Watch Trailer

Badlapur (2015) | පලිගැනීම ජිවිතයේ එකම අරමුණ වූ විටක..!! (50) [සිංහල උපසිරැසි සමඟ]

50 යි බොහොම ස්තුතියි!! අද නම් හුගක් සතුටු දවසක් මට, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 50 වෙනි උපසිරැසිය පසුකරන 22 වෙනියා වගේම ලබාලම සමාජිකයත් වෙන්නේත් මම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් මෙතනට එන්න හිතාගෙන නෙමේ ඉඳලා හිටලා සබ් එකක් දෙකක් කරලා පාඩුවේ ඉන්නම් කියලා, එත් ඉතින් හැමෝටම වගේ මටත් විකියගේ ඇහැ වැ…

Badlapur (2015)

50 යි බොහොම ස්තුතියි!!

අද නම් හුගක් සතුටු දවසක් මට, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ 50 වෙනි උපසිරැසිය  පසුකරන 22 වෙනියා වගේම ලබාලම සමාජිකයත් වෙන්නේත් මම. සිංහල උපසිරැසි කරන්න පටන් ගත්තේ නම් මෙතනට එන්න හිතාගෙන නෙමේ ඉඳලා හිටලා සබ් එකක් දෙකක් කරලා පාඩුවේ  ඉන්නම් කියලා, එත් ඉතින් හැමෝටම වගේ මටත් විකියගේ ඇහැ වැටුනා ආයේ ඉතින් වෙන දේ කියන්න දෙයක් නැනේ, එකක් ඉවර කරගන්න දෙන්නේ නැ”මල්ලි නියම ෆිල්ම් එකක් ඇවිත් කරමුද.??” ඕක තමා අපේ විකියාගේ වදන උනේ. මම මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතු උනේ 2013 දෙසැම්බර් 28, Mere Brother Ki Dulhan  ෆිල්ම් එකට සිංහල උපසිරැසි ලබාදීමත් එක්ක, අවුරුදු එකයි මාස හතරක් වගේ කාලයක් ගියා මුල් කඩයිම පසු කරන්න මේ වෙනකොට හින්දි ෆිල්ම් 23ක්, දෙමල/තෙලිගු 5 ක්, ඉංග්‍රීසි 3ක් සහ රුපවාහිනි කතා කොටස් 18 ක් උපසිරැසි ගන්වලා තියනව. වැඩිය කියන්න දෙයක් නැති උනාට මතක් කරන්න ඕනේ අය නම් කිහිප දෙනෙක්ම ඉන්නවා.

“හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත” (ඔන්න නම බාගෙට කිවයි කියලා බැන්නොත් එක නිසා ඔක්කොම ටික කිවා හෙවෝ.) මෙයා නොහිටින්න මම අදටත් උපසිරැසියක් බාගෙන ඔහේ කොමෙන්ට් එකක් කොටාගෙන ඉන්න තිබ්බා, මම ඉතින් ඉස්සර ඉඳන්ම හින්දි ෆිල්ම් වලට වැඩි කැමැත්තක් දක්වපු කෙනෙක් ඉතින් හින්දි නම් හේවා කියන්න හැමෝම දන්න එකේ හේවා දෙන කිසිම සබ් එකක් අතෑරියේ නැ, සහ හින්දි ෆිල්ම් වල ලින්ක් දිදී සබ් දෙන්නකෝ කියලා වද දීලා ඇති මතක නැති වාර ගානක්. ආසිරි අයියට මගේ කරදරය ඉවසගන්න බැරිම තැනද කොහෙද මැසේජ් එකක් දාලා තිබ්බා. “මල්ලි ඔයත් සබ් එකක් කරන්න, හැකි විදිහකට මමත් උදව් කරන්නම්. “ඔන්න ඔය වචනේ නිසා තමා මම මේ කොටි වලිගෙ හිර වෙලා ඉන්නේ. හැබැයි ඉතින් කිවා වගේම එදා ඉඳන් අද වෙනකම් බැ කිය කියා හරි හදිසියේ උදව්වක් ගන්න ඕනේ උනොත් හේවා ඉන්නවා, උදව් කරනවත්.

