ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර.…

ලොවක් කම්පා කරමින් කුරිරු ත්‍රස්තවාදී ප්රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ලෝකයාගෙ සුභසිද්ධිය උදෙසා ගොඩ නැගුනු ආගම් නමින් ලෝකයක ව්‍යසනය සටහන් කරන්නට උත්සහ ගන්නා අන්තවාදීන්ගේ ඒ පහත් ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර. ඒ අවාසනාවන්ත මහා ව්‍යසනයට මුහුණ දුන් සිය ගණනක් මිනිසුන් අතරින් දිවි අහිමිවූවන් හට හද පත්ලෙන්ම නැගෙන ශෝකය ප්‍රකාශ කර සිටින අතර තුවාලයන්ට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් අප මෙය අවස්ථාවක් කරගන්නවා.
ඔව් මේ අරගෙන එන්නෙ වසරේ නිකුත් වුනු තවත් සාර්ථකම සිනමා නිර්මාණයක්. දමිල සිනමාවේ සුපර්ස්ටාර් “රජිනිකාන්ත්” කිව්වම දන්නව වගේම දමිල සිනමාවේ ලේඩි සුපර්ස්ටාර් “නයන්තාරා” කිව්වමත් ඔබ හොදාකාරවම දන්නවා ඇති. ඉන්දියානු සිනමා ඉතිහාසය තුල නිලියක් වශයෙන් නයන්තාරා තරම් ඉහල ජනප්‍රියත්වයක්, ප්‍රේක්ෂක ආකර්ශනයක් මෙන්ම දක්ශ රංගන කුසලතාවයක් හිමි කතක් කිසිදු සිනමා කර්මාන්තයක නොමැති බව ඒකාන්තයි. මොකද කියනවනම් නයන්තාරාට එම ගෞරවය හිමිවිය යුතු බව ඇය අවසන් වරට රඟපෑ සිනමා සිත්තම් කිහිපයකින්ම උදාහරණ සපයා දැක්විය හැකියි. ප්‍රධාන නලුවෙක් නොමැතිව වුවද ඕනෑම චිත්‍රපටයක් බ්ලොක්බස්ටර් තලයට අරගෙන යන්නට හැකියාවක් තියෙන ධෛර්යවන්ත කාන්තාවක් ලෙසිනුයි නයන්තාරාව සිනමා ලෝකය තුල හැඳින්වෙන්නේ. ඉතින් ඇය ලේඩි සුපර්ස්ටාර් කියන නාමය උපයාගෙන තිබෙන්නෙ නිකම්ම නිකන් නොවේ. වසර 16ක් පුරාවට සිනමාව තුල භාශාවන් ගණනාවක චිත්‍රපට සඳහා දායක වෙමින්, විවිධ චරිතයන් ගණනාවකට පණපොවමින් ඇය ගොඩනගාගත් ප්‍රතිරූපය අග්‍රගන්‍යයි. ඉතින් මේ ගෙනෙන්නේ ලේඩි සුපර්ස්ටාර්ගේ සිනමා දිවියෙන් බිඳක්.
