මෝඩයා… සත්‍යය පරතරයෙන්ම දනී නමුත් සත්‍යය සහ බොරුව අතර වෙනස… මෝඩයා නොදනී… ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට…

මෝඩයා…
සත්‍යය පරතරයෙන්ම දනී
නමුත් සත්‍යය සහ බොරුව අතර වෙනස…
මෝඩයා නොදනී…
ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ දුන් සිය ගණනක් මිනිසුන් අතරින් දිවි අහිමිවූවන් හට හද පත්ලෙන්ම නැගෙන ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාලයන්ට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නට බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම වෙනුවෙන් අප මෙය අවස්ථාවක් කරගන්නවා.
Big B එහෙමත් නැත්නම් අමිතාබ් බච්චන් එක්කලා Sujoy Ghosh, බොලිවුඩ් කිං කාන් ශාරුක් සහ ගෞරි ඇතුලු Red Chillies Entertainment ආයතනය එකතුවෙලා පහුගිය අරුවුද්දෙ ලොකු වැඩකට අත තිබ්බා. ඒ The Invisible Guest නම් සුපිරි ස්පැනිශ් මිස්ට්‍රි, ත්‍රිලර් චිත්‍රපටය බොලිවුඩයේ යලි ප්‍රති නිර්මාණය කිරීමට. අමිතාබ් බච්චන් එක්කලා තප්සී පන්නු ප්‍රධාන චරිත සදහා යොදාගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට තීරණය කරන Sujoy Ghosh ඇතුලු කණ්ඩායම මිනිත්තු 118ක් පුරා දිවෙන අතිශය සාර්ථක සිනමා සිත්තමක් නිර්මාණය කරනවා. එසේ නිර්මාණය වුනු බද්ලා චිත්‍රපටය මේ වසරේ මාර්තු මස 08 වැනිදා ලෝක කාන්තා දිනයට සමගාමීව ලොවපුරා තිරගතවීම ආරම්භ කරන්නේ වසරේ නිකුත් වුනු තවත් දැවැන්ත සිනමා සිත්තමක ගමන් මග අරඹමින්. ඉන්දියානු රුපියල් කෝටි විස්සක වියදමින් තැනූ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 138 කට ආසන්න මුදලක් උපයමන් තවමත් නොදැවී ගමනක නිරතවන්නේ ඉහල විචාරක ප්‍රසාදයක ආශිර්වාදාත්මක ආරම්භයකින්.
පලිගැනීම කියන්න හරි දෙයක් නෙමෙයි. ඒත් සමාව දීම කියන්නෙ කොහෙත්ම හොද දෙයක් නෙමෙයි…
සත්‍යය කියන දෙයට මොනතරම් විග්‍රහයන් තිබ්බත් නීතිය ඉදිරියේ “සාක්ශි සහ තොරතුරු” කියන්නෙ පරම සත්‍යයයි.
පින්ක් චිත්‍රපටයෙන් පස්සෙ තමයි අමිතාබ් සහ තප්සී එකම රිදී තිරයක දැකගන්න ලැබෙන්නෙ. පින්ක් චිත්‍රපටයේ වගේම අමිතාබ් මේකෙ නිරූපණය කරන්නෙ තප්සී විසින් කුලියට ගන්න නිතිඥයෙක්ගෙ චරිතය. ඒ වගේම තප්සී සහ අමිතාත් අතිශය කැපීපෙනෙන රංගනයක නිරත වන්නට මේ චිත්‍රපටයේදි සමත් වෙනවා. මේ මොවුන්ගේ රංගනය සිනමාවේදීන්ගේ දැඩි පැසසුමකට ලක් කෙරුනා.
අමිතාබ් සහ තප්සීට අමතරව Amrita Singh, Tony Luke, Manav Kaul, Tanveer Ghani ද මේ සදහා තම සුවිශේශී රංගන දායකත්වය සපයනවා. Sujoy Ghoshගේ අධ්‍යක්ශනයෙන් හැඩවන මේ චිත්‍රපටය මං කලින් සදහන් කරා සේම ශාරුක් කාන්. ගෞරී කාන්, ඇතුලු Red Chillies Entertainment ආයතනය විසින් සිදු කරනු ලබන අතර Amaal Mallik, Anupam Roy, Clinton Cerejo තුන්කට්ටුවගේ සංගීතයෙන් හැඩවනවා.
කතාව ගැන කියනවනම් නේනා සේටි කියන්නේ ව්‍යාපාර ලෝකයේ ඉහලින්ම ඉන්න ව්‍යවසායිකාවක් විවාහක කාන්තාවක් වන ඇයට කුඩා දැරියක්ද සිටින අතර අවුරුදු 3ක් තිස්සෙ නේනා අර්ජුන් කියලා පුද්ගලයෙක් එක්ක අනියම් සබදතාවක් පවත්වගෙන යනවා. ඉතින් මේ අනියම් පෙමින් වියරු වැටිච්ච දෙන්නට අන්තිමේ ජීවිතේ කණපිට හැරෙන සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒ ඔවුන් දෙදෙනාව බ්ලැක්මේල් කරන්න පැමිණෙන අලුත් චරිතයක් නිසා මේ දෙන්නගේ නිහැඬියාව දෙදරන්න පටන් ගන්නවා. ඉතින් මේ බැලැක්මේල් කරුවා මේ දෙදෙනාව හෝටලේකට ගෙන්වා ගත්තත් එහිදි සිදුවන කලබලයක් නිසා නේනාට සිහි නැතිවනවා. නේනාට සිහි පැමිණෙනවිට ඔහු ඉදිරියේ ඉතිරිව තිබෙන්නෙ නිසල අර්ජුන්ගේ මල සිරුර සහ විසිරුනු මුදල් නෝට්ටු කිහිපයක්ය. මේ මරණයට නේනා සැකකරු වනවා. ඇයගේ සහයට බාදල් ගුප්තා නම් නිතිඥවරයකු පැමිණෙනවා. එතැන් පටන් අප ඉදිරියේ අංක “6” ලෙසින් පෙනෙන්නට තිබුනු දේ අංක “9” ලෙසින් පෙනෙන්නට ගන්නවා.