“හසන්ත අයියා” හසන්ත අයියව අදුරගත්තේ එයා උපසිරැසි කරපු ටුමාරෝ පීපල් කතා මලාව නිසා. ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු කතාවක් තමා එකත් උපසිරැසි දවසක් පහු උනානම් මැසේජ් එකක් දානවා අයියේ සබ් දෙන්න නැද්ද..? උපසිරැසි කරන්න පටන් ගත්තු කාලෙම වැරද්දක් තිබ්බොත් අනිවා ඉතින් පෙන්වලා දෙන්නේ මෙයා තමා, සහ නොදන්නා දේවල් හුගක් කියලා දීලත් තියනවා අදටත් එහෙමයි. මෙයත් විකියා වගේ තමා කාලයක්, හින්දි ෆිල්ම් එකක් අවොත් මල්ලි අලුත් ෆිල්ම් එකක් ඇවිත් කරමුද. (දැන් නම් කියනවා අඩුයි, අපිත් එක්ක අමනාප වෙලාද මංදා) කවදාවත් බැ කියලා නම් නැ ඉතින් මම හැකි හැම වෙලේම අහපු ඒවා කරලා තියනවා.

“ශාන් විමුක්ති(විමා)” දැන් වැඩිය පෙන්න නැත්තේ දැන් මිනිහා පවුල් කාරයනේ,  😛  මෙයත් නොදන්න දේවල් වලට හුගක් උදව් කරලා තියනවා. “නලින් පෙරේරා” මෙයානෙ අපේ සයිට් එකේ නිල ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා, මාව ලොකු අමරුවකත් දැම්මා ටීවී සිරිස් එකක් පටවලා එත් කියන පමාවට ඕනේ දෙයක් කරලා දෙනවා, හරිම නිශ්ශබ්ද හිත හොඳ කෙනා. “නිර්මාණි විජේසිංහ”මෙයාගෙන් සත්තුන්ට නම් පොඩ්ඩක් අපලයි  😛  😛  මාවත් හුගක් ලොකු කරදර වලින් බේරාගෙන තියනවා, 24 කතාමාලාවේ ඕනෑම හදිසියක් උනොත් මුලින්ම හෙල්ප් කරන්න ඉන්නේ මෙයා තමා.

“සමීර චතුරංග” සමීර අයියා ගැන නම් කියන්න දේවල් හුගයි, හරිම හිත හොඳ චරිතයක්, හැබැයි ඉතින් කට කෑවත් කියන්න තියන දේ මුනටම කියලා දානවා, උපසිරැසි වලට විතරක් නෙමේ පුද්ගලික ජීවිතයටත් අමතක නොවන උදව් කිහිපයක් කරපු කෙනෙක් බොක්කේ ෆ්‍රෙන්ඩ් එක වගේ කෙනෙක්, එත් මේ ටිකේ පොඩ්ඩක් තරහින් වගේ ඉන්නේ මොකෝ එයා මේ ෆිල්ම් එක කරමු කියන්නේ දැන් මාසෙක විතර ඉඳන්, මම දිගටම වැඩේ පස්සට දදා දදා හිටපු නිසාද දන්නේ නැ. ඕනේ දෙකට පැය විසිහතරේම හෙල්ප් එක. මම මෙච්චර ඉක්මනට 50 වෙනි උපසිරැසිය කරන්න මෙයත් එක හේතුවක්.

