Watch Trailer

Bad Santa (2003) with Sinhala Subtitles | නරක නත්තල් සීයා! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර අරගෙන ආවේ තවත් කොමඩි චිත්‍රපටයක්. ටිකක් පරණ වුනත් අත ඇරලා දාන්න බැරි චිත්‍රපටයක් වගේම මේකේ දෙවෙනි චිත්‍රපටයත් නොවැම්බර් මාසයේදී නිකුත්වීමට තියෙන නිසාත් තමා මේකට උපසිරැසි කරන්න හිතුවේ. 2003 වසරේ නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Drama යන කාණ්ඩයන්ට. imdb 7.1ක ඉතා හොද අගයක් ලබාගෙන…

Bad Santa (2003)

මෙවර අරගෙන ආවේ තවත් කොමඩි චිත්‍රපටයක්. ටිකක් පරණ වුනත් අත ඇරලා දාන්න බැරි චිත්‍රපටයක් වගේම මේකේ දෙවෙනි චිත්‍රපටයත් නොවැම්බර් මාසයේදී නිකුත්වීමට තියෙන නිසාත් තමා මේකට උපසිරැසි කරන්න හිතුවේ. 2003 වසරේ නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Drama යන කාණ්ඩයන්ට. imdb 7.1ක ඉතා හොද අගයක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිත වන “විලී” එහෙමත් නැත්තන් “නත්තල් සීයා” විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Billy Bob Thornton,ඒවගේම “මාකස්” එහෙමත් නැත්තන් “නත්තල් සීයගේ සහයකයා” විදියට Tony Cox රංගනයෙන් දායකවෙනවා. එහෙනම් කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

විලී සහ මාකස් කියන දෙන්නා හැම වසරකම නත්තලට සති දෙක තුනකට කලින්, නත්තල් සමයේ එකතුවෙනවා පොඩි කියාවකට.:-) ඒ තමයි, මේ කාලයේදී ලොකු වෙළදසැල් වල නත්තල් සීයා කෙනෙක් ඉන්නවනේ පොඩි ලමයින්ව සතුටු කරන්න. ඉතින් ඒ වැඩේට තමයි මේ දෙන්නත් එකතුවෙන්නේ. ලොකු වෙළදසැලක් හොයාගෙන මේ දෙන්නා ඒකේ අයිතිකාරයාව මුනගැහිලා අඩුගානකට මේ වැඩේට කැමතිවෙනවා. ඉතින් මේ දෙන්නගේ ගානත් අඩු නිසා අයිතිකරුවනුත් මෙයාලව ගන්න කැමතිවෙනවා. හැබැයි මෙයාලගේ අරමුණ තමයි වෙළදසැල මංකොල්ල කන එක. ඉන්න සති කීපයේ වෙළදසැලේ දේවල් හොදින් දැනගෙන නත්තලට කලින් දවසේ මංකොල්ලය කරන එක තමයි මෙයාලගේ සැලැස්ම.

විලී තමයි නත්තල් සීයා, එතකොට මාකස් නත්තල් සීයගේ සහයකයා. දෙන්නගේ චරිත ගැන කතාකරොත් සැලසුමේ මහ මොලකාරයා තමයි මාකස්.  මාකස් තමයි හැමදෙයක්ම සැලසුම් කරන්නේ. විලී ගැන කතාකරොත්. තනිකරම බේබද්දෙක්. ඒවගේම යන යන තැන වැඩේ අවුල්කරනවා. කොයිවෙලේ බැලුවත් බීලයි ඉන්නේ.(නිකන්ද නරක නත්තල් සීයා කියන්නේ.) ඉතින් දෙන්නා මෙදා පාරත් වෙලදසැලක් හොයාගෙන වැඩේ බාරගන්නවා. හැබැයි විලීගේ හැසිරීම නිසා වෙලදසැලේ අයිතිකාරයට මෙයාලා ගැන පොඩි සැකයක් ඇතිවෙනවා. ඉතින් අයිතිකාරයා මෙයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න ආරක්ෂකයෙක්වත් දානවා. ඉතින් මේ දෙන්නට වෙළදසැල මංකොල්ල කන්න පුළුවන් වෙයිද? ඇතුළු තවත් ගොඩක් දේවල් නියම කොමඩියක් විදියට නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්, බොක්ස් ඔෆිස් චිත්‍රපටියක් වන Bad Santa චිත්‍රපටිය නැරඹීමට හැමෝටම ආරාධනා කරනවා.

චිත්‍රපටිය බාගද්දී 610mb බී.ආර්. කොපියම බාගන්න. මොකද වෙන කොපිවලට උපසිරැසිය නොගැලපෙන්න පුළුවන්. චිත්‍රපටයේ නම ඉදිරියෙන් Movie Torrents කියලා Googleහී Search කර මුලින්ම තියෙන අඩවියට පිවිසිලා ලේසියෙන්ම චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්. 610mb yify කොපියම බාගන්න. එහෙනම් කලින් සදහන් කලා වගේ මේකේ දෙවෙනි චිත්‍රපටය වන Bad Santa 2 චිත්‍රපටියටත් නිකුත්වුනාම උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

Bad Santa (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bad.Santa.2003.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,114 downloadsDownload Bad.Santa_.2003.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,114 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Rumesh Nilantha Jayaweera.

    thanks

  2. Raveen Fernando

    sub ekata thanks brother

  3. mithun

    බොහොම ස්තුතියි මෙ වගෙ චිත්‍රපට වලටත් ගොඩක් ප්‍රිය කරනව සතුටුයි සහො ඔයගෙ ලිපිය කියෙයුවට පස්සෙ බානකම් සිහියක් නැ ... සිත කාලෙත් ලග ලග එනව .. අසයි .. රෑක බලන්න ඔනෙ උපසිරැසි ගැන්නුවට තුති සහො පොරොන්දු උනාවගෙ දෙවෙනි එකත් අරගෙන එමු .. ස්තුතියි ගොඩක් ලස්සන කතාවක් අස හිතෙන

    1. mithun

      රෙටින් 7ට ගිහින් තියෙන නිසා සුපිරිම ඇති.........

  4. Wireshan Wijesiri

    Bad Santa 2003 Extended එකටත් Update කරපන්කො මචන්.... පරණ උනත් ලස්සන Movie එකක් Thankz :)

  5. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Dasitha147

    bohoma sthuthie saho obage kalaya sharamaya weyakota upasirasi genwimata. obalata jaya!

  8. දිනේෂ් අකලංක

    බාමින්.... මේකේ 2වෙනි කොටසක් එනව නේද සහෝ? පුලුවන්නම් එකටත් සබ් දෙන්න..

  9. Dineth

    sub ekata thanks saho.. Scream eke Halloween.Special eka awa neh? ekata sub denna puluwnda???

  10. Lushan Kuruppu

    එළකිරි...

  11. Dulanga

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Vihanga Raveen

    Bohoma sthuthi saho!

  14. madhubashana bandara

    jaya wewa !!

  15. Dewadithya

    Thanks for sub!