එහෙනම් යන්නට අවසර පතනවා අදත්, රටේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක ඔබෙන් ඉල්ලා සිටින්නෙ හැකිතරම් ප්‍රවේසම් වෙන්න කියලා විතරයි. චිත්‍රපටය සඳහා හොඳ වීඩියෝ පිටපත් නිකුත් වූ දිනයේ රටේ ඇතිවූ ව්‍යසනය නිසා විත්‍රපටයක් උපසිරැසි ගැන්වීමක් කරන්න පුලුවන් වටපිටාවක් නොතිබූ හෙයින් ඉඩ ලැබුනු අවස්ථාවේ අපේ අඩවියේ දහරා මුතු අමා සහෝදරියත් එක්කාසු කරගෙන මේ උපසිරසිය ඔබවෙත අරගෙන එන්නට මා කටයුතු කලා. ඉතින් ප්‍රමාදයක් වූවානම් සමාව ඉල්ලා සිටින අතර උපසිරසිය ඉක්මනින් ගෙන ඒම සඳහා සහය වුනු දහරා සහෝදරියටත් ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මන්ඩලයවත් මේ වෙලාවෙ මතක් කර සිටින අතර ලක්වාසි ඔබ සැමට කිසිදු අපල උපද්‍රවයක් නොවී මේ ගතවන අදූරු දින කිහිපය සීරිමක්වත් නොමැතිව ගෙවා දමන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කර සිටින අතර එවන් කුරිරු ක්‍රියාවක විලාප හඬක් ලක් මෑණියන් හට නැවත සවන් දීමට නොලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper True HDRip පිටපත් සඳහා ගැළපේ.
24,128 downloadsDownload BADLA-2019-update.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
105 comments
indika75
Dilshan
The Invisible Guest එක සබ් කලේ මම.. ඒ නිසා බලන්න කලින්ම දන්නවා මේක සුපිරි කතාවක් කියල. ස්තුතියි දෙන්නටම..
maikee
තැන්ක්ස් බං සබ් එකට. මේ දවස් ටිකේ ෆිල්ම් එකක් බලන්න වෙලාවක් තිබ්බෙත් නැ. හොද වෙලාවට මේ ෆිල්ම් එක දුන්නේ . එලම
Stranger
thanks
damith_janaranjana
Thanks
tharusha nayana
thanks sub ekata.Avengers Endgame eke sub eka denna puluwanda
kasun tharuka
tnx bro sub 1kta..film eka bala sub nathi nisa baluwe na..dn blnwa..gdk tnx..
Navodlakdilu
Thanks bro
gihan perera
ස්තුතියි සහෝ සහෝදරී...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
D.Chamara
:D aniwa balillak thama oyala denatama bohoma sthuthi jaya......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pramukmili
thanxx both of you..
1997lakmallakmal
thank you........!!!!
tharusha nayana
Thank sub ekata.The Prodigy (2019) film eke sub eka denna puluwanda.plzzz....
thilz
Thank u
pradeepravindra
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ජය ✌
dinesh darshaka
Thank you saho..
lahiru sadaruvan
thank you both of you
lahirulh
Thanks Guys....Great Job..Really appreciate...Cheers !!
amilagihan12
patta broooo thanks
Aac3
එලම film එක download කරන් බලන් හිටියේ සබ් දෙනකන්... ගොඩාරියක් ස්තූති සබ් එකට... දිගටම මේ වගේ පට්ට මූවි වලට සබ් දෙන්න... ජය වේවා !!!
M.W. Dilhani
Thank you so much. Total dhamaal ekatath sub dennako puluwannam
Uvindu Dilshan
Sub ekata thankx bro
nish47
supiri
thanks brodsdkavishka
Thenks for sub
Udaya Tharanga
thank you
koralage
Sahamara film download karanna ba ne e ai
rangika Kariyawasam
සුපිරියක් .බොම තුති සහෝ
prageeth
thanks bro sis
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Sonchiriya (2019)chamarasnawaratnakwt
ස්තුතියි යාලුවනේ. mulk film එකේ sub එකත් හදල දාන්න පුලුවන්ද ?
Hemantha De Silva
ස්තුතියි අමා.... රටේ අවුලක් තියෙද්දි මෙහෙම ෆිල්ම් එකක් ගෙනාවට...
sahan sankalpa
Avengers End Game එකේ sub එකත් දෙන්න පුලුවන්ද❤
OsandaFdo
TNq.super mve.❤️❤️❤️
Vihanga sathsara
thankss machi
malithmadhushan45
බොහොම ස්තුතියි දෙන්නටම
Nuwandika Dil
Thanks bro
yapa@com
super thanx
Thusitha Sampath
Thanks.
H_anuru
Thanks bro
Ayesh Prashan
Thank You
AravindaMadu
thank u bro .....
rehani
thanks for the sub..
Priyashandesilva
Thank for subtitles
wnrodrigo
Good work friend, Thanks!
harris
Thnx bro
kuma.lk
Thanks for sub...
aks
Thanks...
Sandunprabath1230
Thanks machn
kalunish
thanks for the details of the movie and subtitles
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
indika
english film එකක කොපියක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Badla (2019) with Sinhala Subtitles | පලිගැනීමක වේදනාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/badla-2019.jpg)
thanks..