“රොයිලි අයියා, වාසල අයියා, යශෝද ශ්‍රීමාල්, බ්ලැක් පැන්තරයා, සුරේනි අක්කා, ඇතුළු බයිස්කෝප් පවුලේ හැමෝටම බොහොමත්ම ස්තුතියි.  බයිස්කෝප් අඩවිය නිසා ලැබුණු දේවල් බොහෝයි, ඒ අතර ප්‍රධාන තැනක් තියෙන්නේ මේ නම් කිව, නොකිව මිත්‍රයෝ ටික. හැමෝවම ආදරයෙන් මතක් කරන්නේ සහ මගේ හැම උපසිරසියකටම මොහොතක් නතර වෙලා අදහසක් දක්වපු සියලුම දෙනවාත් ආදරයෙන් මතක් කරනවා. හැමෝටම බොහොමත්ම ස්තුතියි.

50 වෙනි උපසිරැසියට ෆිල්ම් එකක් හොයාගන්න මාසයක් විතර කට්ට කළා තමා මේක කරන්න හම්බ උනේ ඉතින් මේක කරන්න මට ඉඩදුන්නු සමීර අයියට බොහොම ස්තුතියි.

Gayan 50 wish

හිතන්නකෝ අවුරුදු 22 දී කසාද බදිනවා කෙල්ලට අවුරුදු 21 ලස්සන කොලු පැටියෙකුත් හම්බ වෙනවා,කාටවත් කරදරයක් නොවී ගෞරවයෙන් සතුටින් ජිවත් වෙන අතරේදී කාලකන්නි බැංකු මංකොල්ල කාරයෝ දෙන්නෙක් අතින් තමන්ගේ මුළු ලෝකයම වෙලා හිටිය ආදරණිය බිරිදවයි තමන්ගේ ලෙයින් උපන් කොලු පැටියයි මිය යනවා,කොයි තාත්තටද ඉවසන්න පුළුවන්, රඝු කියන්නේ ඒ වගේ ඛේදවාචකයකට අසු උන කෙනෙක්,ලයික් සහ හර්මන් කියන පුද්ගලයන් දෙන්නා පුනේ වල බැංකුවක් කඩනවා, ඔව්න් පැනලා යන්න භවිතා කරන්නේ මිෂා සහ ඇයගේ පුතා රොබින් කඩ මන්ඩියට ගිහින් ඉන්න වාහනය. ඉදිරි අසුනේ ඉන්න රොබින් මේ කලබගෑනිය අතරේදී වාහනයෙන එලියට වැටෙනවා ඒ වියරුවෙන් කෑ ගහන මිෂට ලයික් විසින් වෙඩි තබලා ඝාතනය කරනවා. පොලිසියට අහු වෙන්නේ ලයික් පමණයි හර්මන් පැනලා යන්න සමත් වෙනවා,ලයික් කියාසිටින්නේ හර්මන් මොවුන්ව මැරුවා කියලා එකත් ඔහුගේ නමවත් නොකියා බොරු නමක් කියමින්,ඒ වරදට ඔහුට අවුරුදු විස්සක සිර දඩුවම් නියම වෙනවා.නමුත් රඝු හෝ පොලිසිය දන්නේ නැ මිෂා සහ රෝබින්ව මැරුවේ ලයික් කියන එක,තමන්ගේ ආදරණිය බිරිද තමන්ගේ දෑස ඉදිරියේ මිය යනවා බලාගෙන ඉන්න රඝුට ඊළඟට දකින්න ලැබුනේ ඔවුන්ගේ දරුපැටියා මොචරියේ ට්‍රොලියක් උඩ කෑලි වලට කපලා,ආයෙම එකතු කරලා තියනවා,ඔහුගේ සිතට ආපු වේදනාව,ආවේගය අපිටත් දැනෙන්න පුළුවන්, ඒ වගේ ආවේගයකින් ඉන්න ඔහු අවුරුදු 20 ක් කාලයක් බලාගෙන ඉන්නවා තමන්ගේ පලිය ගන්න, ලයික් ගෙන් ඔහුගේ අනිත් හවුල් කාරයාගේ නම දැනගන්න.නමුත් අවුරුදු 15 වකට පස්සේ ලයික්ට පිළිකාවක් වැළදෙනවා.නමුත් ඔහුට හිරෙන් නිදහස් වෙලා එලියට එන්න නම් රඝු විසින් ඔහුට සමාව දෙනවා යනුවෙන් උසාවියට ලියුමක් ඉදිරිපත් කරන්න ඕනේ…ඔහු එහෙම ලියුමක් දෙනවා..ඒ මොකටද..? ඔහුගේ ඇත්තටම අදහස මොකක්ද..?ලයික් මොකටද තමන්ගේ හවුල් කාරයව පාවලා නොදෙන්නේ..?රඝු ඔහුගේ පලිගැනීම වෙනුවෙන් කොතරම් දුරක් යයිද..? මොන මොන දේවල් කරයිද..?ඔහුට ඔහුගේ පලිගැනීම සපුරගන්න හැකි වෙයිද..?