නයන්තාරා නොහොත් ඩියානා මාරියම් කුරියාන් සුරූපී යුවතිය ඉන්දියානු සිනමාව්ට පිවිසෙන්නේ Manassinakkare 2003 නම් මලයාලම් චිත්‍රපටයෙන්. එසේ සිනමා දිවිය ඇරඹු නයන් දමිල සිනමාවට පා තබන්නේ අධ්‍යක්ශක Harikrishnan ගේ Ayya(2005) චිත්‍රපටයෙන්. ඇගේ රංගන කුසලාතවය නිසාම 2005 වසරේ නිකුත්වුනු දමිල චිත්‍රපට 5 කට රංගනයෙන් දායක වන්නට ඇයට හැකියාව ලැබෙනවා. ඒ අතරින් Ghajini(2005), Chandramukhi(2005), චිත්‍රපටයන්හි ඇගේ රංගනයන් කැපී පෙනෙන තැනක් ගන්නවා. එදා පටන් අද දක්වා චිත්‍රපට 60කටත් වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇති නයන් සිනමා දිවියේ ගෙවීගිය වසර 16 පුරාවටම එක ලෙස තමා වෙත ප්‍රේක්ශක ආකර්ශනය තබාගෙන සිටින්නට සමත් වූයේ සිනමාවේ අනෙකුත් නිලියන් සැමටම ආදර්ශයක් වෙමින්. 2013 වසරේ ඇය ආර්යා සමග රඟපෑ Raja Rani (2013) චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ විශේෂ සංධිස්ථානයක් සටහන් කල සිනමා සිතුවමක් ලෙස සදහන් කල හැකියි.
2014 වසරේ ඇයට අලුත් අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වනවා. ඒ කාන්තාවන් ප්‍රධාන කරගත් සිනමා රටාව එහෙමත් නැත්නම් Female-Centric සිනමා රටාවට එලඹිමට ඇයට ආරාධනා ලැබීම. මෙය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් වුවත් ඒ වනවිට නයන් රංගනය පැත්තෙන් ඉතාමත් ඉහල මට්ටමක සිටි නිසා එම අභියෝගයට පහසුවෙන් ඇයට මුහුණ දෙන්නට හැකිවූවා. මන්දයත් ප්‍රධාන නලුවෙකු නොමැතිව නිළියක් පමණක් ප්‍රධාන කරගෙන චිත්‍රපටයක් තැනීම එම චිත්‍රපටයට වාණීජමය පැත්තෙන් කිනම් ප්රථිඵලයක් අත් කරාවිද කියන අවදානම නිතරම පවතිනවා. නමුත් ඒ සියල්ල මුසාවක් කරමින් දිගින් දිගටම තමන් හට ආරාධනා ලැබුනු Female-Centric සිනමා රටාවට අයිති සිනමා නිර්මාණ සියල්ලම අතිශය ජනප්‍රිය තලයකට ඇය ඔසවා තබන්නට සමත් වන්නේ ප්‍රධාන නලුවකු නොමැතිව වුවද චිත්‍රපටයක් බ්ලොක්බස්ටර් කිරීමේ හැකියාව නයන්තාරා යන අග්‍රගන්‍ය නිළියට හැකි බව තව තවත් තහවුරු කරමින්. ඒ චිත්‍රපටයන් අතර…
01. Anaamika(2014) / Nee Enge En Anbe (2014)
02. Maya(2015)
03. Dora(2017)
04.Aramm(2017)

