Watch Trailer

Back to the Future (1985) | නැවතත් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

නැවතත් පැරණි සිනමා පටයකට උපසිරසි දැම්මා. අලුත් ඒවා කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවනේ. පරණ උණත් ඕනෑම කාලයක රසවිදින්න පුළුවන් පැරණි අනගි සිනමාපට රැසක් තියෙනවා. ඉතින් කැමති අයට බලන්න ඒවටත් කව්රු හරි සබ් දෙන්න ඕනනේ. මෙවර ලබා දෙන්නේ වීර ක්‍රියා – විද්‍යා කාණ්ඩයට අයත් වන සිනමා පටයක්. රසිකයින් 4,86,963 විසින්…

back to the future

නැවතත් පැරණි සිනමා පටයකට උපසිරසි දැම්මා. අලුත් ඒවා කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවනේ. පරණ උණත් ඕනෑම කාලයක රසවිදින්න පුළුවන් පැරණි අනගි සිනමාපට රැසක් තියෙනවා. ඉතින් කැමති අයට බලන්න ඒවටත් කව්රු හරි සබ් දෙන්න ඕනනේ. මෙවර ලබා දෙන්නේ වීර ක්‍රියා – විද්‍යා කාණ්ඩයට අයත් වන සිනමා පටයක්. රසිකයින් 4,86,963 විසින් IMDB 8.5 ක තරම් විශාල අගයක් එකක් ලබා හොඳම චිත්‍රපට 250 අතර 48 ස්ථානයේ ද ඇති සිනමා පටයක්.

1985 දී තිර ගත වූ මෙම සිනමා පටය, මහා සිනමා කරුවෙකු වන”ස්ටීවන් ස්පීල්බර්ග්” ගේ මුල් කාලීන ඉදිරිපත් කිරීමක් වන අතර එකල විශාල ආදායම් වාර්තා තැබූ එකක්ද වෙනවා. මෙම සිනමා පටය කොටස් තුනකින් යුක්තයි. මේ ඉන් පළමු කොටසයි. වෙන වෙනම බැලුවත් රස වින්දනයට බාධාවක් නැහැ. ඒවුනාට කොටස් තුනම එක දිගට නැරඹීම ඉතා රසවත් අත් දැකීමක් වේවී.

පළමු කොටසේ කතාව ගැන ඉතාම කෙටියෙන් කියන්නම්. ඒ 1985 වර්ෂයයි. මාටී නම් තරුණයාගේ මිතුරු එමිට් බ්‍රවුන් නම් මහාචාර්යවරයා, ප්ලූටෝනියම් වලින් පණ ගැන්වෙන කාල තරණ යන්ත්‍රයක් නිර්මාණය කරනවා. හදිසි සිදුවීමක් නිසා මාටි තරුණයා, මෙම කාල යන්ත්‍රයෙන් වසර 30ක් (1955 දක්වා) අතීතයට තල්ලු වී යනවා. මෙලෙස 1955 ට යැවුණු ඔහුට තරුණ වියේ පසුවන එහෙත් තවමත් එකිනෙකා මුණගැසී සබදකමක් ගොඩ නැගී නැති, තම මව හා පියා වීමට සිටිනා දෙදෙනාව මුණ ගැහෙනවා. ප්‍රතිඵලය වන්නේ මේ දෙදෙනා අතර ඇති වීමට තිබූ ආදර සම්බන්ධය මාටි නිසා අවුල් වී කඩාකප්පල් වීමයි. ඔහුන් දෙදෙනා විවාහ වූයේ නැත්නම් මාටිගේ උත්පත්තියක්ද නැත.

නැවත 1985 ට යාමට නම්, මාටි 1985 දී ජීවත් වන්නෙකු විය යුතුය. මේ හේතුව මත දැන් ඔහුට ඒ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇතිකර විවාහ වන තැනට කටයුතු කිරීමට සිදුවේ. මේ සදහා බාධාවන් රැසකි. තම මව වීමට සිටින තරුණියට බැල්ම දමන චණ්ඩියෙක්, පියා වීමට සිටිනා තරුණයාගේ බියගුලු ස්වභාවය, කාල යන්ත්‍රයෙන් නැවත යාමට ඉන්ධන වශයෙන් ප්ලුටෝනියම් නැති කම, ඇතුළු ගැටලු රැසකට මාටිට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ කාලය විට (1955 දී) තරුණ වයසේ පසු වන මහාචාර්ය එමිට් බ්‍රවුන්ව සොයා ගන්නා මාටි, ඔහුගේ ආධාරයෙන් ඒ බාධාවන් ජයගෙන නැවත 1985 දක්වා පැමිණීමට උත්සහ දරනවා.