මේ බිදුණු පියාගේ,සැමියාගේ චරිතය නිරුපනය කරන්නේ-ප්‍රේමවන්තයාගේ චරිතයට, සෙල්ලකාර කොල්ලගේ චරිතයට රගපාපු Varun Dhawan පාපතර බැංකු මංකොල්ලකරුවා ලයික් ලෙසින් – Nawazuddin Siddiqui මියගිය රඝු ගේ බිරිද ලෙසින්- Yami Gautam 2014 වසරේ තිරගත උන ෆිල්ම් වලින් දෙවැනි වැඩිම ආදායම සහ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටයක් තමා බද්ලාපුර් කියන්නේ, මගෙත් ප්‍රියතම නළුවෙක් තමා Nawazuddin Siddiqui කියන්නේ ඔහු චරිතාංග නළුවෙක් විදිහට ඔහුගේ චරිතයට ඉහලම  සදාරණයක් ඉෂ්ඨ කරලා තියනවා, ඊට නොදැවෙනි රංගනයක නිරත වෙනවා වරුන් ධවන්.

එහෙනම් හැමෝම බලන්න කියලා අරාධනා කරනවා පුරුදු විදිහට අදත් යමින් ගමන අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා, ලිපියේ අවුලක් වගේ තියේ නම් සමාවෙන්න ඕනේ මේ ටික ලියනකොට පාන්දර 5 උනා… එහෙනම් හැමෝටම සුභ දවසක්, තවත් උපසිරසියකින් හම්බ වෙමු. ජය!!.

 

Bang Bang (2014) on IMDb

 

 

450 MB (720p DVD x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

5B090B43D23C57C532EC127DAD170B114E517FD8

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

F9C0AA69DD4472451385464FDEE5CE89EE507AE7

1.2 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න

051B501FB29F951BA84828262A8662E98FB8814

13,840 downloadsDownload BADLAPUR-2015-.-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

13,840 downloadsDownload Subtitles315 B

116 comments

  1. පොඩි මෑන්

    Thanks Saho godak :lol:

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      බුකියේ සද්දේ දදා ඉද්දි මම බැලුවා කො යකඩෝ 50හේ සබ් එක කියලා.
      මේ තින්නේ සුපිරියක්ම 50ට බස්සලා.
      ඔන්න ඉතින මමත් සුබ පතනවා 50ට...! :-)
      100ත් පෙන මානේ. වැඩි ඇතක නෑ. :-D
      මිට වඩා අඩු කාලේකින් එකත් දෙමු ඈ.
      ජෝනා කියන්නේ සුපිරි පොරක්. මටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා.
      24 එකෙත් දැන් බර කරට අරන් කරන්නේ මෙයා තමා.
      ඔන්න එකෙත් අවසානයක් දකිනකම් ඒ බර බිමින් තියන්න එපෝ.. :-D
      ඔන්න Hevc කොපියම බානවා.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. Sasiru

