ඔන්න මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙවෙනි උපසිරැසි නිර්මාණය විදියට ඉතාමත්ම අනර්ඝ ඉහළ ගණයේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක IMDB Top List එකේ 144 වෙනි ස්ථානයට පත්වෙලා තියනව 8.3 ක අගයක් ලබාගෙන. මේකෙ කතාව මෙහෙමයි. ටොමී සහ බ්‍රෙන්ඩන් කියල සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. මෙයාලගෙ තාත්ත හොඳ සටන් පුහුණුකරුවෙක්. පවුල් ආරවුල…

ඔන්න මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙවෙනි උපසිරැසි නිර්මාණය විදියට ඉතාමත්ම අනර්ඝ ඉහළ ගණයේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක IMDB Top List එකේ 144 වෙනි ස්ථානයට පත්වෙලා තියනව 8.3 ක අගයක් ලබාගෙන.
මේකෙ කතාව මෙහෙමයි. ටොමී සහ බ්‍රෙන්ඩන් කියල සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. මෙයාලගෙ තාත්ත හොඳ සටන් පුහුණුකරුවෙක්. පවුල් ආරවුලක් හින්ඳ මෙයාලගෙ පවුල දෙකඩ වෙලා තියෙන්නෙ. මෙහෙම තියෙද්දි දවසක් ටොමී එයාග තාත්තව බලන්න එනවා. සෑහෙන කාලෙකට පස්සෙ. ඒ තාත්තව බලන්නම නෙවෙයි. එයාගෙ හිතේ තියෙන්නෙ යටි අරමුණක්. ඒ සටන් තරඟාවලියකට ඔහුගෙ තාත්ත ලවා පුහුණු වෙන්න. මෙයාගෙ සහෝදරය බ්‍රෙන්ඩන්, ඔහු විද්‍යා ගුරුවරයෙක්. ඔහුගෙ දුවගෙ රෝගී තත්වයකට බෙහෙත් කරන්න ගිහින් ඔහු බංකොලොත් බාවයට පත් වෙනවා. ඔහුට ඒකෙන් ගොඩ එන්න සටන් කරන්න යන්න වෙනවා. අවසානේ මේ දෙන්නම එකම තරඟාවලියකට වැටෙනවා. මේ අයගෙ ජීවිතේ හැල හැප්පීමුත් එක්ක අවසානයේදි මොකද වෙන්නෙ කියල බලන්න අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය නරඹන්න. පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන හිතට වදින චිත්‍රපටයක්. අනිවාර්යෙන්ම නරඹන්න.
මීට කලින් පළ කළ ලිපිය.
2012 වසරට පා තබන්න ලංවන මොහොතෙ නැවතත් බයිස්කොප් ලැබැඳියන් සමග එක්විමට සිතුනු හෙයින් නව්‍යකරණය වන ලෝකයෙ සිට තවත් එක් කතාවකට පමණක් සිමා නොවි ඊට එහා යමක් ඔබට ලබාදිමේ අදිටනින් මේ සිනමා කෘතිය ඔබ සමග නැරඹිමට සිතුවෙමි. මෙය එක්තරා විදියක ක්‍රියාදාම චිත්‍රපටියක් ලෙසද හැදින්විය හැක. මන්දයත් මෙහි අන්තර්ගත කතාව වන්නෙ බොක්සින් ක්‍රිඩාව තම සිහිනයටත් එහාගිය මෙන්ම ඉලක්කයකටත් වඩා තම අභිප්‍රාය කරගත් තරුණයින්ගෙ කතාවක් හෙයිනි. කට්ටියට මතක ඇති ගිය වසර අගබාගයෙදි නිකුත් වුනු The Fighter (2010) චිත්‍රපටිය. ඒක සම්පුර්ණයෙන්ම බොක්සින් සම්බන්ධ කතාවක්. නමුත් මේක ඊට වෙනස්. මේක තුල බොහොමයක් තියෙන්නෙ කික්බොක්සින් සම්ප්‍රදාය. එකයි මේකෙ විශේෂත්වය.
තම පියාගෙන් ලද ශිල්පය මත යැපෙමින් ජිවිතය ගෙවන්නට සැරසෙන සහෝදරයන් දෙදෙනෙකි. වැඩිමහල් සහෝදරයා ශිල්පය අදහන්නෙක් මිස දක්ෂයකු නොවන්නෙකි. ඔහු තමන්ගේ බිරිඳට හා දූවරු දෙදෙනාට පණ මෙන් ආදරය කරන්නෙකි. ඔහු මුදල් අතින් බංකොලොත් වීගෙන එන්නෙකි. බාල සහෝදරයා මත්පැන් සදහා ලොල්වුවෙකි. ඔහුගේ පුහුණුකරු වන්නේ පියායි. නමුත් සොයුරන් දෙදෙනාම පියාට එතරම් කැමැත්තක් නොදක්වයි.