05. Kolamavu Kokila(2018)

07. Airaa (2019)

යන චිත්‍රපටයන් වැජඹෙනවා. ඔන්න ඔය විදිහට තමයි නයන්තාරා Female-Centric චිත්‍රපට මාලාව ඔස්සේ තම නම ඉදිරියේ ඇති ලේඩි සුපර්ස්ටාර් නාමය තව තවත් තහවුරු කරගන්නේ. මං ඉහතින් දක්වා ඇති චිත්‍රපට අතරින් අවසන් චිත්‍රපටය, එහෙමත් නැත්නම් අද මේ මම අරගෙන එන අයිරා චිත්‍රපටය නයන්තාරා ද්විත්ව චරිත නිරූපණය කරන පලමු චිත්‍රපටයයි. පිට පිටම පැමිණි බ්ලොක්බස්ටර් ෆීමේල්-සෙන්ට්‍රික් චිත්‍රපට තුනක උණුහුම පහව යන්නටත් මත්තෙන් නයන්තාරාගේ මේ නව ද්විත්ව චරිතයක් සමගින් ආගමනය ප්‍රේක්ශකයින් හට ඉවසා බලා සිටිය නොහැකි කාරණයක් වූවා.

ඉතින් ඔන්න ඔය වගේ බලාපොරොත්තු සහගත ප්රේක්ශකයයින්ගේ දෑස් දල්වා බලා සිටින තත්වයක් තිබියදි තමයි අයිරා චිත්‍රපටය කරලියට පැමිණෙන්නේ. ගතවූ සමයේ ලැබූ සාර්ථකත්වයත් එක්කලා වර්තමාන සිනමාවේ දුවන චිත්‍රපටත් එක්කලා ගත්කල නයන්තාරා හට තමන් මෙතෙක් රැගෙනා රටාව බිඳ නොවැටී රැකගෙන යාමට නම් මුහුණ දෙන්නට ලොකු අභියෝගයක් මේ චිත්‍රපටය සමගින් ඉතිරිව තිබුණා. එම අභියෝගයට අති සාර්ථක අන්දමින් මුහුණ දීමෙ අරමුණින් ලොවපුරා රිදී තිරයන් 1400 ක, මේ වසරේ මාර්තු මස 28 වැනි දින ඒ අභියෝගාත්මක ගමන අයිරා චිත්‍රපටය ආරම්භ කරනවා.

Sarjun KM ගේ අධ්‍යක්ශනයෙන් සහ Kotapadi J Rajesh ගේ නිශ්පාදනයෙන් හැඩවෙමින් දිනෙන් දින සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිනමා චාරිකාව ඇරඹු අයිරා චිත්‍රපටයට ඉතාමත් හොද ප්‍රෙක්ශක ප්‍රතිචාර සහ විචාරක ප්‍රසාදය හිමිවූවා. විශේෂයෙන් නයන්තාරාගේ රංගනයට සෑමදෙනාගෙන් ලැබුනේ ඉහල පැසසුමක්. ඒ වගේම අමතක කරන්න බැහැ මේ සදහා Kalaiyarasan සහ Yogi Babu රංගන ශිල්පීන් එක්කර තිබූ අලංකාරය. මිනිත්තු 142 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය හොල්මන් චිත්‍රපට කාණ්ඩයට අයත් වූවත් යෝගි බාබුට පිංසිද්ධ වෙන්න බය කියන දේ චූ යන තරමට නොදැනෙන්න පොර වගබලාගන්නවා.

විවාහ වීමට කිසිදු කැමැත්තක් නැති යමුණා නම් තරුණිය හට තම දෙමවුපියන් මංගල යෝජනාවක් රැගෙන එනවා. හැමදේම සූදානම් කර අවසන් මොහොතේ ඇයට එය දැනුම් දෙන නිසා ඇයට තම දෙමවුපියන් ඉදිරියේ එම යෝජනව ප්‍රතික්ශේප කල නොහැකිවනවා. කරන්නට කිසිදෙයක් ඉතිරිව නොවූ යමුනා ගමේ තියෙන තම මිත්තනියගේ නිවසට පලා යන්නේ තම දෙමවුපියන්ට හොරෙන්. වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් වූ යමුණා හට ගමේදී අපූරු සිද්ධි කිහිපයකට මුහුණපාන්නට සිදුවනවා. මේ සිද්ධි අලලා යමුනා යූටියුබ් වීඩියෝ සකස් කරන අතර එයින් මොවුන් අතිශය ජනප්‍රියත්වයට පත්වනවා. කෙසේ වෙතත් මීට සමාන්තරව යන තවත් කතාවක් තිබෙනවා. මං ඒ කතාව සදහන් කරන්නට යන්නෙ නැහැ. නමුත් එක් මොහොතක් එනවා මේ සමන්තර කතා දෙකම එකතු වෙනවා. ඉතින් එහෙනම් එහි සුලමුල ඔබට බාරයි.

එසේනම් අදට සමුගන්නවා. යන්න කලින් මතක කරන්න කැමතියි සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටයේ උපසිරසි ගැන්වීමට සූදානමින් සිටියේ. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා අපේ හසන්ත අයියා මේ චිත්‍රපටය මට භාර කලා. ඉතින් සිසිල සහ හසන්ත අයියලාටත් මාගේ ස්තුතියි පුද කර සිටින අතර බයිස්කෝප් වාසී ඔබ සියලු දෙනාට සියලූ දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා. ජයෙන් ජය!!! සමුගන්නට මත්තෙන් අධ්‍යක්ශකවරයාගේ සටහනක් පහලින් තබන්නම්.