    බලන්නම හිටපු සලරුවක්.
    ගයාන් සහෝට ගොඩක් ස්තූතියි මේකට උපසි‍රැසි කරාට.
    50 වෙනි සබ් එකට සුභ පැතුම් !
    ඉක්මනටම 100ත් ගහමු සහෝ !

    x265 500MB ඩිරෙක්ට් ඕන අය මෙතනින් ගන්න.
    http://goo.gl/S5Iz8x

  3. #ChalinduDeshan (කිනා)

    හම්මේ ඒනං මාස ගාණක ඉදං පනහා අද දෙනවා හෙට දෙනවා කිය කියා ඉදලා කෝම හරි අද දුන්නා නේ.
    එල එකක්.
    ඕම්ම මේ අවුරුද්ද ඉවරයක් වෙන්න කලින් 100ක් ගහමු ඈ.
    ජයමවේවා!

  4. SaDuN dAnUsHkA (ධනූ)

    පට්ට පට පට...
    නියමයි ජෝනා එල කිිරි.
    බොහොම සතුටුයි.
    ඉදිරියට තව උපසිරැසි කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියා
    පාර්ථනා කරනවා..........

  5. Thimothy

    ඔන්න ඔයාට මූලින්ම සුබපතනවා 50 වෙනි උපසිරියට.

  6. Naveen Lakshitha

    subapathum saho ikmanata 100 weni kada imath pahukaranna shakthiya labewaa

  7. රවිඳු නිපුන්

    සුබ පැතුම් ජොනා!
    මේක දෙයි කියලා නිකමට හිතුණා..
    නියමයි!!
    දීර්ඝ ගමනක් යමු!
    ජය...!!!!!!!!!!!!!!!

  8. නිර්මාණී

    සුභ පැතුම් මල්ලි 50 වෙනි උපසිරසි නිර්මාණයට.100ත් ඉක්මනින්ම අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මාවත් මතක් කරාට බොහොම ස්තූතියි හොදේ.මගෙන් සත්තුන්ට අපල නෑ හරිද.ග්ර්ර්රර්ර්

  9. Kulanjana Maduranga

    patta ahhhhhhhhh ape GAYAN sahoth 50 gahuwa ne….. issellama hadawathinma suba pathanawa GAYAN saho……

    methuwak kalayak purawata baiscope rasikayan wenuwen kla sewaya godak watinawa…..sahoge watina kalaya, shramaya waya karamin kala kapa kirimata godak pin….digatama sub nirmana karye yedima awasi shakthiya , dairya labewa……….Wish you a great future.

    e wgema oyage siyalu wada katauthu sarthaka wenn prarthana krnawa.jayen jaya..........

  10. බ්ලැක් පැන්තර් නොහොත් පූසා...

    හම්මේ මේකා ඊයේ රෑ බුකියේ කවරේ අප්ලෝඩ් කොලාමයි දැනගත්තේ 50 ගහනවා නේද කියලා...
    මාවත් මතක් වෙලා තියෙන්නේ... :D
    ඔන්න එහෙනම් මමත් උඹගේ 50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා...
    ජය වේවා කොල්ලෝ...
    ඉක්මනටම 100ත් ගේමු එහෙනම්...
    ජයෙන් ජයම වේවා...!!!

  11. Sam

    thnkss sahoo sub ikmnta dunnata,,,elzzz brooo..

  12. dinushan

    sub ekata thanks a vagema upasirasi 50tath suba patanava

  13. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!!!!