මේ සොයුරන් දෙදෙනාටම එකම සිහිනයක් තිබේ. මේ සිහිනය ලංවිමට හැකි, දාරාගැනිමට නොහැකි තරම් දෙයකි. තම ජිවිතයම ක්‍රිඩාව වෙනුවෙන් කැපකරන මේ සහොදරයන් දෙදෙනාගෙ බැඳීම පිලිබඳව ඔබට වටහා ගනු බැරිතරම්ය. නමුත් දැන් අවස්ථාව පැමින ඇත. එනම් ශුරතාවක් පෙනෙන මානයක ඇත. මෙහි වටිනාකම ඉතිහාස ගතයි. සොහොයුරන් දෙදෙනාම එකම කිරුලකට තරඟ වදියි. ජයග්‍රහකයා සියල්ල රැගෙන යයි. ජයග්‍රහකයා කවුරුන්ද කිසිවකු නොසිතන අවසනයක් රැගත් මෙම සිනමා කෘතිය තුලින් සහොදර බැදිමක ඇති වටිනාකම ගෙනහැර දක්වයි. IMDB 8.3 රැගත් මෙම සිනමා නිර්මාණය මහත් අදර්ශ රැසක් ගෙන හැරපාන නිර්මාණයකි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “Mangala(KOK\විෂ්)” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
e60017ed9fe3b40dbf149cf28b8def1bcc106d42 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,122 downloadsDownload Warrior.2011.baiscopelk.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/හසිත-ශාලික-යාපා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත ශාලික යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත ශාලික
Subtitles
72 comments
ashan
වාසල
පහන් තාරක සොයුරාත් මේ ෆිල්ම් එකටම ලිපියක් එවා තිබුනා... ඔහුටත් බයිස්කෝප් කණ්ඩායමේ ස්තූතිය...!
Kevin
ela ela
ඉසුරු උදාන
නියමයි මංගල සහෝ, මම බලාගෙන ඉන්නේ ඔයා immortals film එකට සිංහල සබ් දෙනකන් :D
ජය වේවා...!!!
Nimal
thanks bro...
KOK
immortal its still waiting DVD SCR is too bad to watch
chamath
patta patta onna math me film eka bagann damma maxa wadak saho
AL1717
Thanks Wewaa onna MAmath ba gatthaaa
jaya Wewaaa
ashen
කවුරුහරි අර අලුත් සර්ච් එක වෙනස් කරන්න. අලුත් එක ටිකක් කරදරයි පරණ එක හොදයි.
niva
banawa me banawa. maru film 1.
thanksDiN3sH
sinhala sub nathuwa wadak na.. film ekanam apith kalinma aragena balala thiyenne.
chamila
thanks..
Anonymous
English sub file එකක් sinhala ට හෙරෙව්වහම ඒකකොහොමද srt හෝ ssa එකක් විදිහට ඒක save කරන්නේ?
Tharanga Darshana Ekanayaka
එළ ඈ..........:D
theekshanax
තැන්කූ තැන්කූ. මංගල සහෝ
Air Bender
ela elaaa,,,,downloading,,,,,, :)
Madhuranga
thanks.......
mihiran
film ekanimi wage.sinhala sub thibunanam thawath niyami.elaga film eka sinhala sub ekka di kiya bala poroththuwenawa.me film ekata godak thanx sahooooo.
රාම් රාජ්
ස්තුතියි
Isira
English sub file එකක් sinhala ට හෙරෙව්වහම ඒකකොහොමද srt හෝ ssa එකක් විදිහට ඒක save කරන්නේ????????????????????????????????
හශාන්
එල වෑඩක් ආ
හශාන්
@ ඉසිර- notepad file එකක් open කරල සිංහල ගහපු ටික විතරක් අරං srt විදිහට save කරන්න
ashan suranga
thanks machan......
Dix
Sthuthi saho...
Isira
@හෂාන්-srt විදිහට save කරන්න පුළුවන්. ඒත් අයෙත් open කරහම sinhala පෙන්නේ නෑ.....( ???????? )මේ විදිහට
තමා පෙන්නේවාසල
@Isira,
සහෝ,
save as ගිහින් save as type කියන එකට යටින් තියන Encoding කියන එකට UTF 8 යන්න දෙන්න...ෆිල්ම් එකේ සඳහන් නමම දීලා සේව් ඈස් කරගන්න...
KOK
save කරද්දි encoding යන කොටුව Unicode (යුනිකොඩ්) ලෙස තොරන්න (encoding-Unicode).
isuru
thanks
theekshanax
ගන්න යාලුවෙකුට ම්කියන්නෙ මේක ඇවිල්ලා නියම ෆිල්ම් එකක් . :D
Sha
Ela ela Onna damma down wenna :)
Thankzzzzzzzzzzzz :D
dinnu
onna mamath banawoooo.jayawewa.
Rumesh
මංගලම් ජය මංගලම්!!!! සිංහල සබ් එකකුත් කොහොම හරි දෙමු
Anonymous
onna banna demma
ruwa
sinhala sub weda karanne neeeeeeeeeeee... link ekata giama not available kiyanawa..... hadannakooooo
සංදීප
නියම ෆිල්ම් එකක්.......
chinthaka
ko sub????????
[NI]ra[NJA]n
Meke thiyenne boxing nemei,mix Marshall art(MMA)
Nelson Rodrigo
Good Post Friend, Thanks!
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub walata..keep it up.jaya wewa.....
jack
නියමයි මචෝ...
ස්තුතියි කිව්වා සබ් එකට.හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)danushka
thanks machan,,,
Dushantha
ela. thanks
Global
Thanks Bro....
Isu DP
Thankzz "Hasitha" Sahoo Subata....
IMBD 8.3??? Niyamai..
Supiri Movie 1k Ne.. Onna Gannawa..
Digatama Sub Demuu...
Jaya Wewa !!! :-) :-)susan nilantha
තැන්කු වේවා..
නලින්
ස්කුකියි හසිත සහෝ
මෙක බැලුවත් පට්ට තතාව ආයි බලනවා! ස්තුතියි සබට සහෝ
ජය වේවා!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
“චූටී මල්ලි”
මේක බලලා නෑ කලින්
සබට තුති
ඔබට ජය.................minz
elz bro
රොයිලි
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම විශිෂ්ට කතාවක්. ජය෴෴ :P :P
Advertisement

මරු මරු අද මම 1
thanx