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා වලංගු වේ.
18,606 downloadsDownload Airra-2019.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
86 comments
Kanchaka
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා..!
Eranda Malith 2.0
Thanks
දමිත් රත්නායක
පට්ට පතුරු ලිපියට බොහොම ස්තුතියි මුලින්ම.
වටිනා කියන සවිස්තරාත්මක ලිපියක්.
සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Ayesh Prashan
Thank You
Achi
Thank wasthu
dsdkavishka
Thenks for sub
M.W. Dilhani
විස්තරාත්මක ලිපියට බොහොම ස්තූතියි. කොහොමත් නයනතාරා ඉන්නවනම් ඕනම ෆිල්ම් එකක් ලස්සනයි.
R_deshan
ස්තූතියි සහෝ වටිනා ලිපියටයි සබ් එකටයි.
gihan perera
නියමයි මචෝ...පට්ට ෆිලුමක් කාලෙකින්....මේ සවිස්තරාත්මක හැඳින්වීම ට ගොඩක් ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Sandaru
Thanks for sub.good luck bro
indika75
thanks..
Pathum Aroshana
<3 Thanks bro ....
damith_janaranjana
Thanks bro
D.Chamara
:D aniwarayan balan ekka sahoo bohoma sthuthi jaya.....
1997lakmallakmal
thank you......!!!!
thilz
Thank you
pradeepravindra
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ✌
lahiru sadaruvan
thank you so much brother
Suranjan
Thanks .....jayawewa.....!
Uvindu Dilshan
Sub ekata thankx bro
Lasantharathnasirirox
තාරක සහෝ බොහෝම ස්තුතියි චිත්‍රපටයේ උපසිඋපසිරැසියටත් ඒ වගේම ඉදිරිපත් කරල තියන ලිපියටත්....ඔබට ජය !!!
Aac3
හම්මේ එලම සහෝ... ලිපිය නම් ඇත්තටම වටිනවා... ගොඩාරියක් ස්තූති සබ් එකට වගේම ලිපියටත්.. ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේ... ඔයාගෙ සබක් නම් අනිවා බලනවාමයි සහෝදරයා
C lakmal
ගොඩක් හොදයි ජයවේවා ,
Aghavan (2019) Tamil සබ් කරන්න බලන්න.darshana521
link ekk ndda film eka down krnn??
nish47
thanks bro
123sachithra123
elama thankss brooo
arunasmunasinghe
Thanks saho
AUSHI
Thanks bro..
Stranger
thanks
ඔෂද ධනංජය
thanx sahoo...
prageeth
thanks bro
Chanakapallewatta
Thanks macho
Vihanga sathsara
thanksss machan
malithmadhushan45
thanx bro sub ekata
malithmadhushan45
සබ් එකට තුති සහෝ
Til Tharaka
bro meka download wenne nane
1tharanga
Thanks bro...sub ekata
amila_fer
sub eka me deela thiyana HD rip ekata set wenne nahe bro, moakda karanne?
rehani
thanks for the sub..
harris
Sub ekata thnx
Charith_Sandakelum
sub ekata thanks wewaa...
sanka_raj
එ මචන් කවෘ හරි ෆියර් ද වෝකීන් ඩෙඩ් සීසන් 3 එකට සබි දියම්කෝ
rangika Kariyawasam
බෝම ස්තුති සහෝ .නියම වැඩක් ජයවේවා ...
solideincome
කවදාවත් ඉංග්ලීස් එකක් බලපු නැති කෙනෙක්ට නම් කියන්න පුළුවන් නයන්තරා හොදම කියා එබ්ග්ලිස් අය ලගින්වත් යන්න බේ මුන්ට
shaveen26
QUEEN OF KOLLYWOOD KIYANNNE EKA TAMA, =========
Buddhika Lakmal (laKMal)
සබ් එකට තෑන්ක්ස් මචං....
Raphaele
Thank you so much
Sarojalakmali
ELa
nalin83dhanus
Thanx bro
s.s.m
tz sub ekata....
Advertisement


Thanks bro...ekenma