  14. අසන්ත අකිල

    මගෙනුත් 50 ට සුබ පැතුම්

  15. සසිනිකා

    50වෙනි කඩ ඉමට
    සුභ පැතුම් !
    ඉක්මනින්ම 100 කඩ ඉමත්
    පහුකරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා

  16. Madusanka Jayasooriya

    Congrats. Thanks For 50th. good luck

  17. තාරක නුවන් දිල්හාර

    පූසා කිව්ව වගේ මමත් මේක දැනගත්තේ
    ජෝන් අයියා ඊයේ බුකියේ දැම්ම කවර් එක දැක්කම.
    එහෙනම් හදවතින්ම සුභ පතනවා ඔයාගේ අර්ධ ශතකයට
    100ත් ඉක්මනට ගහමු ඈ ;)
    එල, පට්ට, සුපිරියි, කියලා වැඩක් නෑ,
    හැබැයි 50 ගහලා පැත්තකට එහෙම වෙනවා නෙවෙයි ඕං...!! :D
    ජය වේවා..........!!!!! :p

  18. dahara mathu ama

    50 Mubarak ho.

  19. Jack

    නියමයි මචෝ. පට්ටයි.
    හින්දි ෆිලුමක් ආපු ගමන්ම සබ් එක දෙන කෙනෙක් තමා මචෝ උබ..
    50 ට හදවතින්ම සුබ පැතුම්.
    ඉක්මනින්ම 100 ට යමු.
    ජයවේව!!

  20. sam rami

    thanks buddy!! one of my most awaited movies in this quarter , thanks again

  21. R.D

    50 වෙනි උපසිරසියට අපෙන් සුබ පැතුම්...............තව සබ් කරලා 100 ත් ගහමු.

  22. Sahan

    ammo saho niyama filumakata tamai sub aran avith thiyenne.. jayen jaya 50 veni sub ekata.. thankz a lot wewaaa :D

  23. නලින්

    සුබ පැතුම් ගයියා. කොහොම කොහොම හරි 50ත් දැම්මා එහෙනම් ඈ! එලස්ස් නේ කොල්ලෝ.. ඉතින් එහෙනම් මේ ආවා වගේ ඉදිරියටම යමු, මගේ උන්සුම් සබ පැතුම උබට හැමදාම ලැබෙනවා..

    ජයෙන් ජයම වේවා!

  24. Madhu Nisansala

    50 weni upasiraesiyata subha pathum....

  25. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    උණුසුම්ම උණුසුම් සුභ පැතුම් ගයාන් සහෝ!!! මේ ගමන දිගටම යන්නට හදවතින්ම ආශිර්වාද කරනවා.
    ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි... ජය වේවා!!!

  26. Shashika

    niyamai mchn. supiri film ekak. thanx sub walata

  27. akila

    thank you bro congratulation for half century

  28. එල්.සී. දමැල්

    ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් සහෝ!
    100ත් ගහලා ඉක්මනින්ම සීයා කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,,,
    උපසිරසට ස්තූතියි...
    ජය...

  29. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    සුපිරි වැඩක්.
    50 වෙනි උපසිරැසි නිර්මාණයට හද පිරි හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් ජොනෝ.!
    ඇත්තටම ඔහේ එලම පොරක්.
    මටත් උපසිරැසි කාරනා වලදී උදව් කරපු පොරක්.
    ඒකට මේ අවස්ථාවේදී තුති පුදමි.
    දැන් හේවා අයියා වගේම හින්දි ගැන වැඩි සැලකිල්ලක් දක්වන කෙනෙක් තමා ජොනා කියන්නේ.
    ඒ සැලකිල්ල දිගටම පවත්වාගෙන යන්න කියලා ඉල්ලා සිටිමි.

    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  30. DilzHan

    Ela Elaaa :) Jaya Wewaaaa!!!! ikmanata 100ta enna lebewaaaa ;)

  31. Tharindu

    Thank you saho.... 50 weni upasirasiyata suba pathum... ikmanata 100 th gahamu :-)

  32. කේ.යූ.ජී. උදාර

    50 ට ඔන්න මාත් සුබ පතනවා මචෝ..............
    මේක මාත් බලන්න ම උන්නු එකක්. කොහොමවුණත් වැඩි කාලයක් ගන්නෙ නැතුව ම 100 ත් ගහපන්.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  33. bee

