My Dearest Assassin (2026) Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ! අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ මැයි මාසේ Netflix හරහා නිකුත් වුණු, අලුත්ම අලුත් Thai ෆිල්ම් එකක්. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, Action, Thriller එක්කම හදවතට දැනෙන Romance එකක් කැටිවුණු සුපිරිම නිර්මාණයක්. විශේෂයෙන්ම Baifern Pimc…

ආයුබෝවන් යාලුවනේ! අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ මැයි මාසේ Netflix හරහා නිකුත් වුණු, අලුත්ම අලුත් Thai ෆිල්ම් එකක්. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, Action, Thriller එක්කම හදවතට දැනෙන Romance එකක් කැටිවුණු සුපිරිම නිර්මාණයක්. විශේෂයෙන්ම Baifern Pimchanok වගේම Thanapob Leeratanakachorn තමයි මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ.
හිතන්න ඔයාගේ ඇඟේ දුවන ලේ, ඔයාගේම මරණයට හේතුවක් වුණොත්? මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ‘ලාන්’ (Lhan) කියන තරුණිය මුහුණ දෙන්නේ අන්න ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට. එයා උපදින්නේ ලෝකයේ තියෙන ඉතාමත් දුර්ලභ රුධිර කාණ්ඩයක් එක්ක. මේ දුර්ලභ ලේ වලට කෑදරකමේ ඉන්න නපුරු බලවේග විසින් ඇය කුඩා කාලයේදීම ඇගේ දෙමාපියන්ව ඝාතනය කරනවා.
අනාථ වෙන මේ පුංචි කෙල්ලව බේරගන්නේ, රහසිගත ඝාතකයින්ගෙන් පිරුණු “House 89” කියන කල්ලිය විසින්.
ලාන් හැදී වැඩෙන්නේ මරණය, ලේ සහ ආයුධ එක්ක මේ ඝාතකයින්ගේ ගෙදරමයි. මේ අතරතුරේදී ඇයට ‘ප්‍රාන්’ (Pran) මුණගැහෙනවා. ඔහු වෙන කවුරුත් නෙවෙයි, මේ ඝාතක කල්ලියේ උරුමක්කාරයා. මේ හැඟීම් විරහිත ඝාතකයින්ගේ ලෝකය ඇතුළේ, ලාන් සහ ප්‍රාන් අතරේ ලස්සන ආදර කතාවක් දළුලන්න ගන්නවා.
ඒත්… අර පරණ සතුරන් ලාන්ගේ ලේ හොයාගෙන ආයෙමත් එනවා. තමන්ගේ ආදරය වෙනුවෙන් ප්‍රාන්ට සහ ලාන්ට මුළු ලෝකයක් එක්කම සටන් කරන්න සිද්ධ වෙනවා. මේ ආදර කතාවේ අවසානය මරණයද? නැත්නම් නිදහසද?
“My Dearest Assassin” කියන්නේ ක්‍රියාදාම වලට වඩා හදවතට කතා කරන නිර්මාණයක්. ආදරය වෙනුවෙන් කෙනෙක්ට කොච්චර දුරක් යන්න පුළුවන්ද? තමන් ආදරය කරන කෙනාව බේරගන්න තමන්ගේ ජීවිතය වුණත් පරදුවට තියන්න ඇය දෙපාරක් හිතන්නේ නැහැ.
ඉතින් මේ ලස්සන තායි සිනමා අත්දැකීම සිංහල උපසිරසි එක්ක රසවිඳින්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…
තවත් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු!
My Dearest Assassin (2026) Sinhala Subtitles
![]()
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,096 downloadsDownload MY-DEAREST-ASSASSIN-2026.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
My Dearest Assassin Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #My Dearest Assassin (2026) Sinhala Sub
- #My Dearest Assassin (2026) Sinhala Subtitles
- #My Dearest Assassin Sinhala Sub
- #My Dearest Assassin Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් මචෝ