සිනමා පටය නරඹා ඉන්පසුව සිදු වන්නේ කුමක්දැයි ඔබටම බලාගන්නට ඉතිරි කරන්නම්. ඔබ සැමගේ ප්‍රතිචාර අනුව අනෙක් කොටස් දෙකත් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නම්. මේ සිනමා පටය ගැන මීට පෙර පළවු ලිපියක්ද තියෙනවා. ඒ ලිපියයි, ඒ‍කට දී තිබූ අදහස් ප්‍රකාශයන් ටිකත් බලන්න. නැවත දෙවන කොටස සමග හමුවෙමු.

මීට කලින් පළ කළ ලිපිය.

ඕන් දැන් කට්ටිය හිතන්න එපා ගෝලයට පිස්සු තද වෙලාද කියල. මෙච්චර පරණ බයිස්කෝප් එකක් අද දෙන්නේ කියල. ඇත්තටම කීව වගේ මේක පරණ වුනත් එළ චිත්‍රපටි ගණයට අයත් මැක්සා කතාවක්. මුලින්ම මේ චිත්‍රපටිය ගැන මට කීව යාළුවට බොහොම ස්තූතියි කියනවා. ( පොර ලිපිය දකීවිද දන්නෙ නැහැ.. )

කෙසේ වෙතත් චිත්‍රපටිය ගැන යමක් කීවොත් මෙහෙමයි. ඡන්ද 184,000කට අධික ප්‍රමාණයක් ලබා ගෙන imdb හි 8.4/10 ක් ලබා ගෙන ලොව හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීමේ 78 වැනි ස්ථානයේ මේ චිත්‍රපටිය තිබෙනවා. මේ හේතුව නිසත් කාලෙකින් බයිස්කෝප් සිංහලෙන්හි පරණ මැක්සා නිර්මාණයක් ගෙනාවෙත් නැති නිසයි අද මම මේක තෝර ගත්තේ. මොකද මෙවැනි නිර්මාණ බිහිවුණා කියල බොහෝ දෙනෙක් දන්නෙත් නැහැනේ.

මේ කතාව කොටස් තුනක කතා මාලාවක පළමු කොටස. මේක බලල අනික් කොටස් දෙක කැමතිනම් බාගෙන බලන්න. මම ටොරන්ට් එක හොයල දෙන්නම්. කතාව කෙටියෙන් මෙහෙමයි. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කොලුවෙක් ඉන්නවා Marty කියල. ඔහු අසාමාන්‍ය විද්‍යාඥයෙක් ලඟින් ආශ්‍රය කරනවා. මේ විද්‍යාඥයා කාල තරණය කරන්න පුළුවන් මැසිමක් නිර්මාණය කරනවා. වැරදීමකින් Martyව 1955ට යැවෙනවා. එහිදී ඔහුට පුදුම දෙවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. වැඩේ කියන්නේ, Martyට සිද්ධ වෙනවා ඔහුගේ අම්මයි තාත්තයි අතරෙ ප්‍රේම සම්බන්ධයක් ඇති කරන්න. හික්z.. නැත්නම් 1985දී ඔහුගේ පැවැත්මක් නැතිවෙනවා. මදි නොකියන්න හිනා වෙන්නත් පුළුවන්. මැක්සා විද්‍යා ප්‍රබන්ධයක්, බලනකොට පරණ චිත්‍රපටියක් කියල හිතෙනව අඩුයි. බලල ගුණ දොස් කියන්න කෝ..

