මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම HOME ALONE :D. මමත් ආසයි ඒ චිත්‍රපටයට ගොඩක්. තමංගෙ ගෙදරට මංකොල්ල කාරයො ආවම ගෙදර පුංචි ළමය ඒ මංකොල්ල ක…

මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම HOME ALONE :D. මමත් ආසයි ඒ චිත්‍රපටයට ගොඩක්. තමංගෙ ගෙදරට මංකොල්ල කාරයො ආවම ගෙදර පුංචි ළමය ඒ මංකොල්ල කාරයන්ට පාඩමක් උගන්නන විදිහ තමා හාස්‍යජනකව පෙන්නන්නේ. නමුත් මේක ඒකෙ අනික් පැත්ත. පොඩ්ඩක් අපි ඒ නිසා කථාව දිහාවට හැරෙමු.
මේ කථාව Thriller නොහොත් මගෙ ආසම කථා ප්‍රභේදයට අයත් එකක්. ඇත්තටම මේ කථාවේ චරිත කිහිපයක් තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිතය රොක්සෑන් කියන තරුණිය. ඇයට තමන්ගේ සගයින් කියන්නේ රොකී කියල. ඇයගෙ සගයින්ගෙ කෙනෙක් ඇගේ පෙම්වතා මනී. ඒවගේම අනික් කෙනා ඇලෙක්ස්. මෙයා ඒක පාර්ශවික ආදරයක් කරන කෙනෙක්. අපේ අය දන්නව ඇති නෙ ඒ ගැන :D. කොහොමහරි කොල්ලො දෙන්නම කෙල්ලට ලව්. ඉතිං ඒගැන නෙවේ කථාව තියෙන්නෙ. ලව් සීන් නම් නෑ දුක තමා 🙁 . මෙයාලගෙ හොරකමිකින් තමා කථාව පටං ගන්නේ. මේ රොක්සෑන් කියන තරුණියට ගෙදරින් පීඩාවන් ගොඩයි. එයාගෙ තාත්ත නැතිවෙලා. අම්ම තව පිරිමියෙක් එක්ක ජීවත් වෙනවා ඒ ගෙදරම. නංගීයි මෙයයි හරි අම්රුවෙන් ඉන්නෙ මේ ගෙදර. ඉතිං මෙයාට ඕන තමං ඉන්න මිෂිගන් අතෑරලා කැළිෆෝනියාවට යන්න. ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න. අනික් දෙන්නත් යන්න ලැහැස්ති පිටයි ඉන්නෙ. ගෙදර පීඩා නිසාමයි මෙයා හොරකමේ යන්නෙත්. ඇත්තටම මෙයාල ගෙවල් බින්දට සල්ලි හොරකම් කරන්නෙ නෑ. බඩු භාණ්ඩ හොරකම් කරලා විකුණනවා. ඒත් එව ගන්නෙ කුණු කොල්ලෙට. ඉතිං මේ නිසා රිස්ක් එකක් අරං පුංචි මුදලක් ගන්නවට වඩා මෙයාල හිතනව සල්ලි ගොඩක් හොයාගන්න.