    50 ta suba pathum jaya wewaaaaaaaaaa
    tnx

  34. me

    Thanks & wish you all the best. Keep up the good work :)

  35. ප්‍රදීප් මධුසංඛ

    50 වෙනි උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ...
    ඉක්මන්ටම 100න් මේ වගේම මුනගැහෙමු.
    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  36. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මුලින්ම සුභ පැතුම් ගයාන් මල්ලි ඔයාගේ 50 ස් වෙනි උපසිරසියට..
    ඇත්තටම මමනම් දන්නේ නැහැ මම මොනා කිව්වද කියලා ඔයාට මගේ නම මුලින්ම මතක් කරන්න තරම්..
    ඔව්, මට මතකයි මම ඔයාට කිව්වා සබ් එකක් කරමු කියලා,,
    එහෙම කිව්වා කියලා ලොකු දෙයක් නෙවි..
    ඔයාගේ උනන්දුව තමයි ඔයාව මේ තරම් දුරකට අරගෙන ආවේ..
    ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් සබ් එකක් කරමු කියලා..
    ඔයාගේ උනන්දුව කොච්චරද කියනවනම්, බලන්න..
    ඔයා දැන් 50 ස් වෙනි උපසිරැසිය කරලා ඉවරයි..
    ඔයාට උපසිරැසි කරන්න කියපු මම තවම 52 යි,,
    ඉතින් කොහොමද මම නිසා ඔයා සබ් කරන්න පටන් ගත්තා කියන්නේ..
    සෝ...තව දවස් දෙකකින් මාවත් පහු කරගෙන යයි..
    ඒ තමයි ඔයාගේ හැකියාව, උනන්දුව,,,,
    කොහොම උනත් මාවත් මතක් කරපු එකට බොහොම ස්තුතියි,...
    ඉක්මනටම 100 ත් ගහලා දාමු..
    ජය වේවා/.,...

  37. dinesh

    thnks ......Congratz for 50....................

  38. Eranda,maho

    jaya
    sriiiiiiiii

  39. හසන්ත

    සුබ පැතුම් ගයාන් මල්ලි !!! ඉක්මනටම 100 වෙනි උපසිරසත් ගෙන්න පුළුවන් වෙන්න ඕනේ කියල ප්‍රර්ථනා කරනවා. කවුරු එක්කවත් කිසිම අමනාපයක් නම් නැහැ මලේ කාලය මාත් එක්ක අමනාප වෙලා දැන් කතාබහ කරන්නවත් වෙලාවක් නැති වෙන්න තරමට. පේනවා ඇතිනේ මගේ උපසිරැසි කෙරුවාවට වෙලා තියෙන දේ. ඒකෙන් කමක් නැහැ දිගටම අපිට හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් ලැබේවා කියලා අන්තිමේදී ප්‍රර්ථනා කරන්නම්. ජය වේවා !!!

  40. නිරෝෂ්

    බොහොම ස්තුතියි ගයාන් සහෝ.. ජය වේවා! 50 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් සුබ පැතුම්.දිගු ගමනකට ආසිරි !

  41. silent$

    Thanx bro !!!! Congradulazation Bro !!!!!!

  42. තරුෂ දිනුජය

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.
    ජය වේවා!

  43. sameera

    ela machan thanksss

  44. ..::දුලාජ් නලින්ක::..

    50 වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    බොහෝම ස්තූතියි ඔබට ජය

  45. KP

    CONGRATS BRO..KEEP IT UP...

  46. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  47. sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!!!!!!

  48. isuru

    50weni sub ekata suba pathum!

  49. Yenu

    Thank you..digatama sub denna........500 weni upasiresiyakuth denna labewa...................

  50. හර්ෂ ලහිරු

    50 වෙනි උපසිරසට සුභ පැතුම් ගයාන් සහො :D
    බොහොම ස්තුතියි :P ජය

Load more comments