Back to the Future (1985) on IMDb

 

 

1,882 downloadsDownload Back.to_.the_.Future.1985.baiscopelk.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SIRIJAYA” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

1,882 downloadsDownload Subtitles49 KB

88 comments

  1. Uraj Deemantha

    මේකේ කොටස් තුනම මම බැලුවා.... :) මාර පට්ට ෆිල්ම් එකක්.... :D අනිවා හැමෝම බලන්න..... :)

    මේ ලග පාතක ඉන්න අය ඉන්නවා නම්, DVD වලට write කරලා දෙන්නත් පුලුවන් කොටස් තුනම ......!! :)

  2. rachiyo

    තැන්කූ වෙන්න ඕනා.බාගෙනම බලමු!

  3. ගයාන් තාරක

    මචෝ පුලුවන්ද ෆිල්ම් එකේ ටොරන්ට් එක දෙන ගමන්ම ඒකට හරියටම synchronize වෙන subtitle එකත් ඒක එක්කම දාන්න.

    ජය වේවා!
    ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි

  4. හසී

    අනිවා බලන්න...මාත් බැලුවා....පට්ටම පට්ට.....

  5. dnadishan

    patta

  6. maneesh

    baluwaa.....

  7. සහන්

    ඔච්චර ඔය කියන හින්ද බාල බලමුද......

  8. hare

    මමත් මේ සෙට් එකම දෙපාරක් විතර බලල තියෙනවා. නියම ෆිල්ම් සෙට් එක. තුනම බලන්නත් ඕන හැබැයි. අනික මේක හදල තියෙන්නෙ ස්ටීවන් ස්පිල්බර්ග්. ඒ කියන්නෙ ආයෙ දෙකක් නෑ එල.

  9. susantha

    fillm aka balala hoda naraka kiyannam.

    1. Nimesh

      k,,kiyanna apata

  10. dushan

    thanx golaya

  11. බුධාජීව

    මාත් බැලුවා 3ම අවුරුද්දකට විතර කලින්. 3ම එකට එකක් සම්බන්ධ නිසා 1,2 සහ 3 පිළිවෙළට බලන්න. ඒවගේම 1 විතරක් බලලා නවත්වන එකේ තේරුමකුත් නෑ.

    සමහර තැන් වල නිකං අතාත්‍වික ගතියක් තිබ්බට, විද්‍යාත්මක දැනුම පැත්තකින් තියලා ෆිල්ම් එක හරි කියල හිතාගෙන බලන්න; එතකොට හොඳට රසවිඳින්න පුළුවන්.

    කම්මැලි නැතිව නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටි මාලාවක්.

    [said:ගයාන් තාරක]
    මචෝ පුලුවන්ද ෆිල්ම් එකේ ටොරන්ට් එක දෙන ගමන්ම ඒකට හරියටම synchronize වෙන subtitle එකත් ඒක එක්කම දාන්න.[/said]

    මාත් ඒ ඉල්ලීම කරනවා!

  12. ashan kandy

    ane mada...ra unat kamak na onna man bawa...

  13. නුමේෂ් ඩිලූෂ

    ane ithin seed karanna hodee plzzz

  14. රොයිලි

    බාමි.

  15. සීසර්

    බාමි බාමි....AVATAR film එක දෙන්නෙ නැද්දෝ ...මම නම් 3D බැලුවා පට්ට ෆිල්ම් එක... ඉතාලියෙන් තිබුන නිසා හරියට කචල්...සිංහල sub එක්කම දෙන්න ලොක්කා...

  16. Mr.බිමා

    පටිට බයිස්කෝප් එක
    බාගන්ඩෝ.................

  17. smw8890

    පරන පෙනුම නියමය් .මෙක ඉක්මනට ලොඩ් වෙනවා

  18. Anonymous

    Ela Meke MAma Parts 3nam Bewa..
    Kalekata Kalin... Den Nam Ne..

  19. සහන්

    එල මම පෝයටම බලනව කියල ඔන්න බාගත්තා....
    ආපහු ප‍රන ගෙද‍රටම ආවා නේ....
    දැන් නිකන් හ‍රි නිදහසක් දැනෙනවා හ‍රියට පිට තැනක ඉදන් තමන්ගෙ ගෙද‍රට ආව වගේ.. :)

  20. buddhika

    elakiri,,,, baami

  21. DragonD

    maat baanoo

  22. ~බිன்ku~

    මේක චාටර් කියලා කියන කෙනෙක් ඉන්නවා නම් ඒකා ගැන කතා කරලා වැඩක් නෑ!

