ඉන්න නිසා නික් ඒ විදිහට රගපානවා . මේ ඔක්කොම ඇවිත් ඉන්නේ වෙයාස් ෆ්ලෆි සංගීත කණ්ඩායම හොයාගෙන. මොකද ඒ කණ්ඩායමේ සංදර්ශනේ තියන තැන කවුරුවත් දන්නේ නෑ. නික් ගේ යාලුවෝ කැරොලයින් ව ගෙදරට දාලා එන්න කැමති වෙනවා . මේ අතර නික් සහ නොරාහ් ෆ්ලෆි ඉන්න තැන හොයාගන්න හදනවා.
මේ අතර තුර කැරොලයින් අතුරුදහන් වෙනවා. ඒ වගේම නික් සහ නොරාහ් එකිනෙකට ටිකෙන් ටික ලං වෙනවා. මේක තේරුම්ගත්ත ට්‍රිස් මේ දෙන්නා අතරට පනින්න හදනවා. මේ ජරමර අස්සේ නික් සහ නොරාහ් ට මොනවද වෙන්නේ ? කැරොලයින්ට මොකද වුනේ කියලා බලලාම දැනගන්න.
මේක හරිම ලස්සන ආදර කතාවක් . බයිස්කෝප් එකේ සමහර අය මේක බලලා ඇති. ඒ බලපු අයත් ආයමත් සැරයක් බලන්න කැමති වන චිත්‍රපටියක් තමයි මේක. Nick and Norah’s Infinite Playlist චිත්‍රපටිය එන්නේ ඒ නමින්ම Rachel Cohn සහ David Levithan යන දෙන්නා රචනා කරපු නව කතාවක් ඇසුරින් Peter Sollett විසින් අධ්‍යක්‍ෂනය කරපු ආදර කතාවක් හැටියට යි. මෙහි ප්‍රධාන නළු නිළියන් වෙන්නේ Michael Cera සහ Kat Dennings යන අපිට හොදට පුරුදු නළු නිලි දෙපලක්. මේ චිත්‍රපටියේ රූගත කිරීම් වෙන්නේ නිව්යෝක් නගරය ආශ්‍රීතවයි.
ඉතින් මම හිතනවා ඔයාලා මේ ගැන සතුටු වෙයි කියලා . තවත් කතා තියෙනවා ඉදිරියට දෙන්න . ඉතින් බයිස්කෝප් එකේ හැමදෙනාටම ස්තූතියි .

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
2,377 downloadsDownload Nick-and-Norahs-Infinite-Playlist-2008.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Captain Nobody” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Captain Nobody
Subtitles
9 comments
Kavinu
PaThUm_WiNcHeStEr (පැතුමා)
උපසිරසට ස්තුතියි. ජය!
indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshan
Niyami wage blamu
Good luck brooooරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Nick and Norah’s Infinite Playlist (2008) Sinhala Subtitles | ආදරයේ සංගීතය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/nick-and-norah’s-infinite-playlist-2008.jpg)
සබට තුති!