ඒ නිසා ඔවුන්ට දැනගන්න ලැබෙනවා වයසට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙක්ගේ නිවසක් ගැන. එයා ජීවත් වෙන පැත්තෙ මිනිස්සුත් නෑ. ඒවගේම පොර අන්ධයි කියලත් දැනගන්නවා. ආ මට කියන්න අමතක උණා ඇලෙක්ස් ගෙ තාත්තට තමංගෙම කියල ආරකෂක පද්ධති විකුණන ආයතනයක් තියෙනවා. ඒ නිසා ඒ ආරකෂක පද්ධති මිලට ගන්න අය යතුරුවල කොපි එහෙම මේ ඇලෙක්ස්ගෙ ගෙදර තියල තියෙන්නේ. ඉතිං හොරකම් කරන එක අහන්නත් දෙයක්ද :D. ඒත් මතක තියාගන්න ඇලෙක්ස් ගෙ තාත්ත මේ කිසිම දෙයක් දන්නෙ නෑ. පුතා තාත්තට හොරෙන් රොකීයි මනීයි එක්ක හොරකම් කරන්නේ. ආයෙ එමුකො කථාවට. ඉතිං කට්ට කාල කොහොමහරි ගෙට පනිනවා. ලේසි කට්ටකුත් නෙවේ කන්නෙ හැබැයි. හා හා පුරා කියල දෙවියන් බුදුන් වැදල නිදන කාමරේ ඇතුලෙ ඉන්න මිනිහට නින්ද යන්න ගෑස් බෝම්බයක් සෙට් කරල තමා වැඩේ පටං ගන්න හදන්නෙ. ඒත් කරුමෙට පොර එසේ මෙසේ එකෙක් නං නෙවේ. හමුදාවෙ අය ගැන අවබෝධයක් ඇති නෙ හැමෝටම 😉 . අනික තමා මේ ගෙවල් බිදින වැඩේදි මේ ගොල්ල තව අභිරහසක් වගේ දේයක් හොයාගන්නවා. ඒක ටිකක්.. අනේ මන්ද.. බලන්නකො මොකද්ද කියලා.. එහෙමනං මම නවතිනවා. ආයෙත් හොද නිර්මාණයක් එක්ක හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
33,163 downloadsDownload Dont-Breathe-2016-Blu-Ray.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
54 comments
Asanka Gayan RZ
Asanka Gayan RZ
The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
The Last Exorcism (2010)mithun
E illima nm danna watinawa hoda film ekak balamu katada puluwan kiyala
prince
ලුසිපර් අලුත් එපියෙ සබ දාන්නැත්තෙ ඇයි බන්
kavinda
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
S.K.Ruchiranga
elma sahoo
NElson
Good work friend thanks.
wooobox.net
Thanks for the Sub
thisal
tnxxxx bn
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!D. Harshana Dilshan
Niyamai Bro.. balan hitiye Sub 1 enakan...
Jaya Wewa........!!!!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!deleepa
this is the best horror film within 20 years of time. what can i say
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිනේෂ් අකලංක
සුපිරි film එකක් වගේ සහෝ.. සබ් එකට බොහොම ස්තුතී..
Lushan Kuruppu
Thank you.... Bro!
wiki
Thanks
NPDJS
meka enakan unne machan
Upun Nethupriya
අයියේ premam movie එකේ theligu version එකට sab දෙනවද??????? ඒක සුපිරි movie එකක්
Yasiru Hasaranga
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ
CMX
Macgyver Tv Series එකට සබ් දෙන්නකො
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......M A Y S Perera
thada thada bachi
//හමුදාවෙ අය ගැන අවබෝධයක් ඇති නෙ හැමෝටම
api nam dhanne nah :pරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you.
mithun
Please meka bluray walsta apdet danna please .........bros
Chamara Asanka
Obe kepavima agaya krnwa saho sub ekta ස්තුතිය mage
Nadun Dasantha Kariyawasam
උපසිරැසියට බොහෝම ස්තූතියි දීප්ත සහෝ.
සුපිරියටම සබ කරලා තිබ්බා.
අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම ෆිලුමක්.
මේ ෆිලුමේ 02 වන කොටසක් එයිදෝ කියන ඉගියක් දුන්න එයිද දන්නේ නෑ හිටං......Anonymous
E sub eka matath ewanko meken download wenawa wada ne bn
mahesh
supirima film ekak.
ada tamayi baluwe.
sub ekata thank you.
jaya!!!rush
tnx bro
Kaazz_bat
ස්තුතියි සහෝ සබ් එකට,. ජය,.
madu
Thank you so much for the sub
Dinzz
download wenawa eth wada nha ne bn
Dinuja Adithya
download unaya wada nha bro
Ruwan
me sub eka wada natho
Anonymous
සබ් එක මැච් වෙන්නෙ නැනෙ බන්
Hasantha
Thanks. Sub eka wada..
Heshan
amma balanna hitapu film ekak!!!!!
sub valata thanx aiye!!!!
digatama me vage sub denna labenna one!!!!nuwankpeiris
ela
Tharindu Athukorala
tnx bro :D
Farmchemie_Roshan
Thanx mchn
Supun shanika
ජයවේවා බ්‍රෝ
Anonymous
thanks bro
Anonymous
Sub ekta SET wena link 1 dpnko bro
Shaggy
Thank you very much
Anonymous
අප්ඩේට් එකට තෑන්ක්ස්
Anonymous
Blu-ray 1080p walatath sub denna.
sangeeth
Superb movie akk. Acting, screenplay okkoma niyamai
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
lahiru
එලම
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elas man 1St