  23. soona

    seed plzzzzzzzzzz

  24. Chinthaka(Germany)

    Mama me film eka gena ahuwe 1993. Balanna eekaale thakshanaya thibune neha...Api ethakota year 8..(St. John's college, Nugegoda)...Ape Dammika Priyadarshana Abesinghe ...Mage hitha mithura...meka balala thibuna...poragen thamai api(Anju suranga Nawarathne,Kusun jayamith, Samagi sampath perera)kathaawa ahagaththe 1993 di..Meka maru kathaawak.....Old is gold...
    Thanks Dammika with happy memories and thanks to post this link..

  25. nipuna

    sirama film ekak mara widiyata mano para wadinawa.

    aniwa anith 3 nama balanawa

  26. Pradeep

    Please provide other torrent links, this is good

  27. jana

    mame baluwa.niyama film 1.meka charter kiyane ekata pissu.Indiana john film set 1 wage niyamai

  28. Ramraj

    මේක මම මීට කලින් බලලා තියෙනවා.

  29. Kasun.D

    Parana unath maxxa film ekak.

  30. Nadee

    LASSANA FILM 1K

  31. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ ෴

    1. Thisara Buddhika (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |
      --------------------------------------------------------
      :) --------තුති……. :)

  32. Asitha

    Me film eka gana kyanna deyak na.supiri.meke 2,3 mata nam e wagema hoday.mara fun ekak ganna puluwan hamoma balanna.subata thanks.....

  33. Kulanjana Maduranga

    parana unata supiri film1k.subata thanks SIRIJAYA saho.good work.digatama sub demu.jaya wewa...

  34. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක මං බලපු තවත් පට්ට බයිස්කෝප් එකක් :D
    පරණ එකක් කියලා පෙලක් අය මේක බලන්නැතුව ඉදියි :-(
    එහෙම නම් කරන්න එපා මේක පරණඋනාට රජ බඩුවක් :P
    මේකට සබ් දුන්න එකටනම් බොහොම ස්තුතියි :D
    අනිකත් ඉක්මනට දෙමු :D :D ජය

  35. Chaminda Lakruwan

    Niyamai kiyala hitanawa balana one tnx,macha.

  36. Global

    Pattama Patta..Thanks Bro..!

  37. Sasindu

    2nd eka ikmanata one plzzzzzz

  38. Tharindu Perera

    Fatta filumak vageee.......
    thanks machan sub ekatahh...

  39. yeshu

    නියමයි.... ෆිල්ම් තුනටම සබ් දෙන්න..... ස්තූතියි

  40. දමිත්

    දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා...ජයෙන් ජය..

  41. Rashmika

    old is gold...thanks lot saho mekta sub dunnt..anit 2kt ikmnt denna..GOOD LUCK

  42. අසෙල්

    meka mama itn night movies wala isara baluawa
    supiri film ekak ai kiyana deyak na pattai
    Aniwa 3 dena macho
    3 dunahama apahu balanawa
    thanx

  43. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    අනිත් දෙකත් ඉක්මනටම ඕනා

  44. chandima

    niyamai thaz....

  45. නලින්

    අප්පට සිරි පුංචි සන්දියේ බලපු මැක්සාම කථාවක්! සිංහල එක්ක ආයි බලනවා කියන්නේ මැක්සා නේ සහෝ

    ජය වේවා! සබට තුති!

  46. indika

    thanks.anek dekath ikmanata denna

  47. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  48. “චූටී මල්ලි”

    මේක බලලා නෑ කලින්
    සබට තුති
    ඔබට ජය.................

  49. Kasun.D

    mama balapu patta film ekak. anika e kale hatyata graphics marai :)

  50. Isu DP

    Nuyami " SIRIJAYA" Sahoo Subata....
    Patta Filmne Oya Genne..
    Ithuru Tikath Ikmanin Gemu...
    ((( Old Is Gold )))
    Jaya Wewa !!! :-) :